Sunday, 11 August 2013

මධ්‍යම පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රී ලින්ටන් විජේසිංහ ගැටුම

එකම කණ්ඩායමේ අපේක්‍ෂකයින් අතර ගැටුම මහනුවරටත් බෝවෙයි
මඩවල දී ඇතිවු ගැටුමකින් ටැංකි ජානක ට තුවාල යි
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්‍ෂකයින් දෙපිරිසක් අතර අද (අගෝස්තු 11) අලුයම මහනුවර මඩවල ප‍්‍රදේශයේ දී ගැටුමක් හට ගෙන ඇත. මධ්‍යම පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුනිල් අමරතුංග සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රී ලින්ටන් විජේසිංහ යන අපේක්‍ෂකයින් අතර මෙම ගැටුම ඇති වී තිබේ.
එකම දේශපාලන පක්‍ෂයේ කණ්ඩායම් අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතිවූ පළමු ප‍්‍රචණ්ඩක‍්‍රියාව මෙයයි.
මෙම ගැටුමෙන් වත්තේගම වාවින්න ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ප‍්‍රසන්න ජගත් කුමාර මහතා තුවාල ලබා ඇත. ටැංකි ජානක ලෙසින් හදුන්නවන ප‍්‍රසන්න ජගත් කුමාර මහතා අපේක්‍ෂක ලින්ටන් විජේසිංහ සහ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ ප‍්‍රබල ආධාරකරුවෙකි.
ගැටුමින් තුවාල ලැබූ ප‍්‍රසන්න ජගත් කුමාර මහතා වත්තේගම පොලීසියට මේ පිළිබද පැමිණිල්ලක් ද සිදු කොට තිබේ. කැෆේ සංවිධානය පවසන්නේ ගැටුමට අදාළ කණ්ඩායම් දෙකම ඊයේ රාත‍්‍රී සිට අළුයම දක්වා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කරන අතර මෙම ගැටුම සිදු වී ඇති බවයි. පසුගිය මැතිවරණ අවස්ථාවක දී ද මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සුනිල් අමරතුංග ට චෝදනා එල්ල වී තිබුණි.
මනාප අංක නිකුත් කිරීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් ආක්‍රමණශීලී මැතිවරණ ව්‍යාපාරයක යෙදෙමින් සිටියි. මහා මාර්ගවල අපේක්‍ෂකයින්ගේ නම් සහ මනාප අංක ලිවීම, පෝස්ටර් සහ කටවුට් මේ අතර ප‍්‍රධාන වෙයි.
කුරුණැගල ප්‍රදේශයේද මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී එකම කණ්ඩායමේ අපේක්ෂකයින් අතර ගැටුම් ගණනාවක් පිළිබදව ගතවු කාලයේ තොරතුරු වාර්තා විය.

No comments:

Post a Comment