Sunday, 11 August 2013

සරේ යන් නැහැ - රී ලංකා ක්‍රිකට්‌ පිලේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්


එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරනු ලබන සරේ ප්‍රාන්ත පිලේ පුහුණුකරු ධුරය භාර ගැනීම සම්බන්ධව කිසිම තීරණයක්‌ ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් මාධ්‍ය අංශය විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටියි.

එංගලන්තයේ ප්‍රධාන පුවත්පතක්‌ වන ද ගාර්ඩියන් පුවත්පත විසින් ෆෝඩ් මහතා සරේ ප්‍රාන්ත පිලේ පුහුණුකරු ලෙස මීලගට පත්වීමට නියමිතව තිබෙන බව වාර්තා කිරීම සම්බන්ධ පුවතට ප්‍රතිචාර දක්‌වමින් ඒ මහතා එසේ පවසා තිබෙන බව සඳහන් වේ.

'සරේ කණ්‌ඩායමේ පුහුණුකරු තනතුර භාර ගන්න කැමැතිද කියලා එම කණ්‌ඩායමේ ප්‍රධාන විධායන නිලධාරියා තමාගෙන් විමසා සිටියා. ශ්‍රී ලංකාව සමග තිබෙන කොන්ත්‍රාත්තුව 2014 වසරේ අවසන් වීමට නියමිත බැවින් එම කාල සීමාව අවසන් වුණාම මම ඒ ගැන සිතා බලන්නම්' යෑයි පැවැසූ බවත්, ගාඩියන් පුවත්පත් වාර්තාව සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කරන ලද විමසීමකදී ෆෝඩ් සඳහන් කර තිබේ

No comments:

Post a Comment