Wednesday 30 June 2021

සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ කාප්පාදු කෙරේ

 පසුගිය යහපාලන රජය මගින් ආරම්භ කර තිබු සුරක්ෂා රක්ෂණය යටතේ මෙතෙක් 


සිසු මරණයකදී ලබා දුන් ලක්ෂ 2ක රක්ෂණාවරණය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම දෙමාපිය මරණයකදී මෙතෙක් පැවැති රුපියල් දෙලක්ෂයක ප්‍රතිලාභ හිමිකමද ‘අඩු ආදායම්ලාභී පවුල් සදහා පමණක්’ යනුවෙන් සංශෝධනය වී තිබේ.

මුලින් පෞද්ගලික රක්ෂණ ආයතනයක් යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ක්‍රියාත්මක වේ.

ජනපති ලේකම් ඇමතිවරුන්ට තරවටු කරයි.

 


සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇත.


ඒ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙස ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙස සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව  දැනුම් දෙමිනි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර එම දැනුම්දීම සිදු කර ඇත්තේ, වරින්වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන්ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ  අවධානය යොමුව ඇතිබව සඳහන් කරමිනි. 

එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතුයුතුවල වේගයට බාධා ඇති කළ හැකි බව ජනාධිපති ලේකම්වරයාගේ අදහස වී තිබේ. 

මෙවැනි පසුබිමක් තුල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් කිරීම සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත්, නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් තේරීම් මණ්ඩලය වෙත ලබාදිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී සිටියි. 

එබැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර නිර්දේශිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලං .නි. පය නැවතත් දෙදරයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පසුගිය කාලය පුරාවටම අළුයට ගිනි මෙන් ගැටුම් උත්සන්න වෙමින් තිබුණි.

එහි අලුත්ම තත්වය වන්නේ පක්ෂය තුල සිටින ප්‍රබල මධ්‍යම කාරක සභිකයන් පස් දෙනකු සදහා විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වීමයි.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙදෙනෙක් හා  කළුතර ,මහනුවර ,පොලොන්නරුව යන දිස්ත්‍රික්කයන්හී මධ්‍යම කාරක සභාව නියෝජනය එක් සාමාජිකයන්  බැගින්   සාමාජිකයන් පස් දෙනකුට මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්වන බව දේශපාලන ආරංචි වාර්තා කරයි.

මෙම සාමාජිකයන් පසුගිය දිනකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්ට්ට නායකයකු  වෙනුවෙන් හඬ අවධි කිරීමක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත.

මෙහිදී ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද භුක්ති විදින පිරිස වෙනම කදවුරක් ලෙසද ,පක්ෂයේ ජෙෂ්ට්ටතත්වයෙන් වැඩි හා  පක්ෂ ප්‍රතිසංවිධාන හි වෙනසක් ඉල්ලන පිරිස වෙනම කඳවුරක් ලෙසද ක්‍රියා කරන බව පෙනෙන බව වාර්තා වේ.

පක්ෂයේ ජෙෂ්ට්ටතත්වයෙන් වැඩි හා  පක්ෂ ප්‍රතිසංවිධාන හි වෙනසක් ඉල්ලන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජෙෂ්ට්ට සාමාජිකයකු ,ක්‍රියාකාරී දේශපලනයේ නිරත වන වර්තමානයේ නිතර කතාබහ  වන නායකයකු සමගද  රහසි  ගත සාකච්චාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

මේ වන විට පක්ෂ සභාපති සහ ලේකම් අතරද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර ලේකම්වරයාට අවස්ථා කීපයකදීම ලේක්ම් ධුරයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් සභාපතිගේ වචන කනට නොගෙන හිතුවක් කාරී ලෙස ඔහු රැඳී  සිටින්නේ වෙනත් ප්‍රබල හස්තයක බලපෑමක් නිසාදැයි සැක කරයි.

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල විශාල දෙදරීමක් සහිත සිදුවීමක් බලාපොරොත්තු විය හැකි බව දේශපාලන වාර්තා උපුටා දක්වයි.

Monday 28 June 2021

චන්ද්‍රිකාගේ උපන් දිනයට අද අලුයම කරපු දේ


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හතර වන විධායක ජනධිපති ලෙස කටයුතු කල ගරු චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග මැතිනියගේ 
76 වන ජන්ම දිනය අද දිනට දී ඇත. එතුමියගේ ජන්ම දිනයට සුබ පැතුම් එක කරමින් විශාල පිරිසක් තම සුබ පැතුම් පණිවිඩය මාධ්‍යට මුදා හැර  තිබෙන අතර විපක්‍ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ,හිටපු අමාත්‍ය ,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර කුමාර වෙල්ගම මැතිතුමාද  තම සුබ පැතුම් එතුමියට එක්  කර තිබේ.

තවද  එතුමියට දිර්ගයුෂ හා සෙත් ප්‍රර්ථනා කරමින් අද දින අලුයම කාලයේදී  දෙනියාය පත්තිනි කෝවිලේ විශේෂ දේව පුජාවක් සිදු කල අතර මේ අවස්ථාව සදහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මාතර දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ හිටපු ලේඛම් වරයකු වන සුරේන් සාගර එදිරිවීර මැතිතුමා  ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට හිතවත් පිරිසක් නිරෝධායන නීති අනුගමනය කරමින්  එකතු වී සිටියහ.