Friday 16 February 2018

දෙනියාය නගරය වෙනස්..........

දෙනියාය  පල්ලේගම මාර්ගයේ අද (15) ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුමිය ගිය බව දෙනියාය පොලිසිය කියයි. මියගොස් ඇත්තේ (24) හැවිරිදි පන්සල පාර දෙනියාය ලිපිනයේ පදිංචිඒ.පී.සුරංග නැමැතිඅවිවාහක තරුණයෙකි .
අනතුර සිදුවන අවස්ථාවේ  ටිපර් රථයක් පල්ලේගම දෙසට ධාවනය වන අවස්ථාවේ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදිය ටිපර් රථය දැක එක වර යතුරු පැදියේ තිරිංග තද කිරීමත් සමඟ යතුරු පැදිකරු වැටී ටිපර් රථයේ ඉදිරි රෝදයේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් (34) හැවිරිදි සිංහගම ,බෙවර්ලි ප්‍රදේශයේ  ටිපර් රථයේ රියදුරු දෙනියාය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන හෙට (16) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය ප්‍රේමරත්න රන්කඩුව මහතා ඉදිරියේදී අද (15) දෙණියාය රෝහලේ දී පැවැත්වීය.
සිද්ධිය සම්බන්ධයෙන්  දෙනියාය පොලිසිය පරීක්ෂණ පවත්වයි .

No comments:

Post a Comment