Sunday, 11 August 2013

සුදු කොඩි අරන් දහස් ගානක් ලංකාවට එනවා

- තමිල්නාඩු ධීවර සංගම් කියයි

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් ලබන 21 දිනට පෙර මුදා නොහැරියහොත්, බෝට්ටු මගින්, සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පියවර ගන්නා බව තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයින් අනතුරු අඟවා සිටී.මේ අනුව සුදු කොඩි රැගත් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවටඇතුළුවීමට තමිල්නාඩු  ධීවරයින් දහස් ගණනක් තමන් සමග එක්ව සිටින   බවද ධීවර සංගම් නියෝජිතයෙකු ඊයේ (11)  එරට මාධ්‍ය වෙත අවධාරණය කර ඇත.
මෙවැන්නක්  සිදුවුවහොත්  භයානක   ප්‍රතිඵල ඇතිවිය හැකි බැවින්  ඉන්දීය  ධීවරයින් වහා මුදවා ගැනීමට ඉන්දීය  මධ්‍යම රජය කටයුතු කළ යුතු බවද ධීවර  සංගම් අවධාරණය කර සිටී.
මේ වන විටත් තමිල්නාඩුවේ  නාගපට්නම් ප්‍රදේශයේ ධීවර සංගම් විසින්, දැවැන්ත  උද්ඝෝෂණයක්ද මේ වෙනුවෙන් පැවැත්වේ. මේ සඳහා කළු කොඩි   රැගත් ධීවරයින් හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දහස් ගණනින් එක්ව ඇති බව වාර්තාවේ.
තමිල්නාඩු ධීවරයින් 65 දෙනෙකු මේ වන විට  මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බවද ධීවර සංගම් සඳහන් කරයි.

No comments:

Post a Comment