Wednesday 30 June 2021

ජනපති ලේකම් ඇමතිවරුන්ට තරවටු කරයි.

 


සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇත.


ඒ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙස ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙස සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව  දැනුම් දෙමිනි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර එම දැනුම්දීම සිදු කර ඇත්තේ, වරින්වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන්ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ  අවධානය යොමුව ඇතිබව සඳහන් කරමිනි. 

එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතුයුතුවල වේගයට බාධා ඇති කළ හැකි බව ජනාධිපති ලේකම්වරයාගේ අදහස වී තිබේ. 

මෙවැනි පසුබිමක් තුල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් කිරීම සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත්, නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් තේරීම් මණ්ඩලය වෙත ලබාදිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී සිටියි. 

එබැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර නිර්දේශිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

No comments:

Post a Comment