Monday 10 March 2014

මන්ත්‍රී වුනත් මන්ත්‍රී කම ,සන්ධානයේ තුෂාර පෙරේරාට නොලැබෙන ලකුණු...

කැස්බෑව ආසනය මුදා ගන්නට පොලීසියට, මැතිවරණ කොමසාරිස්වරයාට තවමත් හැකි වී නෑ.
දේශපාලන මැරයින් බලහත්කාරයෙන් නිවෙස්වල කටවුට් දමති. මැතිවරණ කොමසාරිස්වරයාගේ නිලධාරීන්ටත් දේශපාලනඥයෝ පාට් දමති.

මැතිවරණය පැවැත්වෙත ඡන්ද බල ප්‍රදේශ අතුරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබද වැඩිම සිදුවීම් සංඛ්‍යාව ලැබී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයෙනි. නීති විරෝධී මැතිවරණ කාර්යාල, කටවුට් සහ පෝස්ටර් පාලනයකින් තොරව අලවා ඇති ප්‍රමුඛතම කලාපය වන්නේ ද කැස්බෑවයි.

පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේ දී කැෆේ සංවිධානය විමසා සිටියේ ‘කැස්බෑව යනු පොලීසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග බල රහිත වූ මුදා නොගත් ප්‍රදේශයක් ද? යන්නයි. පක්ෂ නායක රැස්වීම පවත්වා සතියකට වැඩි කලක් ගතවී ඇති නමුත් තවමත් කැස්බෑව ප්‍රදේශයේ මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරමින් සිවිල් නීතිය ක්‍රියාත්මක වන තත්වයක් ස්ථාපනය කිරීමට පොලීසියට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැත.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කම්කරු දෙපාර්තමේන්තුවේ සම්පත් යොදාගනිමින් පැවැත්වූ ව්‍යාජ කාන්තා දින උත්සවයක් නිරීක්ෂණයට ගිය මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට ප්‍රදේශයේ දේශපාලන බලවතෙකු තර්ජනාත්මක ලෙස දෝෂාරෝපණය කොට ඇත. කැස්බෑව ප්‍රදේශයෙන් නිවැසියන් පවන්නේ තම නිවෙස් හා ගොඩනැගිලි ඉදිරිපිට බලහත්කාරයෙන් පලාතේ දේශපාලනඥයින් විසින් කටුවට් සවි කර එහි“ පක්ෂ කාර්යලය“ යැයි ලියා තබන බවයි. එසේ සවිකරන ලද නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කළ සැනින්, එදිනම රාත්‍රියේ නැවත එම ප්‍රචාරක ද්‍රව්‍ය එම ස්ථානවලම ස්ථාපනය කිරීම බොහෝ විට සිදුවේ. මෙම තත්වය පාලනය කිරීමට පොලීසියට නොහැකි වී ඇති අතර පසුගිය සති අන්තයේ දී පෙනී ගියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද තර්ජනය කිරීමට තරම් කැස්බෑවේ දේශපාලඥයින් බලවත් වී ඇති බවයි. එජනිස අපේක්ෂක තුෂාර පෙරේරා හැර වෙනත් කිසිදු අපේක්ෂකයකුගේ ප්‍රචාරක ද්‍රව්‍ය මෙම ප්‍රදේශවල නොමැති තරම්ය.

මේ අනුව පෙනී යන්නේ කැස්බෑව යනු තවමත් මැතිවරණ ක්‍රියාවලියේ පැවතිය යුතු නිදහස් පරිසරයක් ස්ථාපනය නොවූ ‘මුදා නොගත්‘ කලාපයක් බවට පත් වී ඇති බවයි. මෙම කලාපයේ ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සදහා පොලීසියේත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ත් දැඩි අවධානය යොමු විය යුතුබව කැෆේ සංවිධානයේ විශ්වාසයයි.

CaFFE මාධ්‍යඒකකය 2014 මාර්තු 10

No comments:

Post a Comment