Sunday 3 November 2019

සජිත්ගේ ජයට...චන්ද්‍රිකාගේ ශ්‍රී .ලං.නි.ප පිලෙන් චන්ද ලක්ෂ 10 ක්



හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තමන්ගේ දේශපාලන ස්ථාවරය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පරාජය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්තික්ක 22 කින් තම නියෝජිතයන් ගෙන්වා මැතිවරණ කොට්ටාශ 160 ම ආවරණය වන පරදී නියෝජිතයන් පත් කොට  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය ස්ථිර කරමින්  දයාසිරි ජයසේකර විසින් උගස් කර දැමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවැම්බර් 17 වෙනිදින නැවත ගලවා ගැනීම සදහ ඊයේ දින පිබුරුපත් සකසන ලද බව සදහන් වේ.

මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ,හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්න ,හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු ,පළාත් අමාත්‍ය වික්ටර් ඇන්තනි ,හා හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් වන  උපුලාංගනී මාලගමුව ,සංජිව සිරිවර්ධන පළාත් සභා මන්ත්‍රී වරුන් හා නගර සභා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ඇතුළු විශාල සහභාගි  වී සිටි අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්තික්ක 22 කින් තම නියෝජිතයන් ගෙන්වා මැතිවරණ කොට්ටාශ 160 ම ආවරණය කොට විශේෂ රැස්වීම් මාලාවක් හා සංවිධාන ජාලයක් ස්ථාපනය කරන ලදී.

No comments:

Post a Comment