Tuesday 21 December 2021

මෛත්‍රිපාල සිරිසේනගේ සම්බන්ධිකරණ ලේකම් මුදල් වංචාවක

 මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා  කියන ප්‍රියන්ත හේරත් නැමති පුද්ගලයා මුදල් වංචා සිද්ධියකට ගලගෙදර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩි භාරයට පත්කරනු ලැබූ අයෙකි.

මේ වන විට මොහු විසින් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා  කියමින්  මුදල් එක්රැස් කිරීමේ ජාවාරමක් සිදුකරන බව අප වෙත තොරතුරු ලැබෙමින් පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ මාධ්‍ය  ජාලයේ වියදම් සඳහා යැයි පවසමින් විදේස්ගත කාන්තාවන්ගෙන් මුදල් ගෙන එම මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් දිගින් දිගටම වාර්තා වේ.

මොහුගේ මෙම සංවිධානාත්මක මුදල් වංචාව සඳහා කාන්තාවන් කිහිප දෙනෙකුම සම්බන්ද කරගෙන ඇති බවත්, එම කාන්තාවන් මාර්ගයෙන් විදෙස්ගත කාන්තාවන් ඔවුන්ගේ උගුලට හසුකරගෙන මූල්‍ය වංචා සිදුකරන බව දැනගන්නට ඇත. මැදපෙරදිග සේවය කරන කාන්තාවන් බහුලව මොවුන්ගේ මෙම උගුලට හසුව ඇති බව අප වෙත ලැබුනු තොරතුරු අනුව දැනගන්නට ඇත.

තවද, විවිධ ප්‍රභූ පුද්ගලයන් හමුවීමට බව පවසමින් ඔහුගේ මෙම කූට ක්‍රියාවන්ට හවුල් විවාහක කාන්තාවන් රැගෙන ගොස් හෝටල් කාමරවල දවස ගත කරන බවද දැනගන්නට ඇත. ඔහුගේ මෙම ලිංගික ක්‍රියාවටද හවුල් කාන්තාවන් කිහිප දෙනෙක් විවාහක කාන්තාවන්ගේ සැමියන් හට අසත්‍ය පවසමින් එම කාන්තාවන් රැගෙන යනු ලබන බව අපට තොරතුරු වාර්තා වේ.

ප්‍රියන්ත හේරත් නැමැත්තාට ගලගෙදර පොලිස් ස්ථානයේ ඇති

මූල්‍ය වංචා සිද්ධියේ පැමිණිල්ලේ විස්තර ඕනෑම අයෙකුට දැනගත හැක. ඊ නිවුස් අපි විසින්ද ගලගෙදර පොලිස් ස්ථානයේ 081 2461222 දරණ දුරකථන අංකය අමතා ඉහත විස්තර තහවුරු කරගතිමු. එසේම ඔහුට එරෙහිව තවත් පැමිණිලි ඇත්නම් දන්වන ලෙසද ගලගෙදර පොලිස් ස්ථානය වෙතින් අප දැනුවත් කරන ලදී.


ඔබත් මෙම සංවිධානයේ මූල්‍ය වංචාවකට හසුව ඇත්නම් අප දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමු. මොහු පිලිබඳව විමසීමට අප විසින් කුමාර වෙල්ගම සම්බන්ද කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය. නමුත් අප විසින් දිගින් දිගටම ප්‍රියන්ත හේරත් නැමති මූල්‍ය වංචාකරුවාගේ තොරතුරු විපරම් කරන්නෙමු.


- ලංකා ඊ නිවුස් -

උපුටාගැනීම ලංකා ඊ නිවුස්

Monday 6 December 2021

කොටපොල සමුපකාර චන්දය සමගි ජන බල වේගය ඇතුළු සන්ධානයට ජය හිමි වෙයි

 


සාමාජිකයන් 50,000ක ගෙන් පමණ සමන්විත කොටපොල විවිධ සේවා සමුපාකාර සමිතියේ බලය හිමිව තිබූ පොහොට්ටු පක්ෂයේ කණ්ඩායම පරාජයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. කොටපොල විවිධ සේවා සමුපාකාර සමිතිය සැලකෙන්නේ ශ්රී ලංකාවේ විශාලතම සමුපකාර සමිතියක් ලෙසයි.

රී ලංකා පොදුජන පෙරමුණ මෙම සමිතියේ බලය පසුගිය නිලවරණයේදී 90%ක පමණ විශාල පරතරයකින් ජයග්රහණය කරන ලද්දක්.
දෙනියාය, කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායම විසින් සහාය දුන් පිරිස ජයගරහණයක් ලබාගෙන තිබෙනවා.ශරී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලද පාර්ශ්වය ඉන් විශාල වශයෙන් පසුබෑමකට ලක්ව නියෝජිත ධුර 35ක් පමණයි තනිව ලබාගෙන ඇත්තේ. නියෝජිත ආසන 100කින් සමන්විත කොටපොල විවිධ සේවා සමුපකාර සමිති මහා සභාවේ ඉතිරි නියෝජිත ආසන 65ක් ම දිනාගෙන ඇත්තේ පොහොට්ටුව නොවන කණ්ඩායම් විසින්.
ඉන් වැඩිම කොටසක් (ආසන 48ක්)සමගි ජන බල වේගය සහාය දුන් ‘කොටපොල සමුපාකාරය සුරැකීමේ එකමුතුව’ නම් වූ සංවිධානය විසින් දිනාගෙන ඇති අතර එය ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය ඇතුලත්ව නිර්මාණය වුවකි.මෙම කණ්ඩායමට සභාවේ සභාපති ධුරය ඇතුළු බලය පිහිටුවීම ඔවුනට පහසුවෙන්ම හැකිව තිබෙන බවයි කියන්නේ. එහෙත් අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය වන කුමන පරමාණයෙන්දැයි මෙතෙක් අවසන් ගණනය කිරීමක් සිදුව නැහැ.

Saturday 20 November 2021

දෙනියායේ රෝහලේ ශල්‍යාගාරයේ ඇත්තම කථාව

 


දෙනියාය රෝහලේ දැඩි සත්කාර ඒකකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිරයන පුවත සම්බන්ධයෙන් විමසීමේදී රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පැහැදිළි කිරීමක් සිදුකලේය.

ඔහුගේ පැහැදිළි කිරීම අනුව,

දැනට දෙනියාය මූලික රෝහලේ ශල්‍යාගාරය සහ ලේ බැංකුව ක්‍රියාත්මක වන්නේ දින දෙකකි.මුලික වශයෙන් එය සතියේ දින හතම පැය විසි හතරම ක්‍රියාත්මක කර දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යායුතු බව ඔහුගේ අදහසයි.ශල්‍යාගාරය සහ ලේ බැංකුව කාර්‍ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය සතියේ දින දෙකක් පමණක් ක්‍රියාත්මක වන්නේද අපහසුතා රැසක්  මධ්‍යයේය.

සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන එක් රෝගියෙකු සඳහා වෛද්‍යවරුන් හතර දෙනෙකු,හෙද හෙදියන් හය දෙනෙකු සහ කණිශ්ඨ කාර්‍ය මණ්ඩලයේ හතරදෙනෙකු සේවයේ යෙදවීම සාමාන්‍ය පිලිවෙතයි.දැනට රෝහලේ අවශ්‍යතාවය අනුව නිර්වින්දන වෛද්‍යවරුන් හතරදෙනෙකු අවශ්‍ය වුවත් සේවය සඳහා සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණකි.රෝහලේ කාර්‍ය මණ්ඩලය ප්‍රමාණවත් පිරිසකගෙන් සමන්විත විය යුතු බව ඔහුගේ අදහසයි.අවශ්‍ය තරම් වෛද්‍යවරු,හෙද කාර්‍ය මණ්ඩල සහ කණිශ්ඨ කාර්‍ය මණ්ඩලයක් නොමැතිව දැඩි සත්කාර ඒකකයක් පවත්වාගෙන යා නොහැක.මෙම තත්වය යටතේ දැඩි සත්කාර ඒකකයේ කටයුතු ආරම්භ කර ප්‍රායෝගිකව පැන නැගෙන ගැටළු හමුවේ අතරමග නතරකර දැමීමට සිදුවීම ජාතික අපරාධයකි.


දින දෙකක් පමණක් ක්‍රියාත්මක ශල්‍යාගාරය සහ ලේ බැංකුව සතියේ දින හතම පැය විසි හතරම පවත්වාගෙන යාම සඳහා වටපිටාව සකස් කර  දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්‍ය මණ්ඩලයකින් සමන්විතව ක්‍රියාත්මක කිරීම ඉතා  වැදගත් කොට සලකයි.දැනට අවශ්‍ය තරම් කාර්‍ය මණ්ඩලයක් රෝහල සතුව නැත.එහෙයින් දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ශවරයාටද මේ බව දැනුම්දී ඇත.දැඩි සත්කාර ඒකකය සමඟ අවශ්‍යතරම් රෝහල් කාර්‍ය මණ්ඩලයක් ලබාදීමට පියවර ගන්නේනම් දෙනියාය රෝහලේ දැඩි සත්කාර ඒකකයක් පවත්වාගෙන යා හැක.නැතිනම් එය පවත්වාගෙන යාහැකි වෙනත් රෝහලක් සඳහා යොමු කිරීම සුදුසුයැයි හැඟේ..

Tuesday 16 November 2021

අම්පාර පොදුජන පෙරමුණේ මැර මන්ත්‍රීගෙන් නීතිඥයාට ප්‍රහාරයක් ampara Attorney attacked by thugs of the People's Front அம்பாறை மக்கள் முன்னணியின் குண்டர்களால் சட்டத்தரணி தாக்கப்பட்டுள்ளார்


පසුගිය 2021 නොවැම්බර් 7 දී අම්පාර ඉරක්කාමන් ප්‍රදේශයේදී නීතිඥ එස් .එල් ෆාරුක් මැතිතුමාට මැර පිරිසක් විසින් පහර දී තිබේ. 

මෙම පහරදීමේ  ප්‍රධාන සැකකරු වන්නේ කලීලුල් රහ්මාන් යන ඉරක්කාමම් ප්‍රාදේශීය  සභාවේ හිටපු සභාපතිවරයා වන අතර ඔහු දැනට ඉරක්කාමම් ප්‍රාදේශීය  සභාවේ පොදුජන පෙරමුණු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්  ලෙස කටයුතු කරනු ලබයි.

මේ පිලිබදව අම්පාර පොලිසිය විසින් පරීක්ෂණ මෙහෙයවන බව වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------

Attorney-at-Law SL Farook was assaulted by a group of thugs on November 7, 2021 in Irakkaman, Ampara.

The main suspect in the attack is Khalilul Rahman, a former chairman of the Irakkamam Pradeshiya Sabha who is currently a member of the Irakkamam Pradeshiya Sabha.

It is reported that the Ampara Police are conducting investigations.

-----------------------------------------------------------------------------------------------

ேம ் ப் பி ் தவ ா அம்பா ர் ப் பொ லீ ஸ் வி ரு ப் பத் து ச் சி யி க் கப் பட் டு ள் ளது.

2021 ஆம் ஆண்டு நவம்பர் மாதம் 7 ஆம் திகதி அம்பாறை இறக்காமனில் வைத்து சட்டத்தரணி எஸ்.எல்.பாரூக் குண்டர்கள் குழுவினால் தாக்கப்பட்டார்.

தற்போது இறக்காமம் பிரதேச சபையின் உறுப்பினராக உள்ள இறக்காமம் பிரதேச சபையின் முன்னாள் தவிசாளரான கலீலுல் ரஹ்மான் தாக்குதலின் பிரதான சந்தேக நபர் ஆவார்.


அம்பாறை பொலிஸார் விசாரணைகளை மேற்கொண்டு வருவதாக தெரிவிக்கப்படுகிறது.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පලුවක් කුමාර වෙල්ගම ලගට


 "රටට අවශ්‍ය ප්‍රගතශීලි බලවේගයක්" මෙම අදහස පල කරනු ලැබුවේ උතුරුමැද පළාතේ හිටපු මහා ඇමති හා හිටපු ආණ්ඩුකාරවරයා වන පේෂල ජයරත්න මැතිතුමා විසින් ඇහැලියගොඩ ප්‍රදේශයේ අපි  ශ්‍රී ලංකා ජාතික සන්ධානය විසින් සංවිධානය කර තිබු  ජන හමුවකදීය.

මෙහිදී ඇහැලියගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ආසන සංවිධායක සරත් සන්දනායක මැතිතුමා  කුමාර වෙල්ගම  මැතිතුමාගේ නායකත්වයෙන් යුත් අපි  ශ්‍රී ලංකා ජාතික සන්ධානය සමග එක් වීම හා උතුරුමැද පළාතේ හිටපු මහා ඇමති හා හිටපු ආණ්ඩුකාරවරයා වන පේෂල ජයරත්න මැතිතුමා ද එදිනම අපි  ශ්‍රී ලංකා ජාතික සන්ධානය එක් වීම වැදගත්   සුදුවිමක් විය.

තවද කුමාර වෙල්ගම මැතිතුමා ප්‍රකාශ කර සිටියේ තනි පුද්ගලයකුට  බලය දුන්නම පිස්සු කෙලින බවය .

මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු කොලොන්න ආසනයේ ප්‍රධාන  සංවිධායක ශාන්ත රත්නායක , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක, අපි ශ්‍රී ජාතික සන්ධානයේ ජාතික සංවිධායක උපුලාංගනී මාලගමුව ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මධ්‍යම කාරක සභික,අපි ශ්‍රී ජාතික සන්ධානයේ ලේකම්  මොන්ටෙන්ගු සරත්චන්ද්‍ර හා  ජගත් ප්‍රසන්න ගමගේ  යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Wednesday 10 November 2021

ගුරු උද්ගෝෂණයෙදී මියගිය ගුරුවරියගේ දේහයට අවසන් දැක්වීමට පැමිණි නායකයෝ

 කාලයේ නිවී ගිය ගුරු තරුව

ගුරු උද්ගෝෂණයෙදී මියගිය ගුරුවරියගේ සත්ය කතාව.,
සාධාරණ සමාජයක් බිහි කිරීමට වෙරදරන පියෙකුගේ දියණියක වන වරුණී අසංකා ගුරු සොයුරිය ශ්රීපාද විද්යාපීඨයේ ගුරු සිසුවියක ලෙස පුහුණුව ලැබූවාය.ඈ දෙනියාය මධ්ය විද්යාලයේ ප්රාථමික අංශයට එකතු වී දැනට වසරකි.කුඩාකළ සිටම හෘද රෝගයකින් පෙලෙමින් බයි පාස් සැත්කමකට ලක් වී සිටියද ඒ බව කිසිවකුටත් ඒත්තු නොගැන්වෙන සේ ඈ ඉගැන්වීම් කටයුතුවල නිරත වූවාය.අනෙක් ගුරුවරුන් සේම පවරන ඕනෑම රාජකාරියක් අකුරටම ඉටු කළාය.දරුවන් සමග ක්රියාකාරීව අකුරු කළ නිසාම ඇය රෝගාතුරව සිටි බවවත් කිසිවකු නොදනී.ඒ තරමටම ඈ සෙසු අය සේම ක්රියාකාරී වූවාය.
2021.11.09 දින පැවති කලාප උද්ඝෝෂණය සඳහාද ස්ව කැමැත්තෙන්ම යායුතුමය යන අදහසින්
ගමනට එක් වූවාය.ඇතැම් අතලොස්සක් දෙනා හැකියාව තිබියදී පවා මගහැර අනුන්ගේ කර මතින් වැටුප දිනා ගැනීමට උත්සාහ දරන යුගයක මෙම නවක ගුරු සොයුරිය ගුරු පරපුරටම ආදර්ශයකි .
වරුණී සොයුරියට වයස අවු. 27 කි. ඈ ඉපදී
වසර 3 කින් ඇති වූ මෙම වැටුප් විෂමතා අර්බුදය
ඈ ගුරුවරියක වී ඒ අරගලයට දායක වෙමින්
මහපාරේ මියැදෙන තුරුත් තාම පවතී.
පාලකවරුනි,
නූපන් පරපුරටත් මෙවැනි ශෝචනීය අවස්ථාවලට මුහුණ පෑමට මෙය තව දුරටත් දික් නොගසනු මැනවි.
දැන්වත් ගුරුපරපුර ගැන සිතාමේ ගැටලුව විසදීම
සතුටු දායක නොවේද....?
සොයුරිය ඔබට නිවන් සුව ලැබේවා......!!!
💐💐💐
දයාබර වීරවරිය, සොයුරිය , ඔබට අපගේ උත්තමාචාරය!!!
ගුරු අරගලයේ සිටි ප්‍රධාන නායකයින් අසංකා ගුරුතුමියට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ දිනයේදී අයගේ දේහය තැම්පත් කර තිබෙන දෙනියාය මිරිස්වත්ත නිවසට පැමිණ සිටියහ.






Tuesday 31 August 2021

මහනුවර පදිකයන් වෙනුවෙන් කෑම දුන්න වෙළද සංගමය

 රට නිරෝධායන නිති මත වසා තිබෙන අවස්ථාවක මහනුවර දිස්ත්‍රික්කයේ ,මහනුවර නගරය පුරා සිටින පදිකයන් වෙනුවෙන් ආහාර හා බීමට ජලය ලබා දුන් පුවතක් වාර්තා වෙනවා.

මහනුවර වෙළද සංගමය විසින් මෙම සත් ක්‍රියාව සිදු කොට තිබෙන බව වාර්තා වෙනවා.

මුදල් සොයන ලෝකයේ මෙවැනි උතුම් දේ සිදු කරන මිනිසුන් තවමත් සමාජයේ ඉතිරි වි සිටිම සාමාජය සුභදායක පුවතකි. 



මංගලගේ මතක බණට ලක්ශ ගණනක් online

 කොරොනා වයිරසය අසාදනය වීමෙන් අභාවප්‍රාප්ත  හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා වෙනුවෙන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය විසින් zoom තක්ෂණය මගින් සංවිධානය කර තිබු මතක බණ සදහා සමිපතමයන් පමණක් සහභාගි වී සිටි අතර  සාමාජ මාධ්යය ඔස්සේ එම මතක බණ සිවිල් විකාශනය කල අතර ඒ සදහා ලක්ශ ගණකම පිරිසක් නොයෙකුත් සාමාජ මාධ්‍ය පිටු මගින් එකතු වි සිටි බව දැකගන්නට ලැබුනි.

මෙහිදී විශාල පිරිසක් කිය සිටියේ " මිතුරු තෝමෝ දුක සැප දෙකෙහිම සිටිති" යනුවෙන් හිටපු ජනාධිපතිනියට ප්‍රසාන්සා කිරිමෙනි.

(ඡායාරූප සමාජ මාධ්‍ය උපුටා ගන්නා ලදි)





Saturday 24 July 2021

කවුද මේ ජෝසප් ස්ටාලින්

 ජෝසප් ගැන නොදන්නා අයට.......

මම ගුරුවරයෙකු ලෙස පත්වීම භාරගත්තේ 1993දීය.  ඒ  අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවකට මායිම් ගම්මානයක් වන සියඹලාගස්වැව අශෝක විදුහලයි. පළමු දවසේ රුපියල් දහයක් දී විලච්චිය බසයෙන් බැස තන්තිරිමලේ හන්දියෙන් තොරතුරු විමසන විට කෙනෙකු කීවේ මේ විදුහල තවත් කැලෑව ඇතුළත කොටි ත්‍රස්තයන් ඇති මායිම් ගම්මානයේ ආසන්නයේ ඇති බවයි. එතනදී මට අපූරු මිනිසකු හමුවිය ඔහු ස්ටාලින්ය. ඔහු ගුරුවරයකු බව මම නොදනිමි .මා සමග සුහදව කථා කළේය. තන්තිරිමලය දෙසට යාමට වාහන නැත.ට්‍රේලරයක් නැති ට්‍රැක්ටරයක් ආවේය. ජෝසා මට "වරෙන් මේකෙ නැගපන් "කීවේය. මඩ් ගාඩ් එක අල්ලාගෙන අපි දෙන්නා කිලෝ මීටර් දෙකක් ඉදිරියට ගොස් "දැන් බැහැපන්" ජෝසා කීවේ වන්නිහැලඹ  විදුහල ටයි .ඊළඟට "උබ කාලද" ඉන්නේ කියා මාගෙන් ඇසුවේය .ඔහු තම දිවා ආහාරය මට ලබා දී මේක කාපං කීවේ ය.ත්‍රස්ත බියෙන් වෙළුණ නොදන්නා පළාතක ඔහු මට දෙවිකෙනෙක් වීය .මේ පෙරවදන මා ප්‍රකාශ කළේ මේ දිනවල නොදරුවන් පිරිසක් ඔහු ගැන කතා කරන නිසාය .ජෝසා මා සමග වෘත්තීය සමිතියෙ නායකයෙකුට වඩා වසර 27 කට වැඩි මිත්‍රත්වයක් ඇත. ඔහු අමුතු මිනිසෙකි. නිතරම කළේ අන් අයගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීමයි .හවසට මම විදුහල ලගින් යන විට ජෝසාගේ කටහඩ මහ ඉහළින් ඇසේ.ඒ හඬ ගමේ අහිංසක දරුවන්ට අකුරු ඉගැන්වීමයි.  ඔහු හවසට දරුවන්ගේ ගෙවල් වලට ගියා. දුෂ්කරතා ඇති දරුවන්ට අවශ්‍ය දේ තමන්ගේ වියදමින් අරන් දුන්නා .ජෝසාගේ කටහඩ ඇහෙන විට දරුවන් පැල්පත් නිවාස වල සිට ඔහුට ඇසෙන ලෙස පෙළ පොත මහ හයියෙන් කියවන්න ගන්නවා .ඔහුට උස් පහත් භේදයක් නැත හැම ගුරුවරයකුට උදව් කලා මුදල් නැති බව දැන ගත්තොත් ඔහුගේ කාඩ් එකයි අංකය යි දෙනවා ගිහින් ඒකෙ තියන සල්ලි ටික ගනින් කියනවා. දවසක් සවස හතට පමණ ජෝසා මට පණිවුඩයක් එවා තිබුනා ඒ භීෂණ සමයයි රාත්‍රියේ තන්තිරිමලය විදුහලේ ගුරුවරුන් ට ඉන්ට අපහසු ප්‍රශ්නයක් ගැන කතා කිරීමටයි.බිල්ලෑව ප්‍රදේශයෙන් මාගේ චැලි බයිසිකල් ඔහු සමග යන විට රාත්‍රී 10 පමණ වුණා .හමුදාවෙන් අප දෙදෙනා නතර කළා අපි කිව්වා තන්තිරිමලේ විමඤ්ඤාන විදුහලට යන්න ඕනෑ කියාය. හමුදාවෙන් කීවා මෙතනින් එහාට ගියොත් දෙන්නගේ ජීවිතයේ පිළිබඳව වගකීම භාර ගැනීමට නොහැකියි කියාය. ජෝසා ගේ පිළිතුර වූයේ කමක් නැහැ අපිට යන්ඩ ඕනෑ කියා ය. ජෝසා අන් අයගේ ප්‍රශ්න දෙස බැලුවේ  ජිවිතේ දෙවැනි කොටය.තවත් දවසක මා වන්නිහැලඹෑව විදුහලට  යනවිට විදුහලේ ප්‍රධාන ශාලාවෙහි නිවාඩු දිනයෙක ළමා ඩෙස් අතුරා ජෝසා නිදාගෙන පොතක් කියවනවා මා දුටුවා. මා විදුහලට ගොඩ වී ඇයි මේ එළියෙ නිදාගෙන කියා අසන විට ඔහු මට කීවේ "මචං අලුතෙන් ගුරුවරියන් දෙදෙනෙක් ආවා .උන්ට ඉන්න තැනක් නෑ ඒ නිසා මාගේ කාමරය උන්ට දීලා මම මේ එළියට ආවා" කියාය .මේ උතුම් පුද්ගලයා මට දුන්න පිළිතුර වුයේ එයයි .මට ඔහු ගැන පොතක් ලිවිය හැකිය.ඒ ඔහු සද්භාවයෙන් කළ උතුම් ක්‍රියා ගැන ය. ඔහුට මුදල් අවශ්‍ය නැත .ඔහුට යාන වාහන අවශ්‍ය නැත. ලොකු මන්දිර අවශ්‍ය නැත. ඔහුට ඕනෑ වූ යේ අසාධාරණයන්ට වංචාවට උත්තර දීම පමණි. මේ සටහන පළ කළේ මේ දිනවල ජෝසාගේ ඉතිහාසය ගැන කතා කියන නො දරුවන්ගේ දැනගැනීම සඳහාය .

        -මම අජිත් හේරත් මහනුවරින්


Thursday 22 July 2021

විනෝද වු දයාසිරි රිය අනතුරක





 ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා 21/7/2021 දින උදේ සිය දෛනික ව්‍යායාම සඳහා පාපැදියේ නැඟී ගමන් කරද්දි අධික වේගයෙන් පැමිණි යතුරු පැදි කරුවකු ගැටී ඇත.කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී මෙම අනතුර සිදුවී තිබිණි .එහිදී දයාසිරි ජයසේකර මහතා තුවාල ලබා තිබිණි . තුවාල ලැබූ ජයසේකර මහතා බාහිර ප්‍රතිකාර ලබාගෙන නිවස බලා පැමිණ තිබිණි .

Saturday 17 July 2021

මොකද්ද මේ කොතලාවල පනත - සුද්ද සිංහලේන්

 


මොකක්ද  මේ කොතලාවල පනත ....

 🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎🔎   


               කන්නන්ගර  චින්තනයෙන් පෝෂිතව  ගොඩනැගුණු නිදහස් අධ්‍යාපනයෙන් බිහි වු   පරම්පරාවේ එක් අයෙකු වශයෙන්  මාගේ යුතුකම වන්නේ  මතු පරපුරට තව දුරටත් නිදහස් අධ්‍යාපන  අයිතිය ආරක්ෂා  කර දීමය. ඒ වෙනුවෙන් අද දින අභියෝගයක් ව පවතින  "කොතලාවල ජාතික ආරක්ෂක  විශ්වවිද්‍යාල " පනත පිළිබඳ  දැනුවත් කිරීම පියවරෙන් පියවර මෙතැන් පටන්   මෙසේ ජන හිතසුව පිණිස ඉදිරිපත්  කරමි.

 ( මහජන හිතසුව  පිණිස   පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කෙරෙන පනත්  මෙයට වඩා ප්‍රබලව   හා ප්‍රගතිශීලී  ලෙස ජනතා දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයකින් පසුව ඉදිරිපත්  කෙරෙන්නේ  නම් අගයමි. පාර්ලිමේන්තුවෙි සිටින මන්ත්‍රීවරුන්  225 සිය වගකීම  පැහැර හැර අතිබවක් ද පෙනෙයි .)  

*මෙම පනත මගින් 1978 අංක 16 , දරන විශ්වවිද්‍යාල  පනත බැහැර කරයි. ඉන් අදහස් කරන්නේ  කුමක් ද?.රටේ දැනට තිබෙන සියලු ජාතික  විශ්වවිද්‍යාල    පාලනය වන්නේ  "විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන  කොමිෂන්  සභාව"  මගිනි. එහිදි විශ්වවිද්‍යාල  පද්ධතියට කොතෙක් ළමුන්  ප්‍රමාණයක්  ඇතුළත්  කරගන්නේ  ද ? ආචාර්යවරුන්  බඳවාගැනීම ,ඒ ඒ විෂයයන්  සඳහා  ඇතුළත්  කරගැනීමේ ශිෂ්‍ය  ප්‍රමාණය  ,එ සඳහා උසස් පෙළ   ලකුණුවල Z  අගය, අධ්‍යාපන  ගුණාත්මක  තත්ත්වය ,පරිපාලන ක්‍රමවේදය , විශ්වවිද්‍යාලයන් හි ගුණාත්මක  තත්ත්වය ආදී සියල්ලේ තීරක බලය ඇත. උසස් පෙළ  අසමතුන්ට ,ඥාතීන්ට ,බලවතුන් , ධනවතුන්ට උපාධි  ලබාදීමක් දැනට තිබෙන ක්‍රමවේදය යටතේ නොහැකිය .  


විශ්වවිද්‍යාල  පරිපාලනය හා අධ්‍යාපනය  මෙ වු තත්ත්වයක පවතින හෙයින්  දේශපාලඥයන්ට අභිමත පරිදි  ආචාර්යවරුන් ,සිසුන්   විශ්වවිද්‍යාලවලට ඇතුළත්  කළ නොහැකිය. ගුරු-  ශිෂ්‍ය  අයිතිවාසිකම්වලට  දේශපාලඥයන්ට ඇගිලි ගැසීමට ඉඩක් නැත. එහෙයින්  දේශපාලන  පත්වීම් කළ නොහැකි ය.   මෙවු තත්ත්වය ට " විශ්වවිද්‍යාල  " යන නාමය හිමිකම් කියයි. එ වු  හිමි කම ,අයිතිය අහිමිකර  විශ්වවිද්‍යාල   තත්ත්වය  උදුරා  ගනි. මෙය කොතෙක් දුරට සාධාරණ  ද ?. " පනතේ කුමක් සඳහන්  වුවත් " යනුවෙන් දරදඬු වචන භාවිත කරමින්  මෙ කරන්න යන්නේ  "බයිනෙත්තුවට ,කුවක්කු කටට බයවෙයන් " යන අදහසක් නොවේ ද?. මෙයට වඩා කරුණු  ඇතත් මෙය තරමකට ප්‍රමාණවත්  යැයි හඟිමි. තම තම නැණ පමණින් කියවා තේරුම්  ගනත්වා ! 

 ⁣🔴🔴මෙහි  හමුදා නිල ඇඳුමට යටත්ව   සුපුරුදු උසස් පෙළ   Z අධ්‍යාපන  සුදුසුකම් අමතක කොට වරප්‍රසාදිතව උපාධි ,ඩිප්ලෝමා  ප්‍රදානය කරන්නට කටයුතු  කිරීම.



 🔴🔴රාජ්‍ය  සේවකයන්ට අමතරව  " වෙනත් තැනත්තන් "  යනුවෙන් අදහස්  කරන්නේ කවුරුන් ද ?. මුදලට හෝ දේශපාලන  නිර්දේශිත  හෝ විදේශික  හෝ  විකිණෙන අය ද ?.ප්‍රශ්නයකි.

 ඇතුළත්  කරගැනීමේ  සාම්ප්‍රදායික  පටිපාටියෙන් බැහැරව ඔවුන්  විසින් ම අධ්‍යාපන  ප්‍රවීණත්වය ⁣ සොයා බැලීමේ ක්‍රමවේදයක් අනුගමනය කරයි. මෙයයි කුරුබිලිය.සැබෑ දක්ෂයන් පගා දමා දුර්වලයන් දක්ෂයන් ලෙස බවුතිස්ම  කිරීමේ ක්‍රම වේදයට ඉඩ සලා ගෙන ඇත. තරග කාරී උසස් පෙළින් අසමතුන් ඔසවා තබන්නට කෙරෙන විජ්ජාවක් නොවේ ද?. 

 දැනටමත් මෙ හා සමාන දුර්වලතා නැතුවා නොවේ. එය පළමු උපාධියට  නොවුවත් පශ්චාත්  උපාධි  සඳහා  ක්‍රියාත්මක  කරයි. මෙය දක්ෂයන්ට  කෙරෙන විශාල  අසාධාරණයකි. එසේ මෙසේ නොව සහගහන අපරාධයකි. 

🔴⚫කෙනකු කොළඹ  විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියට  සුදුසු  කම් ලැබීමේ දී පළමු උපාධි  ලෙස එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රවේදී විශේෂ  (සිංහල ) ගෞරව උපාධියක් ලබා තිබුණි.  එහෙත් ඔහු සමග  ශාස්ත්‍රපති  උපාධිය  හැදෑරීමට  පළමු උපාධියක් නැති නීති විද්‍යාලයෙන් " නීතීඥ "  කමක් පමණක්  තිබූවෙකු ට ශාස්ත්‍රපති  උපාධිය  ලබා දුණි.මෙය කොතෙක් දුරට සාධාරණ  ද?.වරෙක ඔහු තරගකාරීව මහත් සේ කැප වී උසස් පෙළ  සමත් වුයේ කුමකට දැයි වරෙක සිතෙයි.මෙය ක්‍රමයෙන්  කෙදිනක හෝ සමස්ත  දරු පරපුරට ම හැඟි ගියහොත් කෙතරම් අභාග්‍යසම්පන්න  තත්ත්වයක්  රටකට උදාවේ ද?.

⚫🔴⚫🔴👉වැදගත් කමින් විමසිය යුතුම වගන්ති කීපයකි.මෙම ආයතනයට එනම්  විශ්වවිද්‍යාලයට ඇති බලතල යි.



🔴🔴 අධ්‍යයන හා උපදෙස් පාඨමාලා  හැදෑරීමට අවස්ථාව  දෙන බව පළමුව කියයි.

🔴🔴 තව දුරටත්  පවසන්නේ  යම් විෂයයන්  සම්බන්ධව  ශාස්ත්‍රීය අධ්‍යයනයන් සඳහා  පහසුකම්  හා උපදෙස්  ලබා දීම ලෙස නම් කරයි. මෙහි  "පහසුකම් හා උපදෙස්  " යන දෙවදන තුළ  සට කපට කම් වංචනික අවශ්‍යතා සඳහා  ඉඩ සලසා ඇත. 

🔴🔴 තව දුරටත්    "උපාධි  ,ඩිප්ලෝමා ,සහතික  පත්‍ර සහ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා... . . ......"  මෙලෙස ලබා දෙන්නේ  19 (1)(ආ ) වගන්තිය  යටතේ යැයි පවසයි. එහි සඳහන් වන්නේ.." විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත්  කර ගැනීම සඳහා  වන නිර්ණායක  කලින් කල නිශ්චය  කිරීම  "  යන්නයි . පොදු  විශ්වවිද්‍යාලවලට ඇතුළත්  කර ගැනීමේ ක්‍රමවේදයට පරිබාහිරව සිදුකරන බව පවසයි.


🔴🔴මෙ පනත යටතේ  මෙකී විශ්වවිද්‍යාලය  මගින් පිළිගන්නා හමුදා  පුහුණු  ආයතන,වෙනත් ශාස්ත්‍රීය  ආයතන  පිළිගැනීම හා උපාධි  ප්‍රදායට අවස්ථාව  දෙයි. අධ්‍යාපනය මෙතරම් බාල්දු  කිරීමට අවස්ථාව  ලබා දි ඇත. 

🔴🔴 කාර්මික හා වෘත්තීය  ආයතන  මෙන් ම  දේශීය හා විදේශීය   ආයතන සමග අනුබද්ධ  වීමට ඉඩ දි ඇත. මේ තරමට අධ්‍යාපනය  සැහැල්ලු වුයේ ඇයි.එසේ නම් තරගකාරී උසස් පෙළ  විභාග කුමට ද?.  විභාග  දෙපාර්තමේන්තු  මගින් අපක්ෂපාති  විභාග පවත්වන්නේ  ඇයි ?.

🔴🔴උපාධි  පාඨමාලා  සඳහා  මුදල් අය කිරීමට අවසර දී ඇත. මෙ මගින් ධනපතියන්ට ප්‍රවේශයට  පාර කපාගෙන ඇත්තේ ය. සැබෑ දක්ෂ දුප්පත්  දරුවන්ට අධ්‍යාපනයේ දොරටු වැසි යන්නේ මෙලෙසිනි.

🔴🔴1978 අංක  16 දරන විශ්වවිද්‍යාල  පනතේ 128 ට පටහැනිව මෙන් ම  " තත්කාර්ය  සඳහා  සාධන ලද යම් ප්‍රඥප්තීන්ට  අනුකූලව  එම විභාග සමත් වි ඇති........" මෙයින් සිදු කර ඇත්තේ  කුරුබිලියෙන් ඇතුළත්  වුවත් අදක්ෂයන් තව දුරටත්  අදක්ෂයන්  වුවහොත් සමත් කරවීමේ බලය ක්‍රියාත්මක  කිරීම.


🔴🔴ව්‍යාජ උගතුන් සමාජ  ගතකිරීමට දරන උත්සහයකි. මෙය සැබෑ දක්ෂ උගතුන්ට කරනා අසාධාරණයකි.

🔴🔴මෙ තවත් අරුම පුදුම බලයකි. ඒ ඒ  කාලයට අනුමත කරන නීති අනුව  පාලක මණ්ඩලය අනුමත කරනු ලබන අයට " ගෞරව උපාධි  හා ශාස්ත්‍රීය විශිෂ්ටතා "  පිරිනැමීමේ බලය ඇත. අධ්‍යාපනය මුදලාලි කෙනෙකු සතු මෙ තවත් අරුම පුදුම බලයකි. ඒ ඒ  කාලයට අනුමත කරන නීති අනුව  පාලක මණ්ඩලය අනුමත කරනු ලබන අයට " ගෞරව උපාධි  හා ශාස්ත්‍රීය විශිෂ්ටතා "  පිරිනැමීමේ බලය ඇත. අධ්‍යාපනය මුදලාලි කෙනෙකු සතු භාණ්ඩයක් බවට පත් කර ඇත. 

🔴🔴ශීක්ෂණ රෝහල්  ,පුස්තකාල ,වෛද්‍ය  හා රසායනාගාර  පවත්වාගෙන  යෑමටත් අභිමත පරිදි ගොඩනගා  ගැනීමටත් බලය දි ඇත. සයිටම් මුදලාලිගේ වැනි තවත්  ක්‍රියාවලියකි.


🔴🔴අවශ්‍ය  පරිදි  මැෂිමකින් පොම්ප කරන්නා සේ  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ,මහාචාර්ය ,සහය මහාචාර්ය , ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය , කථිකාචාර්ය  වැනි අධ්‍යයන හා අනධ්‍යයන තනතුරු  බිහි කිරීමේ බලයත් දී ඇත. උගතුන්ට යන කල මින් හොඳින්  පැහැදිළි ය.

🔴🔴විශ්වවිද්‍යාලයට අවශ්‍ය  පීඨ ,මණ්ඩප, විද්‍යාල ,අධ්‍යයනාංශ  ,මධ්‍යස්ථාන  ආදී   ආයතන ද අභිමත පරිදි පිහිටු වීමේ  බලයක් දි ඇත.

🔴🔴දේශීය  - විදේශීය  විශ්වවිද්‍යාල  සමග  ශිෂ්‍යන් ,කථිකාචාර්යවරුන් ,ශාස්ත්‍රධරයන්   හුවමාරු  කර ගන්නට  ද බලය දි ඇත. තවත් ටියුෂන්  විශ්වවිද්‍යාලයක් කර ඇත.

🔴🔴දේශීය  - විදේශීය   ත්‍යාග, මුදල් , දීමනා   හා පරිත්‍යාග  ලබා ගැනීමට ද අවස්ථාව  දි ඇත. මෙ මගින්  මුදල් රැස්කර ගැනීමට  ණය ගැනීම ද බලයක් දෙයි. විශ්වවිද්‍යාල  මුදල්  ආයෝජනය කරන්න  ද ඉඩ දී ඇත. එක එල්ලේ ම පෞද්ගලික  බැංකුවක්  ,සමාගමක් බඳු ව්‍යාපාරයක් බවට පත් කර ඇත. කොටින් ම කිව හොත් අධ්‍යාපනය  විකුණන්නට මුළුමනින් ම ඉඩ දී ඇත. මේ සියල්ල  සිදු කර අපට බලා සිටින්න යැයි පවසයි.


🔴🔴අධ්‍යාපන  ඇමතිට ම අයත් යැයි කිව නොහැකිය. 

🔴🔴ඇමතිවරයාට අවශ්‍යයැයි සිතෙන කරුණු ඉටු කර ගැනීමට   ලිඛිත විධානයකින්  පාලක මණ්ඩලයට  බලපෑම් කළ හැකිය.

 🔴🔴මෙහිදි දේශපාලනීකරණය  වු ගුරු - සිසු ඇතුළත්   කිරීම් පමණක්  නොව  උපාධි  තත්ත්වයන් හා ආචාර්ය ,මහාචාර්ය  ,කථිකාචාර්ය  තත්ත්වයන්  ලබාදීම සම්බන්ධව  ද බලපෑම් කළ නොහැකි යැයි කාට කිව හැකි ද?.

🔴🔴 විශ්වවිද්‍යාලයට අනුබද්ධිත  ආයතන තීරණය  කිරීමේ බලයක් ද නැතුවා නොවේ. 

🔴🔴ඇමතිවරයා ගන්නා තිරණ  මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමක් මිසක් අනුමත කරගැනීමක් අවශ්‍ය වන්නේ  නැත.


🔴🔴දුර්දාන්ත පාලකයෙකුගේ තත්ත්වය  ද ගොඩනගා ඇත. විශ්වවිද්‍යාලයක අධ්‍යාපන  ලැබූවෙකුගෙන් කිසිදා යෝජනා නොකෙරෙන යෝජනාවක් ද පවති.එනම් සිසු මර්දන යැයි. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයක් කිසි දින නොලබපු  අයෙකුට  විශ්වවිද්‍යාල  අධ්‍යාපනය   කෙරෙහි පවතින ඓන්ද්‍රීය බද්ධ  වෛරයක් පෙන්නුම්  කරයි. 

 🔴🔴 සිසු මර්දනයට  අමාත්‍යවරයාට දි ඇති බලය දක්වා ඇති අයුරු.             "  තත්ත්වය  පාලනය කිරීම සඳහා  අවශ්‍ය  විය හැකි යැයි  ඔහු විසින් සලකනු ලබන  සියලු පියවර......"

🔴🔴කුලපති පත්කිරීම් හා නිලධරයන් ගැන  ගැන සඳහන්  කරයි.

🔴🔴වසර 5 සඳහා  ජනාධිපති  පත්කරයි.  අනිකුත් නිලධරයන්  ... *උප කුලපති

🔴🔴මණ්ඩපවල ප්‍රදානීන් ,


🔴🔴නියෝජ්‍ය උප කුලපතිවරයා (  ආරක්ෂක  හා පරිපාලන )  *නියෝජ්‍ය උප කුලපතිවරයා ,( ශාස්ත්‍රීය )  

🔴🔴සෑම පීඨයකට ම පීඨාධිපතිවරුන්, *මූලස්ථාන  බල ඇණියේ  සේනාංකයේ  අණ දෙන නිලධාරියා,

🔴🔴සහයක නිලධරයා , *ලේඛකාධිකාරීවරයා , *පුස්තකාලයාධිපතිවරයා,

🔴🔴මූල්‍යාධිකාරීවරයා.

🔴🔴මෙහි වැදගත් කරුණ වන්නේ  ජනාධිපති  පත් කරන උප කුලපති සන්නද්ධ  හමුදා නිලධාරියෙකු ම විය යුතුය . 

🔴🔴අධ්‍යාපනයක් ලබා දෙන තැනක  පාලනය කළ යුතු වන්නේ ආධ්‍යාපනික වශයෙන්  ශික්ෂණයක්  ලැබූවන් ය. එසේ නොවේ නම් පාසල් වලට ද හමුදා  නිලධාරින් පත් කළ හැකිය. හමුදා  විනය බෙහෙවින් කායික ශික්ෂණයට ප්‍රමුඛතාව ලබන්නකි. ආධ්‍යාපනික ශික්ෂණය  මාසිකව හා චෛතසිකව ලබන්නකි. මෙය නිවැරදි ව හඳුනා ගත යුතුය . 

🔴🔴මෙය ද ත්‍රිවිධ  හමුදාවට පිළිවෙළින්  ලබා දෙන්නකි.

 🔴🔴ජනාධිපති  හට උප කුලපති ඉවත් කළ හැකිය . ඒ අන්තර් කාලය තුළ  නියෝජ්‍ය උප කුලපතිවර⁣යා  වැඩ බැලිය යුතු  වෙයි. 


( මෙහි සිංහල  ද සදොස් ය. කුලපතිට උප කුලපතිවරයකු සිටි විට නැවත නියොජ්‍ය උප කුලපතිවරයෙකු සිටිය නොහැකිය . මන්ද. උප සහ නියෝජ්‍ය හෙළ හා මිශ්‍ර භාෂා  වෙනස මිස  අරුත එකක් ම ය.)

🔴🔴සන්නද්ධ  හමුදාවල ජ්‍යෙෂ්ඨ  නිලධාරීහු  ද  උසස්  තනතුරු  ලාභිහු ම ය.

🔴🔴සහයක නිලධාරීහු   ද යුද හමුදා  නිලධාරීහු ම වෙති.විශ්වවිද්‍යාලයේ විනය පාලනය සම්බන්ධව  මොහු වග කියති. 

🔴🔴 මුළුමනින් ම   මිලිටරිකරණයක් ම බැව් පහැදිළිය. හමුදා  කඳවුරක් තුළ මෙම වෘත්තීය  පුහුණුව  ප්‍රගුණ  කර ගත්තේ නම් කෙතරම් නම් අගේ ද .



✒️ බෝසෙත් කළහේපතිරණ  මහතා ලියු ලිපි පෙළක් ඇසුරෙන් නිර්මාණාත්මකව සකස් කරන ලදි.


 

Thursday 8 July 2021

නිරෝධානය නිතියේ ආණ්ඩුකරණය

 නිරෝධායන නීති යොදාගනිමින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සිදුකරන විරෝධතා මර්දනය කිරීම බරපතළ තත්ත්වයක් බව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 45ක් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ශ්‍රී ලංකා පොලීසිය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ බරපතළ ලෙස උල්ලංඝනය කරනු ලබන බවත් මේ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ කටයුතුවලදී හා ආණ්ඩුවට සමීප පාර්ශ්වවල පෞද්ගලික කටයුතුවලදී දැකගත නොහැකි වීම ද බරපතළ ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් බවත් එම සංවිධාන පෙන්වා දෙනවා. නීතිය ක්‍රියාවේ යෙදවීම අත්තනෝමතික සහ පක්ෂපාතී ලෙස සිදුකරන බව තහවුරු කෙරෙන මෙවැනි උදාහරණ රැසක් පසුගිය කාලයේ දැකිය හැකි වූ බවද එම සංවිධාන සඳහන් කරන්නේ.


කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් පැවතියද, එම නීතිය යොදාගනිමින් මේ වන විට ආණ්ඩුව විසින් ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතිය සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට ශ්‍රී ලංකා පොලීසිය යොදාගෙන කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක රටක කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බව මෙම නිවේදනය පෙන්වා දෙනවා. වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහාත්, සමස්ත ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගැනීම සඳහාත් ජනතාව පෙළගැස්විය යුතු බවද ඒ වෙනුවෙන් වෙනස්කම් නොසලකා සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක් පෙරමුණකට පැමිණ කඩිනම් විරෝධයක් පළකිරීම සඳහා පෙරමුණ ගත යුතු බව ද එම සංවිධාන යෝජනා කරනවා.


එම සංවිධාන නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වෙයි.


‘2020 මාර්තු මාසයේදී වසංගත තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු නිරෝධායන නීතිය මර්දන නීතියක් ලෙස යොදාගනිමින් ජනතාවගේ ප්‍රතිවිරුද්ධ අදහස් යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ අතර, මේ යටතේ එක් දිනකදී සිදු කළ බරපතළම මර්දනය ඊයේ (2021 ජූලි 07) දිනයේදී අපි දුටුවෙමු. ගොවි ජනතාව මුහුණ දෙන පොහොර ප්‍රශ්නය පිළිබඳ බදුල්ල, බොරලන්දේ පැවති විරෝධතාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් නොගෙවීමට එරෙහිව කොළඹ, කොම්පඤ්ඤවීදියේ පැවති විරෝධතාව ආදිය සංවිධානාත්මකව පොලීසිය යොදා මර්දනය කිරීම සිදුවූ අතර, කොම්පඤ්ඤවීදියේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු නීතියට අනුව අනිවාර්යයෙන්ම සිටිය යුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හෝ නොමැතිව පොලිසිය විසින් ඔවුන් බලහත්කාරයෙන් පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට පවා කටයුතු කර තිබිණි. මුතුරාජවෙල තෙත්බිම් විනාශයට එරෙහිව ජා-ඇල, බෝපිටිය මංසන්ධියේ පැවති විරෝධතාව සහ තෙල් මිල හා බඩු මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කළුතර නගරයේදී පැවති විරෝධතාව සංවිධානය කළ පාර්ශ්ව නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම ද ඊයේ සිදු විය. එසේම ජුනි 21 වන දින රාජ්‍ය ඇමැති සතාසිවම් වියලේන්ද්‍රන්ගේ ආරක්ෂක නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද මහාලිංගම් බාලසුන්දරම්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මඩකලපුව, ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණය කළ විරෝධතාකරුවන් පිරිසක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. දිනක් තුළ මෙවැනි මර්දනකාරී සිදුවීම් රැසක් රට පුරා ක්‍රියාත්මක වීම බරපතළ තත්ත්වයක් බව යළිත් අවධාරණය කළ යුතුය.


මේ සියලු විරෝධතාවල අරමුණ වූයේ ජනතාවට බලපාන ගැටළුවලට ආණ්ඩුව මැදිහත් නොවීම හා එම ගැටළු උත්සන්න කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන තීරණවලට විරෝධය පළකිරීම ය.


අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතියක් ලෙස පිළිගෙන ඇති අතර, ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය ද පුරවැසියන්ට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින් ද තහවුරු කර තිබේ.


අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත.


‘සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.


‘ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ නඩු තීන්දු රැසක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර ඇත. වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87) නඩු තීන්දුවේ දක්වා ඇත්තේ දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස යටතට ගැනෙන බවයි. විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93) නඩු තීන්දුවේ දක්වා ඇත්තේ රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බවයි. එම තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.


‘Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsory unification of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginnings.’

විනිසුරුවරයා සඳහන් කර ඇති ආකාරයට ප්‍රතිවාදී අදහස් බලහත්කාරයෙන් මර්දනය කිරීමට උත්සාහ ගතහොත්, එම ක්‍රියාවලිය අවසන් වන්නේ බරපතළ ජීවිත හානි මගින් ය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති 2005 – 2015 පාලන කාලය තුළදී මෙසේ ප්‍රතිවිරුද්ධ අදහස් මර්දනය කිරීමට යෑමේදී ආරක්ෂක අංශ අතින් සාමාන්‍ය ජනතාව මියගිය අවස්ථා රැසක් තිබිණි. එම සිදුවීම්වලට වගකිවයුත්තන්ට දණ්ඩ මුක්තිය ලැබී ඇති තත්ත්වයක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත යොදාගනිමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමත්, ජනතාව බියවැද්දීම සඳහා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමත් පසුගිය කාලය තුළ අපි දුටුවෙමු.


මේ වන විට වසංගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන නීතියට අනුකූලව නිකුත් කළ මාර්ගෝපදේශ යොදාගනිමින්, ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සිදුකරන විරෝධතා මර්දනය කිරීම බරපතළ තත්ත්වයකි. එහිදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිරෝධායන මාර්ගෝපදේශ බරපතළ ලෙස උල්ලංඝනය කරනු ලබයි. මේ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ කටයුතුවලදී හා ආණ්ඩුවට සමීප පාර්ශ්වවල පෞද්ගලික කටයුතුවලදී දැකගත නොහැකි වීම ද බරපතළ ලෙස අවධානය යොමු කළ යුතු කරුණකි. නීතිය ක්‍රියාවේ යෙදවීම අත්තනෝමතික සහ පක්ෂපාතී ලෙස සිදුකරන බව තහවුරු කෙරෙන මෙවැනි උදාහරණ රැසක් පසුගිය කාලයේ දැකිය හැකි විය.


වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහාත්, සමස්ත ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගැනීම සඳහාත් ජනතාව පෙළගැස්විය යුතුව තිබෙන බව පහත අත්සන් කරන අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් වෙනස්කම් නොසලකා සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක් පෙරමුණකට පැමිණ කඩිනම් විරෝධයක් පළකිරීම සඳහා පෙරමුණ ගත යුතු බව අපි වැඩිදුරටත් යෝජනා කර සිටිමු.’


ලිපියට අත්සන් තබා ඇති වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන

1. ලංකා ගුරු සංගමය

2. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

3. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

4. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

5. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

6. තරුණ නීතිඥ සංගමය

7. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

8. අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

9. ලංකා ගුරු සේවා සංගමය

10. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

11. ලංකා බැංකු සේවක සංගමය

12. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

13. ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය

14. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

15. ජනතා නීතීඥයෝ

16. අලුත් පියාපත් සංවිධානය

17. ඩාබිඳු සාමූහිකය

18. කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය

19. රෙඩ් සංවිධානය

20. ස්ටෑන්ඩ්අප් ව්‍යපාරය

21. මහා ශිෂ්‍ය සංගමය – කොළඹ විශ්වවිද්‍යාලය

22. ජන බල පවුර

23. රයිට්ස් නව් – ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය

24. කිතුසර කණ්ඩායම

25. සමාජ හා සාමයික කේන්ද්‍රය

26. ශ්‍රමාභිමානී

27. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය

28. ලංකා වතු සේවා සංගමය

29. එක්සත් කම්කරු සම්මේලනය

30. වතු කම්කරු මධ්‍යස්ථානය

31. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

32. එක්සත් පොදු සේවා සංගමය

33. වාණිජ හා කාර්මික සේවක සංගමය

34. රක්ෂණ සේවක සංගමය

35. තොරතුරු හා විදුලි සංදේශ සේවක සංගමය

36. සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

37. දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව

38. ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

39. ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය

40. ඒකාබද්ධ වරාය සේවක සංගමය

41. ස්වාධීන තටාක සේවක සංගමය

42. ජාතික නිදහස් වෘත්තීය සමිතිය

43. ලංකා වැවිලි සේවා සංගමය

44. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

45. PROTECT සංගමය


Wednesday 7 July 2021

"අපි ශ්‍රී ලංකා" නමේ ගැටලුව අවසන්.මම අයිතිය තහවුරු කලා- කුමාර වෙල්ගම

 මම කිව්වා ගෝඨාභයට බැහැ කියල. ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැහැනේ. මම කියපුවා දැන් හරි ගිහින්නෙ තියෙන්නේ - කුමාර වෙල්ගම 

කුමන බාධාව පැමිණියද දැනටමත් නව පක්ෂයක් ගොඩනගා ඇති  බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජූලි (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිතා කරන බවට ශ්‍රීලනිපය වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම මැතිවරණ කොමිසමට අද දින භාරදුන් පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමිනි.

 සැබෑ ශ්‍රී ලංකා කාරයෙක් ලෙස අතරමං වී සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්,පොහොට්ටුවේ අය සහ වමේ අදහස් ඇති අය වෙනුවෙන් තමන්ගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩනගන බවත් කිසිදු බාධා කිරීමක් තමන්ට අදාළ නොවන බවත් වෙල්ගම මහතා සඳහන් කරන ලදී. .

එමෙන්ම තමන් තවදුරටත් සමඟි ජන බලවේගයේ සන්ධානයේද  රැඳී සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

''පොහොට්ටුවට අකමැති,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න නිලධාරීන්ට අකමැති අය ඉන්නවා නම් එන්න කුමාර වෙල්ගම එක්ක. මම ඔයගොල්ලන්ව ආරක්ෂා කරන්නම්. මම කෙළින් වැඩකරන මිනිහෙක්. මම කාටවත් බය නැහැ. අනිත් එක මම කෙළින් හැමදේම කරලා කිව්වා. ඇමැතිකම්වලට පයින් ගැහුවා. කෙළින් හිටගත්තා. ඒ නිසා මම කියපු දේවල් අද හරිගිහිල්ලා තියෙනවා. මම කිව්වා ගෝඨාභය මහත්තයට බැහැ,ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැහැ. ඒ හැම දෙයක්ම මම බය නැතුව කියල තියෙනවා. ඒ නිසා මම කියනවා එන්න මා එක්ක. මම හරිමාර්ගයේ ගෙන යනවා.'' යනුවෙන් වැඩිදුරටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

සටහන -ජගත් ප්‍රසන්න ගමගේ


Wednesday 30 June 2021

සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ කාප්පාදු කෙරේ

 පසුගිය යහපාලන රජය මගින් ආරම්භ කර තිබු සුරක්ෂා රක්ෂණය යටතේ මෙතෙක් 


සිසු මරණයකදී ලබා දුන් ලක්ෂ 2ක රක්ෂණාවරණය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම දෙමාපිය මරණයකදී මෙතෙක් පැවැති රුපියල් දෙලක්ෂයක ප්‍රතිලාභ හිමිකමද ‘අඩු ආදායම්ලාභී පවුල් සදහා පමණක්’ යනුවෙන් සංශෝධනය වී තිබේ.

මුලින් පෞද්ගලික රක්ෂණ ආයතනයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.

ජනපති ලේකම් ඇමතිවරුන්ට තරවටු කරයි.

 


සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇත.


ඒ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙස ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙස සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව  දැනුම් දෙමිනි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර එම දැනුම්දීම සිදු කර ඇත්තේ, වරින්වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන්ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ  අවධානය යොමුව ඇතිබව සඳහන් කරමිනි. 

එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතුයුතුවල වේගයට බාධා ඇති කළ හැකි බව ජනාධිපති ලේකම්වරයාගේ අදහස වී තිබේ. 

මෙවැනි පසුබිමක් තුල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් කිරීම සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත්, නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් තේරීම් මණ්ඩලය වෙත ලබාදිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී සිටියි. 

එබැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර නිර්දේශිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලං .නි. පය නැවතත් දෙදරයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පසුගිය කාලය පුරාවටම අළුයට ගිනි මෙන් ගැටුම් උත්සන්න වෙමින් තිබුණි.

එහි අලුත්ම තත්වය වන්නේ පක්ෂය තුල සිටින ප්‍රබල මධ්‍යම කාරක සභිකයන් පස් දෙනකු සදහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වීමයි.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙදෙනෙක් හා  කළුතර ,මහනුවර ,පොලොන්නරුව යන දිස්ත්‍රික්කයන්හී මධ්‍යම කාරක සභාව නියෝජනය එක් සාමාජිකයන්  බැගින්   සාමාජිකයන් පස් දෙනකුට මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්වන බව දේශපාලන ආරංචි වාර්තා කරයි.

මෙම සාමාජිකයන් පසුගිය දිනකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ට්ට නායකයකු  වෙනුවෙන් හඬ අවධි කිරීමක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත.

මෙහිදී ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද භුක්ති විදින පිරිස වෙනම කදවුරක් ලෙසද ,පක්ෂයේ ජෙෂ්ට්ටතත්වයෙන් වැඩි හා  පක්ෂ ප්‍රතිසංවිධාන හි වෙනසක් ඉල්ලන පිරිස වෙනම කඳවුරක් ලෙසද ක්‍රියා කරන බව පෙනෙන බව වාර්තා වේ.

පක්ෂයේ ජෙෂ්ට්ටතත්වයෙන් වැඩි හා  පක්ෂ ප්‍රතිසංවිධාන හි වෙනසක් ඉල්ලන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජෙෂ්ට්ට සාමාජිකයකු ,ක්‍රියාකාරී දේශපලනයේ නිරත වන වර්තමානයේ නිතර කතාබහ  වන නායකයකු සමගද  රහසි  ගත සාකච්චාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මේ වන විට පක්ෂ සභාපති සහ ලේකම් අතරද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර ලේකම්වරයාට අවස්ථා කීපයකදීම ලේක්ම් ධුරයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් සභාපතිගේ වචන කනට නොගෙන හිතුවක් කාරී ලෙස ඔහු රැඳී  සිටින්නේ වෙනත් ප්‍රබල හස්තයක බලපෑමක් නිසාදැයි සැක කරයි.

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල විශාල දෙදරීමක් සහිත සිදුවීමක් බලාපොරොත්තු විය හැකි බව දේශපාලන වාර්තා උපුටා දක්වයි.

Monday 28 June 2021

චන්ද්‍රිකාගේ උපන් දිනයට අද අලුයම කරපු දේ


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හතර වන විධායක ජනධිපති ලෙස කටයුතු කල ගරු චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග මැතිනියගේ 
76 වන ජන්ම දිනය අද දිනට දී ඇත. එතුමියගේ ජන්ම දිනයට සුබ පැතුම් එක කරමින් විශාල පිරිසක් තම සුබ පැතුම් පණිවිඩය මාධ්‍යට මුදා හැර  තිබෙන අතර විපක්‍ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ,හිටපු අමාත්‍ය ,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර කුමාර වෙල්ගම මැතිතුමාද  තම සුබ පැතුම් එතුමියට එක්  කර තිබේ.

තවද  එතුමියට දිර්ගයුෂ හා සෙත් ප්‍රර්ථනා කරමින් අද දින අලුයම කාලයේදී  දෙනියාය පත්තිනි කෝවිලේ විශේෂ දේව පුජාවක් සිදු කල අතර මේ අවස්ථාව සදහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මාතර දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ හිටපු ලේඛම් වරයකු වන සුරේන් සාගර එදිරිවීර මැතිතුමා  ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට හිතවත් පිරිසක් නිරෝධායන නීති අනුගමනය කරමින්  එකතු වී සිටියහ.


Monday 15 February 2021

රජ ඔටුනු නොපලන් - ජන ඔටුනු පැලදු මානව හිතවාදියා - විජය

______________________________________

ශ්‍රී ලාංකිය සිනමා අම්භරයේ පෑයු පහන් තාරකාව

______________________________________


🔴🔴විජය කුමාරණතුංග🔴🔴


කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග. මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර, ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබුවා.


 විජයගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගත්තා. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර ‘සිතිජය’ නම් ගීත නාට්‍යයක රඟපා ඇත


🔴සිනමා දිවිය –


විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( “සහරාවේ සිහිනය”(1990) චිත්‍රපටයට – “වළාකුළක් ගෙන මුවා කරමු හිරු” & “දොළොස් මහේ පහන” චිතපටයට – “සාරා ගුවන විද නැගුන”). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී “ගොඩ් කින්ග්” නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම “නැංගුරම්” නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය “වරදට දඬුවම්”(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය “ඇය ඔබට බාරයි” එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.


🔴දේශපාලන දිවිය –


විජය සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරන ලදි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී මනාප 19738ක් ලබා ගැනීය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදින. මැතිවරණයයෙන් පසුව ඔහුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා හිර ගෙදරට නියම වූවා. 1983 ජනවාරි 18 දින ඔහුව නිදහස් කරන ලදි. ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම – 1977 ශ්‍රීලනිප ට එක්වීමෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම. 1983 අතුරු මැතිවරණය මහර ආසනයෙන් මනප 24899ක් ලබා ගැනීය. 1984 අතුරු මැතිවරණය මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගැනීය.


🔴🔴1986දී යාපනයට යාම


1986දී විජය කුමාරණතුංග ‘එල්.ටී.ටී කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනයන් හමුවීමෙන් පසු එල්.ටී.ටීය තරුණ නායකයින් හමු විය. පසුව ඔවුන් විසින් ආපිට ශ්‍රී ලංකා හමුදා කඳවුරු වෙත එවන ලදි.


🔴🔴😢ඝාතනය –


විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.


🔴😢😢😢අවමංගල්‍ය උත්සවය හා පසුව

විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), “භයානක අඟහරුවාදා” නැතහොත් “අඳුරු අඟහරුවාදා” යනුවෙන් හැඳින්වේ.


🔴🔥🔥ඝාතනය පිළිබඳ පරීක්ෂණ

හොන්ඩා සීසී 200 වර්ගයේ, 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචිත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය පසුව කළුබෝවිල රෝහල අසලින් සොයාගන්නා ලදී. යතුරු පැදියේ පසුපස පැමිණි, වෙනත් අනුවර්ත නාමයන්ගෙන් ද පෙනී සිටි ලයනල් රණසිංහ, වෙඩි තැබූ පුද්ගලයා බවටත් යතුරු පැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවටත් පසුව හෙළි වූ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.එහි දී හෙළි වූ තොරතුරු අනුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ දේශප්‍ර්මී ජනතා ව්‍යාපාරය සඳහා වැඩ කළ අතර විජය ඝාතනය කෙරුණේ එම සංවිධානයෙන් ලද නියෝගයක් මතයි. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම, බලය විමධ්‍යගත කරන පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම, සහ ජවිපෙට විරුද්ධව දමිළ බෙදුම්වාදී PLOTE හා EPRLF සංවිධාන සමඟ එක්ව ඔහුගේ පක්ෂයේ පිරිසකට අවි පුහුණුව ලබා දිම ඊට හේතු ලෙස කියැවුණි. ඝාතකයේ සැලසුම්කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න බවත් ඊට තොරතුරු රැස් කරන ලද්දේ කොලොන්නාවේ පියසිරි බවත් ඒ සඳහා පිළියන්දල සෙන්ට් මිචෙල් හෝටලයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් විජය කුමාරතුංගව ඝාතනය කිරීමට 1980 පමණ සිට වෑයම් කර ඇති බව ද ලයනල් හෙවත් ගාමිණී ලබා දුන් පිටු 141ක කට උත්තරයේ සඳහන් විය.


මින් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කොට ඔහුගේ ඝාතනයේ වගකීම බාරගත් බව ද කියැවේ.එමෙන්ම මඳ කලකට පසුව බොරැල්ල ඇක්විනාස් විද්‍යාලයේ වැසිකිළියක විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්ෂයේ අයෙක් පහත කවිය ලියා තිබුණු බව ද කියැවේ;


“ටයරය තුළ දැවෙන සොයරන්නේ නුඹට

නැත පාවඩ මළබෙරද දුකට

දේශය යකුට දී වැනසී ගිය යකුට

කුමට ද වැළපෙන්නේ නැතිව ද මොළකට්ට”


එලෙස විවිධ අන්දමින් එම ඝාතනය සම්බන්ධව උදම් ඇනීම එකල සිදු වුවද පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට එක්විය.


ඔවුන් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව වර්ථමාන ජවිපේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාෂ කරන අතර ඒ සිදුවීම් අනුමත නොකරන බවද කියා සිටියි.


පසුව විජය කුමාරතුංග මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධූරයට පත් වූ අතර ඉන් පසුව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වැනිදා ආරම්භ කරන ලද අතර එය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය.


🔴සම්මාන

විජය කුමාරතුංග සම්මාන හා නිර්දේශ

සම්මාන සහ නිර්දේශයන්

සම්මානය ලබා ගැනීම් නිර්දේශිත

සරසවිය

11 1 1

ස්වර්ණ සංඛ

1 1

ජනාධිපති සම්මාන

1 1

OCIC

1 0

විචාරක සම්මාන

0 1

එකතුව

ලබා ගැනීම්

15

නිර්දේයන්

15

සරසවිය සම්මාන සංස්කරණය

වසර සම්මානය චිත්‍රපටිය වෙනත්

1983 ජනප්‍රියතම නළුවා –

රංග කුසලතා මහ ගෙදර

1984 ජනප්‍රියතම නළුවා –

1985 ජනප්‍රියතම නළුවා –

1986 ජනප්‍රියතම නළුවා –

1987 ජනප්‍රියතම නළුවා –

1988 ජනප්‍රියතම නළුවා –

රණ තිසර සම්මානය –

1989 හොඳම නළුවා කැඩපතක චායා මෙම සම්මාන හිමි වූයේ ඔහුගේ වියෝවෙන් පසුවයි

1990 හොඳම පසුබිම් ගායකයා සහරාවේ සිහිනය

1992 හොඳම පසුබිම් ගායකයා දොළොස් මහේ පහන


🔴🔴❤වෙනත් සම්මාන

1975 හත්වැනි විචාරක සම්මාන උලෙළ කුසලතා සහතික (‘අහස් ගව්ව’)

‍හොඳම සහාය නළුවා 1987 – ජනාධිපති සම්මාන (‍’දෙව්දුව’)

නිර්මාණශීලී රංග කුසලතා 1990 (‘කැඩපතක ඡායා’) – OCIC සම්මාන

‍හොඳම නළුවා (‘කැඩපතක ඡායා’) ස්වර්ණ සංඛ සම්මාන -1990


වෙනත්

ගීත ගැයූ මුල්ම චිත්‍රපටය – ‘පාරදිගේ’ (‘පාවෙලා යන පාර වටේ’ ගීතය)

නිෂ්පාදනය කළ චිත්‍රපට – ‘වරදට දඬුවම’ සහ ‘සමාව’

අවසන් වරට රඟපෑ චිත්‍රපටය – ‘මිහිදුම් සිහින’ – අංක 2 මිය යාමට දින දෙකට කලින් මස්කෙළියේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි විය

දැරූ නිලතල – ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක

පාවිච්චි කළ වාහනය – ඩබල් කැබ්

සංචාරය කළ රටවල් – එංගලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, රුසියාව, ස්විට්සර්ලන්තය, පකිස්ථානය, ඉතාලිය, ක්වේට්, ඕලන්දය, බෙල්ජියම.

විජයගේ අවසාන පුවත්පත් සාකච්ඡාව – ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ 1988 (සුනිල් මිහිකුල සමඟ)

විජය පුවත්පතකට ලියූ අවසාන ලිපිය – 1988

විජයට හිතැති මම,

 සුරේන් සාගර එදිරිවීරජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.


🔴😢😢😢අවමංගල්‍ය උත්සවය හා පසුව

විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), “භයානක අඟහරුවාදා” නැතහොත් “අඳුරු අඟහරුවාදා” යනුවෙන් හැඳින්වේ.


🔴🔥🔥ඝාතනය පිළිබඳ පරීක්ෂණ

හොන්ඩා සීසී 200 වර්ගයේ, 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචිත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය පසුව කළුබෝවිල රෝහල අසලින් සොයාගන්නා ලදී. යතුරු පැදියේ පසුපස පැමිණි, වෙනත් අනුවර්ත නාමයන්ගෙන් ද පෙනී සිටි ලයනල් රණසිංහ, වෙඩි තැබූ පුද්ගලයා බවටත් යතුරු පැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවටත් පසුව හෙළි වූ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.එහි දී හෙළි වූ තොරතුරු අනුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ දේශප්‍ර්මී ජනතා ව්‍යාපාරය සඳහා වැඩ කළ අතර විජය ඝාතනය කෙරුණේ එම සංවිධානයෙන් ලද නියෝගයක් මතයි. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම, බලය විමධ්‍යගත කරන පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම, සහ ජවිපෙට විරුද්ධව දමිළ බෙදුම්වාදී PLOTE හා EPRLF සංවිධාන සමඟ එක්ව ඔහුගේ පක්ෂයේ පිරිසකට අවි පුහුණුව ලබා දිම ඊට හේතු ලෙස කියැවුණි. ඝාතකයේ සැලසුම්කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න බවත් ඊට තොරතුරු රැස් කරන ලද්දේ කොලොන්නාවේ පියසිරි බවත් ඒ සඳහා පිළියන්දල සෙන්ට් මිචෙල් හෝටලයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් විජය කුමාරතුංගව ඝාතනය කිරීමට 1980 පමණ සිට වෑයම් කර ඇති බව ද ලයනල් හෙවත් ගාමිණී ලබා දුන් පිටු 141ක කට උත්තරයේ සඳහන් විය.


මින් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කොට ඔහුගේ ඝාතනයේ වගකීම බාරගත් බව ද කියැවේ.එමෙන්ම මඳ කලකට පසුව බොරැල්ල ඇක්විනාස් විද්‍යාලයේ වැසිකිළියක විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්ෂයේ අයෙක් පහත කවිය ලියා තිබුණු බව ද කියැවේ;


“ටයරය තුළ දැවෙන සොයරන්නේ නුඹට

නැත පාවඩ මළබෙරද දුකට

දේශය යකුට දී වැනසී ගිය යකුට

කුමට ද වැළපෙන්නේ නැතිව ද මොළකට්ට”


එලෙස විවිධ අන්දමින් එම ඝාතනය සම්බන්ධව උදම් ඇනීම එකල සිදු වුවද පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට එක්විය.


ඔවුන් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව වර්ථමාන ජවිපේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාෂ කරන අතර ඒ සිදුවීම් අනුමත නොකරන බවද කියා සිටියි.


පසුව විජය කුමාරතුංග මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධූරයට පත් වූ අතර ඉන් පසුව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වැනිදා ආරම්භ කරන ලද අතර එය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය.


🔴සම්මාන

විජය කුමාරතුංග සම්මාන හා නිර්දේශ


සම්මාන සහ නිර්දේශයන්

සම්මානය ලබා ගැනීම් නිර්දේශිත

සරසවිය

11 1 1

ස්වර්ණ සංඛ

1 1

ජනාධිපති සම්මාන

1 1

OCIC

1 0

විචාරක සම්මාන

0 1

එකතුව

ලබා ගැනීම්

15

නිර්දේයන්

15

සරසවිය සම්මාන සංස්කරණය

වසර සම්මානය චිත්‍රපටිය වෙනත්

1983 ජනප්‍රියතම නළුවා –

රංග කුසලතා මහ ගෙදර

1984 ජනප්‍රියතම නළුවා –

1985 ජනප්‍රියතම නළුවා –

1986 ජනප්‍රියතම නළුවා –

1987 ජනප්‍රියතම නළුවා –

1988 ජනප්‍රියතම නළුවා –

රණ තිසර සම්මානය –

1989 හොඳම නළුවා කැඩපතක චායා මෙම සම්මාන හිමි වූයේ ඔහුගේ වියෝවෙන් පසුවයි

1990 හොඳම පසුබිම් ගායකයා සහරාවේ සිහිනය

1992 හොඳම පසුබිම් ගායකයා දොළොස් මහේ පහන


🔴🔴❤වෙනත් සම්මාන


1975 හත්වැනි විචාරක සම්මාන උලෙළ කුසලතා සහතික (‘අහස් ගව්ව’)

‍හොඳම සහාය නළුවා 1987 – ජනාධිපති සම්මාන (‍’දෙව්දුව’)

නිර්මාණශීලී රංග කුසලතා 1990 (‘කැඩපතක ඡායා’) – OCIC සම්මාන

‍හොඳම නළුවා (‘කැඩපතක ඡායා’) ස්වර්ණ සංඛ සම්මාන -1990


වෙනත්

ගීත ගැයූ මුල්ම චිත්‍රපටය – ‘පාරදිගේ’ (‘පාවෙලා යන පාර වටේ’ ගීතය)

නිෂ්පාදනය කළ චිත්‍රපට – ‘වරදට දඬුවම’ සහ ‘සමාව’

අවසන් වරට රඟපෑ චිත්‍රපටය – ‘මිහිදුම් සිහින’ – අංක 2 මිය යාමට දින දෙකට කලින් මස්කෙළියේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි විය

දැරූ නිලතල – ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක

පාවිච්චි කළ වාහනය – ඩබල් කැබ්

සංචාරය කළ රටවල් – එංගලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, රුසියාව, ස්විට්සර්ලන්තය, පකිස්ථානය, ඉතාලිය, ක්වේට්, ඕලන්දය, බෙල්ජියම.

විජයගේ අවසාන පුවත්පත් සාකච්ඡාව – ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ 1988 (සුනිල් මිහිකුල සමඟ)

විජය පුවත්පතකට ලියූ අවසාන ලිපිය – 1988

විජයට හිතැති මම,

 සුරේන් සාගර එදිරිවීර

Saturday 16 January 2021

රන්ජන් වෙනුවෙන් චන්ද්‍රිකා පෙරමුණට


 මා හිතවත් රන්ජන්,

ඔබට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් විස්මයටත්, කණගාටුවටත් පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇතිවූයේ මේ රටේ මුළුමනින් ම දූෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රයට එරහිව නිර්භයව හඬනැගීම හේතුවෙනි.

ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන්, මිනීමරුවන්, ජාවාරම්කාරයින් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට, අතිශයින් ම දූෂිත දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකවම උත්සාහ කිරීම නිසා, ඔබට අද සිරගත වන්නට සිදු ව තිබේ.

මා ජනාධිපතිව සිටි අවධියේ දී මම ද, ඔබ අනුගමනය කළ ප්‍රවේශයට වඩා වෙනස් ප්‍රවේශයක් අනුගමනය කරමින් රටේ සියලු දූෂණ සහ අක්‍රමිකතා නැවැත්වීමට, අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යභාරයක් ඉටුකළෙමි. අවාසනාවට මගෙන් පසු යුගය තුළ ඒ සියලු උත්සාහයන් උඩු යටිකුරු වී ගියේ ය.

කිසිදු විටෙක අධෛර්ය නොවන්න. යුක්තිය අගයන සියලු ජනතාව ඔබ සමග සිටින බැවින් සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙන්න.

කුමන අභියෝග සහ බාධා එල්ල වුවද, අපේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් අපි බොහෝ කැපවීමෙන් වැඩ කළ යුතු වෙමු.

අයුක්තියට, අසාධාරණයට, දූෂණයට එරෙහිව ඔබ විසින් ආරම්භ කළ සටන වඩාත් ශක්තිමත්ව ඉදිරියට මෙහෙය වීමට ඔබට ආශිර්වාද කරමින් විජය මාමාගේ ගීත කොටසක් සිහිපත් කරමි.

“වරදට එරෙහිව අවි ඔසවන්නේ

රටකට දැයකට හිත ඇති මිනිසුන්

ශාන්තිවාදීව තපස් රකින්නේ

පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්”

මීට,

හිතවත්,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Monday 11 January 2021

රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි කීර්තිමත් පක්‍ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී පරස්පර කථා කිම නවත්වන්න - හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා


 2021.01.07

මෛත්‍රීපාල සිරිසේන මහතා

සභාපති,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,

301, ටී.බී. ජයා මාවත,

කොළඹ 10.


සභාපතිතුමනි,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මා ඉවත්කර හෝ ඉවත්වී නොමැති බව දැන්වීම.

පසුගිය සතියේ ඔබ විසින් ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග පවත්වා ඇති සාකච්ඡාව හා බැදේ.

උක්ත සාකච්ඡාවේදී ඔබ විසින් සිදුකර ඇති, හිටපු රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි කීර්තිමත් පක්‍ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශයන් දැක මම පුදුමයට පත් වීමි.

එහිදී ඔබ විසින් පවසා ඇති බොහෝ කරුණු පිළිබඳ බොහෝ දේ කීමට ඇතත්, ඒවා පසෙක තබා, ඔබ මා පිළිබඳව පවසා ඇති බොරු පිළිබඳව අපේ ආදරණීය පාක්‍ෂිකයින් සහ රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීම මගේ වගකීමක් බව සිතමි.

1) “ ඇය තවදුරටත් පක්‍ෂයේ නැහැ” යැයි ඔබ පවසයි. එසේ වීමට නම් එක්කෝ මා පක්‍ෂයෙන් ඉල්ලා අස්වී තිබිය යුතුය. නො එසේ නම් පක්‍ෂය විසින් මා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර තිබිය යුතුය. එහෙත් ඒ කිසිවක් සිදු වී නැත. එහෙයින් ඔබේ ප්‍රකාශය සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වේ.

පක්‍ෂය ආරම්භයේ සිට වැඩිම කාලයක් එක දිගට පක්‍ෂ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔබ පක්‍ෂ ව්‍යවස්ථාව පිළිබඳව නොදැන සිටින බව රටට පෙන්වීම කණගාටුවට කරුණකි.

මේ වන විටත් මා නිල බලයෙන්ම පක්‍ෂයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බව පක්‍ෂ ව්‍යවස්ථාවේ පහත සඳහන් කෙරෙන වගන්තිවලින් ඉතා හොඳින් පැහැදිලි වන බව ඔබට දන්වමි.

(අ) පක්‍ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ (VIII) උපවගන්තිය මෙසේය.

 “ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය දරණ යම් සාමාජිකයකු පක්‍ෂයේ සභාපති තනතුර හෝ පක්‍ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තනතුර හෝ අගමැති තනතුර දරන ලද්දේ නම් හෝ දරනු ලබන්නේ නම් හෝ ඔහු / ඇය විධායක සභාවේ සාමාජිකයකු විය යුතුය.”

(ආ) පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ (01) I අනුවගන්තිය මෙසේය.

“ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ශවයක් වන සන්ධාගත වූ දේශපාලන පක්‍ෂයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත්ව එකී ධුරකාලය අවසන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයකු වන ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරුන් හෝ නිල බලයෙන්ම අනුශාසක ධුරයට හෝ ධුරයන්ට පත්වේ.”

2) 2019 නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණයේදී මා පක්‍ෂයෙන් කොටසක් කඩාගෙන ගොස් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියකට එක්වූ බවක් ඔබ පවසයි. මා සහභාගී වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් විසින්, 2019 නොවැම්බර් 05 වන දින සුගදාස ක්‍රීඩාංගනයේ පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමුළුවකට මිස, සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ වෙනත් ජනාධිපතිවරණ අපේක්‍ෂයෙකුගේ හෝ රැස්වීමකට නොවේ.

එහීදී මා අවධාරණය කළේ වෙනත් කිසිදු අපේක්‍ෂකයෙකුට සහය දෙනු වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර, ඒ වන විට දුර්වලව තිබූ පක්‍ෂය, ඒ මැතිවරණ ව්‍යාපාරය හරහා නැවත ශක්තිමත්ව ගොඩ නැගීමේ වැදගත්කමයි.

ඔබලා හොර රහසේ පොහොට්ටුව සමග අත්සන් තැබූ ගිවිසුමෙන් පක්‍ෂයට වන හානිය පිළිබඳ පාක්‍ෂිකයා දැනුවත් කරමින්, එම ගිවිසුම අනුව මහා මැතිවරණයේදී එක් දිස්ත්‍රික්කයකට එක් අපේක්‍ෂයෙකු බැගින් වත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නාමයෝජනා නොලැබෙන බවත්, අප පක්‍ෂය බරපතල ලෙස විනාශ වන බවත් වැඩිදුරටත් පැහැදිලි කළෙමි.

ඒ හැර එම සමුළුවේ දී කිසිදු අපේක්‍ෂකයෙකු ප්‍රවර්ධනය කළේ නැත. 

අද වන විට පක්‍ෂ සභාපතිවරයා සහ ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පොහොට්ටු පක්‍ෂයෙන් නිසි තැනක් නොලැබෙන බවට නඟන මැසිවිලි දෙස බලන විට, එදා මා කළ අනතුරු ඇඟවීම සත්‍ය බව සක් සුදක් සේ පැහැදිලි නොවේද?

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්‍ෂිකයන්ගේ ඡන්දය ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ට බැගෑපත් වෙමින්, ඔබ  අවස්ථා පහකදී සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට ගොස්, එතෙක් ආමන්ත්‍රණය කර පරිදිම රනිල් වික්‍රමසිංහ මහතාට “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට අවසර ඉල්ලා, බලය ලබා ගත් පසු ඔහුට අසභ්‍ය ලෙස බනින්නට පටන් ගත් ආකාරයට කටයුතු කරන තත්වයට මා කිසි දිනෙක ඇද වැටී නැත. 

3) මා පක්‍ෂයේ ස්ථාවරයට එරෙහි වූ බවක්ද ඔබ පවසා තිබේ. ශ්‍රී.ල.නි.පක්‍ෂයේ හරය සහ ආත්මය ද විනාශ කරමින්, දූෂිත හා මිනිමරු පාලනයක් මේ රටේ තහවුරු කළ රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට ඔබ ඉදිරිපත් වූ අවස්ථාවේ, හොරෙක්, මීනිමරුවෙක් යැයි ඔබ ම ප්‍රසිද්ධියේ චෝදනා කළ පුද්ගලයාව, ඊට වසර තුනකට පසු 2018 ඔක්තෝබරයේ දී නීතිවිරෝධි සහ අත්තනොමතික ලෙස හොර රහසේම රටේ අගමැති පදවියට පත් කිරීමට ඔබ ක්‍රියා කළේ පක්‍ෂයේ අනුමැතියට යටත්ව, පක්‍ෂයේ ස්ථාවරයට එකඟව දැයි මම ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. 

තම පෞද්ගලික බල තණ්හාව නිසාම සිදුකළ එම ක්‍රියාවෙන් ඔබ අපේ ආදරණීය පක්‍ෂය කනත්තටම රැගෙන ගියේය. අද අපේ පක්‍ෂය මේ තරම් පිරිහීමට පත්ව ඇත්තේ ඔබගේ රාජ්‍යතාන්ත්‍රික නොවන එවන් තීරණ නිසා බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රටවැසියෝම දනිති.

 ඔබගේ ඒ අත්තනෝමතික ක්‍රියාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන්ම එය කෙතරම් බරපතළ වරදක්ද යන්න පැහැදිලිය. යන්තමින් හෝ ශීලාචාරකම තිබුණේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුව සමගම ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට ජනාධිපති පදවියෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණි.

එසේ වූයේ නම් අහිංසකයින් සිය ගණනකට ජීවිත අහිමි කළ පාස්කු ප්‍රහාරයද සිදු නොවනු ඇති බව අපගේ හැඟීමයි. මක්නිසාද, ඔබ වැනි රාජ්‍ය තාන්ත්‍රික භාවයක් නැති අයෙකු හැර වෙනත්  කෙනෙකු ඒ වන විට ජනාධිපති පදවියේ සිටියේ නම් බුද්ධි අංශ මඟින් ලැබී තිබූ තොරතුරු  අනුව මේ මහා ජාතික ඛේදවාචකය වළක්වාලීමට හැකිවනු ඇත.

 මේ වන විට ඔබ පක්‍ෂ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී, රාජ්‍ය නායකත්වයේ රැඳුණු ඔබ, පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පක්‍ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ඔබගේ දීන ස්වභාවය මැනවින් හෙළි වේ. 

පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 II (අ) යටතේ ඔබ නිල බලයෙන් පක්‍ෂ සභපති ධුරයට පත්ව ඇත. එකී නිල බලය අහෝසි වූ විට ක්‍රියාත්මක විය යුතු ව්‍යවස්ථාවේ II (ඈ) වගන්තිය උල්ලංඝනය කරමින් ඔබ අද බලයේ රැදී සිටියි. 12 II (ඈ) වගන්තිය ඔබට අමතක වී ඇත්නම් පහත උපුටා දක්වමි.

“ ඉහත කී 12 II (ඈ) වගන්තිය යටතේ නිල බලයෙන් සභාපති ධුරයට පත්නොවූ අවස්ථාවකදී   විධායක සභාව විසින් පක්‍ෂයේ සභාපතිවරයා තෝරා පත්කර ගත යුතුය.”

තත්වය මෙසේ තිබියදී ඔබ මා පක්‍ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන බවට නන් දෙඩවීම ශ්‍රී.ල.නි.ප. නායකයෙකුට තරම් වේද? මා එසේ කර ඇත්නම් පක්‍ෂ ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු විනා, තැන් තැන්වල නන් දෙඩවීම වැදගත් පක්‍ෂයක නායකයෙකුට තරම් නොවේ.


 අනාරාධිතව වුවද පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහාභාගීවීමට නීත්‍යානුකූලව හැකිවුවත්, මා එම රැස්වීම්වලට සහභාගී නොවූයේ පක්‍ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරමින් ඔබ දුර්වල කරන ලද පක්‍ෂය තවතවත් දුර්වල කිරීමට ඇති අකමැත්ත නිසා පමණි. 

මට කැබිනට් මණ්ඩල රැස්වීම් වලදීම ඉතා පහත් අන්දමින් අපහාස කළ එස්.බී දිසානායක, බන්දුල ගුණවර්ධන, රවි කරුණානායක වැන්නවුන්  සිටි එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් රැස්වීම්වල සතිපතා දිරියෙන් සහ ශක්තිමත්ව මුලසුන දරමින්, යළිත් වතාවක් අප පක්‍ෂය බලයට ගෙන ඒමට තනිවම මහා සටනක් දියත් කළ නිසා පමණක්, ඔබ සියලු දෙනාට යළිත් වරක් බලය ලබාගෙන විවිධ වරප්‍රසාද ලබා ගැනීමට හැකි වූ බව ඔබට අමතක වුවත් අප පාක්‍ෂිකයන් අමතක කර නැත. 

මා ශ්‍රී.ල.නි.ප යට එරෙහිව කටයුතු කරනවා යැයි පවසන ඔබට පහත කරුණු අමතක වී නැතැයි විශ්වාස කරමි. පක්‍ෂ ඉතිහාසයේ හතර වතාවක් අන්ත පරාජයට පත්ව තිබූ ශ්‍රී.ල.නි.ප ය ගොඩ ගැනීමට මා ඉටු කළ මෙහෙය මෙසේය :-



1. 1977 දිණකර පුවත්පත ආරම්භ කර, අන්ත පරාජයට පත්ව තිබූ පක්ෂය ශක්තිමත් කිරීම.



2. 1981 ටකරං සමුළුව හරහා මැතිනිය පක්‍ෂ නායකත්වයෙන් පන්නා දමා, පක්‍ෂය දිය 

          කර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කිරීම.


3. වසර 17 කට පසු මා අතිශය කැපවීම් කර, 1994 දී පක්‍ෂයට රාජ්‍ය බලය ලබා දීම.


4. 2015 දී පක්‍ෂයේ වටිනා ප්‍රතිපත්ති රැක ගැනීම වෙනුවෙන් පක්‍ෂ මහා ලේකම්වරයා     

  ජනාධිපති කරවා, පක්‍ෂය යලි නඟා සිටුවීමේ කාර්යය ඔහුට භාර කිරීම.


එසේ කළ මට, ඔබ සහ ඔබ අතවැසි ලේකම්වරයා කුමන කෙනෙහිලිකම් කළත් පක්‍ෂ අනුශාසකවරිය ලෙස අවශ්‍ය නම් ඒවාට සහාභාගීවිය හැකි බවද සිහිපත් කරමි.

මේ වන විට ඔබ, පක්‍ෂයට ආදරය කරන සැබෑ පාක්‍ෂිකයින් පක්‍ෂයෙන් ඈත් කරමින් විවිධ වරදාන හෝ වරප්‍රසාද වලට නව සංවිධායකවරුන් පත් කරමින් පක්‍ෂය, වල පල්ලටම ඇද දැමීමට කටයුතු කරමින් සිටින බව බොහෝ පාක්‍ෂිකයෝ මා සමග පවසති.

ඔබේ වැඩපිළිවෙළ ගැන, ඔබේ ප්‍රතිපත්ති ගැන, ඔබේ ක්‍රියාකාරකම් ගැන කීමට බොහෝ දේ ඇතත්, ඒවා පසුවට තබමි. අහිංසක පාක්‍ෂිකයින් රවටමින් දිනෙන් දින පක්‍ෂය විනාශ කිරීම වහාම නතර කර පක්‍ෂයට සහ පාක්‍ෂිකයනට සැබෑ ලෙස ආදරය කරන අලුත් කණ්ඩායමකට පක්‍ෂය ඉදිරියට ගෙනයාමට ඉඩ ලබාදෙමින් වහාම පක්‍ෂයේ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන මෙන් අප ආදරණීය පාක්‍ෂිකයින්ගේ නාමයෙන් ඉල්ලමි.

ස්තුතියි,

මෙයට

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,

අනුශාසිකා, 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,

ශ්‍රී ලංකාවේ සිව් වන විධායක ජනාධිපතිනි.