බෞද්ධ සහ ඉස්ලාම් ආගමිකයන් අතර නොසන්සුන්තාවයක් ඇතිකල කොලඹ,
ග්‍රෑන්ඩ්පාස්හි ස්වර්ණචේතිය මාවතේ පිහිටි නව ඉස්ලාම් පල්ලිය පවත්වාගෙන
යාමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ අවසර
පත්‍රය ඉවත් කරගැනීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.
අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක පවසන්නේ රජයේ නියෝජිතයින්, ආණ්ඩුවේ ඇමතිවරුන්, මුස්ලිම් බෞද්ධ නියෝජිතයින් සහ ප්‍රෙද්ශවාසීන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.
“දේශපාලඥයින්, ආණ්ඩු පක්ෂ විපක්ෂ නියෝජිතයින්, පළාත් සභා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රෙද්ශවාසීන් එක්ව පැවති මෙම සාකච්ඡාවේදී පැරණි පල්ලියේ යාඥා කටයුතු ඒ ආකාරයෙන් ඉදිරියට කරගෙන යාමට තීරණය කළා.
මේ පැරණි පල්ලියේ යාඥා කිරීම සදහා ඉඩ පහසුකම් අඩුනම් ඒවා දියුණු කිරීමටත් තීරණය වුනා. දැනට මේ පල්ලිය භූමියේ ගස් වැවී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර ඒවා ඉවත් කර පල්ලිය පිළිසකර කිරීමට තීරණය වුනා.
සියලුම ආගමික කණ්ඩායම්වල සහායෙන් මෙම කටයුතු කිරීමට සියලුදෙනාම තීරණය කළා. ඒ අනුව ආගම් භේධයකින් තොරව සියලුදෙනාගේම සහායෙන් මෙම කටයුතු කිරීමට නියමිතයි.” යයිද ලේකම්වරයා කීය.
එසේම පල්ලිය ආසන්නයේ තිබෙන බෞද්ධයන් වන්දනාමාන නොකරන බෝධිය ඉවත් කිරීමටත් එකඟතාවකට පැමිණ තිබේ.

No comments:
Post a Comment