Wednesday 14 August 2013

සාරිය සෙක්සි වැඩිද..?


සයිමන් නවගත්තේගම ලියපු කෙටි කතාවක් වගේ එකක් බූන්දියේ තිබිලා කියෙව්වේය. ඒක කියවපු ගමන් කාලයක් මගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් එලියට දාලා දානවා කියා සිතුනේය. සයිමන්ට සිතුන දේ මටත් ඒ විදියටම සිතෙන්නේය. ඒ කියන්නේ සයිමන් උන්නැහේගේ ලියුම දකින්නට බොහෝ කාලෙකට පෙරය. එහෙම ලියන්නට හිතෙන කොටම එක්කෙනෙක් ඒ ගැන ලියලාය. පෝස්ට් එකේ නම "සාරිය" ය. ලියල තියෙන්නේ ඩීප්ස් ගේ ළොකයේ ඩීප්ස්ය. එයාටනම් මේක මල වදයක් වෙලාය. එයා කැමති ඩෙනිම්, රබර් සෙරෙප්පු හා තේ (Tea) ෂර්ට් වලටය. දැන් කෙල්ලෝ හොඩක් එහෙමය. කලසන් වලට මනාපය. ඒකත් සෙක්සිය. වයිට් කලසම දැන් ඉට්ටයිල් එකය.

වැදගත් ඉන්දියන් ස්ටයිල්
ඒ උනාට සමහර කට්ටිය ගේ කලසන් නිකන් ප්‍රෙඩී සිල්වගේ කලසම වගේය. ඇඟට හිරට මහල තදට ඇඳලා යනවනම් සෙක්සි වැඩිය. මොකෝ ස්ත්‍රී ශරීරය කියන්නේ කළාගාරයක්ය. නෙතට මනරම් දසුනක්මය. කවියන්ට රස සාගරයක්ය. ආටිස්ලාටත් එහෙම්මය. පත්තර කාරයන්ට, බයිස්කෝප්කාරයන්ට සල්ලි උල්පතක්ය. කොම්පැනිවලටත්, කස්ටොමර්ලා ඇදගන්න රිසෙප්සොන් එකට ලස්සන සෙක්සි කෑලී දානවාය. එතකොට කොම්පැනි. පැනි හලන අයගෙන් පිරිලාය. සමහර කොම්පැනි, එයාලා නිසා වහන්නත් වෙනවාය. ඒ ඩිරෙක්ටර්ලා ඒවාට පැනි හලලාය. එහෙම එකෙක් දැන් ජනරාල් එක්ක කූරූ ගනිනවාය. නම සක්විතිය. ඔෆීස් එකේ හිටියේ සැක්සි කෑලීමය. රත්නපුරේ මැණික් මුදලාලිලත්, ගෙදර මැණිකේ ඉඳිද්දී. සැක්සි ඇක්ට්‍රස්ලා එක්ක යන්න ගිහින් ආයෙත් පතල් හාරන වැඩේ කොරනවාය. හාරන වැඩෙත් පරෙස්සමින් කරන එක කාටත් හොඳය.

කැන්ඩියන් මනමාලී
සාරිය අපිට එන්න ඇත්තේ අනික් ඔක්කොම වගේ ඉන්දියාවෙන්මය. අනුන්ගේ දේවල්වලට දේශියත්වය එක්කරන දේශප්‍රේමීන් ඒකත් අපේ කොරගෙනය. ඒ කැන්ඩියන් ඉස්ටයිල්ය. ඒ ඇරෙන්න දැන් එක එක ඉට්ටයිල් එකට සාරිය අඳිනවාය. යාර ගානක් ඇඟ වටේ ඔතාගන්න එකත් මාර ගේමක්ය. මොන මගුලක් හරි කරගෙන ඇඳ ගත්තම ඇවිදින එක මල වදේය. පඩි නගිනවානම් බොරුමය. ඒකට මැතඩ් එකක් ඇත්තේය. ඒකට කියන්නේ "පූසා, කනෙන් අල්ලන් යනවා" කියාය. දන්නෝ දන්නවාය. මගුල් ගෙවල් වල යන්න නම් හෙන කෝස් එකක්ය. ඉස්සර නම් අපේ අම්මලා ආච්චිලා එකිනෙකාට උදව් වෙමින් ගෙදරම ඇඳ ගත්තේය. කොන්ඩේ හොඳට තදට ගොතලා නෙට් එකක් දමා කොන්ඩෙට කටු ගහගෙන. සැන් පවුඩර දමාගෙන ලිප්ස්ටික් ටිකක් තවරගෙන මඟුල් ගෙදර ගියේය.

පිට නෑ
දැන් එහෙම නෙමෙයිය. මනමාලිලාට අන්දන උන්, මගුල් ගෙදරට යන එන අයත් අන්දනවාය. ඇත්තටම මේක ඇන්දිල්ලක්මය. ඒත් ඉතින් තව එකෙක් ජීවත් වෙන්න කරන දෙයක් නිසා සහයෝගයක් දිය යුතුය. ප්‍රසිද්ධ එකෙක් බුක් කරාට, එයා එන්නේ නැතිය. ගෝලියෝ දෙන්නෙක් එවනවාය. පැය දෙක තුනක් අන්දනවාය. ගානක් කඩන් යනවාය. එලියට ආවාම යකා වගේය. මේකප් නාවලාය. ගන්න ගානට හරියන්නම දමලාය. ඉන්න විදියටම පොඩ්ඩක් ලස්සන කොරලා ගන්න අය අඩුය. එයාලාගේ ගාන වැඩිය.

මාතලන්ගේ ප්‍රියතම
සාරියෙන් හොඳටම හම්බ කරන්නෙ ඉන්දියාවය, එකක් සාරී නිපදවාලාය. අනික සාරි තෙමලාය. ඒ කියන්නේ සුන්දර නිලියන්ට තෙමිච්ච සාරි අන්දලාය. අපි වැඩිපුර බලන්නේ හින්දි හරි දෙමළ සෝය. ඒ සෝ වලත් මම වැඩියෙන්ම බලන්නේ සිංදු විතරක්ය. ඒ සිංදු විතරක් යන චැනල් තියෙනවාය. මගේ ප්‍රියතම ඒවාය. සුරංගනා ළොකේටම ගෙනියන්නේය. පන පිටින් දිය්ය ළොකේ ගියා වගේය. හරිම සෙක්සිය. වැල ෆ්ල්ම් වලට වඩා කළාත්මකය. නමුත් ඊට වඩා හැඟිම් ඇවිස්සෙනවාය. මොකෝ අපි සාරි වලට කැමති කට්ටිය නිසාය.

ලාංකීය සුන්දරත්වය
ඔය උඩ කැට්‍රිනයි ආක්ශෙයි ඉන්න සින්දුවයි, ෂාරුක්, කාජල් එක්ක ඉන්න තව සින්දුවකුයි මගේ ෆේවරිට්ය. ඇත්තටම සාරිය සෙක්සිද මගේ පුරස්නේ ඒකය. ඒක තියෙන්නේ අඳින කොරමේය. මහත අයට උනත් සෙක්සි විදියට අන්දන්න සමහර අය දන්නවාය. ඉන්දියන් විදියට ඇන්දත්, කැන්ඩියන් විදියට ඇන්දත්, ගුජරාටී, මරාටී හරි චක්‍රවර්ති සාදු වගේ ඇන්දත් නියම විදියට ඇන්දොත් නම් සෙක්සිමය. මේ ගැන අර පෝස්ට් එකෙත් තියෙනවාය. සාරිය සංවර ඇඳුමක් කියා සම හරක් කියනවාය. සමහර වෙලාවට උන්ගේ ඇස් පොට්ට වෙලා ඇතිය. එහෙම නැත්නම් බොරුවට එහෙම කියනවා වෙන්න ඇතිය. ඒ උනාට දැන් මගුල් ගෙවල් වලට එන විදිය දැක්කහම එතැනම පෙරලගෙන හනිමූන් යන්න හිතෙනවාය. පිට නැත. එ කියන්නෙ පිට එළීයේය. හැට්ටේ කොටය. සාරිය ඉනෙනුත් පහලය. වැටෙන්නේ නැතුව තියෙන එකත් පුදුමය. බුරිය එළියේය. කුක්කුත් එළියේය. පිච්චුම හැදෙනවාය. බැරි වෙලා හරි මගුල් ගෙදරක රේප් කේස් එකක් පත්තරේක තිබුනොත් ඒ මාතලන්ගේ වැඩක්ය.


සමහර අය ඔපීස් එකටත් සෙක්සි විදියට අඳිනවාය. ඉස්සර අපේ මැඩම් කෙනෙකුත් අදින්නේ ඒ විදියටය. . ඔසරිය ලස්සනටම් ඇන්ද කෙනෙකුත් සිටියේය. ඒ මිසිස් අබේසිංහය. පුදුම ලස්සනක්ය. ඇත් දල සුදය. රෝෂාන් අබේසිංහගේ මවය. එක සාරියක් ආයෙත් අදිනවානම් මතක නැත්තේය. අර බුරිය පේන්න අඳින මැඩම් හරි සැරය. අපේ සෙක්සොන් එකට ආවොත් කොක්කක් අදිනවාමය. මාව පෙන්නන්න බැරිය. මළ වදයක්ම උනේය. දවසක් එකෙක්ට හම්බානක් නෙලා මගේ ළඟට ආවේය. "මැඩම් ඔන්න සාරිය වැටෙන්න යන්නේ, " කියා කිව්වෙය.  එදා ඉඳන් අපේ සෙක්සොන් එක පැත්ත පලාතේවත් ආවේ නැතිය. නමුත් පස්සෙ කාළේ මම එයාගේ ෆේවරිට්ම ගෝලයෙක් උනේය.
.
සල්ලි මවන තෙත සාරී
දැන් දැන් ඔසරිය සෙක්සි විදියට අදිනවාය. සිරි ලන්කන් එකේ අයත් මේ අඳුමට සෙක්සිය. ෆ්ලයිට් එකේදී ෂොට් එකක් දා ගත්තාම මීල් එක නැති උනත් අවුලක් නැතිය. ලොක්කගේ එයා ලයින් එකේ අයත් එහෙමමය. ඒක බජට් එයා ලයින් නිසා කන්න දෙන්නේ නැතිය. ඒ උනාට නංගිලා දැක්කම බඩ පිරෙනවාය.මට නම් ඊටත් වඩා ලස්සන සෙට් එකක් ඉන්න තැනක් ඉන්නවාය. ඒ ගෝල්පේස් එක ගාව ටාජ් හෝටලේය. මගුල් ගෙදරකට ගියපු වෙලාවකට හරි අමතක නොකර බලන්නය. ඒ තරම්ම සුන්දරය.  ඔක්කොම බියුටි කුයින්ලාය. මේක ලිව්වේ, සාරී මන්දිර් අනුග්‍රහයෙන්ය කියා හිතුවොත් නම් වැරදිය.ඒ වගත් මෙසේය.

No comments:

Post a Comment