Monday 12 May 2014

කැළණියේ ගැටුම උග්‍ර වෙයි...අමාත්‍ය මර්වින් සිල්වාගේ මන්ත්‍රී වෙඩි කා නසි..

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රී චාමිල සඳරුවන් මහතාට, අවිගත් පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථය තුළ ඔහු සිටියදීම වෙඩි තබා ඝාතනය කර තිබේ.
පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් පරණ නුවර පාරෙන් කැලනිය පන්සල දෙසට යන නූන්ගමුගොඩ මන්සන්දියේදී අද (12) පෙරවරුවේ මෙසේ ඔහුට වෙඩි තබා ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ සිටි තවත් තිදෙනෙකු දිවි බේරාගෙන ඇත්තේ ඉන් ඉවත්ව දිවගොස් අසළ සැඟවී සිටීමෙණි.
වෙඩි තැබීමෙන් පසු මෝටර් රථය අසළ ලයිට් කනුවක වැදී නතරවී ඇති අතර ජීවිතක්ෂයට පත්වූ මන්ත්‍රීවරයාගේ මළ සිරුර මෝටර් රථය තුළ තවමත් දක්නට ලැබේ.
මිය යන විට 23වන වියේ පසුව ඇති මන්ත්‍රීවරයා අද පෙරවරුයේ මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකට පෙනී සිට මව සහ පියා සමගින් මහරට ගොස් ඔවුන් මගින් බැසගිය පසු පැමිණෙමින් සිටියදී මෙලෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
ඊයේ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරදීද මියගිය මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment