Monday, 22 July 2013

නීතිපතිගේ ඩබල් ගේම , පරීක‍ෂණ කළ රහස් පොලිසිය අමාරුවේ-


ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ ද්විත්ව රංගනය නිසා මිනීමරු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිදුකළ අපරාධ පරීක‍ෂණය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතිවා පමණක් නොව පරීක‍ෂණ සිදුකළ රහස් පොලිස් නිලධාරීන් මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවට ලක්වීමේ අපූරු තත්ත්වයක් ද නිර්මාණය වී ඇතැයි '
ගොසිප් සවුත්ලංකා නිවුස්අභ්‍යන්තර තොරතුරු සේවය' වාර්තා කරයි.

පළමුවෙන්ම වාස් ගුණවර්ධනගේ අපරාධ හෙළි කළ බමුණුසිංහ උප පොලිස් පරීක‍ෂක වරයා ඇතුළු වාස්ගේ විශේෂ ආරක්ෂක ඒකකයේ සේවය කළ පොලිස් නිලධාරීන් පිරිස අපරාධ නඩු විධි විධාන සංශෝධිත පනත අනුව පැය 72 ක කාලය තුල රඳවා ගෙන ප්‍රශ්න කරද්දී ඔවුන් හෙළි කරන ලද කාරණා අනුව පරීක‍ෂණ පැය 72 කින් නිමා කළ නොහැකි බව වැටහීමෙන් පසු රහස් පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගෙන තිබේ. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) යටතේ රැඳවුම් නියෝග ලබා ගන්නා ලෙසයි. නීතිපති උපදෙස් අනුව රහස් පොලිසිය විසින් එම
පොලිස් පිරිස දින 90 ක් රඳවා ගැනීමේ රැඳවුම් නියෝග ලබා ගත්තේය. එම රැඳවුම් නියෝගයට අත්සන් තබා ඇත්තේ ද ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ය.

ඉන්පසුව පසුගියදා අධිකරණය විසින් මෙම නඩුව ගෙන යන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේද එසේ නොමැතිව සාමාන්‍ය නීතිය යටතේ දැයි නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගන්නැයි රහස් පොලිසියට නියෝග කිරීමෙන් පසුව රහස් පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් දී ඇත්තේ පෙරදී ලබා දුන් උපදේශයට හාත් පසින්ම වෙනස් උපදේශයකි.

'තමුසෙලා කොහොමද මේ පීටීඒ එක යටතේ ඩීඕ ගහලා ප්‍රශ්න කරන්නේ ?' යැයි රහස් පොලිසියෙන් විමසා ඇති නීතිපති වරයා, කියා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව පෙරලීමට කටයුතු කරන ඒ වෙනුවෙන් මිනීමරන ඒ වෙනුවෙන් ආයුධ මුදල් එකතු කරන සැකකරුවන් මිස වෙනත් අපරාධ සඳහා පීටීඒ එක යටතේ රැඳවුම් නියෝග ලබා ගත නොහැකි බවයි.

මේ අනුව රහස් පොලිසිය විසින් රැඳවුම් නියෝග යටතේ සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායම පසුගිය 18 දා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.

දැන් වාස් ගුණවර්ධන සිදුකරන ලද අපරාධ වලින් සියාම් ඝාතනය ගැන පමණක් නඩු කාර්ය පවත්වාගෙන යන අතර ඒ හා බැඳුනු අනෙකුත් අපරාධ ගැන පරීක‍ෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව තිබේ. සියාම් ඝාතනය ගැන පරීක‍ෂනයන්ද අඩාල වී ඇත. සියාම්ගෙන් ලබා ගත් මුදල්, ඝාතනය කළ අවිය ආදිය සොයා ගැනීම ඇන හිට තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 296 යටතේ මනුෂ්‍ය ඝාතනය ගැන වාස් සහ කණ්ඩායමට චෝදනා එල්ල කෙරෙන්නේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා ගැනීම නීති විරෝධී වනවා ඇත. ඒ අනුව එසේ රඳවා ගත් රහස් පොලිස් නිලධාරීන් මූලික මානව අයිතිවාසිකම් කඩ කළ අය බවට චෝදනාවට ලක්වීමට ද ඉඩ කඩ ඇත.

මෙය වාස් ගුණවර්ධන බේරා ගැනීම සඳහා ගෝඨාභයගේ උපදෙස් මත හිතා මතා සැලසුම් කරන ලද්දක් බව පොලිසියේ මතයයි

No comments:

Post a Comment