Wednesday 7 May 2014

ස්ත්‍රී දුෂණ නිසා ඇමතිවරයා අසරණ වෙයි

දූෂණයට ගොදුරු වූ දැරියක්, තමා දූෂණය කළ පුද්ගලයා සරණ පාවා ගැනීමට අධිකරණය ඉදිරියේ කැමත්ත ප්‍රකාශ කරන්නේ නම්, ඊට ඉඩකඩ සැලසෙන අයුරින් පවතින නීති වෙනස් කිරීම සඳහා පියවර ගන්නා බවට ළමා සංවර්ධනසහ කාන්තා කටයුතු අමාත්‍යංශය කරන ප්‍රකාශනය සමාජ ක්‍රියාධාරයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් ඇත.
වයස අවුරුදු දහසයට අඩු දැරිවියකගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පැමිණවිය හැකි මට්ටමින් ශ්‍රී ලංකා නීතිය 1991 දී සංශෝධනය කළ බව ආචාර්ය දීපිකා උඩගම බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී පෙන්වා දුන්නාය.

'
අලුත් නීතිය' වෛද්‍ය විද්‍යාත්මක පදනම පවා සම්පූර්ණයෙන්ම නිශේධනය කිරීමක් වන අතර, අදාළ පුද්ගලයා දඬුවමෙන් මුක්ත වීමක් ද එමගින් සිදු කෙරෙන බවයි ආචාර්ය දීපිකා උඩගම තවදුරටත් කියා සිටියේ.
ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සමාජයේ යම්කිසි ඉහල මට්ටමක සිටින බව පවසන ආචාර්ය දීපිකා උඩුගම ඉහත කී ආකාරයේ නීති සංශෝධන මගින් නීතිය වසර ගණනාවක් ආ පස්සට යන බවයි පෙන්වා දෙන්නේ.
ප්‍රේම සම්බන්ධතා පවත්වන බාල වයස්කාර ගැහැණු සහ පිරිමි ළමුන් දැණුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික ඇසුරේ යෙදෙන බවළමා සංවර්ධන සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමති තිස්ස කරල්ලියද්ද පවසයි.

දූෂණයට ලක් වූ දැරියක් ඇය නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු දූෂණයට වග කිව යුතු පුද්ගලයා සමඟ විවාහ වීමට මනාප වන්නේ නම්, ඊට මග සැලසෙන පරිදි නීති සංශෝධනය කිරීමට යාම සම්බන්ධයෙන් විෂය භාර ඇමති තිස්ස කරල්ලියද්ද පදවියෙන් ඉවත් විය යුතු යයි කියා සිටින සමාජ ක්‍රියාධරයන්ට ප්‍රතිචාරය පළ කරමින් ඇමතිවරයා කියා සිටියේ, තම අරමුණ වන්නේ එවැනි අතවරවලට ගොදුරු වූවන්ගේ අනාගත ජීවිතය සම්බන්ධයෙන් මෙහෙයක් කිරීම වූ බවයි.

"සැබවින්ම ඒ අය සම්බන්ධකම් පවත්වා තිබුණේ විවාහ වීමේ බලාපොරොත්තුවෙන් නම් ඔවුන් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු ඔවුන්ගේ අනාගත ජීවිතයේ යහපතට පියවර ගනු ලැබීමක් ගැනයි මම අදහස් පළ කළේයයි ඇමතිවරයා කියා සිටියි.

කාන්තා දූෂකයන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතුය යන්න තම ස්ථාවරය වන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
මම නො කියපු වචන කීපයක් අල්ලා ගෙන යම්කිසි පිරිසක් චෝදනා එල්ල කරමින් ඉන්නවා.’’තිස්ස කරල්ලියද්ද ඇමතිවරයා සංදේශයට කියා සිටියේය.

කෙසේ වෙතත්, කරල්ලියද්ද ඇමතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට අචාර්ය දීපිකා උඩුගම ඇතළු සමාජ ක්‍රියාධරයන් එකසිය දාහත් දෙනෙක් ලිඛිතව බල කර සිටිති.
"අපට අවශ්‍ය කාන්තාවගේ ඉදිරි ගමනට රුකුලක් වන නායකත්වයක්".අචාර්ය දීපිකා උඩුගම බීබීසියට කියා සිටියාය.


No comments:

Post a Comment