Saturday 20 November 2021

දෙනියායේ රෝහලේ ශල්‍යාගාරයේ ඇත්තම කථාව

 


දෙනියාය රෝහලේ දැඩි සත්කාර ඒකකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිරයන පුවත සම්බන්ධයෙන් විමසීමේදී රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පැහැදිළි කිරීමක් සිදුකලේය.

ඔහුගේ පැහැදිළි කිරීම අනුව,

දැනට දෙනියාය මූලික රෝහලේ ශල්‍යාගාරය සහ ලේ බැංකුව ක්‍රියාත්මක වන්නේ දින දෙකකි.මුලික වශයෙන් එය සතියේ දින හතම පැය විසි හතරම ක්‍රියාත්මක කර දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යායුතු බව ඔහුගේ අදහසයි.ශල්‍යාගාරය සහ ලේ බැංකුව කාර්‍ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය සතියේ දින දෙකක් පමණක් ක්‍රියාත්මක වන්නේද අපහසුතා රැසක්  මධ්‍යයේය.

සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන එක් රෝගියෙකු සඳහා වෛද්‍යවරුන් හතර දෙනෙකු,හෙද හෙදියන් හය දෙනෙකු සහ කණිශ්ඨ කාර්‍ය මණ්ඩලයේ හතරදෙනෙකු සේවයේ යෙදවීම සාමාන්‍ය පිලිවෙතයි.දැනට රෝහලේ අවශ්‍යතාවය අනුව නිර්වින්දන වෛද්‍යවරුන් හතරදෙනෙකු අවශ්‍ය වුවත් සේවය සඳහා සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණකි.රෝහලේ කාර්‍ය මණ්ඩලය ප්‍රමාණවත් පිරිසකගෙන් සමන්විත විය යුතු බව ඔහුගේ අදහසයි.අවශ්‍ය තරම් වෛද්‍යවරු,හෙද කාර්‍ය මණ්ඩල සහ කණිශ්ඨ කාර්‍ය මණ්ඩලයක් නොමැතිව දැඩි සත්කාර ඒකකයක් පවත්වාගෙන යා නොහැක.මෙම තත්වය යටතේ දැඩි සත්කාර ඒකකයේ කටයුතු ආරම්භ කර ප්‍රායෝගිකව පැන නැගෙන ගැටළු හමුවේ අතරමග නතරකර දැමීමට සිදුවීම ජාතික අපරාධයකි.


දින දෙකක් පමණක් ක්‍රියාත්මක ශල්‍යාගාරය සහ ලේ බැංකුව සතියේ දින හතම පැය විසි හතරම පවත්වාගෙන යාම සඳහා වටපිටාව සකස් කර  දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්‍ය මණ්ඩලයකින් සමන්විතව ක්‍රියාත්මක කිරීම ඉතා  වැදගත් කොට සලකයි.දැනට අවශ්‍ය තරම් කාර්‍ය මණ්ඩලයක් රෝහල සතුව නැත.එහෙයින් දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ශවරයාටද මේ බව දැනුම්දී ඇත.දැඩි සත්කාර ඒකකය සමඟ අවශ්‍යතරම් රෝහල් කාර්‍ය මණ්ඩලයක් ලබාදීමට පියවර ගන්නේනම් දෙනියාය රෝහලේ දැඩි සත්කාර ඒකකයක් පවත්වාගෙන යා හැක.නැතිනම් එය පවත්වාගෙන යාහැකි වෙනත් රෝහලක් සඳහා යොමු කිරීම සුදුසුයැයි හැඟේ..

No comments:

Post a Comment