Tuesday 8 April 2014

එ.ජා.ප යේ මියැදුණු ටි.මහේෂ්වරන් ගේ බලය වැඩිවෙයි...

ඝාතනයට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ගේ සොහොයුරෙකු වන තුවාරගේෂ්වරන්ට යාපනය කොළඹ පෞද්ගලික මගී ප්‍රවාහන දුම්රියක් සදහා අවසර ලබාදී ඇතැයි වාර්තාවේ.

මේ වන විට කොළඹ සිට පලෙයි දක්වා දුම්රිය ධාවනය වන අතර එය අප්‍රේල් මස අවසානයේදී යාපනය දක්වා දීර්ග කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම විසින් ප්‍රකාශයක්ද නිකුත් කරන ලදී. ඒ අනුව අදාළ දුම්රිය තුවාරගේෂ්වරන් 2015 වර්ෂයේ සිට මෙම පෞද්ගලික දුම්රිය යාපනය ධාවනය කිරීමට නියමිත අතර මේ වන විටත් අදාළ අවසර ලබාදීම දුම්රිය ප්‍රවාහන කොමිසම හා ආරක්ෂක අමාත්‍යංශය එකතුව කටයුතු යොදා ඇති බවද වාර්තාවේ.

ඉහළ පෙලේ ව්‍යාපාරිකයකු වන තුවාරගේෂ්වරන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ යාපනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරයි.

ටී. මහේෂ්වරම් 2001 වර්ෂයේදී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග වැද ජයග්‍රහණය කොට එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙහි හින්දු කටයුතු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය. අනතුරුව ඔහු 2004 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදී මනාප හැටදසකට අධික සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු 2008 වසරේ ජනවාරි පළමු දින එල්ටීටීඊ සංවිධානය වෙතින් ඝාතනයට ලක්විය. නමුත් එම දින කිහිපයේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන් 19 දෙනා ඉවත් කර දෙදෙනකු පමණක් යොදවා තිබිණි.


මහේෂ්වරම් පවුල ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් වන අතර යුද්ධය පැවති කාලයේ ඔවුන්ට අයත් නැව් කිහිපයක් මගින් උතුරට භාණ්ඩ හා මගීන් ප්‍රවාහනයද සිදුකළේය.

No comments:

Post a Comment