Monday 26 May 2014

නාමල් රාජපක්ෂ ''වල් බල්ලා'' කියා කැගේහුවේ.........

පෙරේදා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිගේ කාමරයේ විශාල ගාලගෝට්ටියක් සිදු වී තිබේ. එම කාමරයේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යටිගිරියෙන් කිසිවෙකුට බැණ වදිමින් සිට ඇති බවත් එම අවස්ථාවේදී ඔහු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන හා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා සමග තවත් සංස්ථා සභාපතිවරුන් රාශියක් සිට ඇති බවත් ලංකා නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි. මේ පිළිබඳව තව දුරටත් අදහස් දක්වන ඔවුන් පෙන්වා දෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ යටිගිරියෙන් කෑ ගසමින් බැණ අඬගසා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට බවයි. ඒ සඳහා හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ නාමල්ගේ ව්‍යාපෘති සඳහා මුදල් අවශ්‍ය නම් තමාගේ ලේකම්ගෙන් වේලාවක් රැගෙන අමාත්‍යංශයට පැමිණ තමා හමුවන ලෙසට පී.බී නාමල්ට එවා තිබූ පණිවිඩයයි. පහතින් දැක්වෙන්නේ එම පුවතේ සඳහන් වන නාමල් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයයි.

‘ඌ කවුද මට උගේ අමාත්‍යංශයට එන්ඩ කියන්ඩ? ඕක තමයි මේ ආණ්ඩුව කන්නෙ. පරයව මට අහුවුනොත් අඬු කඩල දානව. ඌ හිතන් ඉන්නෙ මං මොකා කියලද උගේ දෙපතුල ළඟට යන්ඩ. වල් බල්ලා. පලයව් කියපියව් මං කිව්ව කියල. ඕකට මාව හම්බ වෙන්ඩ එපා කියන්ඩ. ඕකව මං බාවනව. විමල් වීරවංශ කරන වැඩේ හරි. මූ හිතන් ඉන්නෙ මූ නැතුව ආණ්ඩුවට බෑ කියල' යනුවෙන් කෑ ගසමින් සංස්ථා සභාපතිවරුන්ට නාමල් මන්ත්‍රීවරයා පවසා ඇත. ඒ අසළ සිටි වයෝවෘද කෘෂිකර්ම ඇමතිවරයා කරකියා ගත දෙයක් නොහැකිව ගල් ගැසී බලාසිට ගෙන ඇත. කුමාරසිරි හෙට්ටිගේ නාමල් අසල සිටිමින් ඔහුව අස්වසන්නට විශාල උත්සාහයක් දරා ඇත. පසුව බලවත් පෙරැත්තයකින් අනතුරුව කුමාරසිරි හෙට්ටිගේ නාමල්ව සන්සුන් කොට ඇත.
 උපුටා ගැනීම :-  informativeness වෙබ් අඩවිය 

No comments:

Post a Comment