Monday 15 January 2024

තිලංගට - අමරවිරට මෛත්‍රීපාලගෙන් මුෂ්ටි ප්‍රහාරයක්

" සන්ධානය අයිති මට. වමේ බලවේග එකතු කරගෙන මම ආපහු බලය ගන්නවා. මාත් එක්ක වැඩ කරන්න කැමති අය ඉන්න. අනිත් අයට ඕන වෙලාවක යන්න දොර ඇරලා තියෙනවා." මෛත්‍රී තිලංග සහ අමරවීර ඉදිරිපිට තබාගෙන සිංහ වෙස් ගනී. එළඹෙන ජනාධිපතිවරණයේදී සියලු වාමාංශික බලවේග එකතු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ජේෂ්ඨයන් වෙත තර්ජනාත්මකව පැවසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ වන විට පොහොට්ටුවේ මන්‍ත්‍රීවරුන් පිරිසක් ද තමන් සමග එකතු වීමට අපේක්ෂාවෙන් සිටින බව ඔහු එහි දී ප්‍රකාශ කර තිබේ.
පසුගියදා මෛත්‍රීපාල සිරිසේන සහ ධම්මික පෙරේරා අතර ද රහස් හමුවක් තිබී ඇති අතර එහිදී ධම්මිකගේ ඉල්ලීම වී ඇත්තේ තමාට ජනාධිපතිවරණයේදී සහාය ලබා දුනහොත් මෛත්‍රීට අගමැති කම ලබා දෙන බවයි. එහෙත් මෛත්‍රීට තවමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ආශාව ඉවත් වී නොමැති බැවින් ඊට නිශ්චිත පිළිතුරක් ල්බා දී නැත. කෙසේ හෝ පොහොට්ටුවේ සහාය ධම්මිකට නොලැබෙන බවට උපකල්පනය කරගෙන සිටින මෛත්‍රී ඔහුට අගමැති ධූරය ලබා දී ඔහුගේ සහාය පබා ගැනීමේ උත්සාහයක ද නිරත වී සිටින බවට ආරංචි මාර්ග වාර්ථා කරයි. කෙසේ වෙතත් වාමංශික බලවේග එකතු කරගත් සන්ධානයක් හරහා මෛත්‍රී නියත වශයෙන් ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහුට හිතවත් පාර්ශව කිහිපයක් සනාථ කර ඇත. එහෙත් පාස්කු නඩුව හරහා තමාව රනිල් වික්‍රමසිංහ හිර කිරීමට ඉඩ ඇති බවින් අවසන් මොහොත තෙක් එය රහසක් වශයෙන් තබා ගෙන රනිල්ට සහය දෙන බවක් ඇඟවීමට ඔහු තීරණය කර ඇත. මේ වන විට ඒ සම්බන්ධයෙන් විශාල බෙදීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබේ. සන්ධාන ලේකම් තිලංග ද මෛත්‍රීගේ මෙම තීරණය දැඩිව විරුද්ධ මතයක් දැරුවත් ඔහු මෛත්‍රීගේ පාස්කු වන්දියෙන් සැලකිය යුතු ප්‍රමාණයක ගෙවීමට දායක වී ඇති බැවින් ඔහුට ඍජුව විරුද්ධ වීමට මෛත්‍රීට හැකියාවක් නොමැට්බිකම නිසා එහි දී ඔහු අසරණ වී ඇති බවද අපට ආර්ංචි විය. කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය ඇතුලත මෛත්‍රී ද වමේ පොදු අපේක්ෂකයෙකු ලෙස තරඟයට ප්‍රවේශ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.