කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තැපැල් සේවකයින්ගේ සහය නීතිඥ දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට ඔවුන් කැමැත්ත පළකරමින් රැස්වීමක් හෙට්ටිපොල රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි. එහිදී නිතිඥ දයාසිරි ජයසේකර මහතා එසේ පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
‘කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තැපැල් සේවකයින් 3000ක් පමණ සිටිනවා. තැපැල් කාර්යාල 400ක් තිබෙනවා. තැපැල් සේවය දියුණු කරන්න තැපැල් සේවකයින් මගෙන් සාකච්ඡුා ඉල්ලූවා. මම මහඇමති වුනාට පසුව ඒ අවස්ථාව ඔවුන්ට ලබා දී තැපැල් සේවය දියුණු කළ හැකි ක‍්‍රම පිළිබඳවත් මුහුණ දෙන ගැටලූ විසදිය හැකි ක‍්‍රම පිළිබඳවත් සොයා බලනවා. රාජ්‍ය සේවයේ පැරණිම සේවයක් තමයි තැපැල් සේවය. දුම්රිය සේවයත් ඒ වගේමයි.
තැපැල් සේවයේ කඩාවැටීමට හේතුව පරිපාලනයේ දුර්වලතාවයයි. තැපැල් ඇමති සමඟ සාකච්ඡ කර එම ගැටලූ නිරාකරණය කිරීමට කටයුතු කරනවා. පළාත් සභා මහ ඇමති වශයෙන් මට මාසයකට වරක් කැබිනට් මණ්ඩලයට සහභාගි විය හැකියි. එහිදී මා රාජ්‍ය සේවකයින්ගේ ප‍්‍රශ්ණ ගැණ කථා කරනවා’
තවදුරටත් කථාකරමින් කියා සිටියේ, ‘දැන් මේ ඔබ තමුන්නාන්සේලා මගෙ ලියුම් විතරක් බෙදන්න එපා. අපේ අනික් අපේක්‍ෂකයින්ගෙත් ලියුම් බෙදන්න. ඒ අයටත් උදව් කරන්න’ යනුවෙනි.
22,399 Viewers
No comments:
Post a Comment