Art

 

 කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා

මේ සිංදුවෙන් කියවෙන්නෙ නව යොවුන් වියේ ඉන්න තරුණයෙකුගෙ හිතේ ඇතිවෙන නැවුම් ආදර හැඟීමක් ගැන. කුමර බඹසර අසපුව කියන එකෙන් ඒ ගැන අපට ඉඟියක් දෙනවා. මේ තරුණයාට ගීතයෙ කියවෙන තරුණිය ගැන ආල හැඟීමක් ඇතිවුනාම ඔහුම කල්පනා කරනවා, මට මෙච්චරකල් මෙහෙම හැඟීමක් ඇතිවුනේ නැත්තෙ ඇයි කියල. 'මේ කෙල්ල මෙච්චරකල් කොහෙද හිටියෙ? ඇයි මට ඇයව මීට කලින් මෙහෙම පෙනුනෙ, දැනුනෙ නැත්තෙ?'. ඒක හරියට වහගෙන හිටපු ඇස් දෙකක් එකපාරටම ඇරලා බැලුවා වගෙයි. ඔහු සමවැදී උන් ළමාවියේ දැහන බිඳී ගිහින්, හිතේ අර තරුණිය ගැණ ආදර හැඟීමක් ඉපදිලා.

පණ්ඩිත් අමරදේවයන්ගේ ළයාන්විත හඬින් මේ පද පෙළ අහනකොට ඕනැම කොල්ලෙක්ට ත්මන්ගෙ හිතේ ඇතිවෙච්ච පළවෙනි ආදර හැඟීම, ඒ තරුණිය මතක් වෙනව. සැහැල්ලුවෙන් ගෙවිල ගිය ඒ කාලෙ හිතට එන මේ නැවුම් ආදර හැඟීම මොනතරම් සුන්දරද?

උකුළ ලැම හස මලවි කරළිය
මුවාකල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සළෙලුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මෙමා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ... සුයාමය

මේ පද පෙළින් කියවෙන්නෙ අර තරුණියව මේ තරුණයාට පෙනුනු ආකාරයත් ඒ දැක්මෙන් හිතේ උපන් නුහුරු රාග මිශ්‍රිත හැඟීම් සමුදාය ගැනත්. 'උකුළ ලැම හස මලවි කරළිය' කියන පද පේලියෙන් අර තරුණිය ගැන සවිස්තර විස්තරයක් අපේ හිතේ උපදවන්න තරම් පදරචකයා දක්ශ වෙනවා. 'මුවාකල ඇගෙ දුහුල් සළු තිර' - ඇය ඇඳ සිටින සරළ ඇඳුම පවා තරුණයාගෙ හිතේ රාගික හැඟීම් පුබුදු කරනවා. ඒ ගැන ඊලඟ පද දෙපේළියෙන් 'විවර කෙරුවා මනස් සළෙලුන්, උමතු වූ දෙනුවන් රැහැන් ඇද' කියල මුළු සංවේදී අත්දැකීමම සම්පූර්ණ කරනවා. ඊළඟ පද දෙපේලිය තමයි මේ ගීතයෙ වටිනාම කොටස වෙත අපිව ගෙනියන්නෙ. මේ තරුණයා මේ අත්දැකීමට දුන් වටිනාකම ඉතා ඉහළයි. මේ අත්දැකීම සුරලොවක් වගෙයි ඔහුට පේන්නෙ. ඔහු හිතනව 'මේ සුරයින් පවා නැළවිය හැකි සුරඟනක්ය' කියල. තුසිත දෙව්ලොව වෙත තමා ගියා වගේ හිතෙනව. තුසිත දෙව්ලොව කියන්නේ සුර සැපෙන් ආඪ්‍ය වූ තැනක්. එහි සුර අඟනුන් ඉතා ඉහළ රූ සපුවෙන් යුක්ත යැයි සැළකෙනවා.

ගීතයෙ මේ කොටසට එනකොට අපි ආදරෙන් රාගයෙන් මත්වෙලා, පොපියන සිතකින් ඉන්නේ. මේ තරුණයත් එහෙමයි. නමුත් ගීත රචකයා මෙතැන් පටන් ඉතා ප්‍රබල උපමාරූපක යොදල අපි හිතේ මවාගත්තු තුසිතය පිටින්ම බිමට ඇදල දානව.

නිසල ජීවන තපෝ වනමැද
හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
තළා සිඳ කම්පණය කරවයි
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මෙමා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැළවූ... සුයාමය

තරුණයට එක්වරම මතක් වෙනවා ඔහු මෙතෙක් කල් ගෙවූ සොඳුරු ළමාවිය. ඒ කාලය කොච්චර අහිංසක, සැහල්ලු කාලයක්ද? අද මේ පැන්න කඩුල්ල එසේ මෙසේ එකක් නොවන වග ඔහුට පසක් වෙනව. මේ සුරසැප වගේ පේන දේ විඳින්න ගිහින් ඔහුට නැතිවුනු ළමාවිය, ඒ ළාමක අහිංසක හැඟීම් ගැන ඔහු දුක්වෙනවා. මෙතෙක් කල් ඔහුගෙ තපෝ වනයක් බඳු නිසංසල හිත, ළාබාල වියෙ කැකුළු මල් වැනි අහිංසක හැඟීම්, ඔහුගෙම ආදර/රාගික හැඟීම් කියන හස්තියන්ගෙන් ආරක්ෂා වුනේ අහිංසක කෙළිලොල් ළමාවියේ යදමින් බැඳ තිබූ නිසයි. අද ඒ යදම් බිඳී ගිහින් ඒ ආවෙගශීලී සිතුවිළි හස්ති සෙනාව කෙළිලොල් අහිංසක ළමා සිතුවිලි කියන කැකුළු මල් පොඩිකරල මුළු තපෝ වනයම දෙවනත් කරනව. මේ නුහුරු හැඟීම ඔහුගෙ මුළු හදවතම කම්පනයට පත්කරල. මේ පද පේළි වල ඇත්තටම හස්ති සේනාවක තියෙන ප්‍රබල ශක්තිය ගැබ් වෙනව. තවදුරටත් තමාට ඒ හැඟීම් පාලනය කරගන්න බැහැ. බලන්න කොයිතම් ලස්සනට ගීත රචකයා අර තරුණයගේ හිතේ ඇතිවූ නැවුම් සිතිවිළි වල ව්‍යාකූලත්වය අපිට කියනවද?

ආපහු බැලුවම තමයි මේ තරුණයට පෙනෙන්නෙ තමන් මේ අළුත් තුසිතයට ආවෙ තවත් තුසිතයක ඉඳල නේද කියල. මේ අලුත් නව යොවුන් තුසිතය ලබාගන්න ඔහුට ඔහුගේ ළමාවිය කියන තුසිතය බිඳගන්න වෙනව. ඔහුගෙ සිත හඬනව නැතිවුනු සැප සම්පත් දැකල. ඔහුට පුදුම හිතෙනව මේ අර සුරයන් නැළවූවා කියල හිතපු සිතිවිල්ලම නේද කියල මා හිටි දිව්‍ය විමානෙම බිඳල දැම්මෙ. මේ අවස්ථාව අර මුලින් හිතේ ඇතිවෙච්චි රසබර හැඟීමේ භංග කියන අවස්ථාව පිළිබිඹු කරනව. ආයෙ කවදාවත් අර සිතුවිල්ල මුලින් ඇතිවුනු තරම් රසවත්ව මේ තරුණයගෙ හිතේ ඇතිවෙනෙ නෑ. ඒකයි අපි කාටවත් ප්‍රථම ප්‍රේමය කියන රසවත් අත්දැකීම මැරෙනකම්ම අමතක කරන්න බැරි.

කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා
කුමරියක පා සළඹ සැලුනා...

උකුළ ලැම හස මලවි කරළිය
මුවාකල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සළෙලුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මෙමා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ... සුයාමය

කුමරියක පා සළඹ සැලුනා...

නිසල ජීවන තපෝ වනමැද
හැඟුම් ගජසෙන් යදම් බිඳවැද
තළා සිඳ කම්පණය කරවයි
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මෙමා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැළවූ... සුයාමය

පද රචනය: කේ.ඩී.කේ. ධර්මවර්ධණ සූරීන්
සංගීතය: විශාරද වික්ටර් රත්ණායක සූරීන්
ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන්

 

 

 

 

 

 

 

ඒ මියැසිය අද මා ගයනා විට


මියැසියේ ගී විඳින්නට එන හැමෝටම සමහරවිට මේ බොලොග්ගු ඉට්ටයිල් එක පුරුදු නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මේක පාවිච්චි කරන හැටි නොදන්න අයට කියන්නම්.මේකේ පොස්ට් ඔයාට කැමතිම විදියකට view කරන්න පුළුවන්.ඒකට විවිධ ආකාර ටිකක් ඔය උඩ තියෙන කලුපාට තීරුවේ වම පැත්තේ කෙලවරේ තියෙයි.එතන තියෙන ලිස්ට් එකෙන් කැමති විදියකට පොස්ට් ටික බලන්න හදාගන්න. 

සින්දුවගේ වාද්‍ය වෘන්දයට එකතුවෙලා ගහන ගහන සිංදුව ගැන දැනගන්න ඕනිනම් දකුණු පැත්තේ හැංගිලා තියෙන කළු පෙට්ටියෙන් වාද්‍ය වෘන්දය තෝරාගෙන ඒකට sign වෙන්න.ඒ වගේම එතනින් පහුගිය පොස්ටු ඉක්මනට හොයාගන්නත් පුළුවන්.පොස්ටුව කියවල යනගමන් පහල තියෙන කොමෙන්ටුවක බැනලා හරි ගහලා යනවනම් ඉතිං වටිනවාලු.යමු යමු සින්දුවට.


මව් ගුණ ගීත මෑත කාලීනව බිහිවුනේ ඉතාමත් කුඩා ප්‍රමාණයක්ය
අවාසනාවකට මෙන් මවගේ ගුණද හෑල්ලුවට ලක්වුණු ගීතද ඒ කුඩා ප්‍රමාණය තුල ඇත
නමුදු
වාසනාවකට මෙන් තාමත් මව් ගුණ ගීයක් කියූ සැනින් අප හදවත් තුල රැදෙන්නේ
මෙකල බිහි වූ කසී කබල් ශබ්දයන් නොව
වික්ටර් රත්නායකයන් සුනිල් එදිරිසිංහයන් නන්ද මාලිනියන් වැනි අය ගීතවත් කල ගීතයි
මෙයද එවැනි ගීතයකි.මේ ගීතය නිර්මාණය වුවේ මෙසේය.


සුනිල් එදිරිසිංහයන්ගේත් රෝහණ වීරසිංහයන්ගේත් මෑණිවරුන් මියගියේ සමකලීනවලු
සුනිල් එදිරිසිංහයන්ගේ මවගේ අවමගුලට පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
සුනිල් එදිරිසිංහයන්ගේන් ඇසුවාලු ” ඔබ මව් ගුණ ගීයක් ගයා තිබෙනවාද ? ” කියා
එවිට ඒ වෙනතෙක් මව්ගුණ ගීයක් ගයා නොසිටි
සුනිල් එදිරිසිංහයන්ගේ මුවින් වචන පිට නොවුවත් ඔහුගේ දෑසින් හැගීම් පිටවුනෙලු.
පසුව සතියක පමණ කාලෙකින් සුනිල් එදිරිසිංහයන්ට ඒවා තිබු ගීතය මෙයයි.


මුල් දවසේ මෙම ගීතය පටිගත කර ගැනීමට සුනිල් එදිරිසිංහයන්ටවත් රෝහණ වීරසිංහයන්ටවත් නොහැකි වුනේලු
රෝහණයන් පටිගත කිරීමේ වීදුරු කාමරයේ සිට අඩන අතර
සුනිල් එදිරිසිංහයන් මයික්‍රෆෝනය ඉදිරිපිට සිට කදුළු සලන්නේලු
පසුව පටිගත කිරීම නවතාදමා දෙවැනි දවසක නැවත පටිගත කළේලු
එවන් උදාර මව් ගුණ හැගීමකින් ගයනා වූ ගීතයක් අදනම් කොහෙන් සොයන්නද


මේකේ උවම් කල කියන්නේ උපමා කලා කියන එක , මියැසිය කියන්නේ සංගීතය තාලය වගේ අදහසක් තව මී මැස්සන්ගේ නාදයටත් කියනවා
අනිත්වනම් අමාරු නෑනේ.


දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල 
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ 
අම්මා අම්මා අම්මා 


දෙසවන් සනහා මා නැලවූ ඔබ
මියුරු මියසියේ අරුත කියාදුනි 
ඒ මියැසිය අද මා ගයනා විට 
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත 
අම්මා අම්මා අම්මා 


ඇසට හඩන්නට කඳුලැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි 
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට 
මා සිපගන්නට ඔබ මා ළඟ නැත 
අම්මා අම්මා අම්මා

 

No comments:

Post a Comment