Sunday, 11 August 2013

දරුස්මාන් කමිටුවේ නිර්දේශ ලබන සතියේ සිටි ක‍්‍රියාත්මක කරයි

වැලිවේරිය ප‍්‍රදේශයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මියට තොරතුරු යවා ඇති බව වාර්තාවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වන විට සකසමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබේ. තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව යොමු කර ඇති බව ද වාර්තා වේ.
මේ අතර ශ‍්‍රි ලංකාව සම්බන්ධ උපදෙස් ගැනීමට ජගත් සංවිධාන මහලේකම්වරයා විසින් පත් කරනු ලැබු දරුස්මාන් කමිටුවේ නිර්දේශ ලබන සතියේ සිටි ක‍්‍රියාත්මක කරන බව රජයේ අභ්‍යාන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. එම වාර්තාවන්වලට අනුව පසුගිය සතියේ මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටු නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ කරුණු විමර්ශනය සඳහා මහලේකම්වරයා විසින් තවත් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

No comments:

Post a Comment