Wednesday 13 November 2019

ජය සහතිකයි.සජිත් 19 දිවුරුම් දෙයි

ජනාධිපතිවරණය පිළිබද නොයෙක් ප්‍රතිඵල වාර්තා මේ වන විට සමාජ මාධ්‍ය තුල ප්‍රකටව දක්නට ඇත.නමුත් ඒ වාර්තා සියල්ලක්ම සාවධ්‍ය බව ප්‍රකට පුවත් පතකට අදහස් දක්වමින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාද තහවුරු කරන ලදී.එමෙන්ම සැබෑ  බුද්ධි අංශ වාර්තාව ඇත්තේ ජනාධිපතිවරයා සතුව පමණක් බවත් ඔහු පවසා තිබුණා .
එමෙන්ම රාජ්‍ය බුද්ධි අංශය මගින් නිකුත් කල අවසන් වාර්තා දෙක මගින් පෙන්වා දී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පවතින බවය.නමුත් එය අවසාන තත්පරයේ හෝ වෙනස් වීමට හැකි බවත් අවසන් සතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා මෙම මැතිවරණ ව්‍යාපාරය ගෙන යන වැඩපිළිවෙල අනුව එය තීරණය වනු ඇති බවත්ය.
කෙසේ නමුත් බුද්ධි අංශ වාර්තාව සැලවීමත් සමග දිවයිනේ ප්‍රකට නක්ෂත්‍රකරුවන් නිවසට ගෙන්වා ඇති හේමා ප්‍රේමදාස මැතිනිය විසින් සජිත් ප්‍රේමදාස මහතා දිවුරුම් දිය යුතු දවස සහ වේලාව  පිලිබදව විමසා ඇත.දිනය 19 වැනිදා බව දැනටමත් තහවුරු කර ඇති අතර කිනම් වේලාවටද  යන්න තවමත් තීරණය කර නොමැත.

No comments:

Post a Comment