Tuesday 31 May 2022

දුමින්ද..

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජනාධිපති සමාව අත් හිටූවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා යන අය මීට මාස කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයද ලබා දුන්නා. කෙසේවෙතත් ඔහු මේ වන විට විදෙස්ගත වී ඇති බවයි වාර්තා වන්නේ

Monday 30 May 2022

ලංකාවට උපදෙස් දෙන්න මිලියන 5.6 ගෙවීමක්

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික
අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන ආකාරයට එම ආයතනය විසින් පසුගිය වසර හතක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) එහි ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව හත් වතාවක් පහළට හෙළා ඇති බවයි. මෙහි ඇති විශේෂත්වය නම් එලෙස පහත වැටුණු අවස්ථාවලින් 5ක්ම 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු කර තිබීමයි. කෙසේවෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් සියල්ලම ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට සමත් වී තිබෙනවා. නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින මෙම බරපතල ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව හැර මෙරට පිහිටට සිටින එකම පාර්ශවය බවට පත්ව ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලයි. IMF සමග අවසාන වශයෙන් පසුගිය මැයි 12 වැනිදා නව මුදල් ඇමතිවරයා ලෙස පත් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා මේසයට වාඩි වූ අතර ඊට පසු දින එහි ප්‍රගති වාර්තාව කරමින් ඒ මහතා බ්ලුම්බර්ග් පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සදහන් කළේ කරන ලද්දේ එළඹෙන ජූනි මාසය මැද වන විට IMF වෙතින් ණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. ඊට හේතුව එදිනම ඉන්දියාවේ NDTV ආයතනයට අදහස් දක්වමින් IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝරිජියෝවා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් පිලිබදව පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු පමණක් ශ්‍රී ලංකාවට සහය ලබා දීමට සූදානම් බවයි. ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් මාසයේ IMF සමග නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කරන අවස්ථාවේදී ද බලාපොරොත්තු වූයේ පවතින ආර්ථික අර්බුදයට තාවකාලික විසඳුමක් ලෙස ඉතාම කෙටි කාලයක් ඇතුළත IMF විසින් ඩොලර් මිලියන 1000කට ආසන්න ‘වේගවත් ණය පහසුකමක්’ (RCF) මෙරටට ලබාගත හැකි වනු ඇති බවයි. එහෙත් IMF කොන්දේසි විසින් ආරම්භයේ දී ම එම අපේක්ෂාව බිද දමනු ලැබුවා. ඇත්තෙන්ම ඊට බලපා ඇති ප්‍රධානම කරුණ වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානම විදේශීය පාර්ශවය විසින් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අනුමැතිය ලබා නොදීමයි. ශ්‍රී ලංකාවේ සමස්ත විදේශීය ණය ප්‍රමාණයෙන් 12%කට වඩා වැඩි කොටසකට හිමිකම් කියන්නේ චීනයයි. මෙහිදී සිය ණය ගෙවීම් කල් දමමින් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය අනිවාර්යයෙන් එකග විය යුතු බවයි. මෙලෙස චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර දෙන ලෙස මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍යවරයාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළ නමුත් හෙතෙම ඊට එකගතාවයක් දක්වනු ලැබුවේ නැහැ. කෙසේවෙතත් ශ්‍ර්‍රී ලංකාව අපේක්ෂා කරන තරම් ඉක්මණින් IMF වෙතින් සහය නොලැබෙන බව නොරහසක්. මේ වන විට IMF ණය වැඩසටහනට අවශ්‍ය වැදගත්ම කොන්දේසිය සපිරීමේ කාර්‍යභාරයද ශ්‍රී ලංකාව විසින් ආරම්භ කර තිබෙනවා. ඒ සිය ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. ඒ වෙනුවෙන් අවශ්‍ය බලයලත් විදේශීය ආයතන දෙකක් තෝරා ගැනීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අවසර ලබා දුන්නා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත්ව තිබූ අයදුම්පත් 51 අතුරින් අන්තර්ජාතික මූල්‍ය උපදේශක සේවාව වෙනුවෙන් ප්‍රංශයේ M/s Lazard ආයතනයද, නීති උපදේශක සේවාව සඳහා M/s Cliford Chance LLP ආයතනයද තෝරා ගෙන තිබෙනවා. අදාළ කාර්‍යභාරය වෙනුවෙන් මෙම උපදේශන සමාගම් වෙනුවෙන් ගෙවීමට නියමිත ගාස්තුව ඩොලර් මිලියන 5.6ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සමාගම් විසින් සිදු කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු සමාගම්, පුද්ගලයන් සහ රටවල් ණය වෙනුවෙන්, අඩු පොලී අනුපාත සාකච්ඡාව කිරීම වැනි ඔවුන්ගේ පවතින ණය පැහැර හැරීමේ අවදානම වළක්වා ගැනීම සදහා භාවිතා කරන ක්‍රියාවලියයි. Clifford Chance යනු ඒ වෙනුවෙන් ලොව සිටින ඉහළම පෙළේ නීති උපදේශකයකු වන අතර එය ලොව ප්‍රධාන උපදේශන සමාගම් 100 අතර 10 වැනි ස්ථානයේ පසුවන්නකි. ලොව විශාලතම ස්වාධීන ආයෝජන බැංකුව වන Lazard ආයතනය මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ රටවල් 25ක් පුරා නගර 40කට වඩා ගණන් එක ක්‍රියාත්මක ශතක එක හමාරකට වඩා වැඩි අත්දැකීම් සහිත මූල්‍ය උපදේශකයෙකි. ඒ අනුව බැලූ බැල්මටම ශ්‍රී ලංකාව තමන් විසින් ගෙවීමට සූදානම් වන විශාල පිරිවැයට සරිලන උපදේශන සමාගම් දෙකක් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් තෝරාගෙන ඇති අතර දැන් කළ යුතුව ඇත්තේ ඒ වෙනුවෙන් අවශ්‍ය කෙරෙන සියලුම පහසුකම් අදාල ආයතන වෙත ලබා දෙමින් ක්‍රියාවලිය මනාව සම්බන්ධීකරණය කිරීමයි.

තවත් ගෝල් ෆේස් තරුණයෙක් atha

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න මහතාව මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මතයි. අද (30) පස්වරුවේ රතිදු ඇතුළු පිරිසක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසියට කැඳවා තිබුණා.
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. ‘රැට්ටා’ නොහොත් රතිදු සුරම්‍ය සේනාරත්න ගාලු මුවදොර අසළ පැවැත්වෙන ගෝඨාගෝගම විරෝධතා ස්ථානයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙක්. වර්තමාන රජයට එරෙහිව පැවති විරෝධතා රැසකට ඔහු ක්‍රියාකාරී ලෙස සහභාගී වුණා.

දරුවන් වෙනුවෙන් ජීවන් නැවතත් පෙරමුණ ගනී.

ජනකාන්ත සිනමා රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මැතිතුමා දරුවන් වෙනුවෙන්නැවතත් සමාජ සේවාකටයුතු වලටඑකතුවමින් සිටිනබව වාර්තා වේ.
එතුමාට පසුගියදිනකදී කැස්බැව මැතිවරණ කොඨාශයේ "සැමට අධ්‍යාපනය" වැඩ සටහන යටතේ වාර්ෂික ශිෂ්‍යධාර බෙදා දෙන ලදී.
j5pVqq3lL2zyNge11yr8RauWubKaABT7ptWQON7Kpdys0tIIq6q5T1r0002FSSdtjxe9BMA90H0FjtH7WN7K57fdM_MVW98zneltsz5o1ztGujtmH4kJ4nj-BdPKMolBcUBJkMkeTs9gEre3GgEOeFlhB9p-VlHwmcHinq2ySNfYp5gz8mYFF/s707/Screenshot_2022_0530_170947.png" style="display: block; padding: 1em 0; text-align: center; ">
මේ අවස්ථාව සදහා හිටපු අමාත්‍ය ප්‍රියංගනී අබේදීර මැතිණිය හා ප්‍රකට සමාජ ක්‍රියාකාරීනියක වන නේත්‍රාන්ජලි ලියනගේ මැතිණිය සහබාගි වි සිටියහ.

Thursday 19 May 2022

නිපුණ රණවකගේ පැමිණිල්ලේ චුදිතයෝ වෙල්ගම, රනිල්, සජිත්, අනුර, ඩලස් අතර

2022 - 05 - 09 දින "ගෝටාගෝගම" හා " මයිනාගෝගම" ට එල්ල වු මිලේජ්ජ ප්‍රහාරයට එරෙහිව දෙනියායේ ජනතාව විසින් සිදුකල විරෝධතාවයට පුද්ගලයන් 13 දෙනකු 2022 -05 -18 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කරන ලදී. මෙහිදී පැමිණිකාර පාර්ශවය වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා විසින් whats app මාර්ගයෙන් පැමිල්ල දෙනියාය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම අත්අඩංගුවට ගත් 13 දෙනා අතර එක්සත් ජාතික පක්ෂයේ සිවු දෙනෙක්, සමගි ජනබලවේගයේ දෙදෙනෙක් , නව ලංකා නිදහස් පක්ෂයේ තිදෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ එක් අයකු හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තිදෙනකු වෙයි. ඔවුන් දේශපාලන භේදයකින් තොරව මේ සදහා නායකත්වය ලබා දි ඇති බව වාර්තා වේ.

Monday 9 May 2022

කුමාර වෙල්ගම සුවයෙන් සිටියි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගමන්ගත් රථයට කොට්ටාව ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ප්‍රහාරයෙන් කුමාර වෙල්ගම මහතාද සුළු තුවාල ලැබූ නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ. මේ වන විට ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කෙසේවෙතත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යන්නේ අදාළ සිදුවීමෙන් කුමාර වෙල්ගම මහතාව ගිනි තබා ඝාතනය කර ඇති බවයි. එම පුවත සම්පූර්ණ අසත්‍යක් වන අතර සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්වන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

මහින්දගේ අයට ගහන්න එපා, පොලිස්පති පොලිස් නිලදාරීන්ට උපදෙස් දෙයි

ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ වර්තමාන රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවල නිරත වන පුද්ගලයන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහර දී ඇත්තේ පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ අනුග්‍රහයෙන් බවට විශ්වාසදායී තොරතුරු වාර්තා වේ.
පොලිස්පතිවරයා පොලිස් නිලදාරීන්ට උපදෙස් දී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස යි.

Sunday 1 May 2022

දකුණෙන් සල්ලි කෝටි ගණන් පිල්ලි ගැසූ අය

දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් සඳහා වැසිකිළි ඉදි කරගැනීමට රුපියල් 17,152,000ක මුදලක් වියදම් කර තිබෙනවා. ජාතික විගණන කාර්යාලය පවසන්නේ ඉන් සම්පුර්ණ වැසිකිළි ඉදිකර අවසන්කොට තිබි ඇත්තේ ප්‍රතිලාභින් 27 දෙනෙකු පමණක් බවයි.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් 2020 වර්ෂයේ දි දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් සඳහා මෙම මුදල් වෙන් කර තිබෙනවා. ප්‍රතිලාභ පවුල් 206කට පමණයි ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන සදහා මෙම වැසිකිළි ව්‍යාපෘතිය වෙනුවෙන් 2020 වර්ෂයේ දී රුපියල් 17,152,000ක මුදලක් වියදම් කොට තිබුණා. එහෙත් ඉන් ප්‍රතිලාභ ලැබි ඇත්තේ පවුල් 206 දෙනෙකු සදහා පමණක් බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ. එමෙන්ම 2019 වර්ෂයේ දී වැසිකිළි පහසුකම් නොමැති පවුල් 493ක් සඳහා රුපියල් 7,888,000ක මුදලක් ලබාදී තිබුනද, වැසිකිළි ඉදිකිරිම් වැඩ අවසන් කොට තිබුණේ එක් ප්‍රතිලාභියෙක් පමණක් බවද විගණන කාර්යාලය පෙන්වා දෙනවා. අපේක්ෂිත ප්‍රථිපල ඉටුවී නෑ
මේ අනුව මෙකී ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභින් සදහා ගෙවා ඇති මුදලින් අපේක්ෂිත ප්‍රථිපල ඉටුවි නොමැති බවද විගණන කාර්යාලය ප්‍රකාශ කරනවා. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් දකුණු පළාතේ වැසිකිළි පහසුකම් නොමැති පවුල් ඒකක 11,246ක සංඛ්‍යාවකින් පවුල් 600ක් සදහා වැසිකිළි ඉදිකිරිම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය අරම්භ කර තිබුණා. මෙම ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලැබි ඇත්තේ 2019.05.24 දින වන අතර 2019 වර්ෂයේ ජුනි මස මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව මේ පිළිබද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සදහන් කර තිබෙනවා.
ග්‍රාමිය වැසිකිළි ඉදිකිරීම සදහා අනුමත වු රුපියල් මිලියන 28ක මුදලින් ප්‍රතිලාභින් 700 දෙනෙකු සඳහා අයදුම්පත් නිකුත්කළ බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට ප්‍රකාශ කර තිබෙන බව සඳහන්. රටේ පැවති මැතිවරණ වාතාවරණය නිසා මැතිවරණ කොමසාරිස්ගේ 2019.09.28 වැනිදින දිනැති ලිපිය මගින් තාවකාලිකව ව්‍යාපෘතිය නතර තරන ලෙස දැනුම් දීම නිසා අදාල ප්‍රගතිය ලඟා කරගැනිමට නොහැකිවු බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා සදහන් කර තිබෙනවා.