Thursday 31 October 2019

හොරගොල්ලේ රහස් මෙහෙයුමට පැමිණි මහින්දගේ අමුත්තා

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්ව‌යෙන් ‌මෙම උත්සවය පැවැත්වෙන අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක ප්‍රකාශයක් ‌මෙහිදී සිදුකරනු ඇති බවද දැනගන්නට තිබේ.

ඒ සදහා ලබන 03 වැනිදා සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවීමේ ලිපියක් ‌මේ වනවිට නිකුත් වී ඇති බව වාර්තා ‌වේ.
ශ්‍රීලනිපයේ ‌ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන කුමාර ‌වෙල්ගම මහතාගේ අත්සනින් යුතුව ‌මෙම ලිපිය ඊ‌යේ (29) දින නිකුත් කිරීමට පියවර ‌ගෙන ඇති බව පැවසේ.
මේ සදහා මහින්ද රාජපක්ෂ මහතාට මෑතකදී ලගින්ම සිටින පුද්ගලයකුද  සහබාගි වන බව ආරංචි වී ඇත.

Wednesday 30 October 2019

සජිත් ඝාතන තැත වැරදි...රට තුල....

කුරුණෑගල රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසින් සංවිධානය කරන ලද රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක සහ ඒ අවට මාර්ග වල විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අනතුරුදායක තත්ත්වයකින් බේරුණ බවත් මෙයට කුරුණෑගල නගර සභාවේ බලය හිමි පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් සිදුකළ බවටත් ඔහු චෝදනා කළේය.
“බරපතල තත්ත්වයක් ඇතිවුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගල රැස්වීමට සම්බන්ධ වීම සඳහා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයටත් උඩවල්පොල ක්‍රීඩාංගණයටත් හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.
එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ජීවිතයට අනතුරුදායක තත්වයකින් බේරුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ වැඩ කිසිකෙනෙක් නොකළ යුතුයි. අපි මේ මැතිවරණය කරන්නේ සාධාරණ ලෙසයි. මේ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා සිය නිල ෆේස්බුක් පිටුවට ප්‍රකාශයක් කර තිබුණි.

Tuesday 29 October 2019

පොහොට්ටුව හාන්සියි.,සජිත්ට නියත ජය..

විශේෂ පුවතක් බලාපොරොත්තු වන්න. 

මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ ඉතා විශේෂ පුද්ගලයෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා  වන සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කර වීම සදහා මේ වන විට විශේෂ සාකච්චාවක් පැවැත්වේ.

තිස්ස අත්තනායක මහතා හා රාජ්‍ය අමාත්‍යවරුන් වන  බුද්ධික පතිරණ ,අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් මේ සදහා මේ මොහොතේ සහභාගී වී සිටින අතර එම සුවිසේෂි පුද්ගලයා සමග කණ්ඩයමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වේදිකාවට ගොදවනු ඇත.

Monday 28 October 2019

පොහොට්ටුවෙන් ප්‍රබල කණු 4ක් ගැලවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයන් වන

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ප්‍රේමලාල් ජයසේකර  ,
හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පුත් බදුල්ල  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස ,
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුතුකුමාරණ

 යන අය වන අතර ඔවුන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග එකතු වී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහනයක් බවට පත් කිරීමට සහයෝගය ලබා දෙන බව වාර්තා වේ.

විමල්ගේ ගාල්ලේ ඔක්කොම සජිත්ට

විමල් විරවංශගේ නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක හිනිදුම සංවිධායක ,ගාල්ල නාගොඩ සංවිධායක ඇතුලු සංවිධායක වරැන් පිරිසක් අද දින (28) ජනාධිපතිවරණ ⁣මෙහෙයුමි කමිටු ප්‍රධානි ගරැ තිස්ස අත්තනායක මහතා මුණගැසි සජිත් ⁣ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය සදහා කැපවන බවට ප්‍රකාශ කරන ලදි.

Sunday 27 October 2019

නුවරඑළිය සජිත් වාර්තා තබා 165,000 දිනයි.

දිස්තික්කය :- නුවර එලිය 
 ජයග්‍රහනය :- සජිත්    
 වැඩි චන්ද :- 165,000 දිනයි

මෙහිදී වතුකරයේ ජනතාව පසුගිය ආණ්ඩුවේ වැඩ කටයුතු පිලිබදව ඔවුන්ට ලැබුණු සේවය පිලිබදව සැහීමකට පත් වී ඇති බව පෙන්නුම් කරයි.තවද ඔවුන්ට සජිත් ප්‍රේමදාස මහත් ගැන විශාල බලාපොරොත්තුවක් තබා ගෙන සිටින අතර ඔවුන්ගේ දෛනික වැටුප් එතුමා විසින් වැඩි කර දෙනු ඇතැයි විශ්වාස කරයි.

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

මාතර ගෝටා දිනයි ,එත් කැපිල්ලක්

දිස්තික්කය :- මාතර 
 ජයග්‍රහනය :- ගෝටාභය     
 වැඩි චන්ද :- 50,000 දිනයි

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයන් ගෝටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටීද යන්න ගැටළුවක් පන නැගී ඇති අතර එහි වාසිය සජිත් ප්‍රේමදස මහතා වෙත ලැබී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද බොහොමයක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පාවිච්චි වනු ඇතැයි විශ්වාස කරනු ලැබේ.

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

දෙනියායේ ඇවිලෙන පොහොට්ටු යුද්ධය

දෙනියාය ආසනයේ චන්ද පදනම් පවතින්නේ වාමාංශික දේශපාලනයට බරවය.එහෙත් සාගල රත්න්යකගේ ආගමනයත් සමග එය යම් තාක් ධුරට වෙනස් වීමකට ලක් වී ඇත.

එහෙත් අද වන විට එය එකම දේශපාලන ධාරාවේ පිරිස වෙනුවෙන් මිනිමරගන්නා ආසනයක් බවට පත් වී ඇත.එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂ මාතර දිස්ත්‍රික් නායක වීරසුමන වීරසිංහ මැතිතුමා  වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසනයේ සංවිධායක ධුරය ලැබීමත් සමගය.එයට හේතුව වී තිබෙනුයේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ නැගණියගේ හා  දෙනියාය ප්‍රදේශයේ තම ව්‍යාපාරික වපසරිය පතුරව ගත් තුසිත රණවක  මහතාගේ  පුත්‍රයා වන නිපුන රණවක මහතා දෙනියාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසනයේ සංවිධායක ධුරය බලාපොරොත්තුවෙන් සිටියත් දේශපාලන පරිනත භාවයෙන් යුතු හිටපු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා වෙත් එම ධුරය ලැබීමය.

මෙහිදී වීරසුමන වීරසිංහ මහතා සමග කන්චන විජේසේකර  හා කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම හා සියලුම මන්ත්‍රී මණ්ඩලය එක් වී සිටින අතර නිපුන රණවක මහතා වෙනුවෙන් දෙනියාය වෙළද සංගමය හා රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙක් සහයෝගය දක්වනු ලබයි.

කෙසේ වුවද ඔවුන් දෙපාර්ශවය නිතරම ගැටුම් ඇති කරගනිමින් සිටින අතර පසුගිය දිනකදී කොස්මෝදර ප්‍රදේශයේදී එම ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්චන විජේසේකර මහතාද මැදි  වූ අතර ඔහු සිට ගත්තේ විරසුමන වීරසිංහ මහතා  හා කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම හා සියලුම මන්ත්‍රී මණ්ඩලය සමගය.
මේ හේතුවෙන් දෙනියාය වෙළද සංගමයේ නැවතත්  ,ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් සමග  අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සමග විශේෂ හමුවක් පවත්වා ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් කැප වන බව ප්‍රකශ කොට තිබේ.
මේ වන විට දෙනියාය තුල පවතින දේශපාලන වතවරන්‍ය 1999 වයඹ පළාත් සභා මැතිවරණය හා සමාන බව වාර්තා වේ.

විශේෂ වාර්තා කරු:- මහේෂ් දහනායක

Tuesday 22 October 2019

175,000 කින් සජිත් දිගාමඩුල්ල දිනයි

දිස්තික්කය :- දිගාමඩුල්ල
 ජයග්‍රහනය :- සජිත් ප්‍රේමදාස    
 වැඩි චන්ද :- 175,000 දිනයි

මෙහිදී සුළු ජන කොටස් සියල්ලම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් 99% තම මනාපය ලබා දෙන බව පෙන්නුම් කරයි.තවද එහෙම දිස්ත්‍රික්කය තුල සිටින ප්‍රබල ඇමැතිවරයකුට ජනතාව ප්‍රසංසා කරන ආකාරයක්ද පෙන්නුම් කරයි.
2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

ගාල්ල ගෝටා ට..,සුළු ජන චන්ද අනුව පසුබෑමක්

දිස්තික්කය :- ගාල්ල
 ජයග්‍රහනය :- ගෝටාභය රාජපක්ෂ   
 වැඩි චන්ද :- 44,000 දිනයි
පසුගිය දා පැවත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිපලය හා අප විසින් ඇල්පිටිය මැතිවරණ කොට්ටශය තුල පැවත්වූ සමීක්ෂණය 98% දක්වා සමාන තාවයක් දැක්වූ බව පෙන්නුම් කරයි.ගාල්ල දිස්ත්‍රික්කය තුල ගොටාභය රාජපක්ෂ මහතා වෙත සිංහල බහුතර චන්ද නැබුරුතාවයක්  දැක්වුවද වෙනත් ජන කොටස් වෙසෙන ප්‍රදේශ තුලදී ඔහුට හිමි වන්නේ 3.2% පමණ චන්ද ප්‍රතිශතයකි.එම නිසා ගොටාභය රාජපක්ෂ මහතා ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහනය කලද ඔහුට ගාල්ල දිස්ත්‍රික්කය තුල පැහැදිලි  පසුබෑමක් පෙන්නුම් කරයි

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

Monday 21 October 2019

බදුල්ල 81000 සජිත් දිනයි

දිස්තික්කය :- බදුල්ල
 ජයග්‍රහනය :- සජිත් ප්‍රේමදාස  
 වැඩි චන්ද :- 81000 දිනයි

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

අනුරාධපුර ගෝටා 17500 කින් දිනුම්

දිස්තික්කය :- අනුරාධපුර
 ජයග්‍රහනය :- ගෝටාභය රාජපක්ෂ 
 වැඩි චන්ද :- 17500 යි 

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

Sunday 20 October 2019

"කෝ හු#$@තෝ සෙනග කට විතරයි" මොරවකදි ඩලස්ගේන් කුණුහරැපයේන් ගෝඨාභය අසයි.

"කෝ හු#$@තෝ සෙනග කට විතරයි" මොරවකදි ඩලස්ගේන් කුණුහරැපයේන් ගෝඨාභය අසයි.
විස්තර සමග හඩ පටය බලාපොත්තු වන්න.
මාතර දිස්ත්‍රක්කයේ අද දින පැවැත් වු ගෝඨාභය රඡපක්ෂ මැතිතුමා ඡයග්‍රහනය කරවිමෙ සියල්ලම අසාර්ථක  වි තිබෙි.ඵයට හේතුව වි තිබෙනුයේ වැලිගම ,අකුරැස්ස ,මොරවක යන සැම ජන හමුවකටම  සෙනග පැමිණීම අඩුවිමය.මුලටියන ජන රැලිය පිලිබදව ලක්ෂ්මන් යාපා හට,ගෝඨාභය රඡපක්ෂ මැතිතුමා ප්‍රසංසා කට තිබෙන අතර  ඩලස් අලහපෙරුම මහතා හට පරුෂ වචනෙන් බැන වැදී  ඇත.
ඔවුන් මාතර දිස්ත්‍රික්කය  පිලිබදව  විශාල ජයඟ්‍රහණ බලාපොරොතුවක් තබා තිබුනත් මෙවැනි පරිසරයක් තුල එවැනි ජයග්‍රහනයක් වාර්තා කිරීමට නොහැකි බව පසක් වී ඇත.
මේ පිලිබදව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්ගෙන් ගෝටාභය රාජපක්ෂ මහතා විඅම්සු විට ඔහු ප්‍රකාශ කර තිබුනේ ''මම ජාතික දේශපාලනය කරනන්යි ,මාතර හදන්නයි දෙකක් බැහැ'' කියාය.
මේ හේතුවෙන්  ඩලස් අලහප්පෙරැම මහතා හා ගෝඨාභය රඡපක්ෂ මහතා අතර කාලයක සිට පැවත ඵන ගැටුම නැවතත්  අරම්භ වි ඇති බව වාර්තා වේ.

Friday 18 October 2019

கோதபய ராஜபக்ஷவை ஆதரிக்க போடு பாலசேனா முடிவு செய்துள்ளது.

போடு பாலசேனா (பிஏ) 2019 ஜனாதிபதித் தேர்தலில் கோதபய ராஜபக்ஷவை ஆதரிக்க முடிவு செய்துள்ளது.

போடு பாலசேனா கிளைகளின் தலைமை துறவிகள் களுத்துறை, மகாரகம, மாத்துகம, ஹினிடுமா, டெனியா, ஹக்மனா, ஹம்பாந்தோட்டா மற்றும் முல்கிரிகலா.
மதகுருமார்கள் இலங்கை மக்கள் கூட்டணியின் (யுபிஎஃப்ஏ) கிராமங்களுக்கு கோட்டபய ராஜபக்ஷவுக்கு வாக்களிக்கச் சென்றிருந்தனர்.

மிகவும் சிங்கள மற்றும் ப .த்த அமைப்பான இந்த அமைப்பு
அமைப்பு, சிறுபான்மை சமூகத் தலைவர்கள் மற்றும் சிறுபான்மையினருடன் கோதபய ராஜபக்ஷ வெளியேறுவதை ஆதரிக்க பேச்சுவார்த்தை நடத்தி வருகிறது.

සුළු ජන නායකයින් ගෝටාභයගෙන් ඉවත් වෙයි

අතිශය සිංහල හා බෞද්ධ සංවිධානයක් වන සිංහල බොදුබල  සංවිධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝටාභය රාජපක්ෂ මහතා සහයෝගය පල කිරීමත් සමග එතුමා සමග සිටින සුළු ජන කොටස් වල නායකයින් හා පක්ෂ එතුමාගෙන් ඉවත් වීමට මේ වන විට සාකච්චා කරනමින් පවතින බව වාර්තා වේ.

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නායකත්වය දරණ සිංහල බොදුබල සංවිධානය මෙවර 2019 ජනධිපතිවරණයේදී තම සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබේ .

කළුතර ,මහරගම ,මතුගම,හිනිදුම,දෙනියාය,හක්මන,හම්බන්තොට,මුල්කිරිගල යන සිංහලේ බොදුබල සංවිධානයේ ශාඛාවන්හි  ප්‍රධාන හිමිවරුන් ගම්මාන වෙත ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝටාභය රාජපක්ෂ මහතා වෙත තම චන්දය ලබා දීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටියි.

බොදුබලේ සහය ගෝටාභයට

අතිශය සිංහල හා බෞද්ධ සංවිධානයක් වන මෙම සංවිධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝටාභය රාජපක්ෂ මහතා සහයෝගය පල කිරීමත් සමග එතුමා සමග සිටින සුළු ජන කොටස් වල නායකයින් හා පක්ෂ එතුමාගෙන් ඉවත් වීමට මේ වන විට සාකච්චා කරනමින් පවතින බව වාර්තා වේ.

Thursday 17 October 2019

චන්ද ලක්ෂ 10 කින් සජිත් දිනුම්

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.
එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.
එහිදී අප හදුනාගත් ප්‍රධාන සාධකය වනුයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති  අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා අනෙක් අපේක්ෂකයන්ට වඩා වැඩි චන්ද ලක්ෂ 10 .5 පමණ ලබා ගෙන ඉදරියෙන් සිටින බවය.එහිදී එතුමාට හොදම ප්‍රතිවාදියා වී තිබෙනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මැතිතුමාය.නිවැරදිම ප්‍රතිපලය මෙය නොවුනත් ආසන්න ලෙස හෝ මෙම ප්‍රතිපලය  හා 2016 නොවැම්බර් 16 වෙනි දින ප්‍රතිපලය අතර මනා සම්බන්ධයක් තිබෙන බව නම් කිව යුතුමය.
අප ලබා ගත නිර්ණායක පහත පරිදි වේ.
සැලකිය යුතුය:-යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

01. රජයේ සේවකයන් ,
         1.1. ගුරු
         1.2. ක්ෂෙස්ත්‍ර
         1.3. අන්‍යධ්‍යාන
         1.4. ආරක්ෂක
         1.5 .කලමණාකාර
02. පුද්ගලික අංශයේ සේවකයන් ,
          2.1. බහුජාතික
          2.2. භාණ්ඩ
          2.3. සේවා
          2.4. මුදල්
          2.5. ඇගළුම්
03. එදිනෙදා දෛනික වැටුප් ලබන්නන් ,
          3.1. කම්කරු
          3.2. මේසන්වරු
          3.3. වඩු බස් වරු
          3.4.  වතු සේවක
          3.5 . වෙනත්
04. පලමු චන්දය භාවිතා කරන්නන්,
           4.1. පාරම්පරික
           4.2. ස්වාධින
           4.3. දේශපාලන මතයක් දරණ
           4.4. වෙනස් ආකල්ප
            4.5. රට වෙනුවෙන්
05. සිංහල බහුතරය ,
          5.1.දකුණ (මාතර.ගාල්ල .හම්බන්තොට ,රත්නපුර ,කළුතර)
          5.2.බස්නාහිර (කොලබ .ගම්පහ,කෑගල්ල,කුරුණෑගල  )
          5.3. මධ්‍යම  (මහා නුවර ,නුවරඑළිය,මාතලේ බදුල්ල,මොනරාගල  )
          5.4  උතුර (යාපනය ,වන්නි,අනුරධපුර,පුත්තලම )
           5.5. නැගෙනහිර (දිගාමඩුල්ල ,මඩකලපුව ,ත්‍රිකුණාමලය ,පොලොන්නරුව)
06. දමිළ බහුතරය ,
          6.1.දකුණ (මාතර.ගාල්ල .හම්බන්තොට ,රත්නපුර ,කළුතර)
          6.2.බස්නාහිර (කොලබ .ගම්පහ,කෑගල්ල,කුරුණෑගල  )
          6.3. මධ්‍යම  (මහා නුවර ,නුවරඑළිය,මාතලේ බදුල්ල,මොනරාගල  )
          6.4  උතුර (යාපනය ,වන්නි,අනුරධපුර,පුත්තලම )
           6.5. නැගෙනහිර (දිගාමඩුල්ල ,මඩකලපුව ,ත්‍රිකුණාමලය ,පොලොන්නරුව)
07. මුස්ලිම් බහුතරය
         7.1.දකුණ (මාතර.ගාල්ල .හම්බන්තොට ,රත්නපුර ,කළුතර)
         7.2.බස්නාහිර (කොලබ .ගම්පහ,කෑගල්ල,කුරුණෑගල  )
         7.3. මධ්‍යම  (මහා නුවර ,නුවරඑළිය,මාතලේ බදුල්ල,මොනරාගල  )
         7.4  උතුර (යාපනය ,වන්නි,අනුරධපුර,පුත්තලම )
         7.5. නැගෙනහිර (දිගාමඩුල්ල ,මඩකලපුව ,ත්‍රිකුණාමලය ,පොලොන්නරුව)
08. ඉඩම් හිමියන්
          8.1.සුළු අපනයන බෝග
          8.2. මහා පරිමාණ බෝග
          8.3. මඩ ඉඩම්
          8.4.ගොඩ ඉඩම්
          8.5. ගෙවතු
09. තනි පුද්ගල ව්‍යාපාරිකයන්
          9.1.සිල්ලර වශයෙන්
          9.2. තොග වශයෙන්
          9.3. සේවා වශයෙන්
          9.4. නිෂ්පාදන
          9.5.  ජංගම වශයෙන්
10. සමාගම්
          10.1. පොදු සමගම
          10.2. කොටස් විකුණන සමගම
          10.3. තනි පුද්ගල සමගම
          10.4.  හවුල් ව්‍යාපාරයක්
          10.5.  පවුලේ  ව්‍යාපාරයක්

ජනප්‍රිය නළුවා දුෂණය කල අන්‍යාගමික තරුණිය

ඊයේ (15) දිනයේ මාධ්‍ය හමුවක් කැදවමින් ගයාන් වික්‍රමතිලක නැමති නලුවා සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ඉතා සරල මට්ටමේ චෝදනා කිහිපයක් එල්ල කරනු ලැබීය. එහිදි ව්ශේෂයෙන්ම දුප්පත් දරුවන් හට පාසැල තුලදීම දිවා ආහාර වේල ලබා දිය යුතුය යන සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ පොරොන්දුව ගයාන් ගේ බුද්ධියේ තරමට ඉතා විහිලු සහගත ලෙස විවේචනය කරනු ලැබීය.
රටේ දරුවන්ගේ මන්ද පෝෂණය පිළිබදව යම් තරමකට හෝ අවබෝධයක් දැනුමක් තිබෙන පුද්ගලයෙකුට කිසිසේත්ම බැහැරකල නොහැකි සජිත්ගේ මෙම යෝජනාව ගයාන් නැමැත්තා විවේචනය කරනුයේ ඔහුගේ බුද්ධියේ තරමද පෙන්වමිනි. ‘නිකං කන්න දෙන කෙනෙක් නොව උපයාගෙන කන්න පුලුවන් රටක් හැදිය යුතු බවට ගයාන් විසින් එහිදි චෝදනා කරයි.’ නමුත් 2015ට පෙර වසර 10ක්ම මෙරට පාලනය කරු ලැබුවේ රාජපක්ෂලාය. නිකං තියා උපයාගෙනවත් කන්න පුලුවන් රටක් නිර්මාණය කිරිමට ඔවුනට නොහැකි විය. නමුත් එසේ කියන ගමන්ම ගයාන් රාජපක්ෂලාට කඩේ යන්නේය.
ආර්ථිකය දවසින් දෙකකින් හැදිය නොහැකි බව අඩු බුද්ධියක් සහිත ගයන්ට කියා දීම වටී. ආර්ථිකයක් ගොඩ ගැනීමට අවම වශයෙන් පස් වසරක ආර්ථික සැලස්මක්වත් ක්‍රියාත්මක කලයුතු වෙයි. නමුත් එම කාළය තුලදිවත් දුගි දුප්පත් ජනතාවගේ මුලික අවශ්‍යතා කිසි ලෙසකින්වත් මග හැරිය නොහැකි වෙයි. ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට යන ගමනේදි රටේ නැති බැරි ජනතාව රැක ගනිමින් සිය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැගිමේ අභියෝගයට ලොව සෑම රාජ්යක්ම මුහුණ දෙයි. සමාජ සුභ සාධනය කිසි ලෙසකින් වත් බැහැර කලයුතු නොවේ. ලොකයේ එසේ කල රටවල්ද නැත. නව ලිබරල් වාදයේ මුලිකයා ලෙස ක්‍රියාත්මක වන ඇමරිකාව පවා සුභසාධන ආර්ථිකය ප්‍රතික්ෂේප නොකරයි .
ගයාන්ට තව දෙයක්ද මතක් කල යුතුය එනම් රටේ අනිත් දරුවන්ට ලබා දෙන බත් වේල ගැන සෙවීමට පෙර තමන්ගේ පෙර කසාදේ දරුවන්ට බත් වෙලක් ලබා දෙන ලෙසය. ඔවුන්ව රැක බලා ගන්නා ලෙසය. ගයාන් තම පෙර කසාදයේ දරුවන් හට සලකන ආකාරය පිළිබදව එකල වෙබ් අඩවි වාර්ථා කර තිබු අයුරු.

Tuesday 15 October 2019

මහින්දගේ හිටපු ධිවර ඇමති හා ග්‍රාමීය කටයුතු නියෝජ්‍ය ඇමති සජිත්ට

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරවීමට කැපවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 44 දෙනෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා එක්වෙමින් ඊයේ (15) ප්‍රකාශ කළහ.
පොහොට්ටුවට පාවාදීම හේතුවෙන් දියවී විනාශ වී යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රැකගැනීමට සජිත් ප්‍රේමදාස මහතා හා එක්වන බව ඔවුහු ප්‍රකාශ කළහ.
හිටපු නියෝජ්‍ය ඇමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වික්ටර් ඇන්තනී පෙරේරා, වයඹ පළාත් සභාවේ හිටපු ධීවර ඇමැති සුමාල්  තිසේරා, ඌව පළාත් සභාවේ මන්ත්‍රී ආර්. එම්. කේ. බී. මැදවල මහතා ඇතුළු කෑගල්ල, බදුල්ල, ලාහුගල, යටියන්තොට, අරනායක, මඩකලපුව ඇතුළු දිවයි‍නේ උතුරු නැගෙනහිර ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා රැසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සංවිධායකවරුන් 44 දෙනෙක් සජිත් මහතා හා එක්වන බව ප්‍රකාශ කළහ.
තිරුක්කෝවිල්, මඩකලපුව, මාවනැල්ල, හොරොව්පතාන, මුලතිව්, උදයන්කට්ටු, වාන්කුලම්, අරනායක, යටියන්තොට, ආලයඩිවෙම්බු, මඩුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වයඹ, ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් එම පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායකයින්, ආසන සංවිධායකවරුන් මෙසේ එක්විය.
විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ ඇමැති රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් ඉදිරියේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා එක්වූ මෙම නිදහස් පක්ෂ ජනතා නියෝජිතයින් පිළිගත්හ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලියේදී එතුමාට සහාය දැක්වීමට එක්වූ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි මහතාගේ අඩිපාරේ යමින් තම සඟයන් සමඟ එක්වන බව මාධ්‍ය හමුවට එක්වූ ඔවුහු පැවසූහ.
විජිත් විජිතමුණි මහතාද මෙම අවස්ථාවට එක්විය.
පොහොට්ටුවේ පවුල් වාදයට එරෙහි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ජනපති කර ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා අත්වැල් බැඳගන්නා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මැති ඇමැතිවරුන් ගෞරවයෙන් පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ උපනායක ඇමැති රවි කරුණානායක මහතා එහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස රට ගැන සිතා ලබාගත් නිර්භීත තීන්දුව ජනතා ජයග්‍රහණයක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
පසුගිය වසර හතර තුළ බයක් සැකක් නොමැතිව ජීවත්වීමට හැකි රටක් බිහිකර දුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව එම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් හංසයා ලකුණින් සජිත් ප්‍රේමදාස මහතා ජනපති සටනට ඉදිරිපත් කර ඇති බවත්, ජනතාව ජයග්‍රහණය කරවීමට නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගේ සහාය අගය කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජිතයින්ට සජිත් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වීම පිළිබඳව ස්තුති කළේය.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙසේද පැවැසීය.
සජිත් ඇමැතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ඇමැතිවරුන්ට දැනට එම පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ට අපගේ ස්තුතිය පුදකරනවා.
ඔබ අප හා එක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න පවුල්වාදය පිටුදකින්න. මේ රටේ ලොකුම පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා. පවුල්වාදය, රාජපක්ෂ අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටින ශක්තියට ස්තුති කරනවා.
පොහොට්ටුවට එක්වූ නිදහස් පක්ෂ ප්‍රබලයින්ට පොහොට්ටු පාක්ෂිකයෝ සැලකුවේ කොහොමද කියලා මුළු රටම දැක්කා. ඔවුන්ට මැර හූ හඬ ලැබුණ හැටි මුළු රටම දැක්කා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලොකු නායකයෝ පොහොට්ටුවට එකතු වූවත් නිදහස් පක්ෂ සාමාජිකයන් පොහොට්ටුවට ඡන්දය ලබානොදෙන බව මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා එහිදී පැවැසීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵලය එය මනාවට පෙන්වා දෙන බව පැවසූ සොයිසා මහතා සියයට 12.15 ක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද ප්‍රතිශතය කිසි දිනෙක පොහොට්ටුවට නොලැබෙන බවද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගේ ඡන්ද එකතුවිය යුත්තේ හංසයාට බවද පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වී ඇති බැවින් පාක්ෂිකයා රැකගැනීමට හංසයා සමඟ එකතු වන බවත් වැඩිදුරටත් පැවැසීය.
මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ මඩකලපුව, මුලතිව්, එ‍රාවුර්, වාන්කුලම්, තිරුක්කෝවිල් ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ටී.එන්.ඒ., ඊ.පී.ඩී.පී. පක්ෂවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද එක්ව සිටීම විශේෂත්වයක් විය.
මඩකලපුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී. සසිදරන්, තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී කේ. යාලනී, මුලතිව් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ. සතාසිවම්, වාන්කුලම් ඩී. ජයසීලන් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක්ද හංසයාගේ ජය තහවුරු කිරීමට එක්වූහ.

නුවර එලිය වතුකරයේ ජනතාව හා මුරලිදරන් අතර ගැටුමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තම දේශපාලන සහයෝගය ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගොටාභය රාජපක්ෂ මහතා වෙත පල කරමින් සිටි.එහෙත් සමාජ මාධ්‍ය ජලය ඔස්සේ මුත්තයියා මුරලිදරන්ගේ නිවාස ආසන්නයේ සිටින තරුණියක් ඔහු  ගැන මුහුණු පොතේ යම් අදහසක් දක්වා තිබුණි.
ඒ මගින් කියවුනේ
මුරලිදරන් අප වෙනුවෙන් කිසිවක් කර නැත.
ගංවතුරකින් පාන් ගෙඩියක්වත් කෑවේ නැත.
මොකද ඒ මහත්තයා. තම සහෝදරයාව එතනෝල් වලින් බේරාගත් මහින්ද මුරලිදරන් ගෝතභයගේ වේදිකාවට පැමිණේ.
මුරලි අප වෙනුවෙන් කිසිවක් කළේ නැත,
ජේවීපී මෙය කළා.
නමුත් නායකයාගේ හදවත සජිත් ය.
ඔහු පියෙක් සහ දුප්පත් මිතුරෙක් විය. "

මෙවැනි අදහසකි.එමගින් අපහට සිත ගත හැකි වනුයේ මුත්තයියා මුරලිදරන් යනු තවත් එක් චන්ද ඉත්තකු පමණක් බවත් ඔහු මේ අවස්ථාවේ තම සහයෝගය කල කරන්නේ තම සහෝදරයාගේ එතනෝල් හසු වූ විට එය නිරාකරනය කර දුන් අයට කාලගුණ සැලකීමක් ලෙසටය.''මුරලි ඉන්නවා ''' , '''මුරලි ඉන්නවා ''' කිවූ  අයට මුරලි ගෙනෙන චන්දයක් නොමැත.වතුකරයේ ජනතාව චන්දය භාවිතා ඔවුන් වෙනුවෙන් සේවය කර තිබෙන අය වෙනුවෙන් පමණක්ම බව මනා ලෙස පැහදිලිය.

Monday 14 October 2019

චන්ද්‍රිකා එක්ක සජිත්ට එන ආසන සංවිධායකයෝ 127 මෙන්න

''මා ආදරණීය සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනි ! මිත්‍රවරුනි !
අප සියලු දෙනාගේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අදූරදර්ශී නායකත්වය නිසා පක්ෂය සහ පාක්ෂිකයා දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ, පක්ෂය වෙනුවෙන් මෙතෙක් කල් බොහෝ කැපවීම් කළ ඔබ ව ආමන්ත්‍රණය කිරීම මාගේ බලවත් යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමි. ඒ, දශක ගණනාවක් පුරා ඔබත් සමග අපගේ පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ මා, උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ දරන මතය කුමක් ද ? යන්න පිළිබඳ ඔබ විශාල උනන්දුවකින් සහ උද්යෝගයකින් පසු වන බව දන්නා බැවිනි.
අපගේ ආදරණීය පක්ෂය වසර 68ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන දේශපාලන පක්ෂයකි. ඒ, නිදහසින් පසු අප රටේ වැඩිම කාලයක් පාලන බලය හෙබ වූ පක්ෂය වන නිසා ම නොව, අධිරාජ්‍ය ගැති පාලනයන් විසින් මාතෘ භූමියේ සැබෑ උරුමක්කාරයන් බැඳ දමා තිබුණු යදමින් සහ රැහැනින් ඔවුන් ගලවා ගැනීමට නායකත්වය ලබා දුන් දේශපාලන පක්ෂය ද වන බැවිනි. අප පක්ෂයට එසේ වැඩිම කලක් රාජ්‍ය බලයේ රැඳී සිටීමට හැකි වූයේ අප පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් නිදහස සහ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටිය බැවිනි. අප පක්ෂය බණ්ඩාරනායකවරුන් යටතේ පාලනය වූ වසර 54ක කාල සීමාව තුළ කිසිදු විටෙක මිනී මැරුම් සිදු නොකෙළෙමු. ජනතාවගේ වත්කම් සොරකම් නොකළෙමු. සෑම විටෙම රාජ්‍ය පාලන කටයුතු විනිවිද භාවයකින් යුතු ව කිරීමට කැප වී සිටියෙමු.
දේශීය ආර්ථිකය නඟා සිටුවා මෙරට පොදුජන හිතෛශී ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය පාලනය සඳහා අනුගමනය කරනු ලැබුවේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් විසිනි. අපි අගමැතිවරු බිහි කළෙමු. ජනාධිපතිවරු බිහි කළෙමු. පොදු ජන නායකයින් බිහි කළෙමු. මෙරට වරප්‍රසාද නොලත් පොදුජනතාව ආර්ථිකමය වශයෙන්, දේශපාලනික වශයෙන් මෙන් ම අධ්‍යාපනික වශයෙන් ද සන්නද්ධ කිරීමට කටයුතු කළෙමු.
එවැනි සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසින් පසු පැවැත්වූ සියලු මැතිවරණවලට ඉදිරිපත් විය. එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට තව නොබෝ දිනකින් මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට පැවැත්වෙන තීරණාත්මක ජනාධිපතිවරණය සඳහා අප පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්නට නොහැකි වී තිබේ.
ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ හතෙන් හතරක් ඍජුව ජයග්‍රහණය කර ගැනීමට අප පක්ෂයට හැකි විය. 1994 පැවති තුන්වන ජනාධිපතිවරණයේ දී වසර 17කට පසුව පක්ෂයට රාජ්‍ය බලය ලබා දී ලෝකයේ ජනාධිපතිවරණයක දී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගත් නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු බිහි කිරීමට ද අප ආදරණීය පක්ෂයට හැකි විය. එවැනි ප්‍රතිශතයක් ලබා ගත් අනෙක් ලෝක නායකයා වූයේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ය. ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ ජනාධිපතිවරණ තුනෙන් 2015 පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයන් වූයේ අප පක්ෂයේ ම ලේකම් සහ සභාපතිවරයා යි. එහිදී පක්ෂ ලකුණ සභාපතිවරයා සතු වුව ද පක්ෂ ප්‍රතිපත්ති සහ සැබෑ පාක්ෂිකයා සිටියේ පක්ෂ මහලේකම්වරයාගේ පාර්ශවයේ ය. ඒ අනුව ගත් කල අප පක්ෂය පරාජයට පත් වූයේ ජනාධිපතිවරණ දෙකක් පමණි.
එවැනි ජයග්‍රාහී පක්ෂයක පසු කාලීනව නායකත්වය ලබා ගත් අඥාදායක නායකයකු පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේ දී මෙරට පොදු ජනතාව ජීවිත අවදානම් නොතකා නායකත්වය ගත්ත ද, හැට දෙලක්ෂයක ජනවරමින් බලයට පත්වූ නායකයා තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී තිබේ.
පක්ෂ නිර්මාතෘවරයාගේ සිට බිම් මට්ටමේ සමාජිකයන් දක්වා පක්ෂ ක්‍රියාකාරීන් දහස් ගණනකගේ ජීවිත පවා පූජා කොට රැකගත්, පක්ෂ ක්‍රියාකාරිකයින් ලක්ෂ ගණනකගේ ලේ, කඳුළු, දහදියෙන් පෝෂණය වූ පක්ෂය අද වන විට පත් ව තිබෙන ඉරණම පිළිබඳ සිත් යොමු කරන සෑම මොහොතක ම, ඔබගේ මෙන් ම මගේ හදවත ද නිහඬව වැලපෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වංචනිකයන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින්ගෙන් සමන්විත පක්ෂයක් නොවේ. එය මෙරට තැලෙන පෑගෙන පොදුජනතාවගේ පක්ෂයයි. ජාතිවාදය, ආඥාදායක්ත්වය, මර්දනය, සොරකම, අවනීතිය රජකරන යුගයකට රට නැවත තල්ලු කිරීමට කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු සූදානම් නොමැති බව මම දනිමි.
අප පක්ෂය අතීතයේ සිට ම ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් ම අගය කළ පක්ෂයකි.පක්ෂ නිර්මාතෘවරයා තම ජීවිතය පූජා කළේ ද, සිරිමවෝ බණ්ඩාරනායක මැතිනිය අනේක විද නින්දා අපහාස දුක්ගැහැට වින්දේ ද, ඔබ වැනි ම අහිංසක සැබෑ පාක්ෂිකයන් දහස් ගණනක් ජීවිත පූජා කළේ ද ඒ වෙනුවෙනි.
එබැවින් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 95% කගේ විරෝධය නොතකා ඉතා අතලොස්සක් වන අවස්ථාවාදී නායකයන් පිරිසකගේ පෞද්ගලික බලලෝභී අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන්, පක්ෂයේ සදාදරණීය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දහ නව වන ගුණානුස්මරණය යෙදී තිබූ ඉකුත් ඔක්තෝබර් 10 වන දින දී ම, පක්ෂය ගිවිසුමක් මගින් කුමන්ත්‍රණකරුවන් පිරිසකට පවරා දී, පක්ෂය විනාශ කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වීමට ඉඩ නොතැබිය යුතු ය. ඒ සඳහා ඔබ සියලු දෙනා එළඹෙන ජනාධිපතිවරණයේ දී වඩාත් බුද්ධිමත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
වසර 17ක් පුරා ඔබ අප සියලු දෙනා විඳි අප්‍රමාණ හිරිහැර පීඩාවලින් මිදී අසරණව සිටි පක්ෂය වඩාත් ජව සම්පන්නව ජයග්‍රහණය කිරීමට 1994 දී නායකත්වය ගත්තාක් මෙන්, මේ තීරණාත්මක අවස්ථාවේ දී ද අප පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන පක්ෂය රැක ගැනීම වෙනුවෙන් ඔබ විසින් හුදකලාව ආරම්භ කර තිබෙන සටනට ඔබට සහයෝගය ලබා දෙමින් පක්ෂය රැක ගැනීම සඳහා දිවිහිමියෙන් කැපවන බව ද නිබඳව ප්‍රකාශ කරමි.''
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය!
ඔබට ජය!
අප රටේ අනාගත පරපුරට ජය!
මීට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සදා ලැදි,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රවුර්ති විකාශනය තහනම්.....

පසුගිය ඔක්තෝබර් 11 වෙනි දින පැවතී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ., මැතිවරණ ප්‍රතිපලය මැතිවරණ කාර්යාලය නිල ප්‍රතිපලය නිකුත් කිරීමට ප්‍රථම දෙරණ මාධ්‍ය ජාලය විසින් මාධ්‍ය හා මැතිවරණ චර්යා ධර්ම උල්ලංගණය කරමින් නිකුත් කිරීම නිසා හේතුවෙන් දෙරණ මාධ්‍ය ජාලය වෙත යම්  කොන්දේසි පැනවීම පිලිබදව මැතිවරණ කොමිසම මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට බලපොරෝත් තුවේ. එහෙඉදී දෙරණ මාධ්‍ය ජලයේ දේශපාලන වැඩසටහන් හා ප්‍රවුර්ති විකාශයන් බොහෝ විට අත්හිටවීමට තීරණය කිරීම සිදු වීමට නියමිත වේ.

විමල්ගේ ඌවෙම ලොක්කා සජිත්ට

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ,බදුල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ,රණවිරු කපිතාන්   මිහිමල් මුණසිංහමහතා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙත තම සහයෝගය පල කිරීම සදහා තීරණය කර ඇත.එයට ආසන්නම හේතුව වන්නේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ කුරිරු ප්ලන්යකට රට යාම වලක්වා ලීම සදහා බව ඔහු ප්‍රකාශ කළහ.

Wednesday 2 October 2019

සජිත් දිනවන්න කෑගල්ල දිස්ත්‍රික්යෙන් සහයෝගය දෙන විපක්ෂ මන්ත්‍රීවරු

පසුගිය රාජපක්ෂ රජයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකු වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු වන අතාවුද සෙනවිරත්න මහතා සහ හිටපු අමාත්‍ය W. B. ඒකනායක මහතා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කර තිබේ. 
මේ මොහොතේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්වරුන් මේ බව ප්‍රකාශ කළේය.