Sunday, 11 August 2013

ශ්‍රී ලංකාවේ සංචාරය අනතුරුදායකබව බ්‍රිතාන්‍යය කියයි

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙ‍දෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් පැහැර ගැනීම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු විය හැකි බව බ්‍රිතාන්‍යය විදේශ සේවා කාර්යාලය විසින් මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍ය ජාතකයන් වෙත නිවේදනයක් මගින් අනතුරු අඟවා ඇත.
සංවිධානාත්ම ආයුධ සන්නද්ධ කණ්ඩායම්, මැර කල්ලි ශ්‍රී ලංකාව පුරාම තැනින් තැන පසුවන බැවින් බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ ඉලක්ක බවට පත්විය හැකි බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් බ්‍රිතාන්‍ය විදේශ සේවා කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇත. මොවුන් බලෙන් පැහැරගෙන යෑම් සහ කොල්ලකෑම් ඇතුළු භයානක අපරාධයන්ට සම්බන්ධ බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
මෙම සංවිධානාත්ම ආයුධ සන්නද්ධ කණ්ඩායම් බ්‍රිතාන්‍ය ජාතිකයින් පමණක් ඉලක්ක ගත කරගෙන ක්‍රියාත්මක වන බවට කරුණු අනාවරණය වී නැති බවත්, පොදුවේ සංචාරක ප්‍රදේශවල මොවුන් අපරාධ සිදුකරන බවටත් බ්‍රිතාන්‍යය විදේශ සේවා කාර්යාලය පෙන්වාදෙයි.
විදේශිකයින් ඉලක්ක්කරගත් ස්ත්‍රී දුෂණ කිහිපයක් පසුගිය වකවානුවේදී වාර්තාවී ඇති බැවින් ශ්‍රී ලංකාවට යන කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්වන බවද එම නිවේදනයෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයට සාපෙක්ෂිතව මන්දගාමී බවක් පෙන්නුම්කරන බවද ශ්‍රී ලංකාවේදී මුහුණදුන් අතවරයන් පිළිබඳව බ්‍රිතාන්‍ය පුරවැසියන් විසින් ගොණුකර ඇති නඩු විභාග කිහිපයක්ම අනවශ්‍ය ආකාරයට ඇදී යමින් පවතින බවද දක්වයි.
ප්‍රධාන පෙලේ හෝටල් අතුලු නවාතැන්පලවල් තුලදී පෞද්ගලික බඩු බාහිරාදිය අතුරුදහන්වීම සාමාන්‍ය දෙයක් වන තරමට අනාරක්ෂිත තත්වයක් උද්ගතවී ඇති බව දක්වා ඇති එහි විදෙස් ගමන් බලපත්, මිලමුදල් සහ අනෙකුත් වටිනා බඩු බාහිරාදිය පරෙස්සම්කරගැනීම සඳහා කටයුතුකිරීමට වගබලා ගන්න ලෙසද දක්වා ඇත.
2011 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සංචාරක නිකේතනයකදී ඝාතනයට ලක්වුණු බව හා ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුනොවුණු වගද, ශ්‍රී ලංකා‍වේ සංචාරයේ නිරත වන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ඔවුන් සිහිපත් කරයි.
බ්‍රිතාන්‍යය විදේශ සේවා කාර්යාලය මගින් මෙම සම්පූර්ණ විස්තර ඇතුළත් පත්‍රිකාවක් තම ජාතිකයන් වෙත ලබාදෙන අතර 2011 වසරේදී තංගල්ලේ නිවාඩු නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ පෙම්වතිය දූෂණය කර කැපුම් තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්ඩංගුවටගෙන ඇපමත මුදාහැර තිබේ.

No comments:

Post a Comment