Wednesday 18 December 2013

ඔබේ ශරීරයේ උපන් ලප කියන රහස්....

ඔය උපන් ලප ගත්තම එක එක මාදිලියේ කතා සීන් ගොඩයි නොවැ. ඇරත් ලප තියෙන්නේත් අනේක විද සයිස් වලින් නොවැ. සමහර උන්ගේ පොඩි එව්වා , ඒකට අනිත් උන්ගේ පලාතක්ම පුරාම ලපේ. කොල්ලෙක් කෙසේ වෙතත් කෙල්ලෙක්ගෙ ඒ වගේ ලොකු ලපයක් තිබුනොත් තමයි සීන් කෝන් එක ඩබල් ත්‍රිබල් වෙන්නේ. ඔය ලප තියෙන තැන අනුවත් එක එක එව්වා වෙනවා කියනවනේ. කට නිකට හරියේ තියෙනවනම් උන්දා හොඳට කයිවාරු දෙසාබාන එකෙක් කියලා මට කව්දෝ කියලා තියෙයි. තව අර කතාවකුත් තිබුනේ නිධානයක් ගන්න ලපයක් තියෙන ගෑලු ළමෙක් බැන්ද සීන් එකක්, තව තව ඔහොම හෑලි පෑලි හොයන් යනකොට සිංදුවාට අහුවුනේ මෙන්න මේ ටික. 

ආයේ වෙන තැනකට යවන්න ඕනි නෑනේ ලපේ බලන්න. මම උපුටලා අරගත්තා නවලිය පත්තරෙන්. දැන් ඉතින් ටෝච් අරන් උපන් ඇඳුමෙන් ලප හොයපන්කෝ. හඃ හඃ හඃ කැමති කැමති උන් එහෙනම් ලපේ කොහෙද බලාගන්නකෝ 

Posted Image



උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.

උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

උපන් ලප 14
පුරුෂයකුගේ බාහුවේ මෙම ස්‌ථානයේ පිහිටා තිබෙන උපන් ලපය සෞභාග්‍යය සංකේතවත් කරයි. එය බාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඔබ ජීවිතයේ උසස්‌ ස්‌ථානයකට පත්වෙයි.

මෙවැනි උපන් ලපයක්‌ හිමි කාන්තාවන් ඇය සිය දරුවන්ට මේ ලෝකයේ තිබෙන ඉහළම ආරක්‌ෂාවත් ආදරයත් උරුම කර දීමට කැපවෙයි. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දරුවන් සමග බද්ධ වූ ආදරණීය මාතාවකි.

උපන් ලප 15
උඩ බාහුවේ මෙතැන පිහිටි උපන් ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක්‌ ලබා ගැනීමට ඔබ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු බවයි. විශේෂයෙන්ම ඇඟ වෙහෙසා වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලප 16
වැලමිටේ ඇතුල් පැත්තට වන්නට මෙතැන පිහිටා ඇති මෙම උපන් ලපය මගින් අදහස්‌ කරන්නේ බොහෝ වෙහෙසවී ඔබ වැඩ කළත් ප්‍රතිපල ලබා ගැනීමට අපහසු බවයි.

කාන්තාවකට මෙම උපන් ලපය හිමි නම් ඔබ මුදල් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අර පරිස්‌සමින් වියදම් කළ යුතු කෙනෙකි. මහන්සියෙන් උපයාගත් මුදල් ක්‌ෂණිකව වැයවී යන කාරණා ඔබට සුලබව යෙදේ.

උපන් ලප 17
අතේ යට බාහුවේ යටි පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපයෙන් සංකේතවත් වන්නේ ජීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනෙකු බවයි. ඔබ අතේ ගැවසෙන මුදල් ඔබගේම මුදල් නොවන්නට පුළුවන. නමුත් ඔබ ප්‍රවේශම් විය යුතුය. අනතුරු අඟවන උපන් ලපයකි මෙය.

ස්‌ත්‍රියකගේ මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් කියන්නේ ඇය රහස්‌ රැක ගත නොහැකි කෙනෙක්‌ බවයි. එම නිසා මෙවැනි කාන්තාවන් විශ්වාස නොකළ යුතු බවයි. ඇය රහස්‌ හෙළිකරන්නේ සෙසු අයට හානියක්‌ කිරීමේ අදහසකින් නොව ඇය තුළ ඇති දොඩමලුවීමේ ආශාව නිසාය. නමුත් ප්‍රවේශමෙන්.

උපන් ලප 18
ප්‍රතිපත්ති ගරුක බව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ. පමණ ඉක්‌මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුණයද ඇය සතුය. මැණික්‌කටුවේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ස්‌ත්‍රී පුරුෂ සැමම මුදල් වියදම් කිරීමට ආශා කරන අයයි. සැමටම ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. පුණ්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදුවන්න. එමගින් අර්ථවත් දේ සඳහා පමණක්‌ ඔබ මුදල් වැයකිරීමට පුරුදු පුහුණු වනු ඇත. ඔබ ධනවත් මුත් ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ යාමේ ස්‌වභාවයක්‌ දිස්‌වේ. නමුත් මෙම උපන් ලපය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අය වෙත ධනය ගලා එන බවටද විශ්වාසයක්‌ පවතී.

උපන් ලප 19
පිරිමි අයගේ කලවය ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක්‌ හෝ උපන් ලප කිහිපයක්‌ පිහිටා ඇතිනම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි. කාන්තාවන්ගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්‌වෝත්සාහයෙන්ම ධන වාසනාව උදාකර ගත යුතු බව පැවසෙයි.

උපන් ලප 20
පාදයේ පහළ කොටසේ පිහිටි මෙම උපන් ලපය සුබ ලකුණක්‌ නම් නොවේ. මෙමගින් ජීවිතයේ අසීරු කාල පරිච්ඡේද සහ විඳවීම් හඟවනු ඇත.

උපන් ලප 21
පාදයේ මෙම කොටසේ පිහිටා ඇති උපන් ලප පුරුෂයන්ගේ පිහිටා ඇති නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට සහ සංචාරයයි. රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත. උපන් ලපය තිතක්‌ මෙන් කුඩා නම් සතුට පෙන්වයි. නමුත් එය කැළැලක්‌ මෙන් විශාල නම් එයින් අදහස්‌ කෙරෙන්නේ එම සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.

Posted Image

උපන් ලපය 38
තට්‌ටම ප්‍රදේශයේ පිහිටා තිබෙන උපන් ලප නිර්මාණශීලිත්වය, බුද්ධිය හා ප්‍රඥාව පිළිබඳ සලකුණකි. මෙම උපන් ලපය හිමි ඔබ දියුණුවට පත්වන හා සෙස්‌සන්ගේ ගෞරවාදරයට පාත්‍රවීමට නියමිත අයෙකි.

උපන් ලපය 39
කලවයේ පිටුපස පිහිටා තිබෙන උපන් ලපද වාසනාව, ජනප්‍රියත්වය හා ධනවත් බව පිළිබඳ ලකුණකි.

උපන් ලපය 40
විශේෂඥ දැනුමක්‌ හා ශූර බුද්ධියකින් යුතු අයෙකි. මෙවැනි අය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිය. උපන්ගෙයි නායකයන්ය.

උපන් ලපය 41
දණහිසට පිටුපසින් පිහිටා තිබෙන මෙම උපන් ලපය අයහපත පිළිබඳ සංකේතයකි. ජීවිතයේ ඔබට හොඳ දෙයට වඩා නරක දෙය අත්දැකීමට සිදුවනු ඇත. මෙවැනි උපන් ලප කුඩා සැත්කමක්‌ මගින් ඉවත් කර ගැනීමට හැකි නම් වඩා හොඳ වේ.

උපන් ලපය 42
පාදයේ පිටුපස මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය හිමි පුද්ගලයා ඉතාම කාර්යබහුල අයෙකි. නමුත් වැඩ කිරීම තුළින් ඔහුට කීර්තිය අත්වන නිසා එය "හොඳ" උපන් ලපයකි. මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගන්නෙකි.

උපන් ලපය 43
පාදයේ වළලුකර පිටුපස උපන් ලපයක්‌ හිමි අය නිතරම ගෙදරින් දුරස්‌ වී සිටින බව සදහන් වේ. නිවසින් දුර බැහැර සංචාරය කරන්නෙක්‌ද විය හැක.

උපන් ලපය 44
මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා ඇතිනම් ඇය තත්ත්වයක්‌ හෝ හොඳ නමක්‌ නොපවතින කාන්තාවක්‌ විය හැක. නිරාවරණය කිරීමට නුසුදුසු මෙය ආවරණය වර පරිදි ඇඳුම් ඇඳීම කළ යුතුය.

උපන් ලපය 45
ආදරය ලැබීම හා විවාහය වාසනාවන්ත වීම යන කරුණු අතින් එතරම් වාසනා බලයක්‌ නොමැති කාන්තාවන්ගේ මෙවැනි උපන් ලපයක්‌ පිහිටීමටද ඉඩතිබේ. මෙම උපන් ලපය තද පාටයි. නම් එකී අසුබ බලපෑමද ඉහළ යයි. ඇමරිකානු නිළියක වන රුෂෙල් වෙයිස්‌ගේද එවැනි උපන් ලපයක්‌ දැකිය හැක.

උපන් ලපය 46
තම ජීවිතයේ ඕනෑම කටයුත්තකදී වගකීම් රහිතව අපිළිවෙලට වැඩ කිරීම මෙම උපන් ලපය මගින් සංකේතවත් කරයි. තවද මොවුන් සිය ආර්ථිකය නිසියාකාරව සකසුරුවම් කිරීමට නොදනී. ඒ පිළිබඳව දක්‌වන්නේ ද උදාසීන ප්‍රතිපත්තියකි. එම නිසා මෙම උපන් ලපය හිමි අයගේ ජීවන රටාව අවුල් සහගත වන අතර එම හේතුවෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. එම නිසා මෙම උපන් ලපය හිමි ඔබ මේ කරුණු ගැන වඩාත් සැලකිල්ලෙන් සිටීම ඉතා සුබය.

උපන් ලපය 47
වළලුකරේ පිට පැත්තේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් පෙන්නුම් කරනු ලබන්නේ කැඩී බිඳී විසිරී යන පවුල් ජීවිතයක උරුම කාරයෙක්‌ බවයි. එසේත් නොමැතිනම් ජිවිතයේ වයස හතළිස්‌ ගණන්වලදී අසාර්ථක විය හැකි ආදරයක්‌ පිළිබඳවයි.
මෙම අහිතකර බලපෑම අවම කර ගැනීමට ඔබට භාවිත කළ හැකි ක්‍රමයක්‌ වන්නේ මෙම උපන් ලපය ආවරණය පරිදි දිගු අත් සහිත ඇඳුම් භාවිතා කිරීමෙනි. මෙසේ කිරීමට ඔබ වග බලා ගන්නේ නම් ඔබට ඇතිවිය හැකි නරක අවම වනු ඇත.

උපන් ලපය 48
අත්ල පිටුපස පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබ විශාල ධන සම්භාරයක්‌ උපයා ගත හැකි කෙනෙකි. මේ ගැන අවධානය යොමුකර වෙහෙස මහන්සි වී කැපකිරීම් කරමින් ධනය උපයාගත හැකි ක්‍රම සොයා බලා ඒ සඳහා යොමුවන්න.

No comments:

Post a Comment