Sunday 25 August 2013

දයාසිරි ජයසේකරගෙ ‘ලග්නාධිපති‘ ශනි නීච වී ඇත. දයාසිරි ජයසේකර මහතා මහ ඇමති වේද නැද්ද අපි නොකියමු

 @ඉරු සේවයට ස්තූතියි

1969 ජුනි 12 වනදා උදේ ඉපදුනු දයාසිරි ජයසේකර මහතාගෙ කේන්දර සටහන.

මෙම කේන්දරය බලන විට මුලින්ම පෙනී යන්නෙ ‘ලග්නාධිපති‘ ශනි නීච වී ඇති බවයි. ශනි නීච වීම තුල ශනි සමග යෝගව පවතින සිකුරුගේ බලය වැඩි වෙන අතර, එය මහජනතාවගේ ප්‍රසාදය ලැබීමට හේතුවකි. චන්ද්‍රයා උච්ච බලයෙන් සිටීමද මහජන ප්‍රසාදය, ආකර්ෂණය වැඩි දියුණු වීමට හේතුවකි.
චන්ද්‍රයා වෘෂභයේ උච්ච වීම ‘යස යෝගයයි‘
( එම යෝගය ඇති අය ස්ථිර ගතිගුණ ඇති, ගුණවත් අය වෙති. කරන කියන කටයුතු හරියන මවට ඉතා සෙනෙහෙවන්ත අය වෙති.)

රවි ග්‍රහයා සතුරුවීම පොදුවෙ සුබ නැති අතර රවි නීච වීම තුල අන් අය සමග යාප්පුවෙන් කටයුතු කරගැනීමට හැකියාව ලැබේ. එසේම රවිගෙන් 12 වැන්නෙ සිකුරු, ශනි සිටීම නිසා ‘වොෂී‘ යෝගය යෙදී ඇත. එසේ වුවද ශනි නීචවීම තුල එම යෝගය අර්ධ රාජ යෝගයක් තත්වයේ සැලකුවද ප්‍රතිඵල එතරම් නැත.
5 වැන්නෙ රවි බුද (භාග්‍ය යෝගය හෙවත් ආදිත්‍ය යෝගය) යෙදීමත්, 11 වැන්නෙ කුජ ස්වක්ෂෙත්‍රව( මහීපාල යෝගය) යෙදීමත් නිසා ඉදිරියට යෑමේ බලය ලැබේ. එසේ වුවද එම පිහිටීම් නිසා තම මතයට මුල් තැනදී කටයුතු කරන්නට පෙළඹේ, ආත්මාර්ථකාමි ලක්ෂණ ඇත. එය දේශපාලනයෙදි එතරම් සුබ නැත.
රාහු 3 වැන්න වන වික්‍රමස්ථානයේ පිහිටීමෙන් රටේ ප්‍රසිද්ධ කෙනෙකු වීමේ භාග්‍ය ඇත.

ලග්නාධිපති නීච වීම(රනිල් වික්‍රමසිංහයන්ගේද ලග්නාධිපති නීචය) නිසා කරන කටයුතු වලට යම් යම් බාධා පැමිණෙනු ඇත. විශේෂයෙන් ශනි නීච වීම තුල ලොකු දියුණුවකට යැමට නොහැකිවීමටද ඉඩ ඇත. එජාපයෙන් හදිසියේ ගොස් නැවත පැමිණි කරු ජයසූරිය මහතාගෙ කේන්දරයේද ශනි නීචය. කරන කටයුතු හදිසියේ වෙනස් කිරීම තුලින් පෙර කරන ලද කැපවීම් වල නියම සාර්ථකත්වය ලබාගැනීමට ශනි නීච වීම තුල නොහැකිවිය හැක. එසේ වුවද ශනි නීච අය අන් අය අතර කැපී පෙනෙන අය වෙති.

* දයාසිරි ජයසේකර මහතා මහ ඇමති වේද නැද්ද අපි නොකියමු. එය අන් අපේක්ෂකයන්ගෙ කේන්දරද සමග සූක්ෂමව කල යුත්තකි. අප විසින් අදහස් කරන ලද දෙය අප විසින් ගෙනහැර දක්වා ඇත.
( දළ කේන්දරය පිරික්සා කරන ලද්දක් පමණි)
ඉරු සේවයට ස්තූතියි 

No comments:

Post a Comment