Friday 25 December 2020

අලුත් තනතුරු පක්ෂය රටේ ඉහලට ගෙන සැලසුමක



සජිත් ප්‍රේමදාස නායකත්වය දරන 'සමගි ජන බලවේගයේ' ව්‍යවස්ථාව

එම පක්ෂයේ අන්තර්කාලින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමතකර ඇත. ඒ පසුගිය සෙනසුරාදා බණ්ඩාරවෙල හෝටලයේ පැවති විශේෂ රැස්වීමකදීය.

එම ව්‍යවස්ථාවට අනුව පක්ෂනායක තනතුරක් ස්ථාපිතකර ඇති අතර නියෝජ්‍ය නායක හෝ උප නායක තනතුරු හෝ වෙනත් කිසිඳු අනු නායක තනතුරු ඇති කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලු දෙනාම එකහෙළා විරෝධය පළකර ඇත. එම ව්‍යවස්ථාවට අනුව සෑම වසරකදීම විධායක සභාව විසින් පක්ෂ නායකයා තෝරාගනු ලබයි.  

එම ව්‍යවස්ථාවට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා ලෙස පත්කිරීමට නියමිතය.

පක්ෂය සඳහා සභාපති තනතුරක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කිරීමට නියමිතය.

එකී ව්‍යවස්ථාවට අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු 06ක් වන අතර උප සභාපතිවරු තනතුරු 05ක් ද ස්ථාපිත කර ඇත.

********************************************************************************** 

අප වෙත වාර්තාවන පරිදි කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, චම්පික රණවක, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර් හා සරත් ෆොන්සේකා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී ඇත.

 ***************************************************************

එසේම, රවී සමරවීර, සුජීව සේනසිංහ, අජිත් පි. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර හා රන්ජිත් අලුවිහාරේ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී තිබේ.

පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර යළි පත්කිරීමටත් උප ලේකම් ලෙස  අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා පත් කිරීමටත් යෝජනා වී ඇතැයි වාර්තාවේ. 

 ඇතැම් විට සුජීව සේනසිංහ උප ලේකම් ලෙස පත්කර අශෝක අබේසිංහ උප සභාපතිවරයකු ලෙස පත්කිරීමේ ඉඩක් ඇතැයි ද වාර්තාවේ.

පක්ෂයේ ජාතික සංවිධායක ලෙස යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකයි. භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වී තිබේ.

No comments:

Post a Comment