ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Friday, 29 April 2022
විමල්, ගම්මන්පිල, වාසු ගේ කුමන්ත්‍රණය හෙළි වේ.
ලොව පුරා ආණ්ඩු බිඳ දැමීමට යොදාගත් රුසියානු ජනාධිපති බ්ලැඩිමීර් පුටින්ගේ " කේම්බ්‍රිජ් ඇනලිටිකා " රහස් ඔත්තු සේවයේ සහාය රාජ පක්‍ෂ රජය ලබා ගන්නා බවට සවිස්තර තොරතුරු ලැබී තිබේ.
........
මෙම ඔත්තු සේවය, 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේ දී හිලරි ක්ලින්ටන් පරාජය කිරීමට සහ බ්‍රිතාන්‍යයේ බ්‍රෙක් සිටිගේ මැතිවරණයට සහාය ලබා දුන් බවටත් ප්‍රකටය.
.......
මේ කණ්ඩායම ලංකාවට රැගෙන එන ලැබුවේ රාජපක්ෂ දූෂිත වළල්ලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන දිලිත් ජයවීරයි. පාස්කු ප්‍රහාරය ඇතුළු 2019 ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කරන ලද්දේ ද මෙම කණ්ඩායම විසිනි.
..........
රාජපක්ෂ කුමන්ත්‍රණයේ ඉතාම ආසන්න උපක්‍රම පහත පරිදි වේ.
...........
1. අතුරුලියේ රතන හිමි, විමල් ගම්මන්පිල ටිරාන් අලස් ඇතුළු පොහොට්ටුවේ
මන්ත්‍රීවරුන් කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් ව, ස්වාධීන වී මහ හඬින්
රාජපක්ෂවරුන් කිහිප දෙනෙකු විවේචනය කරමින් තමන් ආණ්ඩුවට විරුද්ධ
බව මවා පාමින් සිටී.
💥
💥
2. අනතුරුව ප්‍රතිපත්තිමය තීරණයක් මත සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට රාජපක්ෂ රජයේ සිට ඉවත් වූ කණ්ඩායම සහාය ලබා නොදිය යුතු බවට තරිකයක් ඉදිරිපත් කළේ
💥
💥
3. ඉකුත් අප්‍රේල් 25 සිට මහින්ද රාජපක්‍ෂ ස්වාධීන කණ්ඩායමේ සාමාජිකයන් මුණගැසෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ රැඳී සිටිද්දීම අන්තර් කාලීන රජයක් පිහිටු වීමට කැමති කරවා ගැනීමට කටයුතු කර ගනිමින් සිටියි.
💥
💥
4. මහින්ද රාජපක්‍ෂ සිය ධුරය අත්හැර එය පොහොට්ටුවේ වෙනත් සාමාජිකයෙකුට ලබා දීමට එකඟ වනු ඇත. ඉන් අනතුරුව ගොඩනගන කැබිනට් මණ්ඩලය ද පොහොට්ටු රජයේ සිටි කැබිනට් මණ්ඩලයම වනු ඇත.
💥
💥
රාජපක්ෂවරුන්ගේ අපේක්ෂාව බලයේ රැඳී සිටිමින් රට විනාශ කිරීමයි. එකම වෙනස වනු ඇත්තේ අග්‍රමාතවරයා වෙනස් වීම පමණි. ඉතිරිය වෙනස් නොවී පවතිනු ඇත. රටේ ධනය කොල්ලකෑමද නොවෙනස්ව සිදුවනු ඇත. මෙරිගෝ රවුන්ඩ් එක නොකඩවා කැරෙකනු ඇත. (සෙක්කුව සුපුරුදු පරිදි එකම රවුම වටේ යනු ඇත.)
💥
💥
පාලනයේ වෙනසක් ඇති බව ඇඟවීමට මේ සමස්ත ව්‍යාපෘතිය ම සැලසුම් කර තිබෙන්නේ බලයේ සිටින රස්තියාදුකාර පිරිස විසිනි. අතුරුලියේ රතන හිමි, ගම්මන්පිල, වීරවංශ, ටිරාන් අලස්, රූසෝ - දිලිත් සැලසුමේ ප්‍රධාන ඒජන්තවරුන්ය. රාජපක්ෂ පාලන
💥
💥
සමයේ දී වංචා සහගත ලෙස බිලියන ගණන් උපයා ගත් මෙම කූට ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ මහා වත්කම් කොල්ලකෑම දිගටම කරගෙන යාමේ ඉඩකඩ කිසි ලෙසකින් අත් හැරීමට කැමති නැත.
💥
💥
විලි ලැජ්ජා නැති මේ රස්තියාදුකාරයන් දැන් විදේශ තානාපතිවරුන් හමුවීමට පටන්ගෙන ඇත්තේ ඔවුන්ගේ මෙම කුමන්ත්‍රණය වත්මන් අර්බුදයට ඇති එකම විසඳුම බව ඔවුන්ට ඒත්තු ගැන්වීමටය. ගෝඨා මහින්ද ප්‍රමුඛ මෙම රස්තියාදුකාරයන්ට රැවටීමට තරම් තානාපතිවරුන් මෝඩ නොවන බව අපි දනිමු.
💥
💥
දිලිත් ජයවීර. ධම්මික පෙරේරා, සුමල් පෙරේරා, නිශ්ශංක සේනාධිපති, අශෝක් පතිරගේ, අජිත් නිවාඩ් කබ්‍රාල් තිරු නඩේසන් යන මංකොල්ලකරුවන්ගේ කණ්ඩායමේ නායකයන් වන්නේ රාජපක්ෂලා බව ජනතාව දැන සිටිය යුතුය.
💥
අපගේ වර්තමාන ජාතික වීරයන් වන අරගලයේ නියුතු අපගේ සහෝදර සහෝදරියන් ගෙන් අපි ඉල්ලා සිටින්නේ වර්ධනය වෙමින් පවතින අනතුර තේරුම් ගෙන මෙම රස්තියාදුකාරයන්ට අපගේ ජයග්‍රහණය වැළැක්වීමට ඉඩ නොදෙන ලෙසයි.
💥
ගෝඨා සහ ඔහුගේ රජ්ය ඉවත් විය යුතුයි. නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පාරට බැස අරගලයට සහාය ලබා දෙන අති මහත් තරුණ තරුණියන්ට සහ වැඩිහිටියන්ට යහපාලනය, ස්ථාවරත්වය. ප්‍රජාතන්ත්‍රවාදය රජයන දේශයක් ගොඩනැගීමට අවකාශය හා අවස්ථාව ලබාදිය යුතුය.
ජනපති නිත්‍යානුකුලව හෙටම ගෙදර යවන විදිය වෙල්ගම කියයි.
රාජපක්ෂ පාලනය අසාර්ථකයි. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න.අපේ රට අපට දෙන්න. අපි අපේ රට හදමු.
01. මිළඟ පාර්ලිමේන්තු වාරයේදීම ජනාධිපති වැය ශීර්ෂ සියල්ලම අවසන්
රුපියල දක්වා කපා හැරීම.
(එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වෙයි). 02. පුරප්පාඩු ජනාධිපති ධූරයට මාස 3ක කාලය සදහා වැඩ බලන
ජනාධිපති ලෙස අග විනිසුරු පත් කර ගැනීම.
03. එකී මාස 3න ඇතුලත විධායක ජනාධිපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ශ්‍රේෂ්ඨතම මන්ත්‍රීවරයෙකු නාමික ජනාධිපති පදවියට පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීම.
04. ඒ අතරතුර දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකු ඉවත් කර හිටපු අගව්නිසුරු ශිරානි බණ්ඩාරනායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජෝති කුමාරස්වාමි,හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වැනි රටට ආදරය කරන ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම.
05. ඉහත පිරිස සහ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින දුශිත ගොඩ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින්ද ඇතුලූ 20 දෙනෙකුට නොවැ එක් වසරක කාලයක් නොයික්මවන අන්තර්පාලන කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීම.
06. අන්තර්පාලන ආණ්ඩුව පිහිටුවා දෙසතියක් ඇතුලත එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට පියවර ගැනීම සහ කඩිනමින් අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක, තරුණ කටයුතු සහ ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර සදහා ජාතික ප්‍රතිපත්ති සම්මත කර ගැනීම.
07. අන්තර්පාලන ආණ්ඩුව වසරක් ගත වීමට පෙර විසුරුවා, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම.
ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් විශේෂ යෝජනාවලියක් ඊයේ දින කතානායකතුමා වෙත භාර දෙන ලදී.
කුමාරවෙල්ගම
නායක - නව ලංකා නිදහස් පක්ෂය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
නව ලංකා නිදහස් පක්ෂයේ නිළ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.
රටටම හිරු -පායයි කරු
බුද්ධාගම”සිංහල ජාතිය බේරගන්න ආපු රාජපක්ෂලාගෙනව් රට බේරගන්න පට්ට ගේමක් දෙන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙයෙි බුද්ධාගමත් මුන් හිටගෙන විනාශ කරනවා. මේ තත්ත්වය බලාගෙන ඉන්න බැරුව ත‍්‍රයි නිකායික මහා නායක හාමුදුරුවරු එකතු වෙලා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ටිපි දෙකක් යවමින් අවධාරණය කළේ ඔවුන් දෙදෙනා සිය තනතුරුවලින් ඉවත් වෙලා අන්තර්වාර පාලනයක් ගොඩනගන්න කියලා.
ඒ අතරිඋන්වහන්සේලා තවත් වැඩකට අත ගහලා කියලත් ආරංචියි. ඒ තමයි ඒ හදන අන්තර් වාර රජයේ ජනාධිපති ධුරය ස`දහා කරූ ජයසූරිය මහතා පත් කරන්න. මේ යෝජනාවට කාදිනල් තුමා වගේම සිවිල් සමාජයත් බොහොම කැමතියි කියලයි ආරංචිය.
මේ ගැන අපි නම ස`දහන් කිරීමට අකමැති ප‍්‍රකට සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයෙකුගෙන් විමසුවා ම, ඔහු කිව්වේ මේ මොහෝතේ ඒ ස`දහා සුදුසුම පුද්ගලයා කරු ජයසූරිය පමණක් බවයි. ඔහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න්ව නිදසුනට අරගෙන කිව්වේ ට‍්‍රම්ප් විනාශ කරපු රට බයිඞ්න් ගොඩ දැම්මේ ඇ`ග් හියියෙන් නොව, පරිනත බුද්ධියෙන් බවයි.
රනිල්ට වගේ කරුට දුෂණ චෝදනා ඇත්තෙත් නෑ. දවස් 52 ආණ්ඩුව වෙලාවේ කරු තමන්ගේ වැඩ හො`දට පෙන්නලත් තියෙනවා. කරුට හො`දින් ජාත්‍යන්තර සබ`දතාත් තියෙනවා. කරුගේ වයෙට් හො`ද උගත් බුදධිමත් පිරිසකුත් වට වෙලා ඉන්න්වා. කරු ඔවුන්ගෙන් වැඩ ගන්නත් දන්නවා. කරු ළ`ග ඵවුල් දේශපාලනයත් නෑ. ඒ නිසා බලේ එල්ලිලා ඉ`දගෙන් පරම්පරාවේ අය දේශපාලනයට ගේනන් ද`ගලන්නෙත් නෑ. තෙකාටින් ම කියනවනම් කරු එන එකෙන් සජිත්ට අවධානමකුත් නෑ. ආණුඩුවේ ස්වාධින පිරිසට ගැටලුවකුත් නෑ. ඒ නිසා හො`දම විකල්පය කරු කියලා ඔහු අවධාරණය කළේ.
කරු එන්නෙ අවරුද්දකට විතරලු. එයා ආර්ථිකය ශක්තිමත් කරලා, අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ සිසටම් එක චේන්ජ් කරලා අලුත් පිරිසකට පාලනය භාර දෙනවලු.
මේක කොහොම වෙයි ද කියලා නම් සැකයි. ඒත් මේ වෙනකොටත් ජාතික ලැයිස්තුවෙන් අයින් වෙලා කරුට සීට් එක දෙන්නත් කෙනෙක් ඉන්නවලු. කොහොමත් ඉදිරි සති කිහිපය ඇතුලත රටේ ලොකු වෙනසක් ඇතිවෙයි කියලයි අපිට ආරංචි. අපි බලාගෙන ඉමු මේ ගැටගුව කොතනින් කොහොම ඉවර වෙයි ද කියලා
Monday, 4 April 2022
නිපුන රණවකගේ බලකොටුව සෙලවෙයි
රට පුරා අද පැවතුනු gogotago විරෝධතාවයන් සෑම නගරයක්ම පාසා පැවතුනු අතර ඒම සෑම විරෝධතාවයක් සදහාම දේශපාලන පක්ෂය භේදයකින් තොරව ජනතාව සහබාගි වි සිටියහ.
___________________________
මේ අතරින් විශේෂ වුයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කල්ටන් නිවාස ඉදිරි පිට හා අගමැතිගේ බෑනා වන දෙනියාය නිපුන රණවක මහතාගේ කාර්යාලය ඉදිරි පිට තිබු විරෝධතාවයන්ය.
Thursday, 31 March 2022
බස් ගිණි තැබීමේ නාටකයට තුන් වන පාර්ශවයක්
#copied
🔥 බස් ගිනි තැබීමේ නාටකය....
(මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා👇)
උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව..
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා..
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා.
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. පොලිසිය 😂
සමාජ මාධ්‍ය උපුටා ගැනීමක්
Tuesday, 29 March 2022
මෛත්‍රීපාල සිරිසේන එළියට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන පැජට් පාරේ පිහිටි නිවස අඛණ්ඩව භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය පෙත්සම විභාගයේ අවසන් තීරණය දක්වා බලපැවැත්වේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියසෝති සරවනමුත්තු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි සමය් නිල නිවාසය ලෙස භාවිත කළ මෙම නිවස ඔහුට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළද එම තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි.
මේ සම්බන්ධයන් ඊයේ (28) මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසය
Monday, 14 March 2022
මෛත්‍රීපාල සිරිසේන පක්ෂයෙන් මහා පාරට
මහ ජනතාවට පාරට බැසීම හැර වෙනත් කිරීමට කිසිඳු දෙයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ. බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැති බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින්.
ජනතාව සිය මනසේ ගැටළු රාශියක් පොදි බැඳගෙන සිටින බවත් අද වන විට මෙරට ආහාර අර්බුදය ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙන බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා. මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නෑ.
සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝදනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා.නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුනා.
විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා.ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා මුළු රටම අද කදුලින් ඉන්නේ අයට ඒවා තේරෙන්නේ නෑ.
නිවු ඩයමන්ඩ් නැවේ වන්දිය කෝටි 343 වෙච්ච දෙයක් නෑ
ඩයමන්ඩ් නැවේ සමාගම එක්ක අත යට ගනුදෙනුවක්? කෝප් සභාපති ලොක්කන්ට දෙහි කපයි
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදල් අයකර ගැනීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය නිසි අයුරින් කටයුතු කර නැතැයි අනාවරණය වී තිබෙනවා.
මේ තොරතුරු අනාවරණය වූයේ මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි අය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එම කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා රැස්වුණා.
ඒ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුවේදීය.
රුපියල් කෝටි 348ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණක් බවට කෝප් කමිටුවේදී පසුගිය 11 වැනිදා තොරතුරු අනාවරණය වුණා.
එම වන්දි මුදල අයකර ගැනීම නිසි අයුරින් කටයුතු කර නොමැති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළා.
නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සමග ගනුදෙනුවකට ගොස් පරිසර හානිය ලබා නොදී ඒ සමාගමට වාසි සහගත අයුරින් කටයුතු කළ බවට තමා චෝදනා කළ හොත් ඊට දෙන පිළිතුර කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසා තිබෙනවා.
ඒ අවස්ථාවේදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දී නෑ.
මේ කටයුතුවලදී ආයතනයේ නීති නිලධාරිනිය නිෂ්ක්‍රීයව සිටියේ ඇයිදැයි කෝප් කමිටු සභාපතිවරයා ඉන් අනතුරුව විමසා සිටියා.
එහිදී අදහස් දැක්වූ නීති නිලධාරිනිය මෙම නෞකාවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කිසිම සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බව ප්‍රකාශ කළා.
නීති නිලධාරිනිය එම කටයුතු සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි දැයි කෝප් සභාපති චරිත හේරත් මහතා මෙහිදී විමසා සිටි අතර ඊට පිළිතුරු ලබාදුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ආයතනයේ කටයුතුවලදී එම නිලධාරිනියගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන හෙයින් ඒ කටයුතු සඳහා දෙවැනි නිලධාරියකු පත් කිරීමට සිදුවූ බවයි.
එය පරිපාලනමය වශයෙන් ගත් වැරදි තීන්දුවක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීති නිලධාරිනිය පැවසූවේ තමා අවුරුදු දහඅටක් තිස්සේ ආයතනයේ නඩු කටයුතුවලට සම්බන්ධවී කටයුතු කර පළපුරුද්දක් ඇති නිලධාරිනියක බවයි.
එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ කටයුතු ආයතනයේ නීති අංශයෙන් වසා සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Sunday, 13 March 2022
ශ්‍රී. ලං. නි. ප යේ සම සභාපතිකම චන්ද්‍රිකා බණ්ඩාරනායකට, සභාපති බලතල සමාන වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ බෙදීමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
ඒ ආණ්ඩුවේ ඇමති ධූර අත හැර ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව.
ප්‍රබලයන් තිදෙනා
ආණ්ඩුවේ ඇමති ධූර අත හැර ආණ්ඩුවෙන් ඉවත් වීමට මේ අවස්ථාව නොවන බව පක්ෂයේ ප්‍රබලයන් තිදෙනකුගේ මතය වී තිබෙනවා.
ඒ කැබිනට් ඇමති ධූරයක් දරණ නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය ඇමති ධූර දරන ශ්‍රී.ල.නි.පයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන්.
ඔවුන් තිදෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට විරෝධය පෑම පමණක් නොව පක්ෂය තුළ බරපතළ අර්බුදයක් ඇති කරන යෝජනාවක්ද ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබෙනවා.
****************************
අර්බුදකාරී යෝජනාවක්
ඒ පක්ෂය අතහැර ගිය අයට යළි පක්ෂයට එන ලෙස ආරාධනා කිරිමේ යෝජනාවයි.
එම යෝජනාවට අනුව හිටපු පක්ෂ සභාපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද පක්ෂයට යළි ආරාධනා කළ යුතු බවයි එම තිදෙනාගේ මතය වී තිබෙන්නේ.
හිටපු ජනපතිනිය පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ප්‍රසිද්ධියේම විවේචනය කරන්නියක්.
***************************666
පිටස්තර කුමන්ත්‍රණය
මෙය ශ්‍රී.ල.නි.පයෙන් පිට මෙහෙයවන දේශපාලන ප්‍රබලයෙකුගේ අදහසක් හා කුමන්ත්‍රණයක් බවටයි සැක කෙරෙන්නේ.
ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඇමති ධූර අත හැර වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි යන මතයේ පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මීට පෙර ඇමතිකම් වලින් ඉවත් නොවිය යුතුයි යන ස්ථාවරයේ සිටී මහින්ද අමරවීර ඇමතිවරයා සිය ස්ථාවරය වෙනස් කර තිබෙන බවත් වාර්තා වනවා.
ඔහු ඕනෑම වේලාවක ඇමති ධූරය අතහැර ආණ්ඩුවෙන් ඉවත් ඉවත්වීමට සූදානම් බවයි පක්ෂ නායකත්වය අමතා සඳහන් කර තිබෙන්නේ.
මහින්දගේ ප්‍රතිබිම්බය "ලංවා" අධිපති නන්දන ලොකු විතානද
ජයදේව ලොකුවිතාන
ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (ICIJ) විසින් නිකුත් කරන ලද පැනමා පත්‍රිකාවල ඩුබායි හි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෙරමුණේ පුද්ගලයා යැයි කියනු ලබන නන්දන ජයදේව ලොකුවිතාන නම් කර ඇත.
ලොකුවිතාන වඩාත් ජනප්‍රිය වන්නේ ‘ඩුබායි හි මැරියට් හෝටලය මිලදී ගත් ශ්‍රී ලාංකිකයා’ ලෙසයි - එය රාජපක්ෂට අයත් බවට වාර්තා වූ අතර පසුව ඔහු එම හෝටලය මිලදී ගත් බවට වාර්තා ප්‍රතික්ෂේප කළේය.
**********************
රාජපක්ෂ බලයේ සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකුවිතාන හරහා ඩුබායිහි දේපළ සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවත්, රාජපක්ෂට හඳුන්වා දී ඇත්තේ ඔහුගේ හිතවත් සජින් වාස් ගුණවර්ධන විසින් බවත් වාර්තා වේ. රාජපක්ෂ රෙජීමයේ ආරාධනයෙන් ලොකුවිතාන විසින් Ceylon Heavy Industries and Construction Company (CHICO) (ශ්‍රී ලංකාවේ හිටපු ලංකා වානේ සංස්ථාව) ඇමෙරිකානු ඩොලර් මිලියන 77 කට මිලදී ගත්තේය.
**********************
පැනමා පත්‍රිකාවල, ලොකුවිතාන 2000 දෙසැම්බරයේ සංස්ථාගත කරන ලද ‘නිලෝනා ෆැෂන්ස්’ නමින් එක් ආයතනයකට සම්බන්ධ කර ඇති අතර එය සීෂෙල්ස් බල ප්‍රදේශයට අයත් වන අතර එය රාජපක්ෂලා තම වත්කම් සඟවා ගත් බවට චෝදනා කරන තවත් උණුසුම් ස්ථානයක් වේ.
Subscribe to:
Comments (Atom)
















