Monday 28 December 2020

දේශිය ආයුර්වේදයේ ඇත්ත හා ධම්මික පැණියේ බොරුව - වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ

 



ඇමතිකම කරන්න දෙන්නේ නැත්නම් මම යනවා - බන්දුල ගුණවර්ධන

 

මම වෙලඳ ඇමතිවුනාට ආර්ථික මධ්‍යස්ථාන මට නෑ..

වෙලඳ ඇමති සතු විය යුතු විෂයන් ගොඩක් මගෙන් අයින් කරලා..

       නායකයන්ට ආවතේව කරන අපේ ලොවේ හිරුත් ඔබයි,සඳුත් ඔබයි කියලා ප්‍රශස්ති කියන වලල්ලක් තියෙනවා....

    ඒ වලල්ලෙන් පිට ඉන්න ඇමතිවරු හැමෝටම මේ ප්‍රශ්න තියෙනවා...

        ඒත් ,

ඒ අය හුඟ දෙනෙක් තමුන්ගෙ ඇමතිකම නැතිවෙයි කියන බයට මේවා එකක්වත් කථා කරන්නෙ නෑ!

       - වෙලඳ ඇමති  බන්ධුල ගුනවර්ධන  

      ( ඉරිදා ලංකාදීප )

              

         අසීමීත  බලයක් එක් පුදගලයකු මත ගොනු කරගන්නා  ඒකාධිපති අශිෂ්ට  20 වන ශංශෝදනය තුනෙන් දෙකෙන්  සම්මත කරන්න අත් උස්සන ආණ්ඩු පක්ෂයෙ  අයටම තමා මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී 20 ශංශෝදනයේ අහිතකර  ප්‍රතිවිපාක  වලට මුලින්ම මුහුන දෙන්නෙ වෙන්නෙ කියලා එදා 20 ශංශෝදනය සම්මත කරන දින පාර්ලිමේන්තු විවාදයේදී ජවිපෙ නායක අනුර දිසානායක   කිවූ දෙශපාලන අනාවැකි ඉතාම ඉක්මනින්ම යථාර්ථයක්  වෙලා නේද ????

Saturday 26 December 2020

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අධිකරණයේ බලපැම ඇත්ත කථා කරයි



 

හිටපු ජනාධිපතිගේන් කෝවිඩ් මරණ ගැන මතයක්



 

රන්ජන් හා පියුමිගේ විවාහයේ ලස්සන පින්තූර ටික

 වේ ඉන්න දක්ෂ නිරුපන ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ.ඒ වගේම රන්ජන් රාමනායක කියන්නේ මේ රටේ සිටින දක්ෂතම රංගන ශිල්පියෙක්.ඒ වගේම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වෙනවා.රන්ජන් සහ පියුමි කියන්නේ හොඳ යහළුවන්.ඉතින් විශේෂයෙන්ම පියුමි කියන්නේ සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක්.කාලෙන් කාලෙට විවධ ප්‍රසිද්දියන් ලබා ගන්නා ඇය ගැන බොහෝ අය හොඳ කියනවා වගේම බැන වැදුම් පවා ඇයට ලැබෙනවා.ඒ සියල්ල ඇයට නම් නුහුරු දෙයක් නෙවෙයි.මොකද ඒ සියල්ලටම ඇය හොඳින් මුහුණ දෙන නිසා.ලස්සන රූප සම්පත්තියකින් යුක්ත වෙන ඇය සැමවිටම සිටින්නේ විදේශ ජාතිකයන් ජිවත් වෙන අකාරයටයි,ඇඳුම් පැළඳුම් අඳින ලෙස ගත්තත් ඉතාමත් විවෘත්ත ලෙස ඇය හැඳ පැළඳ සිටීමට ආශාවක් දක්වනවා.ඉතින් පියුමි හංසමාලි ගැනත් රන්ජන් රාමනායක ගැනත් මේ දවස්වල කතා බහට ලක්වෙන ප්‍රධානතම හේතුව තමයි ඔවුන් දෙදෙනා විවාහ වෙන මංගල යුවලක් විදිහට හැඩ වැඩ වී සිටින නිසා.ඉතින් කොහොම වුනත් ඒ චායරුප වල දකින්නට ලැබුනේ ඔවුන් දෙදෙනා ඉතාමාත් අලංකාරව හැඩවැඩ වෙලා ඉන්න ආකාරයි.අපි හිතුව ඒ සොඳුරු විවාහයේ චායාරුප ඔයාලටත් ගෙන එන්න.




Friday 25 December 2020

ඩෑන් ප්‍රයසාද් ට පොලිසියෙන්......


මෘත දේහ භූමදානයට ඉඩ දෙනවා ද..? සජිත් සමග වාදයට ආ ඩෑන් ප‍්‍රියසාද් පොලීසිය හරවා යවයි..!

මෘත දේහ භූමදානයට ඉඩ දෙනවා ද..?

සජිත් සමග වාදයට ආ ඩෑන් ප‍්‍රියසාද් පොලීසිය හරවා යවයි..!

සජිත් මහට්ඨ්තය ඔබ එක්ක වාදයකට එන්න තරම් ඔබ කවුද? ඩෑන්  ප්‍රියසාද්.සජිත් මේ රටේ ඉන්න දේශපාල පක්ෂ වල ප්‍රබලයින්ට ආරාධනා කළා විවාදෙකට එන්න කියල.

මිට අමතරව මහමැතිවරණය සමයේ සජිත් කීපවරක්ම අභියෝග කළා මහින්ද රාජපක්ෂට ආර්ථිකය පිළිබඳව විවාදයකට එන ලෙස.අද වෙනතුරුත් මහින්ද එය ඇහුනේ නැතුව වගේ ඉන්නවා.

ඊයේ  බොරැල්ලේ පැවති  උද්ඝෝෂණයේදී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැවසුවේ  රට අවුල් ජාලාවකට පත් නොකර කොරෝනා මල සිරුරු භුමිදානයට ඉඩදිය හැකිද යන්න  දැනටත් පත්කර ඇති 05 දෙනෙකුගෙන් යුත් කමිටුවේ තීන්දුව අනුව හෝ තවත්  කමිටුවක් පත්කර හෝ ඉක්මනින්ම එම වාර්තාව ලබාගෙන මේ ගැන තීන්දුවක් ගන්නා  ලෙසයි.මිත්‍යා මත වල එල්බ නොගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට වෛද්‍ය  ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ මතය අනුව ඉක්මනින් මේ සඳහා තීරණයක් ලබා දෙන ලෙස  සජිත් මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අලුත් තනතුරු පක්ෂය රටේ ඉහලට ගෙන සැලසුමක



සජිත් ප්‍රේමදාස නායකත්වය දරන 'සමගි ජන බලවේගයේ' ව්‍යවස්ථාව

එම පක්ෂයේ අන්තර්කාලින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමතකර ඇත. ඒ පසුගිය සෙනසුරාදා බණ්ඩාරවෙල හෝටලයේ පැවති විශේෂ රැස්වීමකදීය.

එම ව්‍යවස්ථාවට අනුව පක්ෂනායක තනතුරක් ස්ථාපිතකර ඇති අතර නියෝජ්‍ය නායක හෝ උප නායක තනතුරු හෝ වෙනත් කිසිඳු අනු නායක තනතුරු ඇති කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලු දෙනාම එකහෙළා විරෝධය පළකර ඇත. එම ව්‍යවස්ථාවට අනුව සෑම වසරකදීම විධායක සභාව විසින් පක්ෂ නායකයා තෝරාගනු ලබයි.  

එම ව්‍යවස්ථාවට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා ලෙස පත්කිරීමට නියමිතය.

පක්ෂය සඳහා සභාපති තනතුරක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කිරීමට නියමිතය.

එකී ව්‍යවස්ථාවට අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු 06ක් වන අතර උප සභාපතිවරු තනතුරු 05ක් ද ස්ථාපිත කර ඇත.

********************************************************************************** 

අප වෙත වාර්තාවන පරිදි කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, චම්පික රණවක, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර් හා සරත් ෆොන්සේකා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී ඇත.

 ***************************************************************

එසේම, රවී සමරවීර, සුජීව සේනසිංහ, අජිත් පි. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර හා රන්ජිත් අලුවිහාරේ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී තිබේ.

පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර යළි පත්කිරීමටත් උප ලේකම් ලෙස  අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා පත් කිරීමටත් යෝජනා වී ඇතැයි වාර්තාවේ. 

 ඇතැම් විට සුජීව සේනසිංහ උප ලේකම් ලෙස පත්කර අශෝක අබේසිංහ උප සභාපතිවරයකු ලෙස පත්කිරීමේ ඉඩක් ඇතැයි ද වාර්තාවේ.

පක්ෂයේ ජාතික සංවිධායක ලෙස යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකයි. භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වී තිබේ.

එඩිතර වෙල්ගම නිවරදි කරයි


 


Thursday 24 December 2020

සිංහල බෞද්ධ කොල්ලෙක් ජාතියටම දිපු ඔවදන

සිංහල බෞද්ධ තරුණයෙක් සාමාජ මාධ්‍යයෙ ලියපු ජාතිවාදි නොවන ධනාත්මක සිතුවිල්ල ඔහුගේ සාමාජ මාධ්‍ය ගිණුමෙන් අප උපුටා ගන්නා ලදි.


🔵අපි සින්හල බෞද්ධ ඉන්නේ සමාන ජනවර්ග දෙකක් ජිවත් වන දෙනියායේ. අපි දෙන්න ලංකාවේ තුල විශේෂයෙන් පිලිගන්න මට්ටමක අධ්‍යාපනය ක් තියනවා. මටයි නෝනයි හොඳටම කතා කරන්න පුලුවන් සින්හල භාෂාව විතරයි. ඉන්ග්රසි භාෂාව ගලපන්න පුලුවන් මට.,

නෝනට පුලුවන්.නිතරම හමුවෙන දමිළ වතුකරයේ ජනතාව, ඒත් දෙමළ භාෂාව කතා කරන්න බැහැ.

🔵ඒත් ඥනම් සුන්දරම් දෙනියායේ වතු නිවාසයක ඉන්න මගේ හිතවතෙක්.සින්හල,දෙමළ,භාෂා දෙකම හොඳ ට කතා කරනවා.ඉන්ග්රසිත් ගලපනවා.

සින්හල අපි මොනවද මේ ඉගෙන ගන්න අධ්‍යාපනය....?

අපේ ළමයින්ට මේ දේ අපි දයාද කරනවද ..?

වෙනස් මගක යනවද..?

🔵දෙමළ මනුස්සයා පන්සල් යනවා.වෙසක් පෝයට වෙසක් කූඩු හදනවා.දන්සලට උදව් කරනවා.

සින්හල දෙමළ අලුත් අවුරුද්ද සමරනවා.

තෛපොංගල් වලට කෝවිලට ගිහින් පුජා තියනවා. ගෙදර කෝලම් රටා ඇදලා ඒ චාරිත්‍ර ටික කරනවා.නත්තල් වලට පල්ලි යනවා.ගිතිකා කියනවා.නත්තල් ගස් හදනවා.

මේ හැම ආගමික චාරිත්‍ර යම කරලා වැරදි අඩුවෙන් කරන් ජිවත් වෙනවා.

_________________

ඒත් සින්හල අපි.......

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

අපෙන් වැරැද්දක් වෙලා තියෙනවා.

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

අපිත් හැමදේම ඉගෙන ගනිමු

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

දරුවන්ට අපි හරි දේ  දෙමු

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

තනියෙන් වෙනස් වෙමු

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

හරි දේ පවතියි

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

සුභ නත්තලක් වේවා❤

සාමය පැතිරේවා❤

සමගිය ඉතිරේවා❤

සජිත් වෙල්ගමගේ ගෝලයාට කිවු රහස

 


සමගි ජන බලවේග ය ගම් මට්ටමින් පක්ෂ යාන්ත්‍රනය ශක්තිමත් කිරිම හා ඦන්දපොල නියොජනය ලේඛන ගත කර ඉදිරියට පැවැත්මට නියමිත පළාත් සභා මැතිවරණයේ දී සමගි ජන බලවේග ය ජයග්‍රහණය කරවිමට ක්‍රියාකාරීන් දැනුවත් කිරීම පුළුල් දේශපාලන කතිකාවතක් ඇති කරමින් පක්ෂය අනුබද්ධිත තරුණ ජවය කාන්තා නියෝජනය ආගමික කටයුතු සොයා බැලීම ජනතා ප්‍රශ්න ජනතාව අතරටම ගොස් සොයා බැලිම සිදුකරන ලදී.

මෙම වැඩ සටහනට පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්කය තෝරා ගන්නා අතර සමගි ජන බලවේග ය නියෝජනය කරන විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහභාගිත්වයෙන් සර්ථකව මෙම කටයුතු සිදු විය...

මෙම අවස්ථාවට නව ලංකා නිදහස් පක්ෂයේ නායක ගරු කුමාර වෙල්ගම මැතිතුමා ද නව ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක කපිල ඉන්දිවර මහතාද සහභාගී විය...

මෙහිදී විපක්ෂ නායකතුමා කපිල ඉන්දිවරට මහතාට  ඉදිරි දේශපාලන කටයුතු සදහා සුභ පැතුම් එක් කලහ.



 


Wednesday 23 December 2020

"ඔය අධිකරණ ඇමතිකම පැත්තකට දාන්න - ජාතියේ අයිතීන් දිනාගන්න අපිත් සමග එන්න" - වෙල්ගම

 


ඔය දරන ඇමතිකම පැත්තකට දමා අපත් සමග ඔබේ ජාතියේ අයිතීන් දිනාගන්න එකතු වෙන ලෙස මේ සිංහල ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතික අධිකරණ අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලා සිටින බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම මහතා එම ඉල්ලීම කරන ලද්දේ අද (23) මුස්ලිම් දේහ භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුරය.

අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා තමන්ගේ ගම් ප්‍රදේශයේ පුද්ගලයකු බවද එහිදී වෙල්ගම මහතා අනාවරණය කරන ලදී.

(0 

Tuesday 22 December 2020

පාසැල් ළමුන්ගේ ඔන්ලයින් පන්තියට අසභ්‍ය වීඩියෝ

 


 

බළන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ ජාතික පාසලක දරුවන් මාර්ගගත ක්‍රමයට (Online) අධ්‍යාපනය ලබන අවස්ථාවේදී දරුවන්ගේ ජංගම දුරකථන වෙත වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන එවා ඇති බව පවසා එම පාසලේ පන්ති භාර ගුරුතුමිය පෙරේදා බළන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

එම ජාතික පාසලේ අදාළ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් 50 දෙනකු එකතු කර වට්ස්ඇප් මගින් කණ්ඩායමක් සකස් කර දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන බවත්, එලෙස උගන්වන අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් එම අසභ්‍ය වීඩියෝ දර්ශන සහ අසභ්‍ය ඡායාරූප එවා ඇති බවට සැක කෙරේ.

දරුවන් පනස් දෙනාගේ සහ ගුරුවරුන්ගේ ජංගම දුරකථනවලට එම දර්ශනය එකම වෙලාවේදී පැමිණ ඇති බවත්, එම පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ දුරකථන විශ්ලේෂණය ලබාගෙන එම අපරාධය සිදුකළ අය හඳුනාගෙන නීතිමය කටයුතු සිදු කිරීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

 756 total views, 756 v

Monday 21 December 2020

මංගලගේ අලුත් සෙල්ලම

 ස' නෙවෙයි ෆේල් - මතවාදය යි ෆේල් - මංගල සමරවීර 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු 'ස ෆේල්' යයි ඇතැමුන් ප්‍රකාශ කලත්,

සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

''රටේ බහුතර ජනතාවට තනි සිංහල - බෞද්ධ ආණ්ඩුවක් හදාගන්න උවමනාවක් තිබුනා. ඒ වෙනුවෙන් ඉහලම ජයග්‍රහණයක් ලබාදුන්නා. එත් එම මතවාදීමය දැක්මේ ආසාර්ථක භාවය වසරක් තුලදී සද්සුදක්සේ ඔප්පුවෙලා තියනවා...'' යයි ඔහු කියා සිටියේ අද (20 ඉරිදා ) මාතර පැවති 'මාතර හමුවට' එක්වෙමිනි.

'මාතර සමාජය' වෙනුවෙන් එම රැස්වීම සංවිධානය කර තිබුනේ මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක, මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසිනි.

එම රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස 'සැබෑ දේශප්‍රේමියෝ' සංවිධානය නියෝජනය කරමින් එක්වූ මාතර හිටපු මන්ත්‍රී මංගල සමරවීර තවදුරටත් මෙසේද පැවසිය.

''මහ ඡන්දය ඉවරවෙලා මාස 4 යි. මුළු මහත් රටම අවුල් ජාලාවක්. 70 ගණන්වලවත් නොතිබුණ ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. වංචා දූෂණ අහසටත් උඩින් ගිහිල්ලා, නීතියේ ආධිපත්‍ය ගිලිහී ගිහිල්ලා, ආයෝජකයන් වෙන රටවලට යනවා, ජාත්‍යන්තරය හුදෙකලා වෙනවා.

 දැන් යන යන තැන කියන්නේ 'සර් ෆේල් කියලා. 

පොහොට්ටුවට ඡන්දය දීපු අයත් කියනවා "සර් ෆේල් කියලා. වොයිස් කට් සාදුලත් කියනවා සර් ෆේල් කියලා. හොර රහසේ මතුර මතුර යනවා. 

විපක්ෂයේ ඉන්න සමහරුන් සර් ෆේල් නිසා ස' ගේ සපත්තු දෙකම දාගෙන සර් ටත් වඩා තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් දැන් ඉඳලම දත් මදිනවා.

නමුත් මිත්‍රවරුණි මම කියනවා 'සර් නෙවෙයි ෆේල්.  සර් නියෝජනය මතවාදය තමයි යළි වතාවක් ෆේල් වෙලා තියෙන්නේ කියලා.

56 සිට රට ආපස්සට ගියා !

වත්මන් දේශපාලන තත්වය තවදුරටත් විග්‍රහ කල මංගල, 1956 බණ්ඩාරනායක යුගයේ සිට මෙම මතවාදීමය ප්‍රෝඩාවෙන් ජනතාව මුලාකරමින් රට අගාදයකට ගෙනගිය ආකාරය පෙන්වා දුන්නේය.

තුනෙන් දෙකක ජනතාවකගේ සහය ලැබුනත් මේ මතවාදයෙන් තවදුරටත් රටට හෝ ජනතාවට සෙතක් නොවනබව පැහැදිලි කල මංගල සමරවීර, තුනෙන් දෙකක බලයක් ලැබුන හැම අවස්ථාවක ම රට විනාශයකරා ගියබව පැවසිය.

''රට යළි ගොඩනැගීමට විකල්ප මතවාදයක් අවශ්‍යයි''

රට යළි ගොඩනැගීමට විකල්ප මතවාදයක අවශතාවය ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර රටවල් යලි ගොඩනැගීම සඳහා 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය' ක් හඳුන්වාදුන් බව පැවසු මංගල, අපට එම මතවාදය අලුත් දෙයක් නොවන බවත් වසර 2500ක් ඉතිහාසයක් ඇති බෞද්ධ දර්ශනයේ හරය ඊටත් වඩා මානුෂික බව පෙන්වා දුන්නේය.

'අද ලෝකයේ ඉතාමත් දියුණු බටහිර රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසේ ක්‍රියාත්මක වන්නේ ලිබරල් ඩිමෝක්‍රසි  දේශපාලන මතවාදය මත...

නමුත් අවුරුදු 2500 ඉස්සෙල්ලා ඔය දර්ශනය ලෝකයට කියා දුන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. බෞද්ධ බහුතරයක් ජීවත්වන අප ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ බෞද්ධ දර්ශනයේ හරය මත පදනම් වූ පාලන ක්‍රමයක්.

මම මේ කතා කරන්නේ ඉන්දියාවේ වගේ හරක් මස් තහනම් කරන්නවත්, මුස්ලිම් රටවල වගේ ඌරුමස් තහනම් කරන්නවත් නෙවෙයි.

මම මේ කතා කරන්නේ මැද පෙරදින වගේ මත්පැන් හල් වහන්න නෙවෙයි.

මම මේ කතා කරන්නේ ගෑණු ළමයින්ගේ කකුල් වහලා ළමා සාරි අන්දන එකවත් නෙවෙයි.

බෞද්ධයන් හැටියට අපි සෑම විටම කියන සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන සිතුවිල්ල වටා නූතනවාදී දේශපාලන ගමනකට  අපි එකතුවෙමු කියලා මම ආරාධනා කරනවා. '' ඔහු වැඩිදුරටත් පැවසිය.

පැණිය නාටකයක් --- නාටකය හැදුනේ මෙහෙමයි.


ධම්මික පැණිය දේශීය වෙදකම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් බවත් ධම්මික බණ්ඩාර එම කුමන්ත්‍රණයේ ඉත්තෙක් පමණක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දවිතාරණ මහතා මේ කුමන්ත්‍රණය මෙහෙයවන්නන් ළඟදීම හෙළිදරව් කරන බව අනාවරණය කරයි.

ධම්මික පැණිය රැවටිල්ලක් බව පෙන්වා දෙන සභාපතිවරයා ඒ මත දේශීය හෙළ වෙදකම හා ආයුර්වේදය බරපතළ අවදානමකට ලක්ව තිබෙන බව ද සදහන් කරයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි වේලාවට තීන්දු නොගත් ආයුර්වේද වෛද්‍ය සභාව වගකීම භාරගත යුතු බව ද හෙන්දවිතාරණ මහතා පෙන්වා දෙයි.

සභාපතිවරයා මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමග නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.


තයිලන්ත හිමිගේ මරණයේ

රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් කෙරෙන මෙරට පොලිස් පරීක්‍ෂණ තායිලන්තයේ පොලිස් කණ්ඩායමක් විසින් නිරීක්‍ෂණය කරනු ලබන බව වාර්තාවේ. 

ජිනවංශ හිමියන් නෙදර්ලන්ත ජාතිකයකු වුවත් ඒ සම්බන්ධ ශ්‍රී ලංකා පොලිසිය කරන පරීක්‍ෂණ නිරීක්‍ෂණය කිරීමට නෙදර්ලන්ත රජය තායිලන්ත පොලිසියට යොමු කර ඇතැයි විමර්ශන භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට කීවේය. 

ඒ නිසා මෙරට කරන ලද පරීක්‍ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙරට පොලිස් කණ්ඩායම් අතර සාකච්ඡා පවා පැවැත්වෙන බව ද එම නිලධාරියා සඳහන් කළේය. 

තායිලන්ත පොලිසිය ජිනවංශ හිමියන්ගේ මරණය පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය කරන විමර්ශන නිරීක්‍ෂණය (MONITOR) කිරීම භාරදී ඇත්තේ ආසියාතික  රටවල සිදුවන මෙවන් බොහොමයක් අබිරහස් මරණවල නිරීක්‍ෂණ කටයුතු තායිලන්ත පොලිසිය විසින් සිදුකරනු ලබන නිසාය.


මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, තායිලන්ත පොලිස් නිලධාරීන් අප සිදු කරන පරීක්‍ෂණ ‘මොනිටර්’ කරනවා මිස විමර්ශනවලට කිසිදු ඇඟිලි ගැසීමක් හෝ බලපෑමක් සිදු නොකරන බවය. 


කෙසේ වෙතත් ජිනවංශ හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් ද නැතහොත් දිවි නසා ගැනීමක් ද යන්නත් මුල් කරගෙන ශ්‍රී  ලංකා පොලිස් කණ්ඩායම් කිහිපයක් ම විමර්ශන කරන බවත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පුද්ගලයෙකු සැකපිට හෝ අත්අඩංගුවට ගෙන නැති බවත් එම නිලධාරියා සඳහන් කළේය. දැනට  බොහොමයක් හෝඩුවාවන් පොලිසිය සතුව ඇති අතර ඒ සෑම හෝඩුවාවක් පසුපසම මෙම පොලිස් කණ්ඩායම් හඹා යන බවත් හෙතෙම කීවේය.


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාගේ අධීක්‍ෂණයෙන් ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් හතරක් මේ පිළිබඳව විමර්ශන කරති.

Sunday 20 December 2020

ශ‍්‍රීලනිපය ආණ්ඩුවේන් එළියට යනවා ජනවාරි මස දින..



ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වේ.

එම පක්ෂයේ ඉහළ නායකයන් මේ වන විට මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති අතර එහිදී ආණ්ඩුව තම කණ්ඩායමට දක්වන නොසැලකිල්ල ට යම් රැඩිකල් ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බවට බහුතරයකගේ කැමැත්තෙන් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු අවසන් නොවීම ඉහත තීරණය ගැනීම ප‍්‍රමාද කිරීමට හේතුවක් වී ඇති බවත් එම කොමිසමේ අවසන් විමර්ශන වාර්තාව අනුව ඉදිරි තීරණ ගැනීමට නියමිත බවත් පැවැසේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ එක්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

– divaina

ඇමසන් ගින්නේ දේශපාලනය

 ඇමේසන් ගින්නේ දේශපාලනය 

මේ  වන විට ලොව සිදුවෙමින් පවතින කාබන් විමෝචනය ගැන සලකා බලන විට ලොවට තවත්  ගස් බිලියන ගණනක් අවශ්‍ය බව විද්‍යාඥ මතයයි. එහෙත් සිදුවන්නේ ආර්ථික  අවශ්‍යතා සඳහා හෝ ජනාවාසකරණය පිණිස හැකි තරම් තුරු ලිය වනසා මහ පොළොව  කෙළින්ම හිරුට නිරාවරණය කිරීමයි. එවිට පොළොව මුඩු වේ. කෘත්‍රිම හේතු නිසා  පොළොව මුඩු වීමෙන් ස්වාභාවික පරිසර පද්ධතියේ තුළිත බව බිඳී යයි.

හිරු තුරු හිස් මත පතිත වන විට තුරුපත්වල ඇති හරිතප්‍රද හිරු රැස්වලින්  ශක්තිය උකහාගෙන වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ කඳ දිගේ ඉහළට නැඟෙන ජලය  උපයෝගී කැර ගනිමින් පත්‍රවලදී ප්‍රභාසංශ්ලේෂණය නම් ජීව-රසායනික  ප්‍රතික්‍රියාව සිදු කරයි. එහි දී කාබන් 1: හයිඩ්‍රජන්2: ඔක්සිජන් 1  අනුපාතය ඇති කාබෝහයිඩ්‍රේට් නම් ද්‍රව්‍ය කාණ්ඩයේ සංයෝග නිපැයේ. සත්ත්වයන්  පරිභෝජනය කරන ඕනෑම ආහාර වර්ගයක මූලික අවස්ථාව සහ සරල සංයුතිය මෙයයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තවත් වැදගත් දෙයක් සිදු වේ. ඒ සියලු ජීවීන්ගේ  ශ්වසනයද ඇතුළත් දහනය නමැති ක්‍රියාවට අවශ්‍ය ඔක්සිජන් වායුව විමෝචනය  කිරීමයි.

ඔක්සිජන් අවශෝෂණය කොට රුධිරගත ආහාර ජීරණය කිරීමේ ක්‍රියාවලිය එක්තරා  ආකාරයක දහනයකි. මේ සඳහා විවිධ සතුන්ගේ සිරුරු තුළ ව්‍යුහයෙන් වෙනස්කම් ඇති  ඉන්ද්‍රිය පිහිටා තිබේ. ක්ෂීරපායීන්ගේ පෙණහල්ල උදාහරණයකි.

පෙණහල්ල වායුගෝලයේ ඇති ඔක්සිජන් උරාගෙන සත්ත්ව ශ්වසන පද්ධතියට අගෝචර  කාබන්ඩයොක්සයිඩ් නම් වායුව පිට කරයි. ගසක් කරන්නේ එහි විලෝමයයි. ඇමේසන්  වනාන්තරය ‘ලෝකයේ පෙණහල්ල’ ලෙස හැඳින්වෙන්නේ මේ විලෝම ක්‍රියාවලිය සිදු කරන  හෙයිනි. ඇමේසන් ලොව ඔක්සිජන් අවශ්‍යතාවෙන් පහෙන් එකක් නිපදවන බව සාමාන්‍ය  පිළිගැනීමයි.

ඉතින්; ‘ලෝකයේ පෙණහල්ල’ ලෙස හැඳින්වෙන ඇමේසන් වනාන්තරයේ දැවැන්ත වෘක්‍ෂ  රාජයන් ආර්ථික අරමුණු උදෙසා පුලුස්සා දැමීම දැකිය හැක්කේ අනාගත ලෝකය මහා  ව්‍යසන උගුලකට හසු කිරීමක් ලෙසින් මිස අන් කවර අයුරකින්ද?

ඇමේසන් ද්‍රොණිය ලෙස හැඳින්වෙන ලොව විශාලතම වියළි කලාපීය වැසි  වනාන්තරයෙන් සෑහෙන කොටසක් බ්‍රසීලය තුළ පිහිටා ඇත. මෙය හෙළි පෙහෙළි  කිරීමෙන් ආර්ථික ආහාර භෝග වගා කිරීම බ්‍රසීලය කලක පටන් කැරගෙන ආවකි. එහෙත් ඒ  ක්‍රියාව මේ වසරේ ජනවාරි පළමුවනදා ජායිර් බොල්සෙනාරෝ ජනාධිපති ධුරයේ වැඩ  භාරගත් පසු ත්වරණය විය. ඔහු කෘෂි ව්‍යපාර ගැන වැඩි විශ්වාසයක් තබන්නෙකි.

📷

සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදීම ඔහු ඒ ගැන අනාවැකි ප්‍රකාශයට පත් කළේය.  වනාන්තරයේ අනීතික ඉඩම් අල්ලා ගැනීමට, පතල් කැණීම්වලට සහ සත්ත්ව පාලනයට  එරෙහිව ඇති දැඩි නීති ලිහිල් කිරීම ඒ අතර වෙයි.

ඇමේසන් වනාන්තරය සුරැකීම ගැන තමාට බලපෑම් කරන සංවිධාන සහ ආයතන ඔහුට  නොරිසිය. බ්‍රසීලය තුළ ඔවුන්ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නට නොඑන්නැයි  ඔහු ලෝක වනසත්ත්ව අරමුදල වැනි සංවිධානවලට සිය විරෝධය නිවේදනය කොට ඇති අතර  ඒවාට රජයෙන් ලබා දෙන පහසුකම් කප්පාදු කොට හෝ අත්හිටුවා තිබේ. ඒවාට තමන්ගේ  එකඟත්වයක් නොමැති බවත් ඉවසා දරා නොසිටින බවත් ඔහු එම නිවේදන මගින් දන්වා  ඇත. එසේම ආදිවාසී ජනයාට ඉඩම් වෙන්කිරීම ගැනද ඔහු විරෝධය පළ කරයි. ඊට අමතරව  ඔහුගේ උපදේශකයන්ගේ නිවේදනවල දැක්වෙන පරිදි බ්‍රසීල රජය ඇමේසන් වනාන්තරය තුළ  න්‍යෂ්ටික සහ විදුලි බලාගාර අරඹන්නට අදහස් කොට සිටියි.

බොල්සෙනාරෝ වනාහි එක් අතකින් දුෂ්ඨයෙක් සහ අනෙක් අතින් නපුරෙක් යැයි එරට  හිටපු ජනාධිපති දැනට සිරගත ව සිටින ලූලා ද සිල්වා පසුගිය 26 දින විශේෂ  අවසරයක් මත බීබීසී සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ලොව රාජ්‍ය 196ක් විසින් එකඟ වනු ලැබ 2016 අප්‍රේල් 16 දින අත්සන් තබන  ලද පැරිස් දේශගුණික සම්මුතියෙන් සිය රට බැහැර වනු ඇති බවට ඔහු තර්ජනය කරයි.  අමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට එම සම්මුතියෙන් ඉවත් වන බව නිල වශයෙන්  නිවේදනය කොට තිබේ. එම සම්මුතියට බ්‍රසීලය වෙනුවෙන් අත්සන් තබන ලද්දේ  බොල්සෙනාරෝගේ පූර්වගාමියා වූ මිචෙල් මිගුඅල් එලියස් ටෙමර් ලුලියා විසිනි.

ජනාධිපති ලෙස පත්වන්නට පෙර සිටම ඔහු 2019 දේශගුණ විපර්යාස සමුළුවට සිය  රට සත්කාරකත්වය දීම ගැන විරෝධය පළ කළේය. එම සමුළුවේ 25 වන සැසිය පවත්වන්නට  නියමිතව තිබුණේ එළැඹෙන නොවැම්බර් 11 - 22 දිනවල බ්‍රසීලයේ සාඕපෝලෝ නුවරය.  බොල්සෙනාරෝ ජනාධිපති වීමෙන් පසු සිය රට එම සත්කාරකත්වයෙන් ඉවත් වන බව නිල  වශයෙන් එක්සත් ජාතීන් වෙත දැනුම් දුන් අතර එළැඹෙන දෙසැම්බර් 2 - 13 කාල  සීමාව තුළ චිලී හි සැන්තියාගෝ අගනුවර පවත්වන්නට විධිවිධාන යොදනු ලැබ තිබේ.

‘ගෝලීය උණුසුම’ යනු ‘සංස්කෘතික මාස්වාදීන්ගේ (Cultural Marxists)  කුමන්ත්‍රණයක් බව බොල්සෙනාරෝගේ විදේශ අාමාත්‍ය අර්නෙස්ටෝ අරාඋජෝ පවසයි. මෙය  අමෙරිකන් ආරට යෑමක් බව ප්‍රකටය. ඔහු අමාත්‍යධුරයට පත් වූ වහාම කළ මුල්ම  කාර්යයන් අතර අමාත්‍යාංශයේ ‘දේශගුණ විපර්යාස’ යන කොටස ඉවත් කිරීමද වෙයි.  පාරිසරික අමාත්‍යංශය යටතේ තිබූ ‘දේශගුණ විපර්යාස සහ ඉහිල් කිරීම’ සහ ‘වන  නාශනය’ යන අංශ දෙකද වසා දමන ලදි. මේවා ජනාධිපතිවරණ පොරොන්දුය.

බොල්සෙනාරෝ ධුරයට පත්ව ගෙවුණු මුල් සමස තුළ ඇමේසන් වැසි වනාන්තරය වැනසීම  ඉහළ ගිය ප්‍රමාණය 88%ක් බව එරට විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශය යටතේ  ස්ථාපිත ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වාර්තා කළේය. වාර්තාව නිකුත් කළ  වහාම සාවද්‍ය දත්ත මත වැරදි වාර්තා පිළියෙල කරන්නේය යන චෝදනාව නගා එහි  ප්‍රධානියා සේවයෙන් ඉවත් කැරිණි. මේ රජය බලයට පත්වීමෙන් පසු ඇමේසන් වනය තුළ  පාරිසරික විනාශය මැඩ පැවැත්වීමට අදාළ නීති පොරොන්දු ලෙස ලිහිල් කරන ලදි. ඒ  අනුව වනාන්තරය තුළ පදිංචි වීම, පශු පාලනය සහ පතල් කැණීම යන කටයුතුවලට අදාළ  දඩ සහ අනෙකුත් දඬුවම් 20% දක්වා අඩු කොට තිබේ.

මේ වසරේ මුල් සමස තුළ ඇමේසන් වනයේ ළැව්ගිනි 72,000ක් පමණ ඇති වූ බව  ජාතික අභ්‍යවකාශ පර්යෙෂණ ආයතනයේ නවතම වාර්තාවක දැක්වේ. පසුගිය වසරේ මෙම  සංඛ්‍යාව 40,000 පමණ මට්ටමේ පැවැතිණි. මේ අතර බහුතරයක් ස්වාභාවික ළැව් ගිනි  නොව ගිනි තැබීම් බව පාරිසරික සංවිධානවල මතයයි. මේ සංඛ්‍යාන 85,000ක් බව  ඇතැම් තැනෙක සඳහන්ය.

ඒ ගිනිතැබීම් අනීතිකය. අනීතිකව ඉඩම් අල්ලා ගන්නෝ තමන්ගේ ඉඩම විශාල කැර  ගනු කැමැත්තෝ වෙති. ඊට ගොදුරුවන්නේ අහිංසක වනයයි. එයින් මෙලොව පවතින  විශාලතම කාබන් අවශෝෂකයේ අගය පහළට ඇද දමයි. මේ වනවිට ඇමේසන් පෘථිවියට තවත්  දරා ගන්නට බැරි තරම් විනාශ වී හමාර ය. මින්පසු එය නියත වශයෙන්ම සැවනා සහිත  මුඩු බිමක් බවට පත් වනු නිසැකය.

ජනාධිපති බොල්සෙනාරෝගේ රජයේ පරිසර විරෝධී බව මෙයින් ප්‍රකට වන්නේ යැයි  විචාරකයෝ පෙන්වා දෙති. ඔහුට අවශ්‍ය වන්නේ ඇමේසන් වනය මුළුමනින්ම බූ ගා සෝයා  බෝංචි වැනි ආර්ථිකමය වටිනාකමකින් යුත් ආහාර භෝග වගා කිරීමය. මෙබඳු ආහාර  භෝග 20ක් පමණ එරට විසින් අපනයනය කෙරෙන අතර සෝයා බෝංචි ඉන් ප්‍රමුඛය. චීන  අමෙරිකා වෙළෙඳ හබය නිසා චීනය අමෙරිකා එක්සත් ජනපදයෙන් මිල දී ගන්නා සෝයා  බෝංචි ප්‍රමාණය අඩු කළ අතර බ්‍රසීලය එතැන ගත්තේය.

ඔසාකාහි පැවැති පසුගිය G20 සමුළුවේදී ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්  බ්‍රසීල ජනාධිපතිවරයා හමු වී ඇමේසන් වන විනාශය ගැන ඍජුවම සිය අදහස් පළ කළ  බව වාර්තා විය. යුරෝපා සංගමය සමග බ්‍රසීලය අත්සන් තබන්නට නියමිතව සිටි  ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමට සිය සහාය දෙන්නේ එරට පැරිස් සම්මුතියෙන් ඉවත්  නොවන්නේ නම් පමණක් බව ෆ්‍රංස ජනාධිපති ෆ්‍රංසුආ මක්‍රොන් ඔසාකාහිදී  බොල්සෙනාරෝ හමු වී පැවසූ බවද වාර්තා වේ. ඊට පිළිතුරු වශයෙන් සිය රට ස්ථිර  වශයෙන් ම පැරිස් සම්මුතියෙන් ඉවත් නොවන බවත් පවසා ඇති බොල්සෙනාරෝ නුදුරු  දිනෙක බ්‍රසීලයට පැමිණ ඇමේසන් කලාපයේ චාරිකාවක නිරත වන ලෙස මක්‍රොන්ගෙන්  ඉල්ලා ඇත.

එහෙත් පසුගිය මාසයේ මාධ්‍ය හමුවකදී බොල්සෙනාරෝ යුරෝපා නායකයන්ගේ විවේචන,  අදහස් හා යෝජනාවලට දැඩි සේ පහර ගැසූ බව සඳහන්ය. යුරෝපා නායකයන් අනුන්ගේ  දේවලට ඇඟිළි නොගසා තමන්ගේ වැඩක් බලා ගත්තා නම් වඩා සුදුසු බව පැවසූ ඔහු  යුරෝපයේ තුරුලතා සම්පත දැනටමත් වනසා අවසන් බව පැවසීය. තමන් ලොව අන් කිසිදු  රටකට වඩා තුරුලිය සුරකින බවත් එනිසා ලොව කිසිම රටකට ඇමේසන් ගැන කතා කරන්නට  සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔහු එහිදී පවසා ඇත.

අගෝස්තු මුල ඇමේසන් වනාන්තරයේ විශාල පරිමාණයේ ගින්නක් හට ගත්තේය.  සාමාන්‍යයෙන් වියළි කාලගුණවලදී මෙවැන්නක් අනපේක්‍ෂිත නොවේ. එහෙත් මෙවර  ගින්න වෙනස්ය. එය මේ දක්වා ඇවිළෙමින් පවතින අතර හෙක්ටෙයාර ලක්ෂ එකහමාරක්  පමණ මේ වන විට දැවී අළු වී හමාරය. ඒ අනුව දැන් එය අන්තර්ජාතික තලයේ නිතිපතා  සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත් විය. පසුගිය සතියේ පැවැති G7  සමුළුවේදී ඒ ගැන සාකච්ඡා කෙරී ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ඇඩො මිලියන  22ක ආධාරයක් බ්‍රසීලයට ලබා දිය යුතු යැයි එසැණ යෝජනාවක් සම්මත වී ඇත. ඒ  යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ප්‍රංස ජනාධිපති ෆ්‍රංසුආ මක්‍රොන් විසින් වන  අතර ඒකමතිකව සම්මත වී තිබේ. එහෙත් අැමෙරිකා එක්සත් ජනපදය ඒ යෝජනාවට පූර්ණ  එකඟත්වය පළ නොකළ බව සඳහන්ය.

බ්‍රසීල රජය එම යෝජනාව එකපැහැර ප්‍රතික්‍ෂෙප කළේය. සිය රට ප්‍රංසයේ  කොලනියක් මෙන් සලකන්නේ යැයි බොල්සෙනාරෝ මැක්‍රොන්ට චෝදනා කළේය. එරට ආරක්‍ෂක  අමාත්‍යංශයේ නිවේදනයකින් කියැවෙන්නේ ගින්න පාලනයකින් තොරව පවතින්ය යන්න  තමන් ප්‍රතික්‍ෂෙප කරන බවයි. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඔනික්  ලොරෙන්සින්ගේ ට්විටර් පණිවිඩයක මෙසේ සඳහන්ය. ‘පරිත්‍යාගයට ස්තුතියි. ඒ  මුදල් යුරෝපයේ නැවත වන වගා කිරීම්වලට යොදවන්නේ නම් සුදුසුයි. ලෝක උරුමයක්  වන සිය රටේ දේවස්ථානයක් රැක ගන්නට මැක්‍රොන්ට නොහැකි වුණා. ඒත් ඔහු එනවා  අපේ ගින්න නිවන්න. වන ගිනි නිවීම සහ පාලනය ගැන ලොව ඕනෑම ජාතියකට පාඩම් කියා  දෙන්නට අපට හැකියි’

සාඩම්බර වාග් ප්‍රහාරවල යෙදෙමින් සිටිනවා විනා බ්‍රසීල රජය ඇමේසන් වනයේ  ගිනි නිවීමට උත්සාහ නොගන්නේ යැයි පාරිසරික සංවිධාන පෙන්වා දෙති. ජනාධිපති  බොල්සෙනාරෝ පෙර ප්‍රකාශ කළේ ඇමේසන් වනයේ ඇති වන වනගිනි නිවන්නට තරම්  ප්‍රමාණවත් සම්පත් සිය රටට නැති බවයි. එහෙත් පරිත්‍යාග කරන්නට කෙනෙක්  ඉදිරිපත් වූ විට ඔවුන් පලවා හැරීමද සිරිත් වශයෙන් සිදුවෙයි. තම පාරිසරික  සංවිධානය ඇ.ඩො. මිලියන 5ක් ඇමේසන් ගිනි නිවීම සඳහා පරිත්‍යාග කරන්නට  සූදානම් බව සම්මානලාභි සිනමා නළු ලෙනාඩෝ ඩිකැෆ්‍රියෝ දන්වා පසුගිය 26 දින  බ්‍රසීල රජයට නිල වශයෙන් දන්වා ඇතත් ප්‍රතිචාරය සඳහන් නැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් උත්කර්ෂයට නංවන ලද වාර්තා හා සංඛ්‍යා  අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලවල පළවන බව බ්‍රසීල රජයේ අදහසයි. පසුගිය සමයේ  නැගෙනහිර බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ මීට බලවත් ගිනි ඇවිළිණි. එහෙත් ඒ ගිනි  මේ තරම් කාලයක් අල්ලා සිටියේත් පැතිර ගියේත් නැති බව පෙන්වා දෙනු ලැබ තිබේ.  ඇමේසන් ලෝකයේ පෙණහල්ල ලෙස නම් දරා සිටින නිසා එයට විශාල ප්‍රචාරයක් ලැබුණා  විය හැකිය.

මේ සියල්ලට වගකිව යුත්තේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජායිර් බොල්සෙනාරෝ  බව ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. අනීතික ඉඩම් අල්ලා ගැනීම්වලට සහ  පතල් කැණීම්වලට ඉඩදී නිසොල්මනේ බලා හිඳින්නට රජයේ නිලධාරීන් පෙළැඹවීම  මගින් ඔහු කරන්නේ මහා විනාශයකි. ඊට අමතර වශයෙන් ඔහු වන ගිනි මැඩලන්නටද  කිසිවක් නොකරයි.

ඔහුට පිටුබලය සපයන්නේ අැමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ය. ‘බොල්සෙනාරෝ  පරමාදර්ශයට ගන්නේ ලෝකය රවුම් නොව පැතලි ය’යි කියා සිතන පුද්ගයකු බව ලූලා ද  සිල්වා පවසයි. ඔහු ඒ කියන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැනය.

[Extracted]





සජිත්ගේ අරමුණ බදුල්ලේන් එළියට

 ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සමගි ජන බලවේගය නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා හා බදුල්ල දිස්ත්‍රික් නායක ගරු රවී සමරවීර මැතිතුමා සමගින් වැලිමඩ ආසනයේ ජනතා ජයග්‍රහණය වෙනුවෙන් වැලිමඩ ආසනයේ ක්‍රියාකාරයින් හමු විය.






Saturday 19 December 2020

විද්‍යාව, විශ්වාසය, සංස්කෘතිකමය බැඳීම් සහ කොරෝනා සමග චන්ද්‍රිකා බණ්ඩාරනායක

 https://m.youtube.com/watch?v=e75vqvPwGxE&feature=youtu.be

ඥනසාර හිමිට කොකා පෙන්වු රතන හිමි

 අගෝ



ස්තු 05 වෙනි දින පැවැත්වුණු මහ මැතිවරණයෙදී 'අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව අර්බුදය නිමකරමින් එම මන්ත්‍රී ධුරයට පුජ්‍ය අතුරලියේ රතන හිමියන්  නම් කිරීමට මැතිවරණ

කොමිසන් සභාව තීන්දුකර කර ඇත. 
 
මෙම මන්ත්‍රී ධුරය සඳහා බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අතර පසුගිය මාස කිහිපයෙහි බරපතල ගැටුමක් මතුව තිබිණ.
 

තිස්ස අත්තනායක ත් බදුල්ලට

 සමගි ජනබලවෙිගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා  මහියංගණ රජමහා විහාරාධිපති අති පූජ්‍ය උරැලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර.සමන් දේවාලයේ පැවති ආශිර්වාද පූජාවකටද  එතුමා සහභාගි විය.එම අවස්ථාව සදහා උඩුදුම්බර සංවිධායක සනත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.




කුමාර වෙල්ගම නැවතත් බදුල්ලට

 ගරු කුමාර වෙල්ගම මගේ නායකතුමාගේ ප්‍රධානත්වයෙන්"දිනමු " ඡන්ද මධ්‍යස්ථාන මෙහෙයුම් කමිටු පිහිටවීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව  අද දින බදුල්ල දිස්ත්‍රික්කයේ  ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ ඌව පරණගම ආසනයේ  ඡන්ද මධ්‍යස්ථාන මෙහෙයුම් කමිටුව පිහිටවිය.මේ සදහා එතුමාගේ බදුල්ල දිස්ත්‍රික් සම්බධිකරන ලේකම් හා නව ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක කපිල ඉන්දිවර මැතිතුමාද සහභාගි විය.







සදහටම ඔබේ සම තරුණ වීමට උදව් වන ස්වභාවික නිෂ්පාදන 12 ක්

 

උපුටා ගැනිම

ෆොටෝෂොප් මාස්ටර් එකක් භාවිතා කරලා ෆොටෝ එඩිට් කළ පසු ලැබෙන සමට වඩා හොඳ පෙනුමක් ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් ඵලදායී ස්වාභාවික අමුද්‍රව්‍ය තියෙනවා. මේවා සැලකිය යුතු ලෙස ඔබේ සමේ තරුණභාවය නැවත ලබා දෙන නිසා ඒවා එදිනෙදා භාවිතා කිරීමට උත්සාහ කරන්න. ප්‍රතිඵල සතුටින් භුක්ති විඳින්න!

01. තක්කාලි

තක්කාලි පෙති වලින් සාදන ලද ස්වාභාවික මාස්ක් එකකින් ඔයාගේ වෙහෙසකර, අඳුරු සහ ආතතියෙන් යුත් සම පුදුමාකාර ලෙස කළ හැකියි.

ඔයාගේ මෘදු, තෙතමනය සහිත තරුණ සම නැවත ආපසු ලබා ගන්න සතියකට වරක් විනාඩි 20 ක් තක්කාලි පෙති යොදන්න. සමේ දැවිල්ල තියෙනවනම් තක්කාලි යුෂ මුහුණේ ආලේප කරන්න. සමේ වර්ණය වැඩි දියුණු කර ගැනීමට තක්කාලි පල්ප් සහ ඔලිව් ඔයිල් භාවිතා කර ස්වභාවික මාස්ක් එකක් සෑදීමට උත්සාහ කරන්න.

02. අර්තාපල්

අර්තාපල් කියන්නේ තරුණ සමක් ලබා ගැනීම සඳහා විශිෂ්ට පිළියමක්. සමේ වර්ණය දීප්තිමත් කිරීම සහ එක සමානව පවත්වා ගැනීම සඳහා එය භාවිතා කළ හැකි අතර, එය රැළි-විරෝධී බලපෑමක් ඇති කරයි.

සෑම දිනකම මිනිත්තු 15 ක් වෙන් කරගෙන අර්තාපල් මාස්ක් එකක් දා ගන්න. මේ සඳහා අමු අර්තාපල් පල්ප් හෝ යුෂ භාවිතා කරන්න පුළුවන්. සමේ නම්‍යතාව සහ පැහැදිලි මුහුණේ සමෝච්ඡයන් ලබා ගැනීමට අර්තාපල් මාස්ක් එක සාදන විට ලෙමන් යුෂ ටිකක් එකතු කරන්න.

03. ලෙමන්

ලෙමන් කියන්නේ සම පැහැපත් කර ගැනීමට සහ වයස්ගත ලප සහ කුරුලෑ බලපෑම් වලින් මිදීමට කදිම ක්‍රමයක්. සමේ වර්ණය සුමට කරන අතර සමේ පැහැය දීප්තිමත් වී ඇති බව ඔබට පෙනෙනු ඇත.

ලෙමන් යුෂ ටෝනින් ලෝෂන් එකක් ලෙස භාවිතා කරන්න, එය දිනපතා ඔයාගේ මුහුණේ ආලේප කරන්න.

04. කෝමාරිකා

කෝමාරිකා යුෂ හෝ කොළවලින් පල්ප් එක ලබා ගෙන නිතිපතා භාවිතා කර සමට සිදුවන පුදුමාකාර වෙනස්වීම දෙස බලන්න. කෝමාරිකා මාස්ක් එක ඔයාට දීප්තිමත් සමක් ලබා දෙනු ඇත. කෝමාරිකා, අඳුරු පැල්ලම් සහ කුරුලෑ කැළැල් මැකී යාමට උපකාරී වන අතර සුළු පිළිස්සුම් වලට පවා ප්‍රතිකාර කරනවා.

කෝමාරිකා යුෂ ටෝනින් ලෝෂන් එකක් ආකාරයට සෑම දිනකම සමේ ආලේප කරන්න. සතියකට වරක් පල්ප් එක මිනිත්තු 10 ක් මාස්ක් එකක් ලෙස ආලේප කරන්න.

05. පිපිඤ්ඤා

කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා පිපිඤ්ඤා මාස්ක් එක ඉතා ඵලදායී පිළියමක් වෙනවා. එය ද ඔබේ සමේ ප්‍රාණවත් බව හා තරුණ බව සඳහා සහාය වෙනවා.

පිපිඤ්ඤා ගෙඩිය කපන්න, වටකුරු පෙති අවම වශයෙන් විනාඩි 15 ක් ඔයාගේ මුහුණේ තියා ගන්න. මෙම ක්‍රමය සතියකට කිහිප වතාවක් භාවිතා කරන්න.

06. බේකින් සෝඩා

බේකින් සෝඩා ඔබේ සම ප්‍රාණවත් කර පිරිසිදු කරයි, එසේම සමේ නව ​​සෛල පුනර්ජනනය උත්තේජනය කරනවා. කොහොම වුණත්, බේකින් සෝඩා කෙලින්ම මුහුණට භාවිතා නොකිරීම වඩා හොඳයි – සෝඩා ස්ක්‍රබ් හෝ සෝඩා මාස්ක් උත්සාහ කරන්න.

බේකින් සෝඩා සහ ඔලිව් ඔයිල් සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කර සතියකට වරක් සම පිරිසිදු කර ගැනීමට ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කරන්න. මාස්ක් එක හදාගන්න බේකින් සෝඩා තේ හැන්දක් සහ ස්වාභාවික යෝගට් තේ හැන්දක් මිශ්‍ර කරන්න. එය ආලේප අලේප කර මිනිත්තු 10 ක් තියා ගන්න, ඉන්පසු ලිහිල් සම තද,සවිමත් සහ සිනිඳු සමක් වන්නේ කෙසේදැයි බලන්න.

07. මී පැණි

මී පැණි, සමේ තෙතමනය රඳවා ගත හැකි හොඳම මොයිස්චර්යිසර්ස් වලින් එකක් ලෙස හඳුන්වනවා. ඛනිජ හා අනෙකුත් කාබනික ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය වලින් පොහොසත් නිසා මී පැණි සමේ තරුණභාවය නැවත ලබා දෙන අතර සෛල පුනර්ජනනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. නිතිපතා භාවිතා කරන්නේ නම්, මී පැණිවලට සමේ තියෙන ගැඹුරු රැළි පවා ඉවත් කළ හැකියි. අසාත්මිකතා තියෙනවා නම් මී පැණි ඔයාට විකල්පයක් නොවන බව මතක තියා ගන්න.

ඔබේ මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේ මී පැණි ආලේප කර විනාඩි 20 කට පසු උණුසුම් ජලයෙන් සෝදන්න. වයස්ගත වීම වැළැක්වීමේ මාස්ක් එකක් හදන්න නම් මී පැණි සහ කුරුඳු සමාන ප්‍රමාණවලින් පාවිච්චි කරන්න.

08. පොල් තෙල්

පිරිසිදු නොකළ පොල්තෙල් සම පෝෂණය කර, තෙතමනය රඳවමින් සම ලිහිල් වීමට ඉඩ නොදී තදින් තබාගනී. එමඟින් මැරුණු සම ඉවත් කර සිනිඳු සහ මෘදු කරනවා. මෙම කාබනික පිළියම මගින් ඔයාගේ සමට නැවුම් හා තරුණ පෙනුමක් ලබා දෙමින් එහි ප්‍රතිඵල වඩා ඉක්මනින් පෙන්වනවා.

ඔයාගේ මුහුණේ පොල්තෙල් තුනී ස්ථරයක් මෘදු ලෙස ආලේප කර විනාඩි 5 කට පසු ටිෂූ එකකින් ඉවත් කරන්න.

09. ඔලිව් ඔයිල්

ඔලිව් ඔයිල් කියන්නේ ඔයාගේ සම තරුණ හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක්. ඔලිව් ඔයිල් බින්දුවක් පාවිච්චි කරලා විවිධ වර්ගයේ ස්වාභාවික රූපලාවන්‍ය නිෂ්පාදන ගෙදරදීම හදා ගන්න පුළුවන්. එය රැළි-විරෝධී බලපෑමක් ඇති කරයි, මොයිස්චරයිසින් කරයි, සමට වෙල්වට් මෙන් මෘදු බවක් ලබා දෙයි. ඔලිව් ඔයිල් කිසි විටෙකත් අසාත්මිකතාවයක් ඇති කරන්නේ නෑ.

ඔයාගේ ටෝනින් ලෝෂන් එක වෙනුවට උදේ සහ සවස ඔලිව් ඔයිල් බින්දු කිහිපයක් භාවිතා කරන්න. ඇස් යට තියෙන රැළි ඉවත් කරන්න ක්‍රීම් වෙනුවට ඔලිව් ඔයිල් තුනී ස්ථරයක් ඇස් යටින් ආලේප කරන්න. එදිනෙදා භාවිතා කරන ෆේස් මාස්ක් හෝ ක්‍රීම් වලට ඔලිව් ඔයිල් බින්දු කිහිපයක් එක් කරන්න.

10. විටමින් E 

ළඟම තියෙන ෆාමසි එකෙන් මිලදී ගත හැකි සාමාන්‍ය විටමින් E කැප්සියුල නිවසේදී කරන රූපලාවණ්‍ය සත්කාරවලටත්  පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද? එය සමේ පුනර්ජනනීය ක්‍රියාවලියට උපකාරී වේ, සමේ වර්ණය වැඩි දියුණු කරයි, මුහුණේ සමෝච්ඡයන් තද කරයි, රැළි අඩු කරයි.

ඔයා විටමින් E පාවිච්චි කරද්දී, ඕනෑම මුහුණු සත්කාරක නිෂ්පාදනයකින් කුඩා ප්‍රමාණයක් එකතු කරන්න හැකියාව තියෙනවා. මුහුණේ ආලේප කරන ක්‍රීම් සමඟ එය භාවිතා කිරීමට හෝ තොල්වල සම තෙතමනය කිරීමට උත්සාහ කරන්න.

11. රෝස්හිප් ඔයිල්              

රෝස්හිප් ඔයිල් කියන්නේ තරුණ බව ලබා දෙන දිව්‍ය ඖෂධයක්. නිතිපතා භාවිතා කරන්නේ නම්, ඇස් යට තියෙන රැළි සහ ඔයාගේ මුහුණේ තියෙන අනෙකුත් වයසට යාමේ සලකුණු ඉවත් කරන්න උපකාරී වෙනවා.

ඔයා නිතර පාවිච්චි කරන ටෝනින් ලෝෂන් එක වෙනුවට රෝස්හිප් ඔයිල් බින්දුවකින් ඔයාගේ මුහුණ පිස දමන්න. ඔයා ආලේප කරන ක්‍රීම් හෝ ෆේස් මාස්ක් සඳහා මේ තෙල් බින්දු කිහිපයක් එකතු කරන්න.

12. සීනි

සීනි කියන්නේ සෑම විටම අත ළඟ තියෙන ස්වාභාවික ස්ක්‍රබ් එකක්. එමගින් ඔයාගේ  මුහුණ මෘදු ලෙස පිරිසිදු කර පෝෂණය කරනවා. සීනි, සමේ මිය ගිය සෛල ඵලදායී ලෙස ඉවත් කර සම මෘදු, සිනිඳු හා දිලිසෙන බවට පත් කරනවා.ඔයාගේ මුහුණ තෙත් කර සතියකට වරක් සීනි ස්වල්පයක් සමග ස්ක්‍රබ් කරන්න. ළදරුවෙකුගේ මෙන් මෘදු සමක් ලබා ගන්න!

Saturday 14 November 2020

සුමනා ගෝමස්ගේ අලුත්ම සිද්ධිය




අසූව දශකයේදී කාම රැල්ලේ චිත‍්‍රපට හරහා ජනපි‍්‍රයත්වයට පත් සුමනා ගෝමස්, සිය ජායාරූප හා චිත්‍රපට ඇතුළත්කර වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.

එය ලව් සුමනා ඩොට් කොම් (www.lovesumana.com) ලෙස නම්කර ඇත.
තමාගේ ජායාරූපවලට රසිකයන්ගෙන් තවමත් වැඩි ඉල්ලුමක් ඇති බව කියන සුමනා, තම වෙබ් අඩවියෙන් ඒවා ලබා ගැනීමට හැකියාව ලබාදී ඇති බවත් පවසන්නීය.
එසේම යුවතියන්ට සිය වෙබ් අඩවිය හරහා වේශ නිරූපන ශිල්පියකුගේ සහය නොමැතිව රුව ලස්සන කර ගැනීමේ උපදෙස් ලබාදීමට සූදානම්වන බවද ඇය කියන්නීය.
සුමනා එය සිදුකරනු ලැබුවේ මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීමටත් පෙර සිට බවද ඇය මාධ්‍යට පවසා තිබේ.
යූ ටියුබ් හරහා මුහුණ අලංකාර කරගැනීමට තමා මසකට වරක් උපදෙස් ලබාදුන් බවද පවසන සුමනා එම වීඩියෝව මේවන විට 2,147ක් නරඹා ඇතැයිද ඇය කියන්නීය.
සුමනා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි අතර ඇය එලෙස ලංකාවට පැමිණියේ වසර 11කට පමණ පසුවය.
 ඇය චෙරියෝ සාජන්ට් නාට්‍ය පෙන්වීමට ඇමරිකාවට යාමෙන් පසුව එහි නතර විය.
 පසුව ඇය සාත්තුසේවිකාවක් ලෙස එහි සේවය කළ බවද පැවසේ.
මේවන විට ඇය ඉතාලි ජාතිකයකු වන ග්‍රෙගරි ට්‍රොලන් ටොලියෝ සමග විවාහ වී සිටී.
සුමනාගේ සැමියා ස්ටැටන් අයිලන්ඩ් හි බෙලිසිමන් රෝහලේ ප‍්‍රධාන සූපවේදියා බව පැවසේ.
කෙසේවුවද සුමනා ඇමරිකාවේ සිටින සමයේදී වෙළෙඳ දැන්වීම් දෙකක් සඳහා පෙනී සිට ඇත.
දෙහිවලදී උපන් සුමනා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කරගම්පිටිය බෞද්ධ පාසලෙනි.
නර්තන ශිල්පිනියක් ලෙස කේෂත්‍රයට පිවිසි සුමනා මුල් කාලයේදී තරු 4-5 හෝටල්වල නර්තන ශිල්පියක ලෙස කටයුතු කර තිබේ.
ඇය චිත්‍රපට 30කට හා ටෙලි නාට්‍ය 4කටද වේදිකා නාට්‍ය 100කට අධික ප්‍රමාණයකට නිළියක් ලෙස දායක වී ඇත.

Friday 13 November 2020

පැය 4 න් රුපියල් 18000 ක් හොයන්න

 http://ity.im/WhrOk

අන්තර්ජාලයෙන් පැයෙන් රුපියල් 18,000-/ හොයන්න

 පට්ට වෙබ් site එකක් ලැබුනා. Video බලල දවසට Rs 18000 හොයාගන්න පුළුවන් . Video on කරලා charge එකට phone එක ගහල පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කරන්න. ඉවර උනගමන් enroll 10$ කියන button එක click කරන්න , ඊට පස්සේ අනිත් video එක Play කරන්න, මෙහෙම දිගටම කරන්න  . පළමු withdrawal එක ගත්තට පස්සෙ හොඳ data package එකක් දාගෙන දිගටම කරන්න 18000 දවසක් 10ක් කරොත් එක් ලක්ෂ අසූ දහසයි (Rs 180,000.00)


🔴පැය හතරකින් රුපියල් 18000ක් (💲100$ක්)


🔥වීඩියෝ ප්ලේ කරන එක විතරයි වැඩේ, සුපිරිම සුපිරි සයිට් එකක්  තමයි


💰💵💰💵💰💵💰💵💰💵💰💵💰💵


🔥මේක පටන් ගන්නෙ මෙහෙමයි🔥 

🔘මෙන්න👇👇 මේ වෙබ් සයිට් එක එකට ගියා රෙජිස්ටර් උනා 👇👇  https://osvideon.xyz/528706816025078/

⭕වීඩියෝ ප්ලේ කරා

⭕ 100$ උනාම සල්ලි අපේ අකව්න්ට් දාගත්තා

🔘වීඩියෝ ප්ලේ කරද්දි හැම විඩියෝ  එකක් යටින්ම අදාල 💵ඩොලර් ගාන තියෙනවා.

🔘ඩොලර් ගානන් වැඩි 🤑විඩීයොවක් ක්ලික් කරලා 📲ෆෝන් එක පැත්තකින් තියල ඔයාගෙ වැඩක් කර ගන්න සිම්පල්

⭕ විඩියො ප්ලෙ කරලා ඩොලර් 100$ ක් හදා ගත්තා. ඉට පස්සෙ  එ සල්ලි  ඔයාගෙ 

🔻බෑන්ක් අකව්න්ට්/🔻ක්රෙඩිට් කාඩ්/🔻බිට් කොයින්🔻පේපෑල්      ---- මේ කැමති ව්දියකට විත්ඩ්රො කර ගන්න ඇහැකි.

🔘මේ වෙබ් සයිට් එක ඇවිල්ලා අන්ක එකේ ගෙවීම් කරන සයිට් එකක්

🔘(PAID VIDEO VIEWING) ඒ කියන්නෙ දාලා තියෙන විඩියො බලනවට මුදල් ගෙවන සයිට් එකක්.

🔘එ වගේම තමයි අපෙන් කිසිදු මුදලක් අය නොකර තමයි අපිට සල්ලි දෙන්නෙ

🔘App එකක් අවශ්ය නැ ක්රොම් වගේ බ්ර්ව්සර් එකක් හොදටම ඇති

🔘ඩේටා වලින් බැලුවා කියලා පොඩ්ඩක්වත් පාඩු නෑ

🔲තව කෙනෙක්ට දැනගන්න ශෙයා කරන්න

https://osvideon.xyz/528706816025078/

http://ity.im/YP25S