Monday 10 January 2022

වෙල්ගමගේ නිදහස් පක්ෂය මැතිවරණ කොමිසම පිළිගනී.

 


ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල නව මානයක් ඇතිකරමින් ඊයේ දිනයේදී මැතිවරණ කොමිසම විසින් නව දේශපාලන පක්ෂයක් පිළිගනු ලැබුවා.

එය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂයයි.

මෙහි විශේෂත්වය වනුයේ මෙම පක්ෂය බොහෝ තනතුරු වල සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තනතුරු හෙබ වූ ජෙෂ්ටයන් වන අතර ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කල එහෙත් වත්මන් දේශපාලන භූමිකාව තුල නොමැති පක්ෂ ජෙෂ්ටයන් රැසක් නව ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ වනු ඇති බවට වාර්තා සැලවෙනවා.

පක්ෂයේ නම "නව ලංකා නිදහස් පක්ෂය" ලෙස ලියාපදිංචිය ලබා දීමේදී ඒ සදහා කිසිවකු හෝ විරුද්ද නොවී තිබුනේ එය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් භාවිත නොකරන නමක් හේතුවෙනි.

මේ පිලිබදව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා සම්බන්ධ කර ගැනීමට අප උත්සහා කලත් එය සාර්ථක වුයේ නැත.එහෙත් පක්ෂය හා සම්බන්ධ තරුණ නායකයකු ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මැතිතුමා හා එහි නිලධරීන් විශේෂ මාධ්‍ය සාකච්චාවක් පවත්වා මේ පිලිබදව රටටම අදහස් දක්වනු ඇති බවය.