වයඹ පළාතේ පළාත් සභා මැතිවරණ අපේක්ෂකයින් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.
මේ සදහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් සිටින අතර ඇතැම් බස් රථවල කොන්දොස්කර වරුන් හා ත්‍රී රෝද රථ රියදුරන් සදහන් කර ඇත්තේ අපේක්ෂකයින්ගේ ආධාර කරුවන් විසින් බලහත්කාරයෙන් ඒවා සිය වාහනවල අලවන බවයි.
කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් ඡායාරූප සාක්ෂී සහිතව මැතිවරණ කොමසාරිස්වරයා, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයා, පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යංශ ලේකම් වරයා සහබස් හිමියන්ගේ සංගම් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
සබැඳි පුවත් :
No comments:
Post a Comment