Sunday, 11 August 2013

අගමැති පුතා මැතිවරණයට පෙර එක් ඉනිමකින් පරාදයි

අගමැති පුතා මැතිවරණයට පෙර එක් ඉනිමකින් පරාදයි
* මැතිවරණ නිරීක්ෂණ කැෆේ විසින් අනුරාධ ජයරත්න දණ ගස්වයි
මෙවර පළාත් සභා මැතිවරණයේ විශාලතම ප්‍රචාරක පුවරුව ලෙස වාර්තා වු ගම්පොල පාලම මත ඉදිකර තිබු එජනිස අපේක්ෂක අනුරාධ ජයරත්න මහතා අයත් ප්‍රචාරක පුවරුව ඇතුළු අනෙකුත් ප්‍රචාරක පුවරු ඊයේ (9)දිනයේ ඉවත් කර තිබේ.
කැෆේ සංවිධානය විසින් මේ පිළිබදව දිගින් දිගටම මැතිවරණ කොමසාරිස්වරයා වෙත සිදුකල දැනුම් දීම් සහ ජනමාධ්‍ය ඔස්සේ සිදුකල දැනුවත් කිරීම් හේතුවෙන් මෙම ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
ගම්පොල - නුවරඑළිය මාර්ගයේ පැරණි පාලම මත ඉදි කොට තිබු මෙම විශාලතම දැන්වීම් පුවරුව සඳහා ගම්පොල පොලීසිය ආරක්‍ෂාව සපයන බවත්, එම පාලම අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාගේ මැතිවරණ කාර්යාලයට අයත් බවට ද වරින් වර විවිධ පාර්ශව සදහන් කර තිබුණි.
බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඉදිකළ මෙම ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාල බලධාරීන් වෙත කැෆේ සංවිධානය ප්‍රසාදය පළකර සිටියි.
මේ ආකාරයට කැෆේ සංවිධානය සිදුකල මැදිහත්වීම් මගින් කුරුණෑගල නගරයේ ඉදිකර තිබු මැතිවරණ ප්‍රචාරක පුවරු සියල්ලම මේ වනවිට ඉවත් කර ඇති අතර මේ වන විට කටුගස්තොට පාලම මත සහ පිලිමතලාව නගරයේ මෙන්ම මහනුවර නගරයේ ඉදිකර තිබු ඇතැම් ප්‍රචාරක පුවරු ද ඉවත් කර තිබේ.
කැෆේ සංවිධානයේ මැදිහත්වීම සහ ජනමාධ්‍ය ක්‍රියාකාරී වීම හේතුවෙන් සමස්තයක් ලෙස ගත්කල මේ වනවිට නීති විරෝධී ප්‍රචාරක පුවරු ඉදිකිරීම යම්තාක් දුරට අඩුවී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කරයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වාගෙන යාම සදහා ප්‍රචාරණයට අදාළ
මැතිවරණ නීති රීති පිළිපැදීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති බව ද විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.
http://lankacitizen.com/images/stories/August/2012/caffe%20keerthi.jpg

No comments:

Post a Comment