Sunday 13 October 2013

සුමනා ගෝමස් ඉන්ටෙර්නෙට් එකෙන් sex උගන්වයි


අසූව දශකයේදී කාම රැල්ලේ චිත‍්‍රපට හරහා ජනපි‍්‍රයත්වයට පත් සුමනා ගෝමස්, සිය ජායාරූප හා චිත්‍රපට ඇතුළත්කර වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.

එය ලව් සුමනා ඩොට් කොම් (www.lovesumana.com) ලෙස නම්කර ඇත.
තමාගේ ජායාරූපවලට රසිකයන්ගෙන් තවමත් වැඩි ඉල්ලුමක් ඇති බව කියන සුමනා, තම වෙබ් අඩවියෙන් ඒවා ලබා ගැනීමට හැකියාව ලබාදී ඇති බවත් පවසන්නීය.
එසේම යුවතියන්ට සිය වෙබ් අඩවිය හරහා වේශ නිරූපන ශිල්පියකුගේ සහය නොමැතිව රුව ලස්සන කර ගැනීමේ උපදෙස් ලබාදීමට සූදානම්වන බවද ඇය කියන්නීය.
සුමනා එය සිදුකරනු ලැබුවේ මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීමටත් පෙර සිට බවද ඇය මාධ්‍යට පවසා තිබේ.
යූ ටියුබ් හරහා මුහුණ අලංකාර කරගැනීමට තමා මසකට වරක් උපදෙස් ලබාදුන් බවද පවසන සුමනා එම වීඩියෝව මේවන විට 2,147ක් නරඹා ඇතැයිද ඇය කියන්නීය.
සුමනා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි අතර ඇය එලෙස ලංකාවට පැමිණියේ වසර 11කට පමණ පසුවය.
 ඇය චෙරියෝ සාජන්ට් නාට්‍ය පෙන්වීමට ඇමරිකාවට යාමෙන් පසුව එහි නතර විය.
 පසුව ඇය සාත්තුසේවිකාවක් ලෙස එහි සේවය කළ බවද පැවසේ.
මේවන විට ඇය ඉතාලි ජාතිකයකු වන ග්‍රෙගරි ට්‍රොලන් ටොලියෝ සමග විවාහ වී සිටී.
සුමනාගේ සැමියා ස්ටැටන් අයිලන්ඩ් හි බෙලිසිමන් රෝහලේ ප‍්‍රධාන සූපවේදියා බව පැවසේ.
කෙසේවුවද සුමනා ඇමරිකාවේ සිටින සමයේදී වෙළෙඳ දැන්වීම් දෙකක් සඳහා පෙනී සිට ඇත.
දෙහිවලදී උපන් සුමනා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කරගම්පිටිය බෞද්ධ පාසලෙනි.
නර්තන ශිල්පිනියක් ලෙස කේෂත්‍රයට පිවිසි සුමනා මුල් කාලයේදී තරු 4-5 හෝටල්වල නර්තන ශිල්පියක ලෙස කටයුතු කර තිබේ.
ඇය චිත්‍රපට 30කට හා ටෙලි නාට්‍ය 4කටද වේදිකා නාට්‍ය 100කට අධික ප්‍රමාණයකට නිළියක් ලෙස දායක වී ඇත.

No comments:

Post a Comment