Friday 29 April 2022

ජනපති නිත්‍යානුකුලව හෙටම ගෙදර යවන විදිය වෙල්ගම කියයි.

රාජපක්ෂ පාලනය අසාර්ථකයි. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න.අපේ රට අපට දෙන්න. අපි අපේ රට හදමු.
01. මිළඟ පාර්ලිමේන්තු වාරයේදීම ජනාධිපති වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වා කපා හැරීම. (එවිට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වෙයි). 02. පුරප්පාඩු ජනාධිපති ධූරයට මාස 3ක කාලය සදහා වැඩ බලන ජනාධිපති ලෙස අග විනිසුරු පත් කර ගැනීම.
03. එකී මාස 3න ඇතුලත විධායක ජනාධිපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ශ්‍රේෂ්ඨතම මන්ත්‍රීවරයෙකු නාමික ජනාධිපති පදවියට පත් කර ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීම. 04. ඒ අතරතුර දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකු ඉවත් කර හිටපු අගව්නිසුරු ශිරානි බණ්ඩාරනායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජෝති කුමාරස්වාමි,හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ වැනි රටට ආදරය කරන ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම. 05. ඉහත පිරිස සහ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින දුශිත ගොඩ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින්ද ඇතුලූ 20 දෙනෙකුට නොවැ එක් වසරක කාලයක් නොයික්මවන අන්තර්පාලන කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීම. 06. අන්තර්පාලන ආණ්ඩුව පිහිටුවා දෙසතියක් ඇතුලත එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමට පියවර ගැනීම සහ කඩිනමින් අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක, තරුණ කටයුතු සහ ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර සදහා ජාතික ප්‍රතිපත්ති සම්මත කර ගැනීම. 07. අන්තර්පාලන ආණ්ඩුව වසරක් ගත වීමට පෙර විසුරුවා, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම.
ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් විශේෂ යෝජනාවලියක් ඊයේ දින කතානායකතුමා වෙත භාර දෙන ලදී. කුමාරවෙල්ගම නායක - නව ලංකා නිදහස් පක්ෂය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නව ලංකා නිදහස් පක්ෂයේ නිළ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.

No comments:

Post a Comment