Sunday, 11 August 2013

චීනයට අයත් චීන්නුන්ගේ වරායක් ලංකාවේ

පසුගිය අගෝස්තු 05 දා වරායේ චීනුන්ට අයත් නව කොළඹ ජාත්‍යන්තර පර්යන්තය විවෘත කිරීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසැවීමට හෝ ජාතික ගීය වාදනය කිරීමට චීනුන් විසින් ඉඩ දී නැත. උත්සවයට පෙර දා රාත්‍රියේ භූමිය පුරා සරසා තිබූ සියළු ශ්‍රී ලංකා ජාතික ධජ සහ ශ්‍රී ලංකා වරායේ ධජ සියල්ල ඉවත් කිරීමට චීන බලධාරීන් විසින් නියෝග කර තිබේ.

උත්සවය දින වේදිකාවේ ජාතික ධජ 3 ක් පමණක් ප්‍රදර්ශනයට ඉඩ දී ඇති අතර ඒ ද වේදිකාවේ මැදට නොව පසෙකට වන්නටය.

එසැවීමට ජාතික කොඩියක් තිබුනේ නැත. ජාතික ගීයක් ගැයුනේ නැත. තිබුනේ චීනාගේ පටිය කැපීම පමණය.

නව වරායවල් ඉදිකරනවා යැයි  ඛෙරිහන් දුන්නද එය චීනයට අයත් චීන්නුන්ගේ වරායක් බව ලංකාවේ ජාතික කොඩියවත් දැමීමට ඉඩ නොදීමෙන් තහවුරු වේ.

මෙම නව පර්යන්තයේ ලංකාවේ අයිතිය සියයට 15 ක් පමණි. ඉතිරි සියයට 85 ම අයත් වන්නේ චීන්නුන්ට ය. දියකඩනය නම් ලංකාවට අයිතිය. නමුත් ආදායම් ලැඛෙන්නේ දියකඩනයෙන් නොවේ. වරායේ බඩු ගොඩ බෑම පැටවීමෙනි. ඒ කොටස අයිති චීනාට ය.

මෙය වැස්සී ඛෙදා ගත් මෝඩ ගමයාගේ කතාව වැනිය. මෝඩ ගමයාට වැස්සිගේ ඉදිරි කොටස දී කපටි ගමයා වැස්සිගේ පසු කොටස ගත්තේය. මෝඩ ගමයාට වැස්සියට කැවීම පෙවීම බාර වූ අතර පසු කොටස හිමි කපටි ගමයා කිරි ටික දොවා ගත්තේය.

මැදමූලන මෝඩ ගං කබරයාද වරාය පුළුල් කිරීම කියා හැදූ නව පර්යන්තයෙන් කරගෙන තිඛෙන්නේ ඉහත සන්තෑසියමය. දියකඩනය අපේය. පර්යන්තය චීනාගේ ය. පර්යන්තයේ සියයට 15න් ලැඛෙන මුදල දියකඩනය වෙනුවෙන් ගත් ණය ගෙවීමටවත් මදිය. නමුත් මෙහිදී පාඩුව වී ඇත්තේ ගං කබරයන්ට නොව රටට ය. මැදමූලන ගං කබරයන්ට ගණුදෙනුවෙන් ලැඛෙන කෝටි ගණනක කොමිස් කුට්ටිය නම් මේ වන විටත් ලැබී අහවර ය.

කොළඹ වරායට හිමි පර්යන්ත වැඩි දියුණු නොකර චීන පර්යන්තය ගොඩ නැගීමෙන් ලංකාවේ වරාය තව තවත් වළ පල්ලට යෑම වැළැක්විය නොහැක. මෙම කලාපයේ වැඩිම නාවුක ගමනාගමනයේ යෙදෙන්නේ චීන නැව් සමාගම් ය. එම චීන නැව් සමාගම් වඩා දියුණු චීන පර්යන්තයට එනවා විනා කොළඹ පැරණි පර්යන්ත වෙත නොඑනු ඇත.

කොළඹ වරායේ ගැන්ටි්‍රයකින් පැයකට ගොඩ බෑ හැක්කේ කන්ටේනර් 15-20 ක් පමණ වන නමුත් නව චීන පර්යන්තයේ ගැන්ටි්‍රයකින් පැයකට කන්ටේනර් 40 ක් ගොඩ බෑ හැකිය. එක වර නැව් දෙකක් ඇතුල් කළ හැකිය. ඒ අනුව තියෙන බිස්නස් එකෙන් විශාල කොටසක් චීන පර්යන්තය අයත් චීන්නුන් වෙත ඇදී යෑම වැළැක්විය නොහැක. ඉන් ලංකාවට ලැඛෙන්නේ සියයට 15 ක් පමණ වන සොච්චමකි.

නව චීන පර්යන්තය විවෘත කිරීමෙන් ඍජු සහ වක්‍ර රැකියා 25000 ක් පමණ උත්පාදනය වන බව කීවද එය විශ්වාස කළ නොහැක්කේ දැනටමත් එහි සේවය සඳහා විශාල චීන්නුන් පිරිසක් ගෙන්වා ඇති බැවිනි. ලංකාවේ අය රැකියා කරන්නේ 50 ක තරම් ඉතා සුළු පිරිසකි. ඉදිරියේදීද මේ තත්ත්වය වෙනස් වේ යැයි සිතිය නොහැක.

නව චීන පර්යන්තය සමග තරඟ කිරීමට නම් දැනට කොළඹ වරාය සතු පර්යන්ත වැඩි දියුණු කළ යුතු වුවද එවැන්නක් සිදු නොකෙරේ. මිලියන 750 ක් වියදම් කර ලබා ගත් මෙහෙයුම් පරිඝනක පද්ධතිය අඩාල වී ඇති අතර දැන් වැඩ කරන්නේ යළි මැනුවල් ක්‍රමයට ය. උපකරණ නඩත්තුවක් නැත. නැව් වරාය වෙත ඇදගෙන එන ඓරාවන නම් ටග් බෝට්ටුව වසර 4 කින් අලූත්වැඩියාවක් කර නැති අතර එය අබලන් වීම නිසා ඉන්දියාවෙන් ටග් බෝට්ටු 2 ක් දිනකට ඩොලර් 5000 ගානේ කුලියට ලබා ගත්තේය. මේවා කරන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකට නොවේ. හිතූ හිතූ ගණන් කොමිස් ගසා කෑමට පමණි.


No comments:

Post a Comment