Wednesday 13 November 2019

මාතරදී ,සජිත් -චන්ද්‍රිකා එකට ගෙන් ගෙට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කර වීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සහයෝගය නිතැතින් හිමිව තිබේ.

එහිදී මාතර දිස්ත්‍රික්කයේ එතුමිය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්  (13)අද දින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කර වීම සදහා ප්‍රචාරක වැඩසටහනක් දියත් කර තිබේ. හක්මණ, කිරින්ද පුහුල්වැල්ල ,දෙයියන්දර, කඹුරුපිටිය, මුලටියන, උරුබොක්ක, කොටපොල, දෙනියාය, පිටබැද්දර යන ප්‍රධාන නගර කිහිපයක මුලික කර ගනිමින් ඔවුන්  ''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට ගෙන ඒමට නම මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කල යුත්තේ කුමක්ද ?''  යන තේමාවෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

මේ සදහා සැලකියයුතු  පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එම නගරයන්හි සිටින ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදමින් ඉතා සාමකාමී එම කටයුත්ත  සිදුකරන ලදී.

No comments:

Post a Comment