මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා විෂයට අයත් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය විභාග ශාලාවෙන් පිටව ඇති පුවතක් මාතරින් වාර්තා වෙයි. මාතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක පැවැති විභාග මධ්‍යස්ථානයේ මෙලෙස ප්‍රශ්න පත්‍රය පිටව ඇත. මේ ව්‍යුහගත රචනා කොටස සඳහා පිළිතුරු ලිවිය යුත්තේ එම ප්‍රශ්න පත්රයේමය. විභාගය අවසන් වූ වහාම පිළිතුරු ලියූ එම ප්‍රශ්න පත්‍රය විභාග රාජකාරිවල නිරත අදාළ නිලධාරීන්ට බාරදිය යුතුව ඇත. එහෙත් එක් ශිෂ්‍යාවක් පිළිතුරු සැපයූ පත්‍රය විභාග ශාලාවේ විභාග රාජකාරිවල නිරතව සිටි බලධාරීන්ට බාර නොදී පිළිතුරු පත්‍රය නිවෙසට රැගෙන ගොස් ඇත. විභාග ශාලාවේ රාජකාරි කළ අයකු එම උත්තර පත්‍රය ලබාගන්නට ක්‍රියාත්මක වී නැත. නිවෙසට ගිය විට තමා පිළිතුරු ලියූ ප්‍රශ්න පත්‍රය ගෙදර ගෙනවිත් තිබූ බව දුටු එම ශිෂ්‍යාව නැවත එය රැගෙන විද්‍යාලයේ විභාග ශාලාවට ගොස් ඇත. ඒ වන විට විභාග රාජකාරි කටයුතුවල නිරත වූ නිලධාරීන් පිළිතුරු පත්‍ර රැගෙන මාතර තවත් විද්‍යාලයක පවත්වාගෙන යනු ලබන විභාග සම්බන්ධීකරණ මූලස්ථානයට පිටව ගොස් තිබිණි. සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යාව එය දැනගත් වහාම පිළිතුරු පත්‍රය රැගෙන විභාග සම්බන්ධීකරණ මූලස්ථානයට ගොස් තමන්ට සිදුවූ සම්පූර්ණ සිද්ධිය පවසා පිළිතුරු පත්‍රය බාරදී තිබිණි. එම ස්ථානයේ රාජකාරි කටයුතුවල නිරත නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කොටගෙන පිළිතුරු පත්‍රය බාර ගෙන ඇත. මේ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දෙනකුට එක් අයකු බැගින් නිලධාරීන් විභාග කටයුතු සඳහා යොදවා තිබියදී ඊට අමතරව එක් විභාග ශාලාවක් වෙනුවෙන් ශාලාධිපතිවරයෙක්, සහකාර ශාලාධිපතිවරයෙක් හා අධීක්ෂණ නිලධාරීන් කිහිප දෙනකුද සිටියදී මේ සිද්ධිය සිදුව තිබේ. මේ හා සමාන සිදුවීමක් කඹුරුගමුවේ තවත් විද්‍යාලයක විභාග ශාලාවෙන්ද වාර්තා වෙයි. නව නිර්දේශය යටතේ ජීව විද්‍යාව විෂයයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අදාළ බහුවරණ ප්‍රශ්නපත්‍රය ප්‍රශ්න පනහකින් සමන්විතය. එහෙත් පිළිතුරු සැපයීම සඳහා ලබා දී ඇත්තේ කොටු හැටකින් යුතු පිළිතුරු පත්රයකි. තමන්ට ලැබිය යුත්තේ කොටු පනහකින් යුත් පිළිතුරු පත්‍රයක් බව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැවැසුවද විභාග රාජකාරිවල නිරත වූ නිලධාරීන් එය පිළිගෙන නැත. එහෙත් විභාගය අවසන් වීමට විනාඩි දහයක පමණ කාලයක් තිබියදී කොටු පනහකින් යුතු නිවැරැදි පිළිතුරු පත්‍රය බෙදා දී ඇත. එය බෙදා දී පවසා ඇත්තේ ඉතා ඉක්මනින් කොටු හැටකින් යුතු පිළිතුරු පත්‍රයේ සටහන් කළ පිළිතුරු කොටු පනහකින් සමන්විත පිළිතුරු පත්‍රයේ සටහන් කර දෙන ලෙසය. මේ සිදුවීම එම විභාග මධ්‍යස්ථානයෙන් විභාගයට පෙනී සිටි සියලු දෙනාටම අසාධාරණයක් බව පෙන්වා දෙන මවුපියන්, ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පිළිතුරු සැපයීමට ලබා දුන් පිළිතුරු කොළ දෙකම එකතු කර ඇති බවත්, තවත් පිරිසකගෙන් එක් පිළිතුරු පත්‍රයක් පමණක් බාරගෙන ඇති බවත් පවසයි. |
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Sunday, 11 August 2013
ප්‍රශ්න පත්‍රයට උත්තර ලියා ශාලාධිපතිට නොදී ගෙදර අරන් ගිහින්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment