Wednesday 7 July 2021

"අපි ශ්‍රී ලංකා" නමේ ගැටලුව අවසන්.මම අයිතිය තහවුරු කලා- කුමාර වෙල්ගම

 මම කිව්වා ගෝඨාභයට බැහැ කියල. ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැහැනේ. මම කියපුවා දැන් හරි ගිහින්නෙ තියෙන්නේ - කුමාර වෙල්ගම 

කුමන බාධාව පැමිණියද දැනටමත් නව පක්ෂයක් ගොඩනගා ඇති  බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජූලි (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිතා කරන බවට ශ්‍රීලනිපය වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම මැතිවරණ කොමිසමට අද දින භාරදුන් පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමිනි.

 සැබෑ ශ්‍රී ලංකා කාරයෙක් ලෙස අතරමං වී සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්,පොහොට්ටුවේ අය සහ වමේ අදහස් ඇති අය වෙනුවෙන් තමන්ගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩනගන බවත් කිසිදු බාධා කිරීමක් තමන්ට අදාළ නොවන බවත් වෙල්ගම මහතා සඳහන් කරන ලදී. .

එමෙන්ම තමන් තවදුරටත් සමඟි ජන බලවේගයේ සන්ධානයේද  රැඳී සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

''පොහොට්ටුවට අකමැති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න නිලධාරීන්ට අකමැති අය ඉන්නවා නම් එන්න කුමාර වෙල්ගම එක්ක. මම ඔයගොල්ලන්ව ආරක්ෂා කරන්නම්. මම කෙළින් වැඩකරන මිනිහෙක්. මම කාටවත් බය නැහැ. අනිත් එක මම කෙළින් හැමදේම කරලා කිව්වා. ඇමැතිකම්වලට පයින් ගැහුවා. කෙළින් හිටගත්තා. ඒ නිසා මම කියපු දේවල් අද හරිගිහිල්ලා තියෙනවා. මම කිව්වා ගෝඨාභය මහත්තයට බැහැ,ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැහැ. ඒ හැම දෙයක්ම මම බය නැතුව කියල තියෙනවා. ඒ නිසා මම කියනවා එන්න මා එක්ක. මම හරිමාර්ගයේ ගෙන යනවා.'' යනුවෙන් වැඩිදුරටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සටහන -ජගත් ප්‍රසන්න ගමගේ


No comments:

Post a Comment