Tuesday 24 September 2019

වැලිගම දෙනිපිටිය නාය යයි

මාතර දිස්ත්‍රික්කය තුල මේවන විට වර්ෂාව කෙමින් අඩු වී ඇති අතර එහෙත් නාය යාම් වල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.2019 සැප්තැම්බර් 24 ඊයේ දිනයේ උදැසන වැලිගම දෙනිපිටිය ග්‍රාම නිලධාරී වසම තුල අලුතින්  සාදාගෙන ගෙන එනු ලබන නිවසක් තුලට පස් කන්දක් කඩා ගෙන වැටි ඇති අතර එම අවස්ථාවේ නිවැසියන් පහල නිවසට ගොස් සිටි බැවින් ඔවුන්ගේ ජිවිත ජිවිත වලට හානියක් සිදු වී නොමැත. එහෙත් වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ ඉඅගැනුම ලබන 10 වසරේ ඉඅගැනුම ලබන පුත්‍රයාගේ පොත් පත් හා 2 වසරේ ඉගනුම ලබන දියණියගේ පොත් පත් හා සියල්ල විනාශයට පත් වී තිබේ.තවද නිවසට පහල ඇළද උතුරා ගොස් තිබෙන බැවින් ඔවුන් එහි ඉතා අසරණ තත්වයකට පත්ව ඇත.අදාල බලධාරීන්  දැනුවත් කලද  ඔවුන් කිසිවකු තවම එහි  පැමිණ නැත.
(ඔවුන් වෙනුවෙන් උදවු කිරීමට කැමති  අය සදහා බි.එල්.සුසන්ත කුමාර 076-0652565 /07101375596) 

No comments:

Post a Comment