Tuesday, 3 September 2013

කිඹුලන් වැඩිම ගගේ පිනූ මිනිසා අතුරුදහන්

උතුරු ඕස්ටේ‍්‍රලියාවේ කිඹුලන්ගෙන් ගහන මෙරි නදියේ පිහිනමින් සිටි පුද්ගලයෙකු දැවැන්ත කරදිය කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
ඩර්වින් නගරයට කිලෝමීටර් 100ක් දුරින් පිහිටි මෙරී නදිය වැඩිම කිඹුල් ගහනයක් සහිත ගංගාවක් ලෙස සලකනු ලබන අතර මෙම ගංගාවේ පිහිනුම් කටයුතු නොකරන ලෙස අනතුරු ඇගවීම් පුවරු සවිකර තිබුනද අනතුරට පත්වූ පුද්ගලයා තම මිතුරෙකු සමග ගංගාවේ පිහිනීම සදහා ගොස් ඇත.
පිහිනමින් සිටි එක් අයෙකු දැවැන්ත කරදිය කිඹුලෙකුගේ හකු අතර සිරවී සිටිනු ගොඩබිම සිටි පිරිස විසින් දැක ඇති අතර ක්ෂනයකින් ඔහුව ඩැහැගත් දැවැන්ත කිඹුලා දිය කද තුළ අතුරුදහන් වී ඇතැයි වාර්තා වේ.
ඕස්ටේ‍්‍රලියානු කරදිය කිඹුලන් ලොව දැවැන්තම කිඹුල් වර්ගය ලෙස සලකනු ලබන අතර සාමාන්‍යයෙන් වැඩුනු කිඹුලෙක් දිගින් අඩි 23 ක් පමණද බරින් ටොන් එකක් පමණද වනු ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment