එසේම ඒ වෙනුවෙන් අගමැතිවරයා එම තනතුරින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නැතැයි ද බැසිල් ඇමතිවරයා දැනුම්දී තිබේ.
අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාට දුරකථන ඇමතුමකදී ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, ඉදිරියේදී පැවැත්වෙන සන්ධාන පක්ෂනායක රැස්වීමේදී, මාධ්‍යම පළාතේ මහ ඇමති ලෙස අනුරාධ ජයරත්න මහතාගේ නම යෝජනා කරන්නයි දැනුම්දී තිබේ.
කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අයෙකුගේ සමීප ඥාතියකු යම් පළාත් සභාවකින් වැඩිම මනාප ලබාගත්ත ද, එම පුද්ගලයාට මහ ඇමතිකම නොදීමට පසුගිය කාලයේ ජනාධිපතිවරයා තීරණය කර තිබිණ.
එහෙත්, ජනාධිපති ජේෂ්ඨ සොයුරු වන චමල් රාජපක්ෂ මහතා එකල අමාත්‍යවරයකුව සිටියදි, ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඌව වැඩිම මනාප ලබාගත් අවස්ථාවේදී ඔහුට මහ ඇමතිකම ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
No comments:
Post a Comment