Sunday, 11 August 2013

චීන රාජ්‍ය නිලධාරීන්ට "නයිට්‌ ක්‌ලබ්" තහනම්


චීනයේ රාජ්‍ය නිලධාරීන්ට රාත්‍රි සමාජ ශාලාවලට යැම තහනම් කිරීමට යයි. මෙම පියවර ගැනීමට හේතුවී තිබෙන්නේ ශැංහයි ප්‍රාන්ත විනිසුරුවන් සිවුදෙනකු නයිට්‌ කල්බ්වලට ගොස්‌ ස්‌ත්‍රී ලිංගික අපචාරවල යෙදෙමින් නිලයට නොගැලපෙන විනෝද සාදවල යෙදුණු බව හෙළිදරව් වීමෙන් පසුවය.

ශැංහයි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ගණිකාවන් සමඟ අනඟරැගුම් පාමින් ලිංගික ක්‍රියාවල යෙදෙමින් සිටි අයුරු දැක්‌වෙන සීසීටීවී දර්ශන රූපවාහිනියේ විකාශයවීමත් සමඟ මෙකී විනිසුරුවන් සිවුදෙනාගේ වැඩ තහනම්කර ඇත.

අඟපසඟ විවෘත දුහුල් ඇඳුමින් සැරසුනු දඟකාර ළඳුන් සිප වැළඳ ගනිමින් විවිධ කම්සැප විඳිනා විනිසුරුවරුන්ගේ ඡායාරූප රූපවාහිනියේ විකාශයවීමෙන් පසු ඉමහත් ආන්දොaලනයක්‌ උද්ගතවී රාජ්‍ය නිලධාරීන්ට නයිට්‌ ක්‌ල්බ්වලට යැම තහනම් කරනමෙන් බලපෑම් එල්ල විය.

No comments:

Post a Comment