ශ්‍රී
ලංකා මුහුදු සීමාවට ඇතුළු වී විශාල යාත්‍රා යොදවා මාළු ඇල්ලීමට චීනයේ
සමාගමකට අයිතිය හිමිවන ගිවිසුමකට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින්
අත්සන් තබා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ
අනුව ඉදිරි කාලයේදී බහුදින යාත්‍රාවලටද වඩා විශාල චීන නැව් 40ක් ශ්‍රී
ලංකා කොඩියද සහිතව මෙරට මුහුදේ මාළු ඇල්ලීම ආරම්භ කරනු ඇති බවත්
අමාත්‍යවරයාට සන්ධාන ආණ්ඩුවේ ඉහළ පෙළේ සහයෝගයද මේ සඳහා හිමිවී අතැයිද
පැවසේ.
එම
ආරංචිමාර්ග පවසන පරිදි මෙම ගිවිසුමෙන් අනුව අල්ලන මත්ස්‍ය අස්වැන්නෙන්
30%ක් චීන සමාගමටද 10%ක් ලංකා ධීවර සංස්ථාවටද ඉතිරි 60% ඇමැතිවරයාගේ
සම්බන්ධීකරණ නිලධාරියාට අයත් කොල්ලුපිටියේ පිහිටි ආයතනයකටද හිමිවේ.
ට්‍රෝලර් ක්‍රමය යටතේ අල්ලන මත්ස්යයන්ගෙන් 10%ක කොටසක් රටට හිමිවන බව කීවද එම මාළු සාලයන්ද, හාල්මැස්සන්ද
නොමැති නම් වෙනත් මත්ස්‍ය වර්ගද යන්න නම් කර නැති අතර එම 10%ය සහ චීනයට
හිමි 30%ට අදාළව කොමිස් මුදලක් ඇතිවරයාට සෘජුවම ලැබෙන බවත් වාර්තාවේ.
එමෙන්ම මේ වනවිටත් එවැනි නැව් 6කින් චීන සමාගම මෙරට මුහුදේ මසුන් මැරීමේ කාර්යයේ නිරතව සිටී.
චීනයේ ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු තීරයට පැමිණියහොත් තම රැකියා අහිමිවීමට ඉඩ ඇතැයි ද ධීවරයෝ පවසති.
මෙම
යාත්‍රා පැමිණීම මෙරට ධීවර කර්මාන්තයේ පැවැත්මට දැඩි ලෙස බලපාන බැවින්
වහාම ඒ පිළිබඳව සොයා බලන ලෙසත් චීන යාත්‍රා මෙරට මුහුදු තීරයට පැමිණෙන්නේ
නම් ඊට දිවිහිමියෙන් එරෙහි වන බවත් ධීවර සංගම්වල නියෝජිතයෝ පවසති.
No comments:
Post a Comment