Saturday 17 July 2021

මොකද්ද මේ කොතලාවල පනත - සුද්ද සිංහලේන්

 


මොකක්ද  මේ කොතලාවල පනත ....

 🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎   


               කන්නන්ගර  චින්තනයෙන් පෝෂිතව  ගොඩනැගුණු නිදහස් අධ්‍යාපනයෙන් බිහි වු   පරම්පරාවේ එක් අයෙකු වශයෙන්  මාගේ යුතුකම වන්නේ  මතු පරපුරට තව දුරටත් නිදහස් අධ්‍යාපන  අයිතිය ආරක්ෂා  කර දීමය. ඒ වෙනුවෙන් අද දින අභියෝගයක් ව පවතින  "කොතලාවල ජාතික ආරක්ෂක  විශ්වවිද්‍යාල " පනත පිළිබඳ  දැනුවත් කිරීම පියවරෙන් පියවර මෙතැන් පටන්   මෙසේ ජන හිතසුව පිණිස ඉදිරිපත්  කරමි.

 ( මහජන හිතසුව  පිණිස   පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කෙරෙන පනත්  මෙයට වඩා ප්‍රබලව   හා ප්‍රගතිශීලී  ලෙස ජනතා දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයකින් පසුව ඉදිරිපත්  කෙරෙන්නේ  නම් අගයමි. පාර්ලිමේන්තුවෙි සිටින මන්ත්‍රීවරුන්  225 සිය වගකීම  පැහැර හැර අතිබවක් ද පෙනෙයි .)  

*මෙම පනත මගින් 1978 අංක 16 , දරන විශ්වවිද්‍යාල  පනත බැහැර කරයි. ඉන් අදහස් කරන්නේ  කුමක් ද?.රටේ දැනට තිබෙන සියලු ජාතික  විශ්වවිද්‍යාල    පාලනය වන්නේ  "විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන  කොමිෂන්  සභාව"  මගිනි. එහිදි විශ්වවිද්‍යාල  පද්ධතියට කොතෙක් ළමුන්  ප්‍රමාණයක්  ඇතුළත්  කරගන්නේ  ද ? ආචාර්යවරුන්  බඳවාගැනීම ,ඒ ඒ විෂයයන්  සඳහා  ඇතුළත්  කරගැනීමේ ශිෂ්‍ය  ප්‍රමාණය  ,එ සඳහා උසස් පෙළ   ලකුණුවල Z  අගය, අධ්‍යාපන  ගුණාත්මක  තත්ත්වය ,පරිපාලන ක්‍රමවේදය , විශ්වවිද්‍යාලයන් හි ගුණාත්මක  තත්ත්වය ආදී සියල්ලේ තීරක බලය ඇත. උසස් පෙළ  අසමතුන්ට ,ඥාතීන්ට ,බලවතුන් , ධනවතුන්ට උපාධි  ලබාදීමක් දැනට තිබෙන ක්‍රමවේදය යටතේ නොහැකිය .  


විශ්වවිද්‍යාල  පරිපාලනය හා අධ්‍යාපනය  මෙ වු තත්ත්වයක පවතින හෙයින්  දේශපාලඥයන්ට අභිමත පරිදි  ආචාර්යවරුන් ,සිසුන්   විශ්වවිද්‍යාලවලට ඇතුළත්  කළ නොහැකිය. ගුරු-  ශිෂ්‍ය  අයිතිවාසිකම්වලට  දේශපාලඥයන්ට ඇගිලි ගැසීමට ඉඩක් නැත. එහෙයින්  දේශපාලන  පත්වීම් කළ නොහැකි ය.   මෙවු තත්ත්වය ට " විශ්වවිද්‍යාල  " යන නාමය හිමිකම් කියයි. එ වු  හිමි කම ,අයිතිය අහිමිකර  විශ්වවිද්‍යාල   තත්ත්වය  උදුරා  ගනි. මෙය කොතෙක් දුරට සාධාරණ  ද ?. " පනතේ කුමක් සඳහන්  වුවත් " යනුවෙන් දරදඬු වචන භාවිත කරමින්  මෙ කරන්න යන්නේ  "බයිනෙත්තුවට ,කුවක්කු කටට බයවෙයන් " යන අදහසක් නොවේ ද?. මෙයට වඩා කරුණු  ඇතත් මෙය තරමකට ප්‍රමාණවත්  යැයි හඟිමි. තම තම නැණ පමණින් කියවා තේරුම්  ගනත්වා ! 

 ⁣🔴🔴මෙහි  හමුදා නිල ඇඳුමට යටත්ව   සුපුරුදු උසස් පෙළ   Z අධ්‍යාපන  සුදුසුකම් අමතක කොට වරප්‍රසාදිතව උපාධි ,ඩිප්ලෝමා  ප්‍රදානය කරන්නට කටයුතු  කිරීම.



 🔴🔴රාජ්‍ය  සේවකයන්ට අමතරව  " වෙනත් තැනත්තන් "  යනුවෙන් අදහස්  කරන්නේ කවුරුන් ද ?. මුදලට හෝ දේශපාලන  නිර්දේශිත  හෝ විදේශික  හෝ  විකිණෙන අය ද ?.ප්‍රශ්නයකි.

 ඇතුළත්  කරගැනීමේ  සාම්ප්‍රදායික  පටිපාටියෙන් බැහැරව ඔවුන්  විසින් ම අධ්‍යාපන  ප්‍රවීණත්වය ⁣ සොයා බැලීමේ ක්‍රමවේදයක් අනුගමනය කරයි. මෙයයි කුරුබිලිය.සැබෑ දක්ෂයන් පගා දමා දුර්වලයන් දක්ෂයන් ලෙස බවුතිස්ම  කිරීමේ ක්‍රම වේදයට ඉඩ සලා ගෙන ඇත. තරග කාරී උසස් පෙළින් අසමතුන් ඔසවා තබන්නට කෙරෙන විජ්ජාවක් නොවේ ද?. 

 දැනටමත් මෙ හා සමාන දුර්වලතා නැතුවා නොවේ. එය පළමු උපාධියට  නොවුවත් පශ්චාත්  උපාධි  සඳහා  ක්‍රියාත්මක  කරයි. මෙය දක්ෂයන්ට  කෙරෙන විශාල  අසාධාරණයකි. එසේ මෙසේ නොව සහගහන අපරාධයකි. 

🔴⚫කෙනකු කොළඹ  විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියට  සුදුසු  කම් ලැබීමේ දී පළමු උපාධි  ලෙස එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රවේදී විශේෂ  (සිංහල ) ගෞරව උපාධියක් ලබා තිබුණි.  එහෙත් ඔහු සමග  ශාස්ත්‍රපති  උපාධිය  හැදෑරීමට  පළමු උපාධියක් නැති නීති විද්‍යාලයෙන් " නීතීඥ "  කමක් පමණක්  තිබූවෙකු ට ශාස්ත්‍රපති  උපාධිය  ලබා දුණි.මෙය කොතෙක් දුරට සාධාරණ  ද?.වරෙක ඔහු තරගකාරීව මහත් සේ කැප වී උසස් පෙළ  සමත් වුයේ කුමකට දැයි වරෙක සිතෙයි.මෙය ක්‍රමයෙන්  කෙදිනක හෝ සමස්ත  දරු පරපුරට ම හැඟි ගියහොත් කෙතරම් අභාග්‍යසම්පන්න  තත්ත්වයක්  රටකට උදාවේ ද?.

⚫🔴⚫🔴👉වැදගත් කමින් විමසිය යුතුම වගන්ති කීපයකි.මෙම ආයතනයට එනම්  විශ්වවිද්‍යාලයට ඇති බලතල යි.



🔴🔴 අධ්‍යයන හා උපදෙස් පාඨමාලා  හැදෑරීමට අවස්ථාව  දෙන බව පළමුව කියයි.

🔴🔴 තව දුරටත්  පවසන්නේ  යම් විෂයයන්  සම්බන්ධව  ශාස්ත්‍රීය අධ්‍යයනයන් සඳහා  පහසුකම්  හා උපදෙස්  ලබා දීම ලෙස නම් කරයි. මෙහි  "පහසුකම් හා උපදෙස්  " යන දෙවදන තුළ  සට කපට කම් වංචනික අවශ්‍යතා සඳහා  ඉඩ සලසා ඇත. 

🔴🔴 තව දුරටත්    "උපාධි  ,ඩිප්ලෝමා ,සහතික  පත්‍ර සහ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා... . . ......"  මෙලෙස ලබා දෙන්නේ  19 (1)(ආ ) වගන්තිය  යටතේ යැයි පවසයි. එහි සඳහන් වන්නේ.." විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත්  කර ගැනීම සඳහා  වන නිර්ණායක  කලින් කල නිශ්චය  කිරීම  "  යන්නයි . පොදු  විශ්වවිද්‍යාලවලට ඇතුළත්  කර ගැනීමේ ක්‍රමවේදයට පරිබාහිරව සිදුකරන බව පවසයි.


🔴🔴මෙ පනත යටතේ  මෙකී විශ්වවිද්‍යාලය  මගින් පිළිගන්නා හමුදා  පුහුණු  ආයතන,වෙනත් ශාස්ත්‍රීය  ආයතන  පිළිගැනීම හා උපාධි  ප්‍රදායට අවස්ථාව  දෙයි. අධ්‍යාපනය මෙතරම් බාල්දු  කිරීමට අවස්ථාව  ලබා දි ඇත. 

🔴🔴 කාර්මික හා වෘත්තීය  ආයතන  මෙන් ම  දේශීය හා විදේශීය   ආයතන සමග අනුබද්ධ  වීමට ඉඩ දි ඇත. මේ තරමට අධ්‍යාපනය  සැහැල්ලු වුයේ ඇයි.එසේ නම් තරගකාරී උසස් පෙළ  විභාග කුමට ද?.  විභාග  දෙපාර්තමේන්තු  මගින් අපක්ෂපාති  විභාග පවත්වන්නේ  ඇයි ?.

🔴🔴උපාධි  පාඨමාලා  සඳහා  මුදල් අය කිරීමට අවසර දී ඇත. මෙ මගින් ධනපතියන්ට ප්‍රවේශයට  පාර කපාගෙන ඇත්තේ ය. සැබෑ දක්ෂ දුප්පත්  දරුවන්ට අධ්‍යාපනයේ දොරටු වැසි යන්නේ මෙලෙසිනි.

🔴🔴1978 අංක  16 දරන විශ්වවිද්‍යාල  පනතේ 128 ට පටහැනිව මෙන් ම  " තත්කාර්ය  සඳහා  සාධන ලද යම් ප්‍රඥප්තීන්ට  අනුකූලව  එම විභාග සමත් වි ඇති........" මෙයින් සිදු කර ඇත්තේ  කුරුබිලියෙන් ඇතුළත්  වුවත් අදක්ෂයන් තව දුරටත්  අදක්ෂයන්  වුවහොත් සමත් කරවීමේ බලය ක්‍රියාත්මක  කිරීම.


🔴🔴ව්‍යාජ උගතුන් සමාජ  ගතකිරීමට දරන උත්සහයකි. මෙය සැබෑ දක්ෂ උගතුන්ට කරනා අසාධාරණයකි.

🔴🔴මෙ තවත් අරුම පුදුම බලයකි. ඒ ඒ  කාලයට අනුමත කරන නීති අනුව  පාලක මණ්ඩලය අනුමත කරනු ලබන අයට " ගෞරව උපාධි  හා ශාස්ත්‍රීය විශිෂ්ටතා "  පිරිනැමීමේ බලය ඇත. අධ්‍යාපනය මුදලාලි කෙනෙකු සතු මෙ තවත් අරුම පුදුම බලයකි. ඒ ඒ  කාලයට අනුමත කරන නීති අනුව  පාලක මණ්ඩලය අනුමත කරනු ලබන අයට " ගෞරව උපාධි  හා ශාස්ත්‍රීය විශිෂ්ටතා "  පිරිනැමීමේ බලය ඇත. අධ්‍යාපනය මුදලාලි කෙනෙකු සතු භාණ්ඩයක් බවට පත් කර ඇත. 

🔴🔴ශීක්ෂණ රෝහල්  ,පුස්තකාල ,වෛද්‍ය  හා රසායනාගාර  පවත්වාගෙන  යෑමටත් අභිමත පරිදි ගොඩනගා  ගැනීමටත් බලය දි ඇත. සයිටම් මුදලාලිගේ වැනි තවත්  ක්‍රියාවලියකි.


🔴🔴අවශ්‍ය  පරිදි  මැෂිමකින් පොම්ප කරන්නා සේ  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ,මහාචාර්ය ,සහය මහාචාර්ය , ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය , කථිකාචාර්ය  වැනි අධ්‍යයන හා අනධ්‍යයන තනතුරු  බිහි කිරීමේ බලයත් දී ඇත. උගතුන්ට යන කල මින් හොඳින්  පැහැදිළි ය.

🔴🔴විශ්වවිද්‍යාලයට අවශ්‍ය  පීඨ ,මණ්ඩප, විද්‍යාල ,අධ්‍යයනාංශ  ,මධ්‍යස්ථාන  ආදී   ආයතන ද අභිමත පරිදි පිහිටු වීමේ  බලයක් දි ඇත.

🔴🔴දේශීය  - විදේශීය  විශ්වවිද්‍යාල  සමග  ශිෂ්‍යන් ,කථිකාචාර්යවරුන් ,ශාස්ත්‍රධරයන්   හුවමාරු  කර ගන්නට  ද බලය දි ඇත. තවත් ටියුෂන්  විශ්වවිද්‍යාලයක් කර ඇත.

🔴🔴දේශීය  - විදේශීය   ත්‍යාග, මුදල් , දීමනා   හා පරිත්‍යාග  ලබා ගැනීමට ද අවස්ථාව  දි ඇත. මෙ මගින්  මුදල් රැස්කර ගැනීමට  ණය ගැනීම ද බලයක් දෙයි. විශ්වවිද්‍යාල  මුදල්  ආයෝජනය කරන්න  ද ඉඩ දී ඇත. එක එල්ලේ ම පෞද්ගලික  බැංකුවක්  ,සමාගමක් බඳු ව්‍යාපාරයක් බවට පත් කර ඇත. කොටින් ම කිව හොත් අධ්‍යාපනය  විකුණන්නට මුළුමනින් ම ඉඩ දී ඇත. මේ සියල්ල  සිදු කර අපට බලා සිටින්න යැයි පවසයි.


🔴🔴අධ්‍යාපන  ඇමතිට ම අයත් යැයි කිව නොහැකිය. 

🔴🔴ඇමතිවරයාට අවශ්‍යයැයි සිතෙන කරුණු ඉටු කර ගැනීමට   ලිඛිත විධානයකින්  පාලක මණ්ඩලයට  බලපෑම් කළ හැකිය.

 🔴🔴මෙහිදි දේශපාලනීකරණය  වු ගුරු - සිසු ඇතුළත්   කිරීම් පමණක්  නොව  උපාධි  තත්ත්වයන් හා ආචාර්ය ,මහාචාර්ය  ,කථිකාචාර්ය  තත්ත්වයන්  ලබාදීම සම්බන්ධව  ද බලපෑම් කළ නොහැකි යැයි කාට කිව හැකි ද?.

🔴🔴 විශ්වවිද්‍යාලයට අනුබද්ධිත  ආයතන තීරණය  කිරීමේ බලයක් ද නැතුවා නොවේ. 

🔴🔴ඇමතිවරයා ගන්නා තිරණ  මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමක් මිසක් අනුමත කරගැනීමක් අවශ්‍ය වන්නේ  නැත.


🔴🔴දුර්දාන්ත පාලකයෙකුගේ තත්ත්වය  ද ගොඩනගා ඇත. විශ්වවිද්‍යාලයක අධ්‍යාපන  ලැබූවෙකුගෙන් කිසිදා යෝජනා නොකෙරෙන යෝජනාවක් ද පවති.එනම් සිසු මර්දන යැයි. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයක් කිසි දින නොලබපු  අයෙකුට  විශ්වවිද්‍යාල  අධ්‍යාපනය   කෙරෙහි පවතින ඓන්ද්‍රීය බද්ධ  වෛරයක් පෙන්නුම්  කරයි. 

 🔴🔴 සිසු මර්දනයට  අමාත්‍යවරයාට දි ඇති බලය දක්වා ඇති අයුරු.             "  තත්ත්වය  පාලනය කිරීම සඳහා  අවශ්‍ය  විය හැකි යැයි  ඔහු විසින් සලකනු ලබන  සියලු පියවර......"

🔴🔴කුලපති පත්කිරීම් හා නිලධරයන් ගැන  ගැන සඳහන්  කරයි.

🔴🔴වසර 5 සඳහා  ජනාධිපති  පත්කරයි.  අනිකුත් නිලධරයන්  ... *උප කුලපති

🔴🔴මණ්ඩපවල ප්‍රදානීන් ,


🔴🔴නියෝජ්‍ය උප කුලපතිවරයා (  ආරක්ෂක  හා පරිපාලන )  *නියෝජ්‍ය උප කුලපතිවරයා ,( ශාස්ත්‍රීය )  

🔴🔴සෑම පීඨයකට ම පීඨාධිපතිවරුන්, *මූලස්ථාන  බල ඇණියේ  සේනාංකයේ  අණ දෙන නිලධාරියා,

🔴🔴සහයක නිලධරයා , *ලේඛකාධිකාරීවරයා , *පුස්තකාලයාධිපතිවරයා,

🔴🔴මූල්‍යාධිකාරීවරයා.

🔴🔴මෙහි වැදගත් කරුණ වන්නේ  ජනාධිපති  පත් කරන උප කුලපති සන්නද්ධ  හමුදා නිලධාරියෙකු ම විය යුතුය . 

🔴🔴අධ්‍යාපනයක් ලබා දෙන තැනක  පාලනය කළ යුතු වන්නේ ආධ්‍යාපනික වශයෙන්  ශික්ෂණයක්  ලැබූවන් ය. එසේ නොවේ නම් පාසල් වලට ද හමුදා  නිලධාරින් පත් කළ හැකිය. හමුදා  විනය බෙහෙවින් කායික ශික්ෂණයට ප්‍රමුඛතාව ලබන්නකි. ආධ්‍යාපනික ශික්ෂණය  මාසිකව හා චෛතසිකව ලබන්නකි. මෙය නිවැරදි ව හඳුනා ගත යුතුය . 

🔴🔴මෙය ද ත්‍රිවිධ  හමුදාවට පිළිවෙළින්  ලබා දෙන්නකි.

 🔴🔴ජනාධිපති  හට උප කුලපති ඉවත් කළ හැකිය . ඒ අන්තර් කාලය තුළ  නියෝජ්‍ය උප කුලපතිවර⁣යා  වැඩ බැලිය යුතු  වෙයි. 


( මෙහි සිංහල  ද සදොස් ය. කුලපතිට උප කුලපතිවරයකු සිටි විට නැවත නියොජ්‍ය උප කුලපතිවරයෙකු සිටිය නොහැකිය . මන්ද. උප සහ නියෝජ්‍ය හෙළ හා මිශ්‍ර භාෂා  වෙනස මිස  අරුත එකක් ම ය.)

🔴🔴සන්නද්ධ  හමුදාවල ජ්‍යෙෂ්ඨ  නිලධාරීහු  ද  උසස්  තනතුරු  ලාභිහු ම ය.

🔴🔴සහයක නිලධාරීහු   ද යුද හමුදා  නිලධාරීහු ම වෙති.විශ්වවිද්‍යාලයේ විනය පාලනය සම්බන්ධව  මොහු වග කියති. 

🔴🔴 මුළුමනින් ම   මිලිටරිකරණයක් ම බැව් පහැදිළිය. හමුදා  කඳවුරක් තුළ මෙම වෘත්තීය  පුහුණුව  ප්‍රගුණ  කර ගත්තේ නම් කෙතරම් නම් අගේ ද .



✒️ බෝසෙත් කළහේපතිරණ  මහතා ලියු ලිපි පෙළක් ඇසුරෙන් නිර්මාණාත්මකව සකස් කරන ලදි.


 

No comments:

Post a Comment