Wednesday 1 June 2016

දෙනියායේ හාස්කම

දෙනියාය යනු ශ්‍රී ලංකවේ දකුනු පළාතේ මාතර දිස්ත්‍රිකයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි නගරයකි,එසේත් නැත්නම් ලෝකයේ ස්වභාවික වනාන්තරයක් අසල පිහිටි සුන්දර අර්ධ නාගරීකරණය වූ සුන්දර නගරයකි.එහි හාස්කම් රාශියක් තිබේ.මේ අපි කියන්නට යන්නේ විශේෂිත වූ මිනිස් හාස්කමකි.
                                                                    2016 වර්ෂයේ බක් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවට බල පෑ අයහපත් කාලගුණ තත්වය හේතුවේ රටේ ලක්ෂ ගණනක් පවුල් අවතැන් විය.එහෙත් දෙනියායට පෙර මෙන් ආපදාවක් නොවුයේ ගැටබරු දේව කරුණාවෙන් බව මිනිසුන්ගේ මතය විය.
                                                                   එහේත් අසරණ වූ මිනිසුන් වෙත පිළිසරණක් වීමට දෙනියායේ බොහෝ පිරිස් එකතු වුහ.ඒ අතරින් විශේෂිත වූ පිරිසක් එකතුවිය. දෙනියාය සේවා කමිනියුටි ක්‍රෙඩිට් ආයතනයේ දෙනියාය ශාකව ,ජනතා ජාතික පදනම හා සිංහරාජ සේවා සංවිධානය එක්වී ''' සහන ''' වැඩසටහන ආරම්භ කළහ.එය සාර්ථක විය.
අවසානයේ කිසිවකු නොයන රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටශයන්හි අවතැන් වූ පවුල් 400 පමණ ඔවුන් ආධාර බෙදුහ.
                                                                            '''සහන '' වැඩසටහනේ සම කැදවුම් කරුවකු සුරේන් සාගර මහතා ප්‍රකාශ කලේ ''රුපියල් 1200ක් පමණ භාණ්ඩ කට්ටලයක් එක් අයකුට ලබා දීමට හැකි බවත් තවත් රුපියල් 40000/- පමණ අලුත්ම නිමි ඇදුම් ලබා දීමට හැකි වූ බවත්මේ සියලුම දේ කිරීමට හැකි වුයේ දෙනියාය ජනතාවගේ පරිත්‍යාගශීලි හා මනුසත් බව ඉහලින් තිබු නිසවෙන් බවය. තවද පානිය ජලය ලබා ගැනීමට දෙනියායේ ව්‍යාපාරික ප්‍රජාව උදවු කල බවත් ,ප්‍රවාහන පහසුකම් සදහා සේවා කමිනියුටි ක්‍රෙඩිට් ආයතනය උදවු කල බවත් මේ සියලුම දේ සාර්ථක වීම පිටුපස තිබුනුයේ එකමුතු කම බවත්,එය දෙනියායේ හාස්කම් බවත් ප්‍රකාශ කළහ.''
Like
Comment

No comments:

Post a Comment