Thursday 19 January 2017

නියගය හේතුවෙන් ණය මුදල් කපා හැරේ


මෙදින වල ශ්‍රී ලංකාවට බල පා තිබෙන නියගය හේතුවෙන් කුෂි කර්මාන්තය යටතේ වී ගොවිතැන ,ඉරිගු වගාව ,තේ වගාව ,යන කුර්ෂි කර්මාන්තය යටත්ර් ලියාපදිංචි වී තිබෙන වගාවන් සදහා දැනට රාජ්‍ය හා පුද්ගලික බැංකු හා ආයතන වලින් ලබා ගෙන තිබෙන කපා හැරීමට,පොලි රහිතව ගෙවීමට හා කාලය දීර්ග කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.දැනට එම කටුම්පතක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් යන අතර අගමැතිතුමාගේ විදේශ සංචාර අවසන් වී පැමිණි වහාම මෙය සාකච්චාවට ගෙන කැබිනට් අනුමැතිය ලබා ගැනීමට තීරණය වී තිබේ.
තවද රුපියල් 100,000.00 අඩු  ණය මුදල් සදහා ණය කාලය දීර්ග කිරීමට ද ,රුපියල් 50,000.00 අඩු  ණය මුදල් සදහා පොලි රහිතව ණය මුදල ගෙවීමට ද 25,000.00 අඩු නය මුදල් වලින් අඩක් කපා හැරීමටත් දැනට විශේෂ සාකච්චාවක් කර ගෙන යනු ලබන බවට ආරංචිය පැතිර යයි.
තවද මෙම කාලය තුල මෙම කුර්ශි කර්මාන්ත සදහා ණය උපරිමය රුපියල් 15,000.00 යටත්ව ණය මුදල් ලබා දිය යුතු බවත් ඒ වෙනි නය නිකුත් කිරීමේදී වෙනත් අදායම් මත ණය නිකුත් කල යුතු බවද වාර්තා වේ.
මේ සදහා අගමැති තුමා විදේශ සංචාරය නිමවා පැමිණි විගස ගරු ජනාධිපති තුමා සමග එක්වී ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කෙරෙයි.

උපුටා ගැනීම
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය

No comments:

Post a Comment