Thursday 31 March 2022

බස් ගිණි තැබීමේ නාටකයට තුන් වන පාර්ශවයක්‌

#copied 🔥 බස් ගිනි තැබීමේ නාටකය.... (මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා👇) උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව.. ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ.. පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා.. ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ.. ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා. ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ.. ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. පොලිසිය 😂 සමාජ මාධ්‍ය උපුටා ගැනීමක්

Tuesday 29 March 2022

මෛත්‍රීපාල සිරිසේන එළියට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන පැජට් පාරේ පිහිටි නිවස අඛණ්ඩව භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය පෙත්සම විභාගයේ අවසන් තීරණය දක්වා බලපැවැත්වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියසෝති සරවනමුත්තු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි සමය් නිල නිවාසය ලෙස භාවිත කළ මෙම නිවස ඔහුට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළද එම තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි. මේ සම්බන්ධයන් ඊයේ (28) මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසය

Monday 14 March 2022

මෛත්‍රීපාල සිරිසේන පක්ෂයෙන් මහා පාරට

මහ ජනතාවට පාරට බැසීම හැර වෙනත් කිරීමට කිසිඳු දෙයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ. බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැති බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින්. ජනතාව සිය මනසේ ගැටළු රාශියක් පොදි බැඳගෙන සිටින බවත් අද වන විට මෙරට ආහාර අර්බුදය ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙන බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “‍තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා. මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට මා සම්බන්ධ කර ගත්තේ නෑ.
සිරිමාවෝ බණ්ඩාරනායක යුගයෙන් පසු මේ රටට හරි ප්‍රතිපත්තියක් ගෙනාවේ මගේ ආණ්ඩුව විතරයි. මම ප්‍රජාත්‍රන්ත්‍රවාදීව රට ගෙන ගියා ලෝකයේ සියලුම රටවල් මට උදව් කළා මම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝදනය ගෙනත් රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඇති කළා.නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුණත් ඒක මට කරන්න බැරි වුනා. විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා.ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා මුළු රටම අද කදුලින් ඉන්නේ අයට ඒවා තේරෙන්නේ නෑ.

නිවු ඩයමන්ඩ් නැවේ වන්දිය කෝටි 343 වෙච්ච දෙයක් නෑ

ඩයමන්ඩ් නැවේ සමාගම එක්ක අත යට ගනුදෙනුවක්? කෝප් සභාපති ලොක්කන්ට දෙහි කපයි මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි මුදල් අයකර ගැනීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය නිසි අයුරින් කටයුතු කර නැතැයි අනාවරණය වී තිබෙනවා. මේ තොරතුරු අනාවරණය වූයේ මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි අය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එම කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා රැස්වුණා. ඒ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුවේදීය. රුපියල් කෝටි 348ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණක් බවට කෝප් කමිටුවේදී පසුගිය 11 වැනිදා තොරතුරු අනාවරණය වුණා. එම වන්දි මුදල අයකර ගැනීම නිසි අයුරින් කටයුතු කර නොමැති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සමග ගනුදෙනුවකට ගොස් පරිසර හානිය ලබා නොදී ඒ සමාගමට වාසි සහගත අයුරින් කටයුතු කළ බවට තමා චෝදනා කළ හොත් ඊට දෙන පිළිතුර කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසා තිබෙනවා. ඒ අවස්ථාවේදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබා දී නෑ. මේ කටයුතුවලදී ආයතනයේ නීති නිලධාරිනිය නිෂ්ක්‍රීයව සිටියේ ඇයිදැයි කෝප් කමිටු සභාපතිවරයා ඉන් අනතුරුව විමසා සිටියා. එහිදී අදහස් දැක්වූ නීති නිලධාරිනිය මෙම නෞකාවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කිසිම සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බව ප්‍රකාශ කළා. නීති නිලධාරිනිය එම කටයුතු සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි දැයි කෝප් සභාපති චරිත හේරත් මහතා මෙහිදී විමසා සිටි අතර ඊට පිළිතුරු ලබාදුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ආයතනයේ කටයුතුවලදී එම නිලධාරිනියගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන හෙයින් ඒ කටයුතු සඳහා දෙවැනි නිලධාරියකු පත් කිරීමට සිදුවූ බවයි. එය පරිපාලනමය වශයෙන් ගත් වැරදි තීන්දුවක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීති නිලධාරිනිය පැවසූවේ තමා අවුරුදු දහඅටක් තිස්සේ ආයතනයේ නඩු කටයුතුවලට සම්බන්ධවී කටයුතු කර පළපුරුද්දක් ඇති නිලධාරිනියක බවයි. එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ කටයුතු ආයතනයේ නීති අංශයෙන් වසා සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Sunday 13 March 2022

ශ්‍රී. ලං. නි. ප යේ සම සභාපතිකම චන්ද්‍රිකා බණ්ඩාරනායකට, සභාපති බලතල සමාන වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ බෙදීමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. ඒ ආණ්ඩුවේ ඇමති ධූර අත හැර ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව. ප්‍රබලයන් තිදෙනා ආණ්ඩුවේ ඇමති ධූර අත හැර ආණ්ඩුවෙන් ඉවත් වීමට මේ අවස්ථාව නොවන බව පක්ෂයේ ප්‍රබලයන් තිදෙනකුගේ මතය වී තිබෙනවා. ඒ කැබිනට් ඇමති ධූරයක් දරණ නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය ඇමති ධූර දරන ශ්‍රී.ල.නි.පයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන්. ඔවුන් තිදෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට විරෝධය පෑම පමණක් නොව පක්ෂය තුළ බරපතළ අර්බුදයක් ඇති කරන යෝජනාවක්ද ඉදිරිපත් කොට ඇති බව දැනගන්නට තිබෙනවා. ****************************
අර්බුදකාරී යෝජනාවක් ඒ පක්ෂය අතහැර ගිය අයට යළි පක්ෂයට එන ලෙස ආරාධනා කිරිමේ යෝජනාවයි. එම යෝජනාවට අනුව හිටපු පක්ෂ සභාපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද පක්ෂයට යළි ආරාධනා කළ යුතු බවයි එම තිදෙනාගේ මතය වී තිබෙන්නේ. හිටපු ජනපතිනිය පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ප්‍රසිද්ධියේම විවේචනය කරන්නියක්. ***************************666 පිටස්තර කුමන්ත්‍රණය මෙය ශ්‍රී.ල.නි.පයෙන් පිට මෙහෙයවන දේශපාලන ප්‍රබලයෙකුගේ අදහසක් හා කුමන්ත්‍රණයක් බවටයි සැක කෙරෙන්නේ. ශ්‍රීලනිපය ආණ්ඩුවේ ඇමති ධූර අත හැර වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි යන මතයේ පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මීට පෙර ඇමතිකම් වලින් ඉවත් නොවිය යුතුයි යන ස්ථාවරයේ සිටී මහින්ද අමරවීර ඇමතිවරයා සිය ස්ථාවරය වෙනස් කර තිබෙන බවත් වාර්තා වනවා. ඔහු ඕනෑම වේලාවක ඇමති ධූරය අතහැර ආණ්ඩුවෙන් ඉවත් ඉවත්වීමට සූදානම් බවයි පක්ෂ නායකත්වය අමතා සඳහන් කර තිබෙන්නේ.

මහින්දගේ ප්‍රතිබිම්බය "ලංවා" අධිපති නන්දන ලොකු විතානද

ජයදේව ලොකුවිතාන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (ICIJ) විසින් නිකුත් කරන ලද පැනමා පත්‍රිකාවල ඩුබායි හි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෙරමුණේ පුද්ගලයා යැයි කියනු ලබන නන්දන ජයදේව ලොකුවිතාන නම් කර ඇත. ලොකුවිතාන වඩාත් ජනප්‍රිය වන්නේ ‘ඩුබායි හි මැරියට් හෝටලය මිලදී ගත් ශ්‍රී ලාංකිකයා’ ලෙසයි - එය රාජපක්ෂට අයත් බවට වාර්තා වූ අතර පසුව ඔහු එම හෝටලය මිලදී ගත් බවට වාර්තා ප්‍රතික්ෂේප කළේය. **********************
රාජපක්ෂ බලයේ සිටියදී නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකුවිතාන හරහා ඩුබායිහි දේපළ සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවත්, රාජපක්ෂට හඳුන්වා දී ඇත්තේ ඔහුගේ හිතවත් සජින් වාස් ගුණවර්ධන විසින් බවත් වාර්තා වේ. රාජපක්ෂ රෙජීමයේ ආරාධනයෙන් ලොකුවිතාන විසින් Ceylon Heavy Industries and Construction Company (CHICO) (ශ්‍රී ලංකාවේ හිටපු ලංකා වානේ සංස්ථාව) ඇමෙරිකානු ඩොලර් මිලියන 77 කට මිලදී ගත්තේය. ********************** පැනමා පත්‍රිකාවල, ලොකුවිතාන 2000 දෙසැම්බරයේ සංස්ථාගත කරන ලද ‘නිලෝනා ෆැෂන්ස්’ නමින් එක් ආයතනයකට සම්බන්ධ කර ඇති අතර එය සීෂෙල්ස් බල ප්‍රදේශයට අයත් වන අතර එය රාජපක්ෂලා තම වත්කම් සඟවා ගත් බවට චෝදනා කරන තවත් උණුසුම් ස්ථානයක් වේ.

මෛත්‍රීපාල,සජිත්ගේ මව සමග කල රහස් සාකච්චාව සාර්ථකයි

මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක , සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පිරිනමනු ලැබූ ගෞරවනාම උත්සවයටත් සහභාගි වී ඇති බව වාර්තා වනවා. එහිදී හිටපු ජනපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ මව මෙන්ම හිටපු ජනපතිවරයෙකු වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ හේමා ප්‍රේමදාස මහත්මිය සමඟ රහස්සා සාකච්ඡාවකද නිරත වූ බව දැනගන්නට තිබෙනවා.
ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් එම අවස්ථාවට සහභාගී වී ඇති එකම නියෝජිතයා හිටපු ජනපතිවරයා පමණයි. එම අවස්ථාවට සහභාගී වන ලෙස ඔහුට ආරාධනා කළ බවක් දැනගන්නට නැහැ. සිරිසේන මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඉතා කිට්ටු දේශපාලන ගනුදෙනුවක් තිබෙන බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණක්. බොහෝ විට ඉදිරි තීරණාත්මක මැතිවරණයකදී මෛත්‍රිපාල සිරිසේන හා සජිත් ප්‍රේමදාස පාර්ශව එකට එක් වනු ඇති බවටත් මත පළ වනවා. යහපාලන ආණ්ඩුවේ සිටි දක්ෂතම ඇමතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව කිහිප වතාවක්ම සිරිසේන මහතා ජනපති ධුරය දරද්දීදම හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් සජිත් ප්‍රේමදාස මහතාට "ශාසන කීර්ති දේශාභිමානි ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමය පිරිනැමුවා.

අනුරාධපුර ඥානක්කා කියන්නේ කවුද

(ඉරිදා ලංකාදීප) ප්‍රබල දේශපාලන බලධරයන්ගේ අතින් එසවූ දෝලාවල නැගගත් දේවාලවල කපු නෝනලාට අසීමිත දේශපාලන බලය ලැබෙන විට නීතිය නිහඬ කළ හැකි ද?. මෙම දේශපාලනි ක්‍රියාදාම රාමුවට මුවා වී මුදල් හා දේපොළ හම්බ කිරීමද මීට සමාන්තරව සිදු වෙයි. එවන් ක්‍රියාදාමයක් වාර්තා වන්නේ අනුරාධපුර නගරයෙනි. දේශපාලකයන්ගේ සාස්තර ගෙදර නමින් හඳුන්වන ඥානාමෑණියන්ගේ දේවාලය ඊට කදිම නිදසුනකි. අනුරාධපුර ජනතාව අතර ඥානක්කා නමින් ප්‍රසිද්ධ මෙම සාස්තරකාරිය එහි ප්‍රධාන චරිතයයි. ඇය සාස්තර සහ අනාවැකි කියමින් මෙරට දේශපාලකයින්ගේ සිත් දිනා ගන්නට දක්ෂය. රතු නූල් කල්ලිය
රට කරවන මුල් අසුන්වල පටන් මැති ඇමැතිවරුන්,විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම ඇතැම් ප්‍රසිද්ධ නිලමේලා ද ඥානක්කාගේ සාස්තර සාමාජිකයෝය. තවත් පිරිසක් වන්නේ ව්‍යාපාරිකයින්‍ ය. උගත් බුද්ධිමත් විද්වත් ආචාර්ය මහාචාර්යවරු පවා මේ වෙන විට ඥානක්කාගේ සාමාජිකයින් වී හමාරය. එසේම තරුණ පිරිස් ද ඥානක්කාගේ සාමාජිකයින්ය. මේ අයව හඳුනා ගැනීම පහසුය. ඔවුන් අතේ රතු නූලක් බැඳ ඇත. එය ඥානක්කාගේ සාමාජිකයින් හඳුනා ගැනීමට ඇති සංකේතයකි. ඥානක්කාගේ සමහර අනාවැකි මේ වෙන විට ටක්කෙටම හරි ගොස් ඇත. එනිසා තනතුරු ආරක්ෂා කර ගැනීමට, කැබිනට් ඇමතිකමක්, සංස්ථා සභාපතිකමක්,වෙනත් උසස්වීමක් හෝ ව්‍යාපාර දියුණුවක් ගැනිම සඳහා බොහෝ පිරිස් ඥානක්කා සොයා ගෙන එති. මේ අය ඥානක්කාව හඳුන්වන්නේ ඥානා මැණියන් කියාය. වැඩේ හරි යන නිසා බොහෝ දෙනක් ඥානාගේ දේවලය සොයා එන්නේ එහෙයිනි. තමන්ට රටේ දෙවෙනි පුටුවට යන්න අවශ්‍ය යැයි කියා පැමිණි දේශපලකයෙකුට දෙවැනියා නොව පළමු වැනි පුටුවට යා හැකි බවට ඥානක්කා කී අනාවැකිය ටක්කෙටම හරි ගියේය. මේ විදියට ඥානක්කා බොහෝ දෙනෙකුට අනාවැකි කියා තනතුරු ලබා දී ඇත. ඇගෙන් තනතුරු ගත් සමහර දෙනා අද ද ඇය පසු පස යන්නේ ඒවා ආරක්ෂා කර ගැනීමටය. නමුත් ඇගේ අනාවැකි හා සාස්තර ටක්කෙටම හරි යන බව විශ්වාස කරන්නේ ඉහත කී පිරිස පමණි. අනුරාධපුර ජනතාව පවසන්නේ ඥානක්කාට අනාවැකි හෝ සාස්තර කීමට බැරි බවලු. කාලි මැණීයන්ගේ දේවාරූඪයෙන් සාස්තර කියන ඥානක්කා මේ වෙන විට ඉතා ප්‍රසිද්ධය. මේ නිසාම ඇයට දේශපාලන බලය නිල බලය ව්‍යාපාරයින්ගේ සහය නිරන්තරයෙන් ලැබෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙකු ඥානක්කා හමුවීමට පැමිණියේ කැබිනට් ඇමැතිකමක් ලබා ගැනීමේ අදහසිනි. මේ ඇමැතිකම ගැනීමට අදාළ මන්ත්‍රිවරයා කොපමණ තෑගි බෝග දුන්නාද කියා අප දන්නේ නැත. නමුත් අනුරාධපුර ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් මේ මන්ත්‍රීවරයා ඇයට නිවසක් පවා තෑගි කළ බවය. අවසානයේ එම මන්ත්‍රිවරයාගේ කැබිනට් ඇමැතිකමද ගහලා ගියේය. සාත්තර වරම ලැබෙන්න පෙර රෝහල් සුලු සේවිකාවක්! ඥානක්කාට මෙතරම් මුදල් හෝ ධනයක් පෙර තිබුණේ නැත. ඇය අනුරාධපුර මහ රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කළ බව කියයි. ඉන් පසු රෝහලේ දුරකථන ක්‍රියාකාරිනිය ලෙස ද සේවය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඥානක්කාගේ සැමියා මිය යන්නේ 88-89 කාලයේදි බව අනුරාධපුර ජනතාව දන්නා කරුණකි. සැමියා මැරුවේ කවුද කියා තවම ඥානක්කාට සොයා ගැනීමට බැරි වූ බවද ඒ අය පෙන්වා දෙති. එවන් පසුබිමක සිට ඥානක්කා කියන සාස්තර සහ කරන ගුරුකම්වලින් පලක් වේද යන්න පිළිබඳව එම ජනතාව සැක පහළ කරයි. සැමියා මිය ගිය පසු ඥානක්කාට සාස්තර කීමේ වරමක් ලැබී ඇත. මුල් කාලයේදි ඉතා පොඩියට පටන්ගත් මෙම දේවාලය දියුණු වී ඇතු බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති. හෝටලයේ ඉදිකිරීම් හමුදාවෙන්
මෙලෙස ටිකෙන් ටික ගොඩ නැගෙන ඥානක්කා ගැන නිතර කතාබහට ලක්වෙයි. මෑතකදි කතා බහට ලක් වූයේ අනුරාධපුර ගුවන්තොටුපල පාරේ ලේක් මොනාක් හෝටලය මිලදී ගැනීමෙන් පසුවය. හෝටලය මිලදි ගැනීමෙන් පසුව එහි නඩත්තු කටයුතු සහ අලුත් ඉදිකිරීම් කළේ යුද හමුදා නිලධාරීන් යොදාගෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. එසේම ඇය අනුරාධපුර කඩ 50න් කෝටි ගණනක් දී කඩයක් මිලදී ගෙන ඇති බව අනුරාධපුර මහ නගර සහාවද සහතික කරයි. මෙලෙස ධන බලයෙන් ක්‍රියා කරන ඥානක්කාට මෙරට පමණක් නොව එංගලන්තයේද ව්‍යාපාර ඇති බව පසුගිය කාලයේ මාධ්‍ය හරහා වාර්තා විය. ඇයගේ පුතා එම ව්‍යාපාර බලා ගනිමින් එංගලන්තයේ සිට ඇත. මෙරට ව්‍යාපාර බලා ගන්නේ ඇයගේ බෑණා වන පන්තක ප්‍රනාන්දුය. ඔහු දැනට මෙම ව්‍යාපාර බලා ගන්නා අතර පසුගිය කාලයේ ඥානක්කාගේ පුතා වන අනුරුද්ධ ජයසූරිය ලංකාවට පැමිණ ව්‍යාපාර බලා ගන්නා බවද වාර්තා වෙයි. ඥානක්කාගේ බෑණා වන පන්තක ප්‍රනාන්දු අනුරාධපුර ක්‍රිකට් ක්‍රිඩා සමාජයේ සභාපතිවරයා ද වෙයි. ඔහු රංගිරි දඹුලු ක්‍රිඩාංගනය ද බාරව කාලයක් සිටි බවට තොරතුරු තිබේ. පන්තකගේ පියා ඉංජිනේරුවරයෙක් වන අතර උත්පත්තියන්‍ම ධනවත්ය. පන්තක සමාජ සේවා වැඩවලට කැමති අයෙකි. අනුන්ට උපකාර කරන අයෙකු බවද ඔහුගේ හිතවෙතෙකු අපට කීය. ක්‍රිකට් වැඩවලදි පන්තක එම වැඩ යොදා ගන්නේද ඥානක්කාගේ හොටලයේ බව එම හිතවතා කීය. කෙසේ වෙතත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඥානක්කා මිලදි ගත් හෝටලය බලාගන්නේ පන්තක බව ද ඔහුගේම හිතවත් අය කියති. අනීතික ඉදිකිරීම්, හොර ඔප්පු සහ නීති විරෝධී හමුදා මෙහෙයුම් මෙම හෝටලයේ ඉදිකිරීම් කිරීමේදි නීති උල්ලංඝනය කර ඇති බව ද වාර්තාවේ. අප මේ ගැන සොයා බැලීමකදි වාර්තා වූයේ හෝටලය ඉදිකර ඇත්තේ නුවර වැවේ රක්ෂිත කොටසේ බවය. එම කොටසට බලපත්‍රයක් හෝ ඔප්පුවක් නැති බවද කියැවෙයි. හෝටලයේ ඉදිරිපස කොටසට ඔප්පුවක් ඇති අතර එම ඔප්පුව ලබා ගත්තේ කෙසේද කියා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද නොදන්නා බව එහි ප්‍රකාශකයෙකු අපට කීය. නුවර වැවේ රක්ෂිත කොටසේ හෝටලයේ පිහිනුම් තටාකය ඉදිකර ඇත. එතැන ගහක් ඇත. එහි පුටුවක් තබා ඇත. සවස් කාලයට නුවර වැවත් සමග රමණිය දර්ශනයක් දිස්වෙයි. මෙම පිහිනුම් තටාකය ඉදිකර ඇත්තේ infinity pool එකක් ලෙසිනි. එහි අනන්තයක් දැකිය නොහැකිය. එතරම් ලස්සන දසුනකි. මෙම පිහිනුම් තටාකයට බසින විට විසිවෙන ඉවත් වෙන ජලය එක්වන්නේ ද නුවර වැවටය. නුවර වැව සහ මෙම පිහිනුම් තටාකය එතරම් ආසන්නයේ රක්ෂිත කොටසේ ඉදිකර තිබේ. වැවේ වතුර ද පිහිනුම් තටාකයට එක්වෙයි. ආරක්ෂක හමුදා නිලධාරීන් යොදාගෙන එලෙස රක්ෂිතයක ඉදිකර ඇති මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බව අනුරාධපුර ජනතාව ද පෙන්වා දෙති. pool රක්ෂිතයේ ඉදි වූ පිහිනුම් තටාකය… එසේම මෙම හෝටලය ඉදි කිරීමේදි තවත් වරදක් සිදු වී ඇති බව අනුරාධපුර ජනතාව පෙන්වා දෙති. ඒ යුද හමුදාවේ නිලධාරීන් යොදා ගෙන පුද්ගලික ඉදිකිරීමක් කළ හැකිද යන කාරණයයි. හමුදාවේ භට පිරිස් පුද්ගලික ඉදිකිරීම් සඳහා යොදා ගත නොහැකි බව මීට පෙර “ඉරිදා ලංකා“ පුවත්පත හරහා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකරුවෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් ද ප්‍රකාශ කොට තිබුණි. එහිදි කුමා හේරත් පෙන්වා දී තිබුණේ යුද හමුදාවට රජයෙන් වැටුප් ගෙවන්නේ හමුදා රාජකාරි සහ රජයේ වැඩ සඳහා පමණක් බවය. එසේ නැතිව හමුදා සෙබළුන් යොදාගෙන පුද්ගලික වැඩ කිරිම බරපතල වරදක් බවද විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් පෙන්වා දී තිබුණි. හමුදා සෙබළුන්ට පුද්ගලික ඉදිකිරීම් සඳහා එක් වීමට නීතියෙන් නොහැකි වුවත් ඥානක්කාගේ හෝටලය ඉදිකිරීමට විශාල භට පිරිසක් යොදවා තිබූ බව අනුරාධපුර ජනතාව කියති. එම භූමිය වටා විශාල තාප්පයක් ඉදිකර ඇත. එහි ඉදිරිපිට ආරක්ෂාවට හමුදා සෙබළුන් යොදවා සිටි බවද ගුවන් තොටුපොළ අසල ගැටේ හන්දියේ ජනතාව පවසති. ඥානක්කා මේ වෙන විට කෝටිපති ව්‍යාපාරිකයෙක්… රජ වුණාට පස්සේ ආයි මොකටද රජ වෙන්නේ – අනුරාධපුර නගරාධිපති… මේ ආකාරයට දේශපාලකයන්ගේ බලය හයිය උපයෝගි කරගෙන නැගී සිටින ඥානක්කා මේ වෙන විට අනුරාධපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් බවට පත්ව ඇත. මේ බව කියන්නේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාසය. බලය ඇති තැන පවතින නීති නිහඬ කරන්නට ඥානක්කා සමත්වී ඇතිද යන්න සෝමදාස මහතාගෙන් විමසූ විට “ මහත්තයෝ කෙනෙක් රජ වුණාට පස්සෙ ආයි මොකටද රජ වෙන්නේ…“ යැයි ද නගරාධිපතිවරයා පැවසීය. මේ ගැන අදහස් දක්වන නගරාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකි. “නුවර වැව ඉස්මත්තේ ඉදිවෙන ඥානක්කාගේ හෝටලය ඉදි කර ඇත්තේ රක්ෂිතයේ බවත් හෝටලය කලින් ඉදි කළත් නව ඉදිකිරීම් සහ නඩත්තු ද මෙම රක්ෂිත කොටසේ ඉදිවෙන බවත් දැනගන්නට ලැබුණ බවය. මෙම ඉදිකිරීම් සඳහා අනුරාධපුර මහ නගර සභාවේ අනුමැතියක් ගෙන නැති බවද නගරාධිපතිවරයා කීය. “අවසර ගෙන නැතිව කරනවා නම් එය අනවසර ඉදිකිරීමක්. නගර සැලැසුම අනුව නගර සභාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සැලැසුම් දෙකක් ලබා දෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් දෙන සැලැසුම් ඒ අය දෙනවා. අපට මේ හෝටල් සැලැසුම ඇවිත් නෑ,“ නගරාධිපතිවරයා කීය. එසේම මෙම අනවසර ඉදිකිරීම නවතා දැමීමේ බලය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවද නගරාධිපතිවරයා කියා සිටියි. hotel වැව් රක්ෂිතයේ ඇති හෝටලයේ ඉදිකිරීම්… හෝටලය ඉදිකර තිබුණේ සැලැසුමක් අනුමත නොකර… සමහර රක්ෂිතවලට ස්වර්ණභූමි ඔප්පු තියෙනවා. – නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති එහෙත් මේ ගැන නැවත සොයා බැලීමේදී අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී.සෝමදාස මහතා කියා සිටියේ මෙම හෝටලය හදන කොටස අයිති වෙන්නේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවට බවය. එනිසා එම සභාවෙන් තොරතුරු විමසන ලෙසය. ඒ අනුව අප නැගෙනහිර නුවර ගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරදාස මහතාගෙන් ඥානක්කාගේ හෝටලයේ ඉදිකිරීමක් රක්ෂිත කොටසක ඉදිකර ඇත් ද? එය අනවසර ඉදිකිරීමක්දැයි විමසීමු. එහිදි කුමාරදාස මහතා කියා සිටියේ මෙවැන්නකි. “සැලැසුමක් නැතිව වැඩේ පටන් ගෙන තිබුණේ. ඉදිකිරීම් අනවසරයි කියා පැමිණිලි ආවා. අපි ගිහින් බලලා සැලැසුම සහ ඉඩමේ හිමිකම ගැන ෆයිල් එකක් දාන්න කියා වැඩ නතර කරලා ආවා. තාම ෆයිල් එක දාලා ද දන්නේ නෑ. අපි වැඩ නවත්තලා ආවට එයාල ආයි වැඩ පටන් ගත්තාද දන්නෙත් නෑ. මේ ගැන ආණ්ඩුකාරවරයාටත් පැමිණිලි කළා. එතුමා කිව්වේ නීතිය හරියට කරන්න කියලා. “නුවර වැව රක්ෂිත කොටසේ ඔය විදියට හෝටල් හදලා තියෙනවා. ඒවාට රක්ෂිත කොටස අයත් කියලා ඔප්පුත් හදාගෙන. කොහොම හදගෙනද දන්නේ නෑ. ප්‍රාදේශීය ලේකම් අත්සන් කළ ඔප්පු තියෙනවා. සමහර ඒවාට ජනාධිපතිවරු අත්සන් කළ ජයභුමි ස්වර්ණ භූමි ඔප්පු තියෙනවා. මිනිම්දෝරු සැලැසුම් තියෙනවා“. සභාපතිවරයා කියා සිටියේය. “ජයභූමි ඔප්පු හැදෙන්නේ ග්‍රාම නිලධාරිවරයාගේ සිට එන ක්‍රියාදාමයක් හමුවේ. ඒත් මේවා කොහොම හදලද කියලා මම දන්නේ නැහැ.“ සභාපතිවරයා කියා සිටියි. “මේවායේ ඉදිකිරීම් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. කල් පැනලා වැඩියි….“ යැයි ද සභාපතිවරයා පවසයි. ඥානක්කාගේ හෝටලයේ කොටසක් වැව් රක්ෂිතයට අයිතියි… නැගෙනහිර නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් රක්ෂිත ඉඩම්වලට ඔප්පු තැනීම අනවසර ඉදිකිරීම් කිරීම ගැන අප නැගෙනහිර නුවර ගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායකගෙන්ද විමසා සිටියෙමු. එහිදි රුවන් මහතා කියා සිටියේ ඥානක්කාගේ හෝටලය ඉදිකර ඇති කොටසකට පමණක් ඔප්පුවක් ඇති බවය. “ඒක පැරැණි පැවරීමක්. කොටසකට ඔප්පුවක් නෑ. රක්ෂිත කොටසට සින්නක්කර ඔප්පු දෙන්න බෑ. ඔප්පු දෙන්න මැනුම් කරන කොට රක්ෂිතය අහුවෙනවා. එතකොට ඔප්පු දෙන්න බෑ. හෝටලය පිටුපසට යන කොටස රක්ෂිතයට හසුවෙනවා. ඒ නිසා ඒකට ඔප්පු දෙන්න බෑ. ඒක වාරිමාර්ග මැණුමක් අනුව තහවුරු වෙන්නේ. ඔප්පු හදාගෙන තිබුණත් එක නිත්‍යානුකූල නෑ. කවුරු හරි ඔප්පුවක් ඉල්ලුවොත් මැනුම කරන්නේ අපි. වාරිමාර්ග එක එයාලගේ නිර්දේශ දෙනවා රක්ෂිත කොටස පෙන්නලා. ඒ අනුවයි ඔප්පුව දෙනවද නැද්ද කියා තීරණය වෙන්නේ…“ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියි. ඥානා ගේ හෝටලය අනවසර ඉදිකිරීමක් අපි නඩු දැම්මා... අපි කියන දෙය මේ අය අහන්නේ නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපි මේ ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විමසු විට එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඥානක්කාගේ හෝටලයට නඩු පැවරීමට කටයුතු කර ඇති බවය. එතැන ඉඩම් දෙකක් ඇති බවත් එක් කොටසකට ඔප්පු ඇති බවත් අනෙක් කොටස නුවර වැව් රක්ෂිතයට අයත් බවත් එම නිලධාරියා තහවුරු කළේය. නුවර වැව අවට තිබෙන එවැනි හෝටල් රැසකට මේ වෙන විට නඩු පැවරීමට කටයුතු කර ඇති බවද එම ප්‍රකාශකයා කීය. රක්ෂිත කොටස කියා නඩු පැවරීමට කටයුතු කළත් හෝටලයේ ඉදිවීම නවතා නැති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය. “අපි ඒකට ඉදිකිරීම් නවත්වන්න කියා දැනුම් දුන්නා. පොලිසියට සහ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රදේශීය ලේකම්වරයා ද දැනුවත් කළා“ එම ප්‍රකාශකයා පවසයි. “අනවසර ඉදිකිරීම් නවත්වන්න කියා නියෝග යවලා තියෙනවා. ඒකට එයාලා ඇහුම්කන් දෙන්නේ නැත්නම් බලෙන් කරනවා නම් වාරිමාර්ග ආඥා පනත යටතේ නඩු පවරනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තමයි අපේ නිසි ඉඩම් බලධාරියා. එතුමගේ තීන්දුව අනුව නැවත මේ අයගෙන් රක්ෂිත කොටසේ අයිතිය පෙනවන්න කියනවා. ඒක පෙන්වන්න අපොහොසත් වුණොත් නීතිපතිවරයා වෙත යොමු කොට නඩු පවරනවා. නමුත් නුවර වැව අවට රක්ෂිත කොටසේ ඔප්පු ලබා දී ඇත්තේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් හෝ නිර්දේශයකින් තොරවයි…“ එම ප්‍රකාශකයා කියා සිටියේය. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පිළිතුරු දීම මග හරියි… අපට තනිවම මේවා නතර කරන්න බෑ… අනික් අයගේ සහය ඕන– වාරිමාර්ග නිලධාරියෙක් කියයි… අප මේ ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මේ ගැන විමසන ලෙසය. අප අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මේ ගැන විමසීමකදී කියා සිටියේ නඩු කටයුතු සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවය. රක්ෂිත කොටසේ ද ඥානක්කාගේ හෝටලය ඉදිකර ඇති බවද එම නිලධාරියා තහවුරු කළේය. “රක්ෂිතයක හෝටල් හැදුවොත් අනිවාර්යයෙන්ම සන්තකය ආපසු ගැනීමේ පනතයටතේ නීතිය ක්‍රියාත්මක කරලා ඒවා ඉවත් කරනවා…“ යැයි එම නිලධාරියා කීය. “මේවා කරන්න පරක්කු වෙන්නේ පවතින නීතිවල ඇති අඩුපාඩු නිසා“ එම නිලධාරියා පෙන්වා දුන්නේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පමණක් මෙම කටයුතු කළ නොහැකි අතර අනෙක් ආයතනවල සහයද ඊට ලැබිය යුතු බව එම නිලධාරියා කියා සිටියේය. හොර ඔප්පු හදපු අයට සහ අනවසර ඉදිකිරීම්වලට නඩු දාන්න වාරිමාර්ගයට පුලුවන් – අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඉන්පසු අප මේ සියලු කාරණා ගැන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගෙන්ද විමසීමක් කළෙමු. එහිදි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ වාරිමාර්ග රක්ෂිත කොටසක කවුරු හෝ අනවසරයෙන් ඉදිකිරීමක් කරනවා නම් එය නතර කිරීමේ බලය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවය. එසේම එම ඉඩම් සඳහා වැරැදි ලෙස බලපත්‍ර හෝ ඔප්පු ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ලබා දී ඇත්නම් ඊටද නීතිමය පියවර ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලය ඇති බවය. “වැරැදි ඔප්පු දුන්න අයයි, ඉදිකළ අයයි දෙකොටසම නීතිය ක්‍රියාත්මක කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට කළ හැකියි…“ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය. හෝටලය අයිති මස්සිනාට… මම ඔය ගැන දන්නෙත් නෑ. හෝටලයට යන්නෙත් නෑ – ඥානක්කාගේ බෑණා පන්තක කියයි ඥානක්කාගේ හෝටලය අනවසර ඉදිකිරීමක් මෙන්ම රක්ෂිත කොටසේ ඉදිකර ඇති බවට එන චෝදනා සහ අනුරාධපුර ජනතාව කියන කතා ගැන ද අප ඥානක්කාගේ බෑණා වන පන්තක ප්‍රන්නාදුගෙන්ද විමසීමක් කළෙමු. එහිදි පන්තක කියා සිටියේ තමන් එම කතා ගැන කිසිවක් නොදන්නා බවය. හෝටලය අයිති ඥානක්කාගේ පුතාවන සිය මස්සිනාට බවත් ඔහු එංගලන්තයේ සිට පැමිණි ඇති බවත් පන්තක කීය. තමන් හෝටලය ගැන දන්නේ නැති බවත් හෝටලය ගැන බලන්නේ නැති බවත් පන්තක කියා සිටියේය. ඉන්පසු පන්තක මේ ගැන විස්තර සිය මස්සිනා වන අනුරුද්ධ ජයසූරියගෙන් ලබා ගන්නා ලෙස කියා 0713 68**** දුරකථන අංකයද ලබා දුන්නේය. එම දුරකථන අංකය හිමි අනුරුද්ධ ජයසූරියට අප ගත්තද ඉන් ප්‍රතිචාරක් නොවීය. අප ඥානක්කා ගැන කියැවෙන කාරණා දැන ගැනීමට අවශ්‍ය යැයි කියු විට පන්තක සිය නැන්දම්මාගේ දුරකථන අංකය ද ලබා දුන්නේය. ඒ අනුව අප 071408***** අංකයට කිහිප සැරයක්ම ගත් නමුත් ඊට ද ප්‍රතිචාරයක් නැති විය. යුද හමුදාවේ ඉංජිනේරු බළකාය යොදා ගනිමින් පුද්ගලික ඉදිකිරීමක් කළ හැකිද යන්න අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් ජංගම දුරකථනය ඔස්සේ සහ ස්ථාවර දුරකථනය ඔස්සේ විමසීමක් කළ ද ඊට ද ප්‍රතිචාරයක් නොවීය. ( ඉරිදා ලංකාදීප පුවත්පතින් උපුටා ගැනීමක් )

ශ්‍රීලංකා නිදහස් පක්ෂය මඩකලපුවෙන් 100%ඉවත් වෙයි

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික්‌ සංවිදානය හා ආසන සංවිදාන සියල්ල කුමාර වෙල්ගම මැතිතුමාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමග එකතු විය. මෙහිදී මඩකලපුව දිස්ත්‍රික්‌ ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලය නව ලංකා නිදහස් පක්ෂය කාර්යාලය ලෙස වෙනස් විය. මේ අවස්ථාව සදහා නව ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මැතිතුමා හා හිටපු මහා ඇමති, හිටපු ආණ්ඩුකාර වර පේෂල ජයරත්න මැතිතුමා සහබාගි විය.

Saturday 12 March 2022

වාහන ගෙන්වන්න පුළුවන් මේ අයට

වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා කොන්දේසියක්ද පනවා තිබෙනවා. ඒ වාහන ගෙන්වීමට අවසර දෙන්නේ ඩොලර්වලින් තීරු බදු ගෙවීමෙන් අනතුරුවයි. ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියා. එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරින් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වා දී තිබෙනවා.

රන්ජන්ට ලැබුණු තෑග්ග

අධිකරණයට අපහාස කිරීමේ චෝදාන මත දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් හා සිවිල් සංවිධාන සාමාජාකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී කේක් කපා සැමැරීමක් සිදු කළා. සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකයෙකු වන හිටපු මන්ත්‍රීවරයාගේ රසික රසිකාවියන් විසින් මෙම සැමරුම සංවිධානය කර සිදු කර තිබෙනවා. වසර හතරක සිරදඬුවමක් විඳිමින් සිටින රාමනායක මහතාගේ විශාල කාඩ්බෝඩ් කටවුට් එකක් සමඟ කේක් කපන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වෙනවා. අනතුරුව ඔවුන් හිටපු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වුවා. රාමනායක මහතාගේ 59 වැනි උපන්දිනය නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, පසුගිය වසර 2ක කාලය තුළ සිර දඬුවම් විඳිමින් සිටි රාමනායක මහතා සිරගතව සිටි දෙවැනි උපන්දිනය මෙය වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතා නිදහස් කිරීමට ජනාධිපති සමාව ලබා දෙන ලෙස විපක්ෂය විසින් කරන ලද ඉල්ලීම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

දිවිනසා ගත් ගුරුවරියගේ පලහිලවුව

මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු ඡායාරූප වල සිටින සුරූපී තරුණිය වෘත්තියෙන් ගුරුවරියක් ඇගේ නම සංජීවනී චන්ද්‍රසේකර ඇය කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීයක්. ඇය කෙරෙහි බොහෝ දෙනාගේ කතාබහට මීට දින කිහිපයකට පෙර ලක් වන්නට හේතු වූයේ ඇයගේ වියෝවත් සමඟයි. ඇය කිසි යම් සිත් තැවුලක් හේතුවෙන් දුම්රියකට පැන සිය දිවි නසා ගැනීමක් සිදු කරගත් බව සමාජ මාධ්‍ය සඳහන්. කෙසේ වුවත් සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගලයින් විවිධ දේ පැවසුවත් නිශ්චිත හේතුවක් සඳහන් කිරිමක් නොවිය. ඇයට මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වන්නේ විවාහයේ ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ. ආදරය සහ විවාහය ගැන කතා කළොත් සංජිවනි ආදරය කරන්නට පටන් ගත්තේ 8 වන ශ්‍රේණියේ සිටයි. වසර 13කට වඩා පැරණි ඇයගේ ප්‍රේමවන්තයාම ඇය තමන්ගේ සැමියා බවට පත් කර ගන්නවා. සංජිවනි විවාහ වන ඇයගේ සහකරු වෛද්‍යවරයෙක්. අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම සිදුවිමට ඇයට මුහුණ දෙන්නට සිදු වූ බව සමාජ මාධ්‍ය වල සඳහන් වෙනවා. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වන විට වාර්තා වී නොමැත. පැරසිටමෝල් පානය කර සියදිවි හානි කර ගන්නට ඇය මීට පෙර උත්සාහ කර තිබූ බවටද ආරංචි පවතී. පසුගිය සතියේ ඇය දුම්රියට පැන දිවිනසාගන්නේ අසල්වාසීන්ට හිතමිතුරන්ට මෙන්ම ඇය උගන්වමින් සිටින 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව දරුවන්ට කම්පනයක් ඇතිකරවමිනි. ගල්ගමුව ප්‍රදේශයේ සුන්දර පාසල් ගුරුවරියගේ අකල් සමුගැනීම ගැන සමාජ මාධ්‍ය ඇවිළෙන්නේ මින් පසුවය.
කෙසේ වෙතත් කුමන හේතුවක් මත තමන් ලැබු ජිවිතය විනාශ කරගැනීම කිසිවෙකුට සාධාරණිය කල නොහැක.

වෙල්ගමගේ නඩුව ඉල්ලා අස්කර ගන්නවාද? නැද්ද?

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාග මන්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කල බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ඉල්ලා අස්කරගන්නවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ලබන මැයි මස 6 වැනිදා දැනුම් දෙන බව අල්ලස් කොමිසම අද (11) අධිකරණයට දැනුම් දුන්නේය. කුමාර වෙල්ගම මහතා ගේ නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට සැකකාර පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා කාලය ලබා දෙන ලෙසත් මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලිය. මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අද (11) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය .

Friday 11 March 2022

ශ්‍රී ලංකාවේ දැන් ආර්ථික සුද්ධ සිංහලෙන් -චාමික රොෂාන්

යුද හමුදාව හැදු පාලම රතු පලස් උඩ

මාතර පරෙය්දූව පාලම කඩා වැටී දින හතක් තුල ඊට ප්‍රවේශ වීමට තාවකාලික පාලමක් යුධ හමුදා සෙබලුන් විසින් ඉදිකරනු ලැබීය... අද(මාර්තු 12) පෙරවරුවේ එම පාලම උත්සවාකාරයෙන් ජනතා අයිතිය ට පැවරීමට සියල්ල සූදානමිනි...හමුදා සොල්දාදුවන් 200 කට ආසන්න පිරිසක්...මේ කාර්‍ය් වෙනුවෙන් දින හතක් පුරා දිවා රෑ වෙහෙසිනි.....!රතු පලස්. එලා..වේදිකා තනවා ආසන පැනවූයේද ඔවුන් මය....! හමුදා ප්‍රධානීන්ට රාජකාරී මය අයිතිය ක් ඇතත් මේ පනවා ඇති ආසන වල ඉද ගැනීමට හෝ මේ රතු පලස පෑගීමට මාතර දිස්ත්‍රික්කයේ හෝ ඉන් පිට දේශපාලකයින්ට නම් අයිතියක් නැත.ඔවුන් එසේ කරන්නේ නම්...පලමුව ඔවුන් ලජජා වියයුතු ය.....! සටහන :- දයා නෙත්තිසිංහ

වෙල්ගම නැවතත් රටපුරා පක්ෂ සංවිධාන කටයුතු වල

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා පසුගිය දිනවල කොරෝනා රෝගය අසාදනය වි සිටි අතර, මේ දිනවල ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍ය තත්වයෙන් තම පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු වල නිරත වන බව දේශපාලන ආරංචි වාර්තා කරයි. එහිදී නව ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්වීම් ලැබූ හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මැතිතුමා පක්ෂයේ නායකයා සමග ඉතාමත් සහයෝගයෙන් සංවිධාන කටයුතු වල නිරත වන බව ආරංචි වේ. ඉදිරි සතිය තුලදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරු දරමින් කටයුතු ප්‍රබලයන් කිහිපදෙනකු නව ලංකා නිදහස් පක්ෂය සමග එකතු වන බව ආරංචි වේ.

සිපෙට්කෝත් තෙල් මිල වැඩි කරයි

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 76කින්, සුපර් ඩිසල් ලීටරයක් රු. 95කින් සහ ඔටෝ ඩිසල් ලීටරයක් රු. 55 කින් මිල ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.254ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 283ක්, සුපර් ඩිසල් ලීටරයක මිල රු. 254ක් සහ ඔටෝ ඩිසල් ලීටරයක මිල රු. 176ක් වනු ඇති.

ජීවන් වැඩ අල්ලයි

නව ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරෙන් පිදුම් ලැබූ ජීවන් කුමාරතුංග මැතිතුමා, නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක කටයුතු සදහා මඩකලපුව ප්‍රදේශයේදී සහබාගි විය. නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මැතිතුමා මේ දින වල විවේක සුවයෙන් ගත කරන ගත කරන බැවින් පක්ෂයේ බර තම කරට ගෙන කටයුතු කරන බව දේශපාලන ආරංචි සදහන් කරයි.

ආර්ථික බංකොලොත් බවට හේතුව 2005 - 2014 කාලෙ වෙච්ච බරපතල හොරකම්! : චන්ද්‍රිකා මැතිණිය රාජපක්ෂලාගේ පතුරු අරියි

ආර්ථික බංකොලොත් බවට හේතුව 2005 - 2014 කාලෙ වෙච්ච බරපතල හොරකම්! : චන්ද්‍රිකා රාජපක්ෂලාගේ පතුරු අරියි _________________ රටේ වත්මන් ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධානතම හේතුව 2005 සිට 2014 දක්වා ආණ්ඩු නායකයින් විසින් සිදු කර ඇති බරපතළ මූල්‍ය වංචා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. අඟහරුවාදා (8) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ චෝදනා කළාය: “අද අප අත්විඳිමින් සිටින ආර්ථික බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව 2005 සිට 2014 දක්වා එක් ආණ්ඩුවක නායකයන් විසින් සිදු කරන ලද බරපතල මූල්‍ය වංචාවන්. ඔවුන් ට්‍රිලියන ගණනක් මහජනතාව හොරකම් කළා. ඒ හොරකම් කරපු සල්ලි තමයි තවමත් වෙනත් රටවලට ණය වාරික වශයෙන් ගෙවන්නේ.” එම කාලය තුළ ජනාධිපතිවරයා වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. දිළිඳු රටවල් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර පෞද්ගලික බැංකුවලින් ණය ලබා නොගන්නා බවත්, කෙසේ වෙතත්, 2005 සිට 2014 දක්වා පරිපාලනය 9% වැනි ඉතා ඉහළ පොලී අනුපාතයකට ණය ලබාගෙන විවිධ අනවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන මුවාවෙන් බොහෝ මුදල් සොරකම් කළ බවත් ඇය සඳහන් කළාය. . “සාමාන්‍යයෙන් දුප්පත් රටවල රජයන් ණය සඳහා ජාත්‍යන්තර පෞද්ගලික බැංකුවලට යන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් සහ ඊට අනුබද්ධ රටවල්වලින් ණය ලබාගෙන 1%ක් වැනි අඩු පොලී අනුපාතයකට ණය ගන්නවා. මේ සියලු භාවිතයන් නොසලකා හරිමින් 2005-2014 පාලනාධිකාරිය 9% පොලියට ණය ගත්තා.” තම පාලන කාලය තුළ දී නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන 280 කට චීන සමාගමක් සමඟ අත්සන් කළ නමුත් 2005 බලයට පත් රජය එම ගිවිසුමම ඩොලර් මිලියන 520 කට වෙනත් චීන සමාගමක් සමඟ අත්සන් කළ බව කුමාරතුංග මහත්මිය පවසයි. ඩොලර් මිලියන 280කට කළ හැකිව තිබූ දේට ඩොලර් මිලියන 520ක් ගෙවා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කෙසේද? "මේ හේතු නිසා තමයි දැන් රට විශාල වශයෙන් ණය වෙලා තියෙන්නේ. ජනතාවට දැන් ඉන්ධන, විදුලිය, ආහාර නැහැ. මෙයට ප්‍රධාන හේතුව මුල්‍ය වංචාව සහ වත්මන් රජයට කිසිදු සැලසුමක් නොමැති වීමයි.” තමන් බලයට පත්වන විට ශ්‍රී ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් 25 න් එකක් වූ නමුත් තම ජනාධිපති ධුර කාලය අවසන් වන විට ලෝකයේ ධනවත්ම රටවල් 72 අතරට පැමිණීමට හැකි වූයේ ශ්‍රී ලංකාව පැහැදිලි වැඩපිළිවෙලක් සහ ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිපත්ති යටතේ පැවති පාලනය නිසා බව ඇය වැඩිදුරටත් පැවසුවාය. සටහන :- බුද්ධික සමරවීර

ගම්මම්පිලට අමුතු ජාතියේ ප්‍රහාරයක්

බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී ත
මාට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව අහිමි වූ බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. තමන්ට කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් සිදු කළ ද ඒ සඳහා අවසර දිය නොහැකි බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය තමන්ට දැන්වූ බවයි හිටපු අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ. පසුව ගම්මන්පිල මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමතා මේ පිළිබඳ දැනුම් දී තිබුණද එහිදී ඒ පිළිබඳව සලකා බලන බව ඔහු ප්‍රකාශ කර ඇතත්, පසුව පවසා ඇත්තේ, ලැයිස්තුව පිරී ඇති බැවින් හිටපු අමාත්‍යවරයාට කතා කිරීමට අවසර ලබා දිය නොහැකි බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය අද

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය අද (11) පිරිනැමිණ. එම ගෞරව නාමය පිරිනැමුණු ලැබුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙනි.

පාසල් සමයන් වෙනස් වේ.

කොවිඩ් වෛරසය තවමත් අනතුරුදායක ලෙස පැතිර ගිය ද සියලු ළමුන් ලබන සඳුදා සිට පාසලට කැඳවන ලෙස අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.` එම චක්‍රලේඛනය පහතින් දැක්වෙනවා.

Thursday 10 March 2022

රාජපක්ෂලා ඉවරයි -විමල් කියයි

මෙතනින් එහාට ලංකාවේ පවුල් දේශපාලනයට ඉඩක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අනුව ලංකාවේ රාජ්‍ය පාලනයේ සිටින අවසාන පවුල රාජපක්ෂවරු බවට පත්වන බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ. උඩරට හෝ පහතරට ප්‍රභූ පැලැන්තියේ දේශපාලනය මෙතනින් අවසන් වන බවත් මේ අවසාන පරිච්ඡේදය බවත් ඔහු කියා සිටියා. මෛත්‍රීපාල සිරිසේන සහ ආර්. ප්‍රේමදාස ජනාධිපති ලෙස පත්වීම අහඹු සිදුවීම් බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා යළි රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට කිසිසේත්ම දායක නොවන බවත් අවධාරණය කළා. නැවත රාජපක්ෂවරු සමඟ කිසිදු මැතිවරණයකට තරඟ නොකරන බවත් නැවත රාජපක්ෂවරු සමඟ දේශපාලන මිත්‍රත්වයක් හෝ සහසම්බන්ධයක් සිදු නොකරන බවත් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා. ඊලඟට රටේ නායකත්වයට ප්‍රභූ පැලැන්තියේ හෝ පවුලකට රටේ ඉඩක් නොමැති බවයි මන්ත්‍රීවරයා හෙළි කළේ. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (10) රූපවාහිනී වැඩසටහනක පැවැති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

34 පාසල් ගුරුතුමිය පාසල් සිසුවා 60 වතාවක් අපයෝජනය කරලා

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුව
කුට වසර 4 ක් තිස්සේ ලිංගික අපයෝජන සිදුකළ එම විදුහලේම 34 හැවිරිදි විවාහක ගුරුවරියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (10 වැනිදා) නියෝග කළාය. වාර්ෂික ක්‍රිකට් තරගයකදී අදාළ ගුරුවරිය සහ එවකට 16 හැවිරිදි වියේ පසුවූ සිසුවා හඳුනාගෙන තිබේ. ඉන් අනතුරුව ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් නිතරම දෙදෙනා කතාබස් කර තිබෙන බව දන්වා සිටි පොලිසිය පාසලේ පරිගණක කාමරය තුළදී සහ විවිධ ස්ථාන රැසකදී ගුරුවරිය දරුවා ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන අපයෝජන සිදුකර ඇතැයි ද දන්වා සිටියේය. මෙම ගුරුවරිය අදාළ දරුවා සමග ගල්කිස්සේ ප්‍රධාන හෝටලයකට 60 වතාවක් පමණ ගොස් තිබෙන බව අනාවරණය වී ඇතැයි දන්වා සිටි පොලිසිය එහිදී හෝටලයට ඇතුළුවීම සඳහා දී ඇත්තේ ගුරුවරියගේ ජාතික හැඳුනුම්පත බවද අධිකරණයට දන්වා සිටියේය. මේ වනවිට මෙම සිසුවාගේ වයස අවුරුදු 20 ක් බවද අනාවරණය විය. සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය. .

කම්පියුටර් එක ඔන් කරද්දී ගැණු කෙනෙක් කෑගහන සද්දයක්..

මේ කියන කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ 07, වෝඩ් ප‍්‍රදේශයේය. තරුණ තරුණියන් මෙන්ම මැදිවියේ අයද මේ ආයතනයේ වැඩය. ඉකුත් දිනක කාර්යාල පරිශ‍්‍රය වෙනත් ස්ථානයකට ගෙන ගියේ ඔය අතරය. මේස පුටු, පරිගණක අලුත් ස්ථානවල සවි කළේ කොන්ත‍්‍රාත් සමාගමක් විසිනි. කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි කාර්යාලයේ පුටු, මේස කම්පියුටර් ආදී එකී නොකී දේවල් සවි කළේ සති අන්ත නිවාඩු දින දෙකේදීය. වැඩේ භාරගත් පිරිස දිවා රෑ නොබලා අලූත් කාර්යාල පරිශ‍්‍රය අපූරුවට සකසා දැම්මේ අඟහරුවාදාය. කාර්යාල සේවක සේවිකාවන් තම තමන්ට අයිති පුටුවල වාඩි වී වැඩ පටන් ගත්තේ එදින පෙරවරු 11.00 ත් පසු වූ පසුවය. මේ කාර්යාල පරිශ‍්‍රයේ අංශ භාර ප‍්‍රධානියාද හරිබරි ගැසී සිය වීදුරු කුටියේ පුටුව උඩ වාඩිවී පරිගණකය කි‍්‍රයාත්මක කළේය. ඔහුට පරිගණකය පිළිබඳ මහ ලොකු දැනුමක් නැත. මුළු කාර්යාල පරිශ‍්‍රයම දෙවනත් කරමින් අසැබි දර්ශන පෙළක් දිස්වූයේ එසැනිණි. මොන තරම් ශබ්දය වැඩිවී තිබුණේද යත් එම කාර්යාල පරිශ‍්‍රයේ තරුණ තරුණියන් තම තමන්ගේ මේස යටට ඔළුව ගසා ගත්තේ බොස් අමාරුවේ වැටී ඇති බව වටහා ගෙනය. "මධුශාන් මධුශාන් මෙහෙ එනවා." බොස් කෑගැසුවේ කම්පියුටරයෙන් නැෙඟන ශබ්දය මැදය. මධුශාන් ගොස් අසැබි දර්ශනත් ශබ්දයත් නිවා දැමීය. "අර කොන්ත‍්‍රාත්කාරයන්ගේ ඉතිරි සල්ලි ගෙවන්න එපා" ආයතනයේ මුදල් කළමණාකරු වෙත ලිපියක් යොමු කළ ඔහු වරද කොන්ත‍්‍රාත්කරුවන්ට භාරදී ඇඟ බේරා ගත්තේ කාර්යාලය පුරා කසුකුසු පැතිර යද්දීය.

ඩිසල් 75/- කින් පෙට්‍රල් 50/- වැඩි කරයි.

IOC සමගම අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිකර තිබෙනවා. සාමාන්‍ය ඩිසල් ලීටරය රුපියල් 75කින් සහ සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක රුපියල් 50කින් මිල වැඩි කළ බව ඔවුන් දැනුම් දෙනවා.

එස්. බි ඇඹිලිපිටියෙන්

එස්.බී.දිසානායක මහතා නව කර්මාන්ත ඇමැතිවරයායි. ඔහු එම ධූරයට පත් වූයේ හරියටම මීට සතියකට පමණ පෙර. භාවිතය පිළිබඳ විවේචනය එස්.බී.දිසානායක මහතාගේ දේශපාලන භාවිතය හා ඇතැම් ප්‍රකාශ පිළිබඳ කුමන විවේචන තිබ්බත් ඔහු වැඩක් කිරීමට හැකි දක්ෂ ඇමතිවරයෙක් ලෙසයි හැඳින්වෙන්නේ. ඒ බැව් යළිත් සනාථ කරමින් දිසානායක මහතා කර්මාන්ත ඇමැති වී සතියක් ගෙවෙන අවස්ථාවේ නව ගිවිසුමකට අත්සන් කොට තිබෙනවා. ඒ 2012 වසරේ සිට වසා දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ඇරඹීමේ ගිවිසුමටයි. ඇමතිගේ ඉලක්කය ඔහු එම ගිවිසුමට අත්සන් තැබුවේ ඊයේ (9) වැනිදා. ඇඹිලිපිටිය කඩදාසි කම්හල පමණක් නොව වාලච්චේන කඩදාසි කම්හලත් නැවත ඇරඹීම දිසානායක මහතාගේ ඉලක්කය බවයි දැනගන්නට තිබෙන්නේ. දිසානායක මහතා මේ වන විට දරන කර්මාන්ත අමාත්‍ය ධුරය මීට පෙර දැරුවේ ජනපතිවරයා විසින් ඇමති ධූරයෙන් පැන්නූ විමල් වීරවංශ මහතායි.

එජාපයේ සෙල්ලම

රනිල් සහ සාගල යුගලගේ අලුත්ම බිස්නස් එක එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගන්නා මණ්ඩලය එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. රනිල් වික්‍රමසිංහ මහතා පුරා වසර 27 ක් පක්ෂ නායකත්වය රැකගෙන සිටින්නේත් ඔහු විසින් බහුතරයක් පත් කරන මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පින්සිදුවන්නට. සාමාජිකත්වය විකිණීම සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකත්වයන්ද දැන් මුදලට විකිණෙන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂය ගැන හෝ දේශපාලනය පිළිබඳව අවබෝධයක් නොමැති කිෂාන් තියඩෝර් නැමැත්තෙකු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වික්‍රමසිංහ මහතා පත් කර තිබෙන්නේ මුදල් පදනම මත බවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තියඩෝර් නැමැත්තාට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා මෙතෙක් කල් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය දැරූ එ.ජා.ප ප්‍රබල සාමාජිකයෙකුව වික්‍රමසි
ංහ මහතා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර තිබෙනවා. සිංහල බෞද්ධ පදනම ඒ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ නීතිඥ කස්තුරි අනුරාධනායක මහතායි. එ.ජා.පය තුළින් දිනෙන් ගිලිහී යන සිංහල - බෞද්ධ පදනමක් ඇති දේශපාලඥයකු ලෙසයි ඔහුව හැඳින්වෙන්නේ. තියඩෝර් නැමැත්තා පුද්ගලිකව වික්‍රමසිංහ මහතාට සහ වික්‍රමසිංහ මහතාගේ ඉතාමත්ම කිට්ටු සමීපතයා වන සාගල රත්නායක මහතාට දක්වන මූල්‍ය අනුග්‍රහය පදනම් කොටගෙන ඔහුට කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ලබාදුන් බවටයි පක්ෂය තුලින්ම තොරතුරු හෙළිදරව් වෙන්නේ. මේ වන විට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙම නව සාමාජිකයන් පක්ෂයේ සියලු තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරනවා

Wednesday 9 March 2022

රන්ජන්ට නිදහස

රන්ජන් රාමනායක මහතා ඉතා නුදුර
ේම නිදහස් වන බවට විශේෂ ඉඟියක් ඊයේ (9) පළවුණා. ඒ තමන් අතින් සිදු වූ වැරැද්ද සම්බන්ධයෙන් අධිකරණයට කණගාටුව ප්‍රකාශ කිරීමට රාමනායක මහතා කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ වීම. එකම මාර්ගය රන්ජන් රාමනායක මහතා මේ අවස්ථාවේ සිර දඬුවමක් විදිමින් සිටින නිසා ඔහුට නිදහස ලබා ගත හැකි එකම මාර්ගය ජනපති සමාව ලබා ගැනීම පමණයි. ඒ සඳහා විවිධ පාර්ශව වලින් ජනපතිවරයාට ඉල්ලීම් සිදු කළා. එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව රාමනායක මහතා සිරගත කිරීමට බලපෑ හේතුව වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාගේ පැත්තෙන් අධිකරණයෙන් සමාව ගැනීම හෝ කණගාටුව ප්‍රකාශ කිරීම සිදු විය යුතු බවට ජනපති පාර්ශවයෙන් කොන්දේසියක් ඉදිරිපත්ව තිබුණා. මෙතෙක් දැරූ ස්ථාවරය එහෙත් මෙතෙක් ඊට රාමනායක මහතා එකඟ නොවූයේ තමා අතින් වැරැද්දක් සිදු වූ බව ප්‍රකාශ කරමින්. එහෙත් ඊයේ (9) අපි කර්මයට කැඳවූ අවස්ථාවේ රාමනායක මහතා සඳහන් කර තිබෙන්නේ තමන් සිතා මතා එවැනි වැරැද්දක් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානම් බවත්. ඉන් පැහැදිලි වන්නේ රාමනායක මහතාට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් අතර යම් එකඟතාවයක් තිබෙන බවයි. ජිනීවා ගිය ප්‍රශ්නය රාමනායක මහතාට නිදහස ලබා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට මේ දිනවල ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද ගියා. ඒ හරින් ප්‍රනාන්දු හා මනුෂ නානයක්කාර යන මන්ත්‍රීවරුන්.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිවැරදියි - රනිල් වික්‍රමසිංහ

පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම සිදු නොවිය යුතු දෙයක් බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් උපක්‍රමයක් ලෙස පුටින් කළ දේ නිවැරදි බවද වික්‍රමසිංහ මහතා පවසනවා. මෙය බටහිර රටවල් සහ රුසියාව අතර ගැටුමක් ලෙස හැඳින්විය හැකි බවත්, යුක්රේනය ඊට මැදි වී සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. බටහිර රටවල් යුක්රේනය නේටෝ සංවිධානයට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, යුක්රේනය නේටෝව හා සම්බන්ධ වීම රුසියාවට තර්ජනයක් ලෙස පුටින් සිතන බවත් පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ යුක්රේනය ආක්‍රමණය කිරීමට එය ප්‍රධාන හේතුවක් බවයි. ඒ නිසා හමුදාමය උපක්‍රමයක් ලෙස රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිවැරදි
බවත්, කෙසේ නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් යුක්රේනය ආක්‍රමණය කිරීමට එකඟ විය නොහැකි බවත් එජාප නායකයා සඳහන් කරනවා. බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධක හමුවේ රුසියාවට යම් ගැටලුවක් ඇතිවිය හැකි නමුත් චීනය ඔවුන්ගේ සාහයට සිටින ඇති බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

විරවංශ අසනීප වේ.

දැන් සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් බවට පත්ව සිටින විමල් වීරවංශ මහතා කථානායකවරයාගේ අද (9) විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබුණා. එහෙත් එවැනි විශේෂ ප්‍රකාශයක් අද (9) දවස පුරාවටම විරවංශ කෙරුනේ නැහැ. හදිසි අසනීපය ඊට හේතුව ලෙස දැනගන්නට ලැබෙන්නේ වීරවංශ මන්ත්‍රීවරයා හිටි හැටියේම අසනීප වීම. ඊයේ (8) නම් වීරවංශ මන්ත්‍රීවරයාට රෝගී තත්ත්වයක් පෙන්නුම් කර නැහැ. ඊයේ (8) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනපතිවරයා සමග කළ සාකච්ඡාවේන් පසුව විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර පාර්ශව සමග සාකච්ඡාවක් කර තිබෙනවා. ඒ ටිරාන් අලස් මන්ත්‍රීවරයා ගේ බොරැල්ලේ පිහිටි කාර්යාලය තුළ. සාකච්ඡාවට සහභාගි වීම ඊට හිටපු ජනපති ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වී ඇති අතර අද (9)හිටි හැටියේම අසනීප වුණ වීරවංශ මහතාද එම සාකච්ඡාවේ සිටි බවයි දැනගන්නට තිබෙන්නේ. වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කිරීමට බලාපොරොත්තු වූ විශේෂ ප්‍රකාශයට ජනපතිවරයා තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හා ඊට බලපෑ කරුණු අනාවරණය කිරිම ඇතුලත්ව තිබූ බවයි ප්‍රකාශ වන්නේ. ජනපතිවරයා විසින් වීරවංශ මහතා සමඟ කැබිනට් ඇමති ධූරයෙන් ඉවත් කළ අනිත් ඇමතිවරයා වන උදය ගම්මන්පිල මහතා හෙට (10) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පසුගිය දිනවල මාධ්‍ය වල පළ වී තිබුණා.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් අද සිට බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල්

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් අද සිට බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල්
අමාත්‍යවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා. එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද ඇතුළත්. මීට අමතරව පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ ද සීමා පනවා තිබෙනවා. ආනයන අපනයන පාලකවරිය විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබා ගත යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෛත්‍රීපාලගේ ආරක්ෂකයන් ගුටි පුජාවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග පුද්ගලයින් පිරිසක් ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. එම ගැටුම ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි තලංගම පොලිසිය පැවසූවේ. තුවාල ලද ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සඳහා තලංගම පැලවත්ත ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි වාර්තා වනවා. උපන්දින සාදයට ගොස් මත්පැන් පානය කර නැවත මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණයන් පස් දෙනාගෙන් අයෙකුට වමනය යාම සඳහා මෝටර් රථය නතර කළ අවස්ථාවේදී එහි සිටි තරුණයකු ඒ අසල නවතා තිබූ ඇමති ආරක්ෂක ජීප් රථයට අතින් තට්ටු කර තිබෙනවා. එම අවස්ථාවේදී ජීප් රථයේ සිටි සැරයන්වරයා සමග බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුවී ඇතැයි පොලීසිය පැවසුවා. සැරයන්වරයාට පහර දුන් පිරිසෙන් දෙදෙනකු එම අවස්ථාවේදී සෙසු ඇමති ආරක්ෂකයන් විසින් අල්ලාගෙන තලංගම පොලිසියට භාරදී තිබෙනවා. පසුව පලාගිය පිරිස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ගත් සැකකාර තරුණයන් බත්තරමුල්ල, කොස්වත්ත, මරදාන ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසි 25 පසුවන්නන්.

ජාතික ආණ්ඩුව ස්ථිරයි

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුව සමඟ එකතු වන බවට රාවයන් පළ වනවා. විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කිරීම මුල් කොටගෙන ඇති වී තිබෙන අර්බුදකාරි වාතාවරණය තුළ යළිත් එම ජාතික ආණ්ඩු කතාව කරලියට පැමිණ තිබෙනවා. තරුණ ක්‍රියාකාරීන් ඒ සම්බන්ධයෙන් වූ ඉඟියක්ද වික්‍රමසිංහ මහතා පළ කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා. ඔහු එසේ ඉඟි පළ කොට තිබෙන්නේ එ.ජා.ප තරුණ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති හමුවකදී. එහිදී ඊට සහභාගි වූ තරුණ පිරිස ජාතික ආණ්ඩු කතාව ගැන වික්‍රමසිංහ මහතාගෙන් විමසා තිබෙනවා. ජාතික වැඩ පිළිවෙළ වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දීමේදී "ජාතික ආණ්ඩුව" යන වචනය වෙනුවට "ජාතික වැඩපිළිවෙල" යන වචනය පාවිච්චි කරමින් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බවයි අනාවරණය කර තිබෙන්නේ. එසේ සියලු පක්ෂ එක්ව ඉදිරි දශක දෙක වෙනුවෙන් පොදු වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එහිදී වික්‍රමසිංහ මහතා සඳහන් කොට තිබෙනවා. මැතිවරණයකට යා යුත්තේ ඉන් පසුව බවයි ඔහු තරුණ පිරිස අමතා සඳහන් කළේ. මේ අවස්ථාව මහ මැතිවරණයකට යාම සඳහා අවස්ථාවක් නොවන බව එහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙන්නේ තිබෙන ආර්ථික අර්බුදය ඉතා දරුණු බව සඳහන් කරමින්. අගමැති ප්‍රශ්නය ඔබ ජාතික ආණ්ඩුවක අගමැති වෙලා යනවා දැයි එහිදී ප්‍රශ්නයක් මතු වී තිබෙන අතර වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දී තිබෙන්නේ සිය සුපුරුදු ලිස්සා යෑමේ ප්‍රතිපත්තියෙන්. "මම අගමැති වුණාම ඔය කට්ටියටත් ඇමතිකම් දෙන්නම්." වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්නයට දී තිබෙන පිළිතුර එයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජ්‍ය සභාපති සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මිය එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස් වී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නියෝජ්‍ය සභාපති සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මිය එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස් වී
තිබෙන බව පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරනවා. එම තනතුරින් පමණක් නොව මතුගම ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක ධුරයෙන්ද ඇය ඉල්ලා අස් වූ බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ. මුල් වරට පාර්ලිමේන්තුවට සිය පියාගේ ඝාතනයත් සමඟ දේශපාලනයට පිවිසි ඇය 1994 පොදු පෙරමුණ නියෝජනය කරමින් මුල්වරට කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වූවා. එහිදී එම ආණ්ඩුවේ ජනපති ධූරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ඇයට නියෝජ්‍ය ඇමති ධූරයක්ද පිරිනැමුවා. වත්මන් බලශක්ති ඇමති පවිත්‍රා වන්නිආරච්චි , සුමේධා ජයසේන , නිරුපමා රාජපක්ෂ , අභාවප්‍රාප්ත ශ්‍රීමනි ඇතුලත්මුදලි , හේමා රත්නායක යන මහත්මියන් ඇයගේ සමකාලීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්. සභාපති හා මහ ලේකම් ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන හා ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් ශ්‍රී.ල.නි.ප යේ ප්‍රතිපත්තීන් කඩ කරන බවටයි ඇය චෝදනා කරන්නේ. 2019 දී ඔවුන් දෙපළ පොදුජන පෙරමුණ සමග එකතු වීමට ශ්‍රී.ල.නි.ප යට බලපෑම් කළ බව පෙන්වා දෙන අබේවීර මහත්මිය ඉකුත් මාර්තු 2 දා හිටපු ඇමතිවරුන් වන විමල් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ප්‍රමුඛ පිරිස සමඟ අත්වැල් බැඳ ගත් බවත් සඳහන් කරනවා. එම තීන්දුව නියම ශ්‍රී ලංකා කාරයෝ පිළි නොගන්නා බවයි ඇයගේ මතය වන්නේ. සිරිසේන හා ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුව විවේචනය කරන බව මේ අවස්ථාවේ පෙන්නුම් කලත් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී යළිත් පොදු ජන පෙරමුණටම සහය දෙන බවටත් ඇය චෝදනා කරනවා. නව ලංකා නිදහස් පක්ෂය දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව අබේවීර මහත්මිය මහත්මියද ජීවන් කුමාරතුංග මහතා මෙන් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට නියමිතයි. එම පක්ෂයේ නායකයා කුමාර වෙල්ගම මැතිතුමාය ජීවන් කුමාරතුංග මහතාද මීට ටික දිනකට පෙර ශ්‍රීලනිපයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී නව ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ වුණා.

කෑම නෑ කියා පාර්ලිමේන්තු කැන්ටිමේ මන්ත්‍රීවරුන් යකා නටයි

මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු ආපනශාලාවේදී නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වර්තා වනවා. එම නොසන්සුන්තාව ඇතිව තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේදීයි. දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී තිබෙනවා. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද අද (8) පෙරවරුවේ ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. සැපයුම්කරුවන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවට දියර කිරි සපයාදී නැති බව පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මිල්කෝ ආයතනයට දිගින් දිගටම දැනුම් දුන්නද, ඔවුන් ප්‍රමාණවත් කිරි සපයා දීමක් නොකළ බව වාර්තා වනවා. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පෙන්වා දුන්නා. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට ඇතැම් ආහාර වර්ග සැපයීමේ කටයුතුද යම් ආකාරයකින් අඩාළවී ඇතැයි වාර්තා වනවා.