Wednesday 14 February 2018

අලුත් ආණ්ඩුවේ ප්‍රධාන කොන්දේසි

මේ වන විට මෙරට දේශපාලනයේ ප්‍රධානතම මාතෘකාව වී ඇත්තේ අනාගත ආණ්ඩුව කවරේද යන්නයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සංධානයත් තමන් විසින් ආණ්ඩුවක් පිහිටුවන බවට ජනාධිපතිට ප්‍රකාශ කර තිබේ. එක්සත් ජනතා නිදහස් සංධානය මෙහිදී පවසන්නේ මහින්ද පාර්ශ්වයේද සහාය තමන්ට ලබා ගන්නා බවයි. කෙසේනමුත් කුමන පාර්ශ්වයක් විසින් අගමැතිවරයා පත් කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරය පෙන්නුම් කළ යුතුය.
2015 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 106ක්, එක්සත් ජනතා නිදහස් සංධානයට ආසන 95ක්, ද්‍රවිඩ ‍එක්සත් විමුක්ති පෙරමුණට ආසන 16ක් ජනතා විමුක්ති පෙරමුණාට ආසන 6ක්, ශ්‍රී ලංකා  මුස්ලිම් කොංග්‍රසයට ආසන 1ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 1ක් ඊලාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයට ආසන 1ක් වශයෙන් හිමි විය.
 2015 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ගේ සංයුතිය
United National Front for Good Governance 106
United People’s Freedom Alliance 95
Tamil National Alliance 16
Janatha Vimukthi Peramuna 6
Sri Lanka Muslim Congress 1
Eelam People’s Democratic Party 1
මෙහිදී කිසිම අවස්ථාවක ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණේ සහාය කිසිවකුටත් නොලැබෙනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීමට ඉතිරිවන ආසන සංඛ්‍යාව 219ක් වේ. ඒ අනුව,
  1. ද්‍රවිඩ ජාතික සංධානය සහ අතුරලියේ රතන හිමි, විජයදාස රාජපක්ෂ ස්වාධීන වුවහොත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඊපීඩීපි පක්ෂයේ මන්ත්‍රීධුරය ඇත හැරියොත් එවිට
එක්සත් ජාතික පක්ෂයට ආසන 104ක්ද
එක්සත් ජනතා නිදහස් සංධානයට ආසන 95ක් හිමි වේ.
එවිට බහුතරය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.

  1. ද්‍රඩිඩ සංධානයේ සහාය එක්සත් ජාතික පක්ෂයට ලැබී අතුරලියේ රතන හිමි සහ විජයදාස රාජපක්ෂ ස්වාධීන වුවහොත් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඊපීඩීපි පක්ෂයේ මන්ත්‍රීධුරය ඇත හැරියොත් එවිට
එක්සත් ජාතික පක්ෂයට ආසන 120ක්ද
එක්සත් ජනතා නිදහස් සංධානයට ආසන 95ක්ද හිමි වේ.
එවිටද බහුතරය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.

3 යම් කිසිවිදියකින් විජයදාස රාජපක්ෂ, අතුරලියේ රතනහිමි, මුස්ලිම් කොංග්‍රසය සහ ඊපීඩීපි මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සංධානයට එක් වුවහොත් සහ ද්‍රවිඩ සංධානය අතහැරිය‍හොත් එවිට
එක්සත් ජාතික පක්ෂයට ආසන 104ක්ද
එක්සත් ජනතා නිදහස් සංධානයට ආසන 99ක්ද හිමි වේ.
එවිටද බහුතරය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.

4 යම් කිසිවිදියකින් එක් පැත්තකින් විජයදාස රාජපක්ෂ, අතුරලියේ රතනහිමි, මුස්ලිම් කොංග්‍රසය සහ ඊපීඩීපි මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සංධානයට එක් වුවහොත් සහ ද්‍රවිඩ සංධානය එක්සත් ජාතික පක්ෂයට එක් වුවහොත් එවිට
       එක්සත් ජාතික පක්ෂයට ආසන 120ක්ද
එක්සත් ජනතා නිදහස් සංධානයට ආසන 99ක්ද හිමි වේ.
එවිටද බහුතරය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි.
මේ අනුව වියහැකි අවම තත්ත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සංධානය ආණ්ඩුවක් පිහිටුවීමට නම් අවම වශයෙන් මන්ත්‍රීවරුන් 11දෙනෙකු එක්සත් ජනතා නිදහස් සංධානයට ලබා ගත යුතුය. එවිට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංඛ්‍යාව 109ක් දක්වාද එක්සත් ජනතා නිදහස් සංධානයේ ආසන සංඛ්‍යාව 110 දක්වාද වැඩිවේ. කෙසේනමුත් ආණ්ඩුව පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වූ 113 සාදා ගත් යුතුය. එවිට අවම වශයෙන් තවත් 3දෙනකු තමන්ගේ පාර්ශ්වයට එක්සත් ජනතා නිදහස් සංධානයට එක් කර ගත යුතු වේ. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ආණ්ඩුව පිහිටුවීම සඳහා තමන්ගේ පැත්තට එක්කර ගත යුතු අවම මන්ත්‍රී සංඛ්‍යාව 14 දෙනෙකු වේ.

No comments:

Post a Comment