Friday 17 March 2023

" මට පෙර රට " අරගලත් සමග ජනගත වෙයි

නව ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිදානය " මට පෙර රට " සංවිධානය පිහිටුවීම අද දින නව ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී සිදු කෙරුණා.
ඒ සදහා ආරාධිත දේශනය හිටපු ජනාධිපතිණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය විසින් සිදුකල කල අතර පාර්ලිමේන්තුමන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා ද දේශනායක් පැවැත් වූ අතර ගෝල්ෆේස් අරගලබිමේ ක්‍රියාකාරීන් වන දනිෂ් අලි, පියත් නිකේෂල, මහිල් බණ්ඩාර යන තරුණ ක්‍රියාකාරීන් ඇතුළු රටපුරා පැමිණි තරුණ ක්‍රියාකාරිකයන් රැසක්
හා නීතිඥ සේනාල් වෙල්ගම , නීතිඥ භාද්රක මනමේන්ද්‍ර සිවිල් ක්‍රියාකාරීකයින් වන සාගර සුරේන් එදිරිවීර, නිසල් මල්ලවාරච්චි, තේජිත එදිරිසිංහ, ප්‍රවීන් බණ්ඩාරනායක, ප්‍රවීණ ලේඛක තරිඳු තොටවත්ත , විශ්ව විද්‍යාල කථිකාචාර්ය නෙත්රන්ජලි ලියනගේ ඇතුළු විශාල තරුණ පිරිසක් සහබාගි විය.

Thursday 16 March 2023

කළුතර ප්‍රාදේශීය සභා මැතිවරණය අධිකරණය නවත්වයි.

කළුතර ප්‍රාදේශීය සභාවට අදාළව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. නව ලංකා නිදහස් පක්ෂය විසින් ගොනු කර ඇති රිට් පෙත්සමක අවසන් තීන්දුව ලැබෙන තෙක් මෙම නියෝගය බලපැවැත්වේ. කළුතර ප්‍රාදේශීය සභාව සඳහා නව ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් තිලක් වරාගොඩ සහ එහි කළුතර බලයලත් නියෝජිත සෙනාල් වෙල්ගම මෙම පෙත්සම ගොනු කළා. පෙත්සම්කරුවන් විසින් මැතිවරණ කොමිසම සහ තවත් පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
වගඋත්තරකාර මැතිවරණ කොමිසමට සති දෙකක් ඇතුළත විරෝධතා ඇත්නම් සහ පෙත්සම්කරුවන්ට සති දෙකකට පසුව ප්‍රති දිවුරුම් ප්‍රකාශය ගොනු කළ යුතුය. පෙත්සම මැයි මස 12 වැනි දිනට කැඳවීමට නියම කෙරිණි. ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් අනුරාධ වේරගොඩ මහතාගේ උපදෙස් මත ආශික් හසීම් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය. මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ දර්ශන වේරදූවගේ මහතා පෙනී සිටියේය.(ලක්මාල් සූරියගොඩ)

Sunday 12 March 2023

"System change කියන්නේ ප්‍රථමික අධ්‍යාපනයේ සංවර්ධනයයි " කථිකාචාර්ය නේත්‍රාන්ජලි

System change එකක්‌ වෙන්න නම් පුර්ව ළමා විය මධ්‍යස්ථාන දියුණු විය යුතු බවත්, ඒම පුර්ව ළමා විය මධ්‍යස්ථාන වල අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් නිසි සුදුසුකම් සපුරා දරුවන් වෙනුවෙන් තම දැනුම ලබා දිය යුතු බවත් නවලංකා නිදහස් පක්ෂයේ කැස්බැව ආසනයේ ප්‍රධාන සංවිධායක නේත්‍රාන්ජලි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළහ.
එතුමිය මේ අදහස් ප්‍රකාශ කලේ කැස්බැව ප්‍රදේශයේ තිබුණු පෙර පාසල් විවිධ ප්‍රසංගයක් අමතමින්ය.
මෙම උත්සවය සදහා නවලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කොළඹ දිස්ත්‍රික් නායක ප්‍රවීණ රංගධර ගරැ ජීවන් කුමාරතුංග මැතිතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය

Tuesday 7 March 2023

විදුලි බිලට එරෙහි වූ දෙනියාය ජනතාව

වැඩි කරපු විදුලි බිලට විරෝධය පා දෙනියාය තැනිපිට මැතිවරණ කොට්ටාශයේ පැවති විරෝධතාවය
මෙය නව ලංකා නිදහස් පක්ෂයේ දෙනියායේ ආසන සංවිදායක සාගර සුරේන් එදිරිවීර ප්‍රමුඛ දෙනියාය ආසන බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු අතර නව ලංකා නිදහස් පක්ෂයේ කොටපොළ ප්‍රාදේශීය සභාවට නව ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන ආර්. සුබ්‍රමනියම්, අනුර ගමගේ, චන්ද්‍රිකා, සුනීල් යන අපේක්ෂක අපේක්ෂිකාවෝ හා තැනිපිට මැතිවරණ කොට්ටාශයේ නව ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් රැසක් සහබාගි විය.